top of page
Writer's pictureChathuska Amarasekara

සාර්ථක වීමට දක්ෂ මිනිසා, සාර්ථක වීමට සුදුසු මිනිසාව සෑම විටම පරාජය කරයි

Updated: Jul 18, 2022

"මේ ලෝකයේ බොහෝ දෙනෙක් සාර්ථකත්වය ගැන හිතාගෙන ඉන්න වැරැදි මතයක් තයි, හොදම කෙනා, දක්ෂම කෙනා තමයි සාර්ථක වෙන්නේ කියන එක. පසුගිය අපොස සා.පෙල විභාග ප්‍රතිඵල ලැබීමත් සමග මට ආපු දුරකතන ඇමතුම් මේ කතාව මට ආයේ ආයේ මතක් කලා. මොකද ඒ කතා කරපු බොහෝ දෙනෙක් කියපු කතාව වුනේ, " සර් මම හොදටම වැඩ කලා, මම පුදුම මහන්සියකින් වැඩ කලා, හැබැයි හිතපු තරම් ප්‍රතිඵල නෑ" කියපු කතාව...ඒ විදිහට මට කතා කරපු හැම දරුවෙක්ටම මම කියපු දේ තමයි, ඒක ජීවිතේ පාඩමක් විදිහට අරගෙන, හොදටම මහන්සි වීම, හොදම කෙනා වීම, සාර්ථකම කෙනා වීමට සුදුසුකමක් නොවන බව තේරුම් ගන්න කියන එක."

මේ ලෝකයේ බොහෝ දෙනෙක් සාර්ථකත්වය ගැන හිතාගෙන ඉන්න වැරැදි මතයක් තයි, හොදම කෙනා, දක්ෂම කෙනා තමයි සාර්ථක වෙන්නේ කියන එක.


පසුගිය දවස් කීපයේදී අපොස සා.පෙල විභාග ප්‍රතිඵල ලැබීමත් සමග මට ආපු දුරකතන ඇමතුම් මේ කතාව මට ආයේ ආයේ මතක් කලා. මොකද ඒ කතා කරපු බොහෝ දෙනෙක් කියපු කතාව වුනේ, " සර් මම හොදටම වැඩ කලා, මම පුදුම මහන්සියකින් වැඩ කලා, හැබැයි හිතපු තරම් ප්‍රතිඵල නෑ" කියපු කතාව...


ඒ විදිහට මට කතා කරපු හැම දරුවෙක්ටම මම කියපු දේ තමයි, ඒක ජීවිතේ පාඩමක් විදිහට අරගෙන, හොදටම මහන්සි වීම, හොදම කෙනා වීම, සාර්ථකම කෙනා වීමට සුදුසුකමක් නොවන බව තේරුම් ගන්න කියන එක.


මොකද ඒක තමයි මේ ලෝකයේ යතාර්ථය...


සාර්ථකත්වය හැම වෙලාවෙම හිමි වෙන්නේ, සාර්ථක වීම වෙනුවෙන් කල යුතු දේ කල යුතු වෙලාවට, කල යුතු ආකාරයෙන් කරන මිනිසා මිස, දක්ෂම හෝ වැඩියෙන්ම මහන්සි වෙන මිනිසා නෙමෙයි.


උදාහරණයක් විදිහට, විහාග ඉහලින්ම සමත් වෙන්නේ, හොදටම පාඩම් කරන, හොදටම දැනුම තියෙන කෙනා නෙමෙයි... හොදටම සමත් වෙන්නේ, විහාගය හොදටම ලියන කෙනා.


රැකියාවක ඉහලටම යන්නේ, ආයතනයේ ඉන්න දක්ෂතම සේවකයා නෙමෙයි, ඉහලට යාම වෙනුවෙන් කල යුතු දේ කරන පුද්ගලයා


ලෝකයේ ජනප්‍රියම ගායික ගායිකාවන් දිහා බලන්න... ඒ අය මේ ලෝකයේ ඉන්න දක්ෂම අය නෙමේ,


මේ ලෝකයේ වැඩිම අලෙවි වාර්ථ තියන චිත්‍රපට ලයිස්තුව අරගෙන බලන්න, ඒවා මේ ලෝකයේ හැදුන හොදම චිත්‍රපට නෙමේ....


මේ ලෝකයේ වැඩියෙන්ම අලෙවි වන භාන්ඩ හා සේවා දිහා බලන්න, ඒවා මේ ලෝකයේ තියෙන හොදම ඒවා නෙමෙයි, හැබැයි අලෙවි කිරීම වෙනුවෙන් කල යුතු දේ හරියටම කරන භාන්ඩ හා සේවා.


ඒ නිසා, තමන් කොතරම් දක්ෂ වුනත්, තමන් කොතරම් මහන්සි වුනත්, තමන් හොදම කෙනා වුනත්, ඔබ සාර්ථක වීම වෙනුවෙන් කල යුතු දේ කල යුතු වෙලාවට, කල යුතු ආකාරයෙන් කරන්නේ නැත්නම්, ඔබ සාර්ථක විය යුතුයි කියලා හිතන්න යන්න එපා.


මොකද එහෙම සාර්ථක වෙන්නේ නෑ.


සාර්ථක වීම කියන්නේ වෙනම කලාවක්... මේ ලෝකයේ දක්ෂතාවය තියෙන, මහන්සි වෙන, හොදම මිනිස්සු ඉන්නවා, කිසිම දවසක සාර්ථක ජීවිතයක් ගත කරගන්න නොලැබුනු..


ලෝකයේ හැම දාම සාර්ථක වුනේ සාර්ථක වීම වෙනුවෙන් වැඩ කරපු මිනිස්සු මිස, දක්ෂතම හෝ හොදම කෙනා වෙන්න වැඩකරපු අය නෙමෙයි...මේ කතාවත් ඔලුවේ තියාගෙන වැඩ කරන්න පටන් ගන්න...ජීවිතේ බොහෝමයක් දේවල් වෙනස් කර ගන්න ඔබට පුලුවන් වේවි.


ඔබට සුබ උදෑසනක්, ජයග්‍රාහී දවසක්!


සටහන මානව හැකියා සංවර්ධන පුහුණු උපදේශක චතුස්ක අමරසේකර





49 views

ความคิดเห็น

ได้รับ 0 เต็ม 5 ดาว
ยังไม่มีการให้คะแนน

ให้คะแนน
bottom of page