ඔබ නිතර කුමක් හරි හේතුවක් නිසා Stress වෙන කෙනෙක්ද, Stress වෙච්ච වෙලාවට ඒක පාලනය කරගන්න අමාරුද?
එහෙමනම් අන්න ඒ වෙලාවට මෙන්න මේ සරල ක්‍රම අනුගමනය කරන්න, ඔබට ඉතාම ඉක්මනින් ඔබේ Stress එක අඩු කරගෙන, යතා තත්වයට පත් වෙන්න පුලුවන් වෙයි.
පරිසරය වෙනස් කරන්න
ඔබේ Stress එකට හේතු වෙන දේවල් තියෙන පරිසරයෙන් මදකට මිදෙන්න, මොකද Stress එක කියන්නේ ක්‍රමාණුකූලව ගොඩනැගෙන දෙයක්, එය පුංචි මට්ටමකින් ගොඩනැගිලා, ඔබව පාලනය කරන මානසික තත්වයක් බවට පත් වෙනවා.
ඒක නිසා, ඔබ Stress වීගෙන එනවා කියලා දැනුන ගමන් ඔබේ පරිසරය වෙනස් කර ගන්න. එලියට යන්න, පොඩි විවේකයක් ගන්න.
2. ගැඹුරු හුස්ම ගන්න
ඉතා සෙමින් ගැබුරු හුස්ම ගැනීම් සහ ඉතා සෙමින් හුස්ම පිටකිරීම් සිදු කරන්න. සාමාන්‍යයෙන් මෙවැනි හුස්ම ගැනීම් වාර 7 පමණ කරන්න. එය ඔබේ මනස හා ශරීරය සැහැල්ලු මට්ටමකට රැගෙන එනවා.
3. Stress වෙන්න හේතු වුන කරුණ දෙස නිදහස් මනසකින් යුතුව බලන්න
ඇත්තටම තමන් Stress වුනේ ඇයි කියන දේ ගැන නිදහස් මනසකින් බලන්න, බාහිර දේවල් වලට වැරැදි පැටවීමෙන් වලකින්න, කොතරම් ගැටලුකාරී තත්වයක් වුනත්, එය තමන්ට පාලනය කරගන්න බැරි වීම තමන්ගේ අඩුපාඩුවක් ලෙස දකින්න.
එය වෙනස් කරගන්න නම් තමන් ක්‍රියා කරන්න ඕනේ කොහොමද කියන දේ ගැන සිතන්න. Stress එක පාලනය කර ගනිමින් වැඩ කරන්න ලැබීම තමන්ට ලැබුනු අභියෝගයක් ලෙස සිතන්න. එය ජය ගැනීම වෙනුවෙන් සැලසුම් කරන්න.
4. රසවත් දෙයක් පානය කරන්න
ඔබ ප්‍රිය කරන දෙයක් පානය කරන්න, Mint වැනි දෙයක් සහිත තේ කෝපයක් පානය කිරීම වැනි දේ මෙයට වඩාත් ගැලපෙනවා.
5. Dopamine නිපදවන ක්‍රියාකාරකමක නිරත වෙන්න
Dopamine කියන්නේ, ඔබේ සතුට, අවදානය, නිර්මාණශීලී බව, චින්තන හැකියාව ඇතිකරන රසායනිකයක්, එය Stress එකට හොද ප්‍රතිකාරයක්, ඒ නිසා Dopamine නිපදවන ක්‍රියාකාරකමක නිරත වීම Stress එක පාලනය කරගන්න ඉතාම හොද විසදුමක්.
ඒ වෙනුවෙන්, ස්නානය කිරීම, ව්‍යායාම කිරීම, ක්‍රීඩා කිරීම, ඔබ වඩාත් ප්‍රිය කරන මාතෘකාවකට අදාල යමක් කියවීම, නැරැබීම, සාකච්චා කිරීම වැනි දෙයක් සිදු කරන්න පුලුවන්. මේ සෑම අවස්ථාවකදීම, සැලකිය යුතු මට්ටමකින් ඔබේ ශරීරය තුල Dopamine නිපද වෙනවා.
ධනාත්මක වීම, ඉලක්කගත වීම, සැලසුම් සහගත වීම, අභියෝග හමුවේ සාර්ථකව ඉදිරියට යාම ඇතුලු බොහෝ හැකියාවන් ඔබ තුල නිර්මාණය කර ගන්නා ආකාරය ගැන ඉගෙන ගන්න, පහතින් ජීවිතය දිනන ප්‍රායෝගික මග කෘතිය Download කරගෙන කියවන්න.
Online Download කර ගැනීමට අපහසු නම්, E-Mail එකක් ලෙස ගෙන්වා ගැනීමට, පහත සදහන් මෙම පොතේ Product Code එක, සදහන් කල පණිවිඩයක්, 0764393624 අංකයට Whatsapp හරහා යොමු කරන්න
Product Code : JDM232
අප නිකුත් කර ඇති සියලුම පොත් පිලිබද විස්ථර දැන ගැනීමට මෙතැන Click කරන්න
Comments