top of page

යටි සිතේ බලය සක්‍රීය වුනාට පසුව ඔබට අත්විදින්නට ලැබෙන දේවල් 5ක්.

Updated: Jun 30, 2022



යටි සිත කියන්නේ සාර්ථකත්වය සොයාගෙන යන, සාර්ථක වෙන්න උනන්දුවක් දක්වන, බොහෝ දෙනෙක් වැඩි උනන්දුවක් දක්වන මාතෘකාවක්. ඒ නිසාම අපි හිතුවා, යම් අරමුණක් වෙනුවෙන් යටි සිත බලගැන්වීම නිවරැදිව ඔබ සිදු කලොත් ඔබට අත්විදින්නට ලැබෙන්නේ මොනවගේ තත්වයක්ද කියන දේ ගැන කියලා දෙන්න.

  1. ඔබේ අවදානය වෙනස් වේ

මේක තමයි , ඔබ නිවැරදිව ඔබේ යටි සිත බලගැන්වීම සිදු කලොත් ඔබට අත්විදින්නට ලැබෙන පළමුවෙනි දේ. ඔබ යම් අරමුණක් වෙනුවෙන් ඔබේ යටි සිත බලගැන්වීම සිදු කලොත් එම අරමුණට අදාල දේවල් වලට ඔබේ අවදානය වැඩි වශයෙන් යොමු වීම සිදුවෙනවා.


උදාහරණයක් ලෙස සිතුවොත්, ඔබ යම් කිසි වාහනයක් මිලදී ගැනීම වෙනුවෙන් ඔබේ යටි සිත බලගැන්වීම සිදු කලා කියලා, ඒ මොහොතේ සිට ඔබට පාර පුරා පෙනෙන්න පටන් ගන්නේ ඒ ජාතියේ වාහන. ඒ කියන්නේ මීට කලින් ඒ ජාතියේ වාහන කොතරම් පාරේ ගියත් ඒ දේවල් ඔබේ මනස ක්ෂණිකව ග්‍රහනය කර ගත්තේ නෑ. නමුත් ඔබ ඔබේ යටි සිත බලගැන්වීමත් සමග තමන්ගේ අරමුණට අදාල සියුම් දත්ත පවා ක්ෂණිකව ග්‍රහනය කර ගැනීමේ ක්‍රියාවලිය ඔබේ මනස තුල ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා.


මේ දේ ප්‍රමාණවත් මට්ටමකින් ක්‍රියාත්මක නොවෙන එක තමයි , මේ ලෝකයේ බොහෝ දෙනෙක්ට සාර්ථක වෙන්න අමාරු වෙලා තියෙන්න බලපාන ප්‍රධාන හේතුව. බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණය සාර්ථක වෙන්න බැරි කමවත්, සාර්ථක වෙන්න අවස්ථාවන් නැති කමවත් නෙමේ, සාර්ථක වෙන්න තියෙන අවස්ථාවන් ටික පෙනෙන්නේ නැති කම.


2. ප්‍රබල ධනාත්මක බව


යටි සිත බලගැන්වීමේ ක්‍රියාවලිය තුල ඔබේ මනස තුල තියෙන ධනාත්මක බව ඉතා ප්‍රබලව වැඩි වීම නිරායාසයෙන්ම සිදු වෙනවා. නෑ , බෑ, වගේ ඍණාත්මක සිතුවිලි ඇතිවීම, තමන්ට සාර්ථක වෙන්න පුළුවන් වෙයිද බැරි වෙයිද වගේ සැක සහිත, ඔබව පසුපසට ඇද තබන සිතුවිලි වල ක්‍රියාකාරීත්වය ඉතාම අවම මට්ටමකට පත් වෙමින්, තම අරමුණ පිලිබද ඉතා ප්‍රබල පැහැදිලි බවක් ඇති , ධනාත්මක ප්‍රබෝධමත් මානසික මට්ටමක් ගොඩනැගෙන ආකාරය ඔබට අත්විදින්නට හැකියාව තිබෙනවා.


3. අරමුණ වෙනුවෙන් ක්‍රියාත්මක වන ශරීරයක් නිර්මාණය වීම


යටි සිත බලගැන්වීම සමග ඔබට අත්විදින්නට ලැබෙන තුන් වන දේ තමයි , ඔබේ ශරීරයේ ක්‍රියාකාරීත්වය වෙනස් වීම. සාමාන්‍ය මිනිසෙක්ගේ ශරීරය බොහෝ වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ ජීවන රටාවේ හුරුවට මිස, තමන්ගේ අරමුණු වලට සාපේක්ෂව නොවෙයි, ඒ නිසා, ඔබට කොතරම් උදෑසන අවදි වීම ඔබේ දියුනුවට අවශ්‍ය වුවත්, ජීවන රටාවේ හුරුවත් එක්ක උදෑසන අවදි වීම අපහසු වෙනවා. කොතරම් රාත්‍රියට අවදියෙන් සිටීම අවශ්‍ය වුවත් නින්දට යාම අවශ්‍ය වෙනවා.


