යටි සිත කියන මාතෘකාව මුලින්ම කරලියට ගේන්නේ, මනෝවිද්‍යාවේ "අයින්ස්ටයින්" වගේ ඉන්න සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විසින්.
ඔහුගේ හැදින් වීම් අනුව මිනිස් සිතේ අපි සිත ලෙස හදුනා ගන්නා කොටසට වඩා එහා ගිය, අපි භාවිතා නොකරන කොටසක් තියෙනවා. එය තුල ජීවිතයේ බොහෝ දේ ප්‍රබල ලෙස වෙනස් කල හැකි විශාල ශක්තීන් ප්‍රමාණයක් තිබෙනවා.
මෙතැනින් පටන් ගත්ත යටි සිත කියන මාතෘකාව, වසර ගනනාවක් තිස්සේ කරපු විවිධ වූ මනෝවිද්‍යාත්මක පරීක්ෂණ හරහා විවිධ දේ තහවුරු කර ගනිමින්, යටි සිතේ ශක්තීන් අවදි කිරීම හා ප්‍රායෝගික ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් භාවිතා කිරීම කියන තැනටම ඇවිත් ඉවරයි.
මේ ලිපියෙන් මම ඔබට කියලා දෙන්න යන්නේ, අන්න ඒ යටි සිතේ බලය අපේ ජීවිතයේ සාර්ථකත්වය ගොඩනගා ගැනීම වෙනුවෙන් භාවිතා කරන්න පුළුවන් ආකාර 5ක් ගැන.
පුද්ගල ස්වරූප වෙනස් කිරීම වෙනුවෙන් යටි සිත බලගැන්වීම
අපි හැමෝම තුල ස්වභාවිකව සකස් වුන පුද්ගල ස්වරූප තියෙනවා, ඒ පුද්ගල ස්වරූප වල ලක්ෂණ එක්ක, සුබවාදී මිනිස්සු, අසුබවාදී මිනිස්සු, ධනාත්මක මිනිස්සු, ඍණාත්මක මිනිස්සු, වංචාකාරී මිනිස්සු, අවංක මිනිස්සු, ආදරණීය මිනිස්සු, නපුරු මිනිස්සු, වගේ විවිධ ආකාරයෙන් අපි හදුනා ගන්නවා.
ජීවිතේ සාර්ථකත්වය ගොඩනගනකොට අපිට මේ ස්වභාවික පුද්ගල ස්වරූප එක්ක මේ වැඩේ කරන එක හරි අමාරුයි, අපිට සිද්ද වෙනවා, අපේ අරමුණු වලට ගැලපෙන විදිහට ඒ පුද්ගල ස්වරූප මාරු කර ගන්න.
උදාහරණයක් විදිහට, කූබියෙක් මරන්න බැරි අහින්සකයෙක්ව ලෝකයේ තියෙන හොදම තුවක්කුව දීලා යුද්දෙට යැව්වත්, ඒ පුද්ගලයාට සටන් කරන්න හැකියාවක් ලැබෙන්නේ නෑ.
අන්න ඒ වගේ, සාර්ථක වෙන්න ඕනේ නම්, අපේ අරමුණු වලට ගැලපෙන විදියට, අපේ අභ්‍යන්තරයේ තියෙන පුද්ගල ස්වරූප අපිට වෙනස් කරගන්නම වෙනවා. ඒක කරන්න පුළුවන් පහසුම ක්‍රමය තමයි, යටි සිත පුද්ගල ස්වරූප වෙනස් කිරීම වෙනුවෙන් බල ගැන්වීම.
2. ශාරීරික සුවතාවය වෙනුවෙන් යටි සිත බල ගැන්වීම.
සිත හා ශරීරය කියන්නේ, එකකට එකක් සම්බන්දව ක්‍රියාත්මක වෙන දේවල් දෙකක්. සිතේ ස්වභාවය වෙනස් වීම ඍජුවම ශරීරයේ වෙනස්කම් වලට බලපානවා.
