top of page

ජීවිතය දිනන්න Time Management Tips 05ක්.

Updated: Mar 9, 2023



වැඩ ගොඩක් තියෙනවා ඒත් කර ගන්න වෙලාවක් නෑ කියන දේ ඔයාටත් නිතර දැනෙනවා නම්, මෙන්න මේ Time Management Tips පහ ඔයාගේ ජීවිතය තුල අත් හදා බලන්න.


බොහොම පහසුවෙන් තමන්ගේ වැඩ ටික ඉවර කර ගන්න ඔබටත් හැකියාව ලැබේවි.



  1. වැදගත් වැඩ හදුනා ගන්න.

නිම කල යුතුව තියෙන දාහක් වැඩ අතරේ ඉක්මනින්ම ඉවර කල යුතු වැදගත්ම වැඩ හදුනා ගන්න. ඒම අත්‍යවශ්‍යම වැඩ ටික වෙනුවෙන් විතරක් අවදානය යොමු කරන්න. මෙය කල යුතු ඒත් ඉක්මනින්ම කිරීම අවශ්‍ය නොවන වැඩ ගැන අනවශ්‍ය විදිහට හිතන්න ගිහින් අපතේ යන කාලය ඔබට ඉතිරි කර දෙනවා.


2. වැදගත්ම වැඩ අතුරුන්, වැඩියෙන්ම වැදගත් වැඩේට පූර්ණ අවදානය යොදවන්න.


වැදගත්ම වැඩ අතර තියෙන වැදගත්ම වැඩේ තෝරගෙන, පූර්ණ අවදානය දීලා ඒ වැඩේ හැකි ඉක්මනින් ඉවර කරන්න. තමන් කරන දේ කෙරෙහි විතරක් අවදානය යොමු කරන්න. මෙය උපරිම කාර්යක්ෂමතාවයක් ඇතිව, ඔබේ වැඩ වේගයෙන් නිම කර ගැනීම වෙනුවෙන් ඔබට උදව් වෙනවා.


3. කාල පරාස නියම කරන්න


ඕනෑම වැඩක් පටන් ගන්න කලින්, ඒ වැඩේ නිම කිරීම වෙනුවෙන් ඔබට ගත වෙන කාලය කොතරම්ද කියන දේ තාර්කිකව තීරණය කරන්න. ඒ කාලය ගත වීමට කලින් තමන්ගේ රාජකාරීය අවසන් කිරීම ඔබේ ඉලක්කය කර ගන්න. සෑම විටම කාලය ගත වීම හා ඔබේ රාජකාරීය නිම වීමේ ප්‍රගතිය කෙරෙහි අවදානය යොමු කරන්න.


මෙම ක්‍රමය ඔබේ කාර්යක්ෂමතාවය ඉහල මට්ටමකින් පවත්වාගෙන යාමට විශාල දායකත්වයක් ලබා දෙනවා.



4. බාදා ඇතිවීම අවම කර ගන්න.


සෑම විටම ඔබ යම් රාජකාරියක් ආරම්භ කරන විට එය අවසන් වෙනතෙක් බාදාවකින් තොරව ක්‍රියාත්මක විය හැකිද යන්න ගැන අවදානය යොමු කරන්න. බාදාව අවම කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග කල්තියා තීරණය කර, ක්‍රියාත්මක කරන්න.


5. විවේක ගැනීමට කාලයක් වෙන් කරන්න.


සෑම විටම යම් රාජකාරියක් නිම කල පසු, පුංචි විවේකයක් ලබා ගන්න. ඔබ එක රාජකාරියක් නිම කල බව සිතා සතුටි වෙන්න. කරන්නට ඇති වැඩ ගැන සිතා පීඩනයක් ඇති කරගන්නවා වෙනුවට, නිම කල වැඩ ගැන සිතා, සතුටක් හා ඉදිරියට යාමට අවශ්‍ය අභිප්‍රේරණයක් ඇති කර ගන්න.


මෙම පියවර 05 සමගින් ඔබට ඔබේ එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු ක්‍රියාත්මක කල හැකි නම්, ඔබට ඔබේ ජීවිතයේ බොහෝමයක් රාජකාරී බොහොම පහසුවෙන් නිම කර ගැනීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.


කාල කළමනාකරණය මෙන්ම.ඉලක්ක පිහිටුවීම, සැලසුම්කරණය, අභියෝග ජයගැනීම වැනි බොහෝ දේ තුල සාර්ථක වීම වෙනුවෙන් ඔබ කල යුතු දේ ගැන වැඩි දුරටත් ඉගෙන ගන්න, "ජීවිතය දිනන ප්‍රායෝගික මග" කෘතිය පහත සබැදිය හරහා Download කර ගන්න.

Online Download කර ගැනීමට අපහසු නම්, E-Mail එකක් ලෙස ගෙන්වා ගැනීමට, පහත සදහන් මෙම පොතේ Product Code එක, සදහන් කල පණිවිඩයක්, 0764393624 අංකයට Whatsapp හරහා යොමු කරන්න



Product Code : JDM232



2,578 views

Comentarii

Evaluat(ă) cu 0 din 5 stele.
Încă nu există evaluări

Adaugă o evaluare
bottom of page