කොතරම් ආහාර පාලනය කරන්න ඕනේ වුනත්, ශරීරය ඔබට ඒ පාලනය කරගන්න බැරි තරම් බඩගින්නක් හැම වෙලාවෙම ඇතිකරනවා. නමුත් නිවරැදිව බලගැන්වූ යටි සිතට පුලුවන් මේ සියල්ල වෙනස් කරන්න. යටි සිත ඔබේ ශරීරයේ ක්‍රියාකාරීත්වය ඔබේ අරමුණට සාපේක්ෂව වෙනස් කරනවා.


අලස බව , උදාසීන බව වගේ ශාරීරික බාධාවන් ඉවත් කරලා ඔබේ අරමුණ වෙත ලගා වීමට 100%ක දායකත්වයක් ලබා දෙන ශරීරයක් ගොඩනගනවා. එය කොතරම් ප්‍රබලව සිදුවෙනවාද කීවොත්, ඇහෙන්නේ නැති මිනිස්සුන්ට ඇසීම ලැබීම, ඇවිදින්න බැරි මිනිස්සුන්ට ඇවිදින්න පුළුවන් වීම වැනි ප්‍රබල වෙනස් කම් දක්වාම ශරීරික ක්‍රියාකාරීත්වය වෙනස් වූ ආකරයන් ගැන ප්‍රබල සාක්ෂි ඕනෑ තරම් මේ වෙනුවෙන් තිබෙනවා.


4. පුද්ගල ආකර්ෂණය හා විකර්ෂණය


යටි සිත බලගැන්වීම සමග ඔබට අත්විදින්නට ලැබෙන තවත් එක් ප්‍රබල දෙයක් තමයි, ඔබේ අරමුණට උදව් කල හැකි මිනිසුන් ඔබට සමීප වීම හා ඔබේ අරමුණට ලගා වීමට බාදාවන් ඇති කරන මිනිසුන් ඉබේම ඔබෙන් ඈත් වීම.


මෙහිදී ඔබේ චිත්ත තරංග අනිත් මිනිසුන්ගේ චිත්ත තරංග සමග ප්‍රබලව ක්‍රියාත්මක වීමට පටන් ගන්නවා, එය කාන්දමක් මෙන් ඔබගේ අරමුණු වලට ගැලපෙන චිත්ත තරංග ඇති මිනිසුන් ඔබ වෙතට ආකර්ෂණය කර ගැනීමත්, එසේ නොවන මිනිසුන් ඔබෙන් ඈත් කිරීමත් සිදු කරනු ලබනවා.



5. මානසික නිදහස් බව


යටි සිතේ බලය ක්‍රියාත්මක වීමත් සමග, මානසික නිදහස් බව, සැහැල්ලු බව කියන්නේ ඉතාම ප්‍රබලව ඔබට අත්විදිය හැකි දෙයක්. සෑම මොහොතක්ම, ප්‍රීතියෙන් හා මානසික සැහැල්ලුවකින් යුතුව ගත කිරීමේ හැකියාවක් ඔබ තුල නිර්මාණය වන ආකාරය ඔබට මේ හරහා අත්විදින්නට පුළුවන්. ඇත්තටම මෙය අත්විදින්නට ඔබ යටි සිත තුල වන ක්‍රියාකාරීත්වය සක්‍රීය වෙන තුරුම සිටිය යුතු වන්නේත් නෑ.


බොහෝ විට යටි සිත බලගැන්වීම වෙනුවෙන් ඔබ සිදු කල යුතු අභ්‍යාස සිදු කිරීමේදී, මානසික නිදහස් බව හා සැහැල්ලු බව ඔබට දැනෙන්නට පටන් ගන්නවා.


මානසික තත්වයන් දියුණු කිරීම පිලිබදව අප නිකුත් කර ඇති eBook, පහතින් Download කර ගන්න

මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යාමේ හැකියාව, ඉතාම ඉහල මට්ටමක් දක්වා රැගෙන ඒම වෙනුවෙන් ඔබ ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන, පියවර සහිත උපදෙස් හා අභ්‍යාස ඇතුලත් උපදෙස් පොතකි.

සාමාන්‍ය ආකර්ෂණ නීති සංකල්ප වලින් එහාට ගොස්, අවිංඥාණික මනස තුල වන ශක්තීන් ප්‍රායෝගිකව අවධි කරන ආකාරය පිලිබද උපදෙස් හා පියවර සහිත අභ්‍යාස ඇතුලත් උපදෙස් පොතකි.

ධනාත්මක මානසිකත්වයක් පවත්වාගෙන යාම වෙනුවෙන් ඔබට භාවිතා කල හැකි සරල උපක්‍රම පිලිබද ඍජු පාඩම් සහිත ප්‍රායෝගික උපදෙස් පොතකි


වෙබ් අඩවිය හරහා බාගත කර ගන්න අපහසු අයට, අපගේ බැංකු ගිණුමට මුදල් බැර කර පොත eMail එකක් ආකාරයෙන් ලබා ගන්නත් පුලුවන්. ඒ වෙනුවෙන් +94764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න







6,726 views

1 Comment

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Gihan Fernando
Gihan Fernando
Jul 22, 2020

Good Article Thanks

Like
bottom of page