ඔබේ ශරීරයට දැනෙන වේදනාවන් පවා, මනස හරහා නොදැනෙන තත්වයට පත් කර ශල්‍යකර්ම සිදු කල පරීක්ෂණ පවා ලෝකයේ තිබෙනවා. ඒ ආකාරයෙන්ම, රෝග පීඩාවන් ගෙන් මිදීම, ශාරීරික සුවතාවය ඇතිකර ගැනීම වගේ ශාරීරික වශයෙන් අවශ්‍ය වෙනස් කම් ඇතිකර ගැනීම වෙනුවෙනුත් යටි සිත බලගැන්වීම භාවිතා කරන්න පුලූවන්.
3. මානසික හැකියා වර්ධනය වෙනුවෙන් යටි සිත බල ගැන්වීම
ඕනෑම දෙයක් කරනකොට, ඒ වෙනුවෙන් අපේ මනස ප්‍රශස්ථ මට්ටමකින් ක්‍රියාත්මක වීම කියන දේ ඉතාම වැදගත්,
උදාහරණයක් විදිහට, ඔබට වේදිකාවක කතාවක් කරන්න තියෙනවා කියලා හිතමු, ඒ වෙලාවෙදි, කොච්චර සූදානම් වෙලා ගියත් , කියන්න ඕනේ දේවල් ඔලුවට එන්නේ නැත්නම් ඒ වැඩේ කරන්න බෑ.
සමහර වෙලාවට ඒ වගේ තත්වයන් අපිට හිතලා , උවමනාවෙන් වෙනස් කරගන්න බෑ. කොච්චර සූදානම් වුනත්, ඒ අවස්ථාවට පත් වුනාම අපේ මනස ක්‍රියාත්මක වෙන්නේ නෑ.
අන්න ඒ වගේ තත්වයන් වෙනස් කරගැනීම වෙනුවෙනුත් යටි සිත බලගැන්වීම කියන දේ ඉතාම සාර්ථකව භාවිතා කරන්න පුළුවන්.
04. අවිංඥාණික ප්‍රශස්ථ ක්‍රියාකාරකම් වෙනුවෙන් යටි සිත බලගැන්වීම.
සමහර වෙලාවට අපි අපේ රාජකාරී ඉතාම හොදින් සැලසුම් කරලා, යම් අරමුණක් වෙනුවෙන් වැඩ කරන්න පටන් ගත්තත්, අපි දන්නේම නැතුව ඒ සැලසුම් වලින් එලියට එන අවස්ථා තියෙනවා.
උදාහරණයක් විදිහට, අපි හිතමු අපි යම්කිසි විභාගයකට පාඩම් කරනවා කියලා. සමහර වෙලාවට කොච්චර සැලසුම් කරලා, උවමනාවෙන් ඒ වැඩේ පටන් ගත්තත්, ටික වෙලාවකින් අපි දන්නේම නැතුව, Phone එක අරගෙන Youtube එකේ හරි Facebook එකේ හරි කාලය නාස්ති කරන්න පටන් ගන්න අවස්ථා ඕනෑ තරම් තියෙනවා.
බොහෝ වෙලාවට ඒවා අපේ දැනුවත් බවෙන් වෙන දේවල් නෙමේ, ඉබේම වගේ අපි තුලින් වෙන දේවල්. අන්න ඒ වගේ තත්වයන් අරමුණට ගැලපෙන විදිහට වෙනස් කරගෙන, අපේ වැඩ රාජකාරී සැලසුම් කරන විදිහටම කරන්න පුළුවන් මට්ටමක් සකස් කරගන්න එකට තමයි අවිංඥාණික ප්‍රශස්ථ ක්‍රියාකාරකම් වෙනුවෙන් යටි සිත බලගැන්වීම කියන්නේ.
