top of page

වැඩ කල්දැමීමේන් මිදෙන්නේ කොහොමද? (පියවර 05ක්)



වැඩ කල් දැමීමේ පුරුද්ද කියන්නේ, ජීවිතේ අරමුණු හබාගෙන යාම තුල අපි බොහෝ දෙනෙක් අත් විඳින ඉතාම සුලබ ගැටලුවක්. මේ පුරුද්ද නිසා, බොහෝ දෙනෙක් ඉතාම අත්‍යවශ්‍ය වැඩ පවා කල් දමමින්, තමන්ගේ සාර්ථකත්වය දිනෙන් දින ප්‍රමාධ කරගන්නා ආකාරය අපි නිරන්තරයෙන්ම දකිනවා.


මේ නිසා අපි අද මේ ලිපියෙන් ඔබට කියලා දෙන්න යන්නේ, මේ ගැටලුවෙන් මිදෙන්න ඔබට භාවිතා කල හැකි පියවර 05ක් ගැන.


කෙටි කාලීනව වැඩ කරන්න


හැම වෙලාවෙම වැඩක් කරනකොට, ඒ වැඩේ කෙටි කාලයකින් නිම කරන්න පුලුවන්, කුඩා වැඩ වලට කඩාගෙන ඒ කෙටි කාලීන පුංචි වැඩ නිම කිරීම වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න.


උදාහරණයක් විදිහට. පැයක් ඇතුලත කල යුතු සම්පූර්ණ වැඩක් , විනාඩි 5කින් කල යුතු වැඩ 12ක් ලෙස සකස් කර ගන්න. ඉන්පසු ඒ විනාඩි 5ක පුංචි වැඩේ ගැන අවදානය යොමු කරලා වැඩ කරන්න.


මේ විදිහට වැඩ කරනකොට, ඔයාට පහසුවෙන් වැඩ කරලා නිම කරන්න පුළුවන් කියන අත්දැකීම ලැබෙන නිසා, වැඩ කල් දැමීමෙන් තොරව ඉදිරියට තමන්ගේ වැඩ රාජකාරි කරගෙන යන්න පුළුවන් වෙන තත්වයක් නිර්මාණය වෙන බව, බොහෝ මනෝවිද්‍යාත්මක අධ්‍යයනයන් තුල තහවුරු වී තිබෙනවා.


පැහැදිලි ඉලක්ක සකස් කරගෙන වැඩ කරන්න.


මෙහි අදහස වෙන්නේ, මොනවා හරි දෙයක් කරනකොට, තමන් නිශ්චිත වශයෙන්ම කරන්න මොකක්ද, ඒ හරහා ගොඩනැගෙන ප්‍රතිඵලය මොකක්ද වගේම, කවදා වෙන විට තමන් මේ ප්‍රතිඵලය නිර්මාණය කරනවාද කියන දේ දැනගෙන වැඩ කරන්න කියන එක.


මොකද තමන් ක්‍රියාත්මක වෙන්න ඕනේ කොහොමද කියන දේ ගැන අවබෝධයක් නැති වුන ගමන්, අපිට ඒ වැඩේ ස්වභාවිකවම කරන්න ටිකක් අපහසු දෙයක් බවට පත් වෙනවා. මේ අපහසු බවේ හැගීම තමයි, සෑම මොහොතකදීම වැඩ කල් දාන්න පදනම සපයන්නේ. ඒ නිසා, පැහැදිලි ඉලක්ක එක්ක වැඩේ පටන් ගත්තොත්, මේ තත්වය සෑහෙන දුරකට අඩුකර ගන්න බොහොම පහසුයි!


ස්වයං සාකච්චාවට පුරුදු වෙන්න


වැඩ කල් දැමීමේ පුරුද්දෙන් මිදෙන්න කල හැකි තවත් ප්‍රබල අභ්‍යාසයක් තමයි, තමන් වැඩ කල් නොදමන, කල යුතු දේ කල යුතු වෙලාවෙදී කරන කෙනෙක් කියන දේ නිරන්තරයෙන්ම තමන්ට මතක් කර ගැනීම සිදු කිරීම.


මෙන්න මෙහෙම නිරන්තරයෙන් තමන්ම තමන් වැඩ කල් නොදමන කෙනෙක් බව කියා ගන්න කොට, එය ඔයාගේ සාමාන්‍ය ස්වභාවය බවට කාලයත් සමග පත් වෙනවා.


විවේක ගැනීම් වැඩි කිරීම


මානසික වෙහෙස කියන දේත් වැඩ කල් දැමීම වෙනුවෙන් බලපාන ප්‍රබල හේතුවක්. මේ නිසා පැයකට සැරයක්වත් විනාඩි 5-10ක විවේකයක් ලබා ගැනීම, සිත සංසුන් කර ගැනීම වගේ දේවල් වැඩ කල් නොදා දිගටම කල යුතු වැඩ කරගෙන යන්න ලොකු උදව්වක් වෙනවා.


මේ වෙනුවෙන් ඔබට එලිමහනේ මිනිත්තු කීයපන් ඇවිදීම, තමන් කැමති ගීතයකට සවන් දීම හෝ තමන් සතුටු වෙන වෙනත් යමක් සිදු කිරීම කරන්න පුලුවන්.


වැඩ කල් නොදමන මිනිසුන් සමග වැඩ කිරීම


සෑම විටම වැඩ කල් නොදමන, ඔබට ගොඩනගා ගැනීමට අවශ්‍ය ඵලදායීතාවයෙන් යුතුව වැඩ කරන අය සමග සම්බන්ද වී වැඩ කිරීම, වැඩ කල් නොදමා වැඩ කරන කෙනෙක් වෙන්න ඔබට ලොකු උදව්වක් බවට පත් වෙනවා.


එය නිරන්තරයෙන්ම, ඔබ වැඩ කල යුත්තේ කොහොමද යන්න ගැන ප්‍රායෝගික උදාහරණ සපයන නිසා, ඔබට අවශ්‍ය වෙනස බොහොම පහසුවෙන් සකස් කර ගන්න එය ප්‍රබල දායකත්වයක් සපයනවා.


තවත් මෙවැනි උපක්‍රම ගැන දැන ගන්න, ධනාත්මක වීම, ඉලක්කගත වීම, සැලසුම් සහගත වීම, අභියෝග හමුවේ සාර්ථකව ඉදිරියට යාම ඇතුලු බොහෝ හැකියාවන් ඔබ තුල නිර්මාණය කර ගන්නා ආකාරය ගැන ඉගෙන ගන්න, පහතින් ජීවිතය දිනන ප්‍රායෝගික මග කෘතිය Download කරගෙන කියවන්න.

Online Download කර ගැනීමට අපහසු නම්, E-Mail එකක් ලෙස ගෙන්වා ගැනීමට, පහත සදහන් මෙම පොතේ Product Code එක, සදහන් කල පණිවිඩයක්, 0764393624 අංකයට Whatsapp හරහා යොමු කරන්න


Product Code : JDM232


අප නිකුත් කර ඇති සියලුම පොත් පිලිබද විස්ථර දැන ගැනීමට මෙතැන Click කරන්න



1,455 views

コメント

5つ星のうち0と評価されています。
まだ評価がありません

評価を追加
bottom of page