top of page

Work Stress එක Office එකේම තියලා එන්නේ කොහොමද?

Nov 10
3 min read

රැකියාවක් කරන කෙනෙක්ට Work Stress කියන දේ බොහෝ විට තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් අපි ඒ Stress එක පොදි බැඳගෙන හැමදාම ගෙදර අරගෙන යනවා නම්, ඒකෙන් වෙන්නේ Work Stress එක Life Stress එකක් බවට පත් වෙන එක.


අන්න ඒ නිසා තමයි, Work Stress එක Office එකේ තියලා යන හැටි ගැන ඔබ ඉගෙන ගන්න ඕනේ. අපි ඒ ගැන මේ ලිපියෙන් ඉගෙන ගනිමු.


1. "Transition Routine" එකක් හදාගන්න.

ඒ කියන්නේ, Office එකෙන් ගෙදරට ගැළපෙන මානසිකත්වයට මාරු වීම වෙනුවෙන්, එහෙමත් නැත්නම් Office එකේ Stressful මානසිකත්වය Reset කර ගැනීම වෙනුවෙන්, ගෙදර යන්න කලින් යමක් කරන්න කියන එක. උදාහරණයක් විදිහට, ගෙදර යන්න කලින් Gym එකට යන්න, ඇවිදින්න යන්න, නැත්නම් මොකක් හරි ක්‍රීඩාවක නිරත වෙන්න. ඒ වගේ දෙයක් කරන්න බැරි නම් ගෙදර යන ගමන් ඔයාව උද්‍යෝගයට පත් කරන විදිහේ සිංදු ටිකක් අහන්න. මේ වෙලාව ඔයා හිනා වෙලා ඉන්න, එහෙමත් නැත්නම් උද්‍යෝගයෙන් ඉන්න වෙලාවක් කරගන්න.


2. Office Community එකෙන් (ඩිජිටල්ව) ඉවත් වෙන්න.

ගොඩක් වෙලාවට වෙන්නේ ඔෆිස් එකේ ඉන්න යාළුවෝ සෙට් එක ගෙදර ගියාට පස්සෙත් WhatsApp Groups හදාගෙන දිගටම ඔෆිස් එකේ ප්‍රශ්න කතා කරන එක. "අද අරූ මට මෙහෙම කිව්වා", "බොසා අද මේ වැඩේ දුන්නා" වගේ දේවල් ගෙදර ඇවිත් කතා කරන එකෙන් වෙන්නේ ඔයා ඔෆිස් එකේ Stress එක නොදැනුවත්වම ගෙදරටත් ආරාධනා කරලා ගේන එක. ඒ නිසා ගෙදර ඉන්න වෙලාවට ඔය 'Office Community' එකෙන් සහ ඒ සම්බන්ධ කතාබහෙන් පොඩ්ඩක් ඈත් වෙන්න.


3. වැඩ අවසන් කිරීමට පෙර "Brain Dump" එකක් කරන්න.

ගොඩක් වෙලාවට අපිට ගෙදරදී Stress එක දැනෙන්නේ "අද මේ වැඩේ ඉවර වුණේ නැහැනේ" හෝ "හෙට මේ වැඩේ කොහොම කරයිද" කියලා හිතන නිසයි. ඒ නිසා Office එකෙන් පිටවෙන්න විනාඩි 10කට කලින්, හෙට කරන්න තියෙන වැඩ ටික ලැයිස්තුවක් විදිහට ලියන්න. එතකොට ඔයාගේ මොළයට දැනෙනවා ඒ වැඩේට දැන් කරන්න දෙයක් නැහැ, ඒක හෙටට සැලසුම් කරලා ඉවරයි කියලා. මේකෙන් ඔයාගේ මනස නිදහස් වෙනවා.


4. "Digital Boundary" එකක් පවත්වා ගන්න.

ගෙදර ගියාට පස්සෙත් ඔයා Office එකේ WhatsApp Groups හෝ Emails චෙක් කරනවා නම්, ඔයා ඇත්තටම ගෙදර ඇවිත් නැහැ. ඔයා තාමත් ඉන්නේ Office එකේ. ඒ නිසා අත්‍යවශ්‍යම දේකට මිසක්, ගෙදර ඉන්න වෙලාවට Office එකේ Notifications චෙක් කරන්න යන්න එපා. ඔයාගේ පෞද්ගලික කාලය Office එකට ආක්‍රමණය කරන්න දෙන්න එපා.


