top of page

ජීවිතය දිනන්න, නැතුවම බැරි රන් කුසලතා (Golden Skills) හතර (4)



ඔබ දන්නවාද, මේ ලෝකයේ යම් කිසි කෙනෙක් , සාර්ථක මිනිසෙක් වෙනවාද නැද්ද කියන දේ තීරණය කරන මූලිඛ කුසලතාවයන් හතරක් තියෙනවා.


යම් කෙනෙක් තුල මේ කුසලතාවයන් හතර තියෙනවාද , නැද්ද කියන දේ මත, ඒ වගේම, එම කුසලතාවයන් කොතරම් මට්ටමකින් තියෙනවාද කියන දේ මත, ඒ පුද්ගලයා කොතරම් සාර්ථක ජීවිතයක් මේ ලෝකයේ ගත කරනවාද යන්න ඍජුවම තීරණය වෙනවා.


අද මේ ලිපියෙන් අපි ඔබට කියලා දෙන්නේ අන්න ඒ කුසලතාවයන් 4 ගැන. ඔබත් බලන්න මේ කුසලතාවන් හතර ඔබ තුල තියෙනවාද නැද්ද කියලා.


1. මනස මෙහෙයවීමේ කුසලතාවය

අපි අපේ අත ගැන හිතුවොත්, අපිට පුලුවන්, අපේ අත සම්පූර්ණයෙන්ම අපිට අවශ්‍ය විදිහට මෙහෙයවන්න. ඉතා කලාතුරකින් සිදුවන අවිඥාණික ක්ෂණික ප්‍රතිචාර දැක්වීම් හැරෙන්නට, වැඩි වශයෙන්ම අපේ අත තියෙන්නේ අපේ පාලනයේ.


ඒ නිසා අපි කවුරුත් කිසිම වෙලාවක කියන්නේ නෑ, අපේ අත එක්ක කිසිම වැඩක් කරන්න බෑ. කොච්චර පාලනය කරගන්න හැදුවත්, අපිට අවශ්‍ය දේවල් කරගන්න බෑ වගේ දේවල්.


නමුත් අපේ හිත....


ඔබ ඔබ ගැනම හිතලා බලන්න, ඔබට ඔබේ අත සම්බන්දයෙන් තියෙන පාලනය, ඔබේ හිත සම්බන්දයෙන් තියෙනවාද?


අපි බහුතරයකට හිත සම්බන්දයෙන් මේ පාලනය තියෙන්නේ ඉතාම අඩු මට්ටමක. අපි බොහෝ දෙනෙක්, අපිට අවශ්‍ය දේ වෙනුවෙන් හිත මෙහෙයවනවා වෙනුවට කරන්නේ, හිතට අවශ්‍ය විදිහට අපි මෙහෙයවෙන එක.


මෙන්න මේ තත්වය වෙනස් කරගෙන, මනස අපිට අවශ්‍ය ලෙස පාලනය කිරීමේ කුසලතාවක් ඇති කර ගැනීම තමයි, මේ ලෝකයේ යම් කෙනෙක් සාර්ථක වෙන්න හිතනවානම් ඇති කර ගත යුතු පළමු කුසලතාවය.


2. පුද්ගල කලමණාකරණ කුසලතා

සාර්ථකත්වය කරා ලගා වීම කියන දේ, අපිට කිසිම වෙලාවක අපි අවට සිටින විවිධ වූ මිනිසුන් සමග සම්බන්ද නොවී කරන්න හැකියාවක් නෑ. සාර්ථකත්වයට සෑම ඉලක්කයකදීම වගේ, අපිට විවිධ මිනිසුන් සමග සම්බන්ද වෙන්න, ගණුදෙනු කරන්න, දැනුම හුවමාරු කර ගන්න, උදව් කරන්න හා ලබා ගන්න වගේ බොහෝමයක් දේවල් සිදු කරන්න වෙනවා.


මෙන්න මෙතැනදී, අපිට ඒ මිනිසුන්ව, අපිට අවශ්‍ය විදිහට මෙහෙය වන්න බැරිනම් එය අපේ සාර්ථකත්වය කරා ලගා වීම වෙනුවෙන් ලොකු බාදකයක් බවට පත් වෙනවා.


ඔබට මුදල් අවශ්‍යනම්, ඔබට මුදල් ලබා ගන්න මිනිසුන් සමග සම්බන්ද වෙන්න වෙනවා, මොකද මුදල් තියෙන්නේ මිනිස්සු ලග.


ඔබට සැපවත් ජීවිතයක් ගත කරන්න අවශ්‍යද ඒ වෙනුවෙන් ඔබට සේවක සේවිකාවන්ගේ ඉදලා, මිතුරු මිතුරියන්, සහකරුවන් හෝ සහකාරියන් දක්වාම විවිධ ආකාරයෙන් මිනිසුන් සමග සම්බන්ද වෙන්න වෙනවා.