මේ දේ ඔබේ වැඩකටයුතු වල කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය කැපී පෙනෙන මට්ටමකින් වැඩිකරන්න සමත් වෙනවා.
05. පාරසරික වෙනස් කම් වෙනුවෙන් යටි සිත බලගැන්වීම
අපේ මනසේ තරංග ශක්තියක් තිබෙනවා, එය අවට පරිසරයේ පවතින දේවල් සමග ක්‍රියාත්මක වෙනකොට විවිද දේ සිදුවෙනවා. යටි සිත අවදි වූ කෙනෙක්ගේ එම ශක්තිය ඉතාම ඉහලයි.
ඒ අනුව, එහෙම කෙනෙක්ට සාමාන්‍ය මිනිස් පාලන හැකියාවන් අභිබවා යමින් යම් යම් දේ පාලනය කිරීමේ හැකියාව තියෙනවා. මෙය මැජික් එකක් නෙමේ, මෙය ව්‍යායාම කරලා ශරීරයේ ශක්තිය ගොඩනගා ගන්නවා වගේ, මානසික ව්‍යායාම හරහා ඕනෑම කෙනෙක්ට දියුණු කරගන්න පුළුවන් දෙයක්.
ඒ දේ එක්ක, අපිට අවශ්‍ය විදිහට අවට පරිසරයේ විවිද දේ මෙහෙයවන්න අපිට පුලුවන් වෙනවා.
මේ පිලිබද මනෝවිද්‍යාත්මක පරීක්ෂණ රාශියක් ලෝකයේ සිදුකර තිබෙනවා. මානසික ශක්තිය හරහා බත් සාම්පලයක් පිලිනු වෙන්නට යන කාල සීමාව වෙනස් කිරීම පිලිබද පරීක්ෂණය, සිතුවිලි වල ශක්තියෙන් ජල අංශු වල ව්‍යුහය වෙනස් කිරීම ගැන පරීක්ෂණය වගේ පරීක්ෂණ මේ අතරින් වඩාත් ප්‍රසිද්දයි.
මීට අමතරව, මානසික ශක්තිය හරහා නගර හා රටවල් වල ආර්ථික දේශපාලනික, හා සාමාජීය වෙනස් කම් ඇති කිරීමේ හැකියාව පිලිබද කල විද්‍යාත්මක පරීක්ෂණ හරහා මෙම මිනිස් සිතේ විශ්මිත බලයන් පිලිබද ඔප්පු වී තිබෙනවා.
මානසික තත්වයන් දියුණු කිරීම පිලිබදව අප නිකුත් කර ඇති eBook, පහතින් Download කර ගන්න
මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යාමේ හැකියාව, ඉතාම ඉහල මට්ටමක් දක්වා රැගෙන ඒම වෙනුවෙන් ඔබ ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන, පියවර සහිත උපදෙස් හා අභ්‍යාස ඇතුලත් උපදෙස් පොතකි.
සාමාන්‍ය ආකර්ෂණ නීති සංකල්ප වලින් එහාට ගොස්, අවිංඥාණික මනස තුල වන ශක්තීන් ප්‍රායෝගිකව අවධි කරන ආකාරය පිලිබද උපදෙස් හා පියවර සහිත අභ්‍යාස ඇතුලත් උපදෙස් පොතකි.
ධනාත්මක මානසිකත්වයක් පවත්වාගෙන යාම වෙනුවෙන් ඔබට භාවිතා කල හැකි සරල උපක්‍රම පිලිබද ඍජු පාඩම් සහිත ප්‍රායෝගික උපදෙස් පොතකි
වෙබ් අඩවිය හරහා බාගත කර ගන්න අපහසු අයට, අපගේ බැංකු ගිණුමට මුදල් බැර කර පොත eMail එකක් ආකාරයෙන් ලබා ගන්නත් පුලුවන්. ඒ වෙනුවෙන් +94764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න
Comments