5. ශාරීරිකව "Switch Off" වෙන්න.

ගෙදර ආපු ගමන් මුලින්ම ඇඳුම් මාරු කරලා පිරිසිදු වෙන්න (Take a shower). මේක පුංචි දෙයක් වගේ පෙනුණට, මනෝවිද්‍යාත්මකව ඒකෙන් ඔයාගේ මනසට පණිවිඩයක් දෙනවා "වැඩ කරන වෙලාව ඉවරයි, දැන් මගේ පෞද්ගලික වෙලාව පටන් ගත්තා" කියලා. ඒ ඇඳුම් මාරු කිරීමත් එක්කම ඔෆිස් එකේ බරත් ඇඟෙන් ඉවත් වුණා වගේ හැඟීමක් ඇති කරගන්න.


6. පවුලේ අය සමඟ ගුණාත්මක කාලයක් (Quality Time) ගත කරන්න.

ගෙදර ගියාම ඔයාගේ අවධානය 100%ක්ම පවුලේ අයට හෝ ඔයා ආදරය කරන දේවල්වලට දෙන්න. ඔයා දරුවෝ එක්ක සෙල්ලම් කරනවා නම් හෝ ආදරණීයයන් එක්ක කතා කරනවා නම්, ඒ වෙලාවට පූර්ණව ඒ වැඩේට අවධානය දෙන්න. එතකොට ඔයාගේ මනසට Office එකේ ප්‍රශ්න ඇතුළු වෙන්න ඉඩක් ලැබෙන්නේ නැහැ.


7. "Tadaima" - ගෙදර දොරකඩදී මනස "Reset" කරන්න.

ජපානයේ මිනිස්සු ගෙදර ඇතුළට යද්දී දොරකඩදී ටිකක් නතර වෙලා මූණට හිනාවක් හදාගෙන "Tadaima" (තදායිමා) කියලා කියනවා. ඒකේ සරල තේරුම "මම දැන් ආවා" කියන එක වුණත්, ඒකෙන් ඔවුන් කරන්නේ මනස Reset කර ගැනීමක්. ඔවුන් එතනදී කරන්නේ තිබුණු පීඩනය එළියේ අතහැරලා, ලස්සන හිනාවක් මූණට අරගෙන ගෙදරට ඇතුළු වෙන එක.


ඔයත් ඒක පුරුදු වෙන්න. ගෙදර දොරකඩට ආවාම තත්පර කිහිපයක් නතර වෙලා එක ගැඹුරු හුස්මක් ගන්න. ඔෆිස් එකේ Stress එක එතනම අත්හැරලා, හිනාවක් එක්ක දොර අරින්න. ඔයා සැහැල්ලු මනසකින් ඇතුළට එනවා දකින එක ඔයාගේ පවුලේ අයට ලොකු සතුටක් වේවි.


රැකියාව කියන්නේ ජීවිතය නෙමෙයි, ඒක ජීවිතේ එක කොටසක් විතරයි. ඒ පීඩනය නිසා ඔයාගේ වටිනා පෞද්ගලික ජීවිතයත්, පවුලේ සතුටත් විනාශ කරගන්න එපා. මේ පියවර ටික පුරුද්දක් කරගත්තොත්, ඔයාට පුළුවන් නිදහස් මනසකින් යුතුව සාර්ථක ජීවිතයක් ගත කරන්න.


සටහන : 𝗖𝗵𝗮𝘁𝗵𝘂𝘀𝗸𝗮 𝗔𝗺𝗮𝗿𝗮𝘀𝗲𝗸𝗮𝗿𝗮

(𝑩𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 & 𝑷𝒓𝒐𝒅𝒖𝒄𝒕𝒊𝒗𝒊𝒕𝒚 𝑫𝒆𝒗𝒆𝒍𝒐𝒑𝒎𝒆𝒏𝒕 𝑨𝒅𝒗𝒊𝒔𝒐𝒓)

 
 
 

1 Comment

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Guest
3 days ago
Rated 5 out of 5 stars.

True 💯

Like

Join our mailing list

Never miss an update

bottom of page