ඔබට දැනුම ලබා ගන්න අවශ්‍යද, ඒ වෙනුවෙන් ඔබට මිනිසුන් සමග සම්බන්ද වෙන්න වෙනවා.


මේ නිසා මිනිසුන් හරියට කළමණාකරණය කර ගැනීමේ හැකියාව කියන්නේ ප්‍රායෝගික සාර්ථකත්වයේදී නැතුවම බැරි කුසලතාවයක්.


3. මුදල් මෙහෙයවීමේ කුසලතාවය

අද වෙනකොට අපි ජීවත් වෙන්නේ මුදල් පදනම් කරගත්ත ආර්ථික ක්‍රමයක් තියෙන ලෝකයක. මේ නිසා, ඔබ මුදල් ගැන මොන මතකයක් දැරුවත්, මුදල් නොමැතිව ඔබට ජීවත් වෙන්න ඉතාම අමාරුයි.


මේ නිසා, මුදල් උපයන්නේ කොහොමද, කලමණාකරණය කරන්නේ කොහොමද කියන දේ ගැන හරි දැනුමක් තියෙන එක ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් ඉතාම වැදගත්.


මොකද මුදල් හරහා ඔබට බොහෝ දේවල් අවශ්‍ය පරිදි ගොඩනගා ගැනීමේ ලොකු හැකියාවක් නිර්මාණය වෙනවා.


4. විකුණුම් කුසලතාවය

සමහර විට ඔබට හිතෙයි, මේ දේ කොහොමද නැතුවම බැරි කුසලතාවයක් වෙන්නේ කියලා.


නමුත් ඒක එහෙම තමයි, විකිණීම කියන්නේ යම් කිසි භාන්ඩයක් හෝ සේවාවක් විකිණීමම නෙමෙයි. විකිණීම කියන්නේ එතැනින් එහාට ගිය ලොකු විශයක්.


අපි හැමෝම හැම වෙලාවකදීම, ක්‍රියාත්මක වෙන්නේ, එක්කෝ ගැනුම් කරුවෙක් විදිහට, එක්කෝ විකුණුම් කරුවෙක් විදිහට. අපි හැමෝම හැම වෙලාවේදීම ගණුදෙනුවක් කරනවා.


ඔබ ඔබේ බිරිදට හෝ සැමියාට ආදරය කරන්නේ, ඔබට ඔහුගෙන් හෝ ඇයගෙන් ලැබෙන දේට සාපේක්ෂව, ඔබට ඔහු හෝ ඇය කොතරම් ආදරය කරනවාද කියන දේ තීරණය වෙන්නේ, ඔබෙන් ඔවුන්ට ලැබෙන දේට සාපේක්ෂව.


විකුණුම්කරුවෙක් කියන්නේ, තමන් සතු දේ, ගැනුම්කරුවා කැමැති දෙයක් බවට පත් කරන්න, එය ලබා ගන්න කැමැති දෙයක් බවට පත් කරන්න පුලුවන් කෙනෙක්ට, ඒ නිසා, විකුණන්න දන්න කෙනාට, ජීවිතේ බොහෝමයක් දේවල් තමන්ගේ පාලනයට නතු කර ගන්න පුලුවන්.


එය සරල මිත්‍රතාවයක සිට, සුවිශාල ව්‍යාපාර ගණුදෙනුවක් දක්වාම ගොඩනැගෙනවා.


මෙන්න මේ නිසා, ප්‍රායෝගික සාර්ථකත්වයේදී, ඔබ කවුරු වුනත්,ඔබ සතුව මේ කුසලතා හතර තියෙනවානම්, ඔබ ප්‍රායෝගික ජීවිතය තුල ඉතා ඉහල සාර්ථකත්වයක් ලබන්නට සුදුස්සෙක් වෙන බව සලකනවා.

_

තව දුරටත් ධනාත්මක වීම, ඉලක්කගත වීම, සැලසුම් සහගත වීම, අභියෝග හමුවේ සාර්ථකව ඉදිරියට යාම ඇතුලු බොහෝ හැකියාවන් ඔබ තුල නිර්මාණය කර ගන්නා ආකාරය ගැන ඉගෙන ගන්න, පහතින් ජීවිතය දිනන ප්‍රායෝගික මග කෘතිය Download කරගෙන කියවන්න.



Online Download කර ගැනීමට අපහසු නම්, E-Mail එකක් ලෙස ගෙන්වා ගැනීමට, පහත සදහන් මෙම පොතේ Product Code එක, සදහන් කල පණිවිඩයක්, 0764393624 අංකයට Whatsapp හරහා යොමු කරන්න


Product Code : JDM232


අප නිකුත් කර ඇති සියලුම පොත් පිලිබද විස්ථර දැන ගැනීමට මෙතැන Click කරන්න




237 views

コメント

5つ星のうち0と評価されています。
まだ評価がありません

評価を追加
bottom of page