top of page

ආදායම් මට්ටම වැඩි කර ගන්න පියවර 05ක්

Writer: Chathuska AmarasekaraChathuska Amarasekara

ඔබත් මේ වෙලාවේ ආදායම් මට්ටම වැඩිකරගන්නේ කොහොමද කියලා හිතමින් ඉන්න කෙනෙක්ද? එහෙම නැත්නම්, අවශ්‍ය දේවල් කරගන්න ඔබ ලබන ආදායම මදි වීමේ ප්‍රශ්ණයත් එක්ක ජීවත් වෙන කෙනෙක්ද?


එහෙනම් මේ ලිපිය ඔබ වෙනුවෙන්මයි, පුංචි වෙලාවක් අරගෙන හරියට කියවන්න. මම මේ ලිපියෙන් ඔබට කියලා දෙන්න යන්නේ, මීලග මාස කීපය තුල ඔබේ ඔය ආදායම් ප්‍රශ්ණය විසඳා ගන්න ඔබට පාවිච්චි කරන්න පුළුවන් පියවර පහක් ගැන.



1. සල්ලි ප්‍රශ්ණ විසදන එක අමාරු දෙයක් නොවන බව තේරුම් ගන්න.


ඔබේ ආදායම් මට්ටම වැඩිකර ගන්නවා කියන එක ඒතරම්ම අමාරු දෙයක් නෙමේ, ප්‍රශ්ණේ අපිට ඒක අමාරුයි වගේ පෙනෙන එක විතරයි. උදාහරණයක් විදිහට අපි හිතමු, අමතරව රු 100000 ක විතර ආදායමක් ලබා ගැනීමේ අරමුණක් ගැන.


මේක බැලූ බැල්මට අමාරු දෙයක් වගේ පෙනෙන්න පුළුවන්, හැබැයි, අපි මේක දිහා බලන විදිහ වෙනස් කලොත්, ඒක හරිම ලේසි දෙයක්...


මෙහෙම හිතන්න,


ඔබට පුලුවන් නම් උදේට කැද ටිකක් හදලා, කැද වීදුරුවක් රු 100 ගානේ 34 දෙනෙක්ට විකුණන්න, ඔබේ රු 100000 ආදායම ඔබට ලැබෙනවා.


ඔබට පුළුවන් නම්, බත් පැකට් ටිකක් හදලා රු 250 ගානේ බත් පැකට් 15 විකුණන්න, ඔබේ රු 100000 ආදායම ඉබේම ඔබට ලැබෙනවා.


රු 100000ක් වැඩි පුර හොයන්න රොකට් සයන්ස් ඕනේ නෑ. පොඩ්ඩක් වෙනස් විදිහට හිතන්න පුළුවන් නම්, ඕනේ තරම් ක්‍රම තියෙනවා ඒක කරන්න.


ඔන්න ඔය මට්ටමට ඔයාගේ මනස හදා ගන්න එක තමයි පළවෙනි පියවර.


2. Value Addition කරන හැටි තේරුම් ගන්න.


ඕනෑම දෙයකට අගය එකතු කරන්න දන්න මිනිහට ඒ හරහා ආදායම් උපයන්න තියෙන අවස්ථාව වැඩියි,


උදාහරණයක් විදිහට, සාමාන්‍ය සපත්තුවක් ගන්න රු 5000ට විකිණෙනකොට, ඇයි ඒ වගේම සපත්තුවක් Nike සන්නම යටතේ රු 25000ට විකිණෙන්නේ කියන දේ ගැන හිතලා බලන්න.


සන්නම් නාම (Brand) , අපි යමක් ඉදිරිපත් කරන විදිහ (Packaging & presentation ) වගේ දේවල් ඕනෑම දෙයක අගය වැඩි කරන්න පුළුවන්. ඒ Value Addition Art එක දන්නවානම්, එකම දේ හරහා, වැඩි මුදලක් ඔබේ අතට ගන්න ඔබට හැකියාව තියෙනවා.


3. Money Mind එකක් හදා ගන්න.


මේ ලෝකයේ ඕනෑ තරම් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම තියෙනවා, කාලෙන් කාලෙට ඒ ක්‍රම වෙනස් වෙනවා, පරණ ක්‍රම නැති වෙලා අලුත් ක්‍රම හැදෙනවා.


උදාහරණයක් විදිහට, වෙසක් කාලෙට වෙසක් කූඩු විකුණුනාට, නත්තලට වෙසක් කූණු විකිනෙන්නේ නෑ.


අන්න ඒ වගේ ඔබට පුළුවන් වෙන්න ඕනේ, වෙලදපොලේ, සමාජයේ, මිනිස්සුන්ගේ සිතුම්පැතුම් වල සිදුවෙන වෙනස් කම් හදුනාගෙන තැනට සුදුසු විදිහට ඇනේ ගහන්න, එහෙම අයට තමයි, මුදල් ඉපයීම පහසු දෙයක් වෙන්නේ.


4. හරි Market එක හදුනා ගන්න දක්ෂ වෙන්න.


හැම වෙලාවෙම ඔබට උපයන්න පුළුවන් ප්‍රමාණය, ඔබ යමක් අලෙවි කරන Market එක අනුව වෙනස් වෙනවා. ඔබේ ගෙදර තියෙන පොල් කටු ටික, පොල්කටු එකතු කරන්න එන කෙනෙක්ට දුන්නොත්, ඔබට පොල්කටු පහ හයකට රු 20 විතර ගන්න පුළුවන්.


හැබැයි, ඔබ ඒ පොල් කටු ටික, eBay වගේ වෙලදපොලක List කලොත් ඔබට රු 5000-6000ක් හොයන්න පුළුවන්.


ඒ නිසා හැම වෙලාවෙම හරි Market එකට අලෙවි කරන්න ඔබ දක්ෂ වෙන්නම ඕනේ.


05. සල්ලි හරියට කළමණාකරණය කරන්න ඉගෙන ගන්න


ඔබ ගාව රු 100ක් තියෙනවා නම්, ඔබ ඒකෙන් කොමඩු ගෙඩියක් අරගෙන කෑවොත්, ඔබ රු 100 වියදම් කලා වෙනවා,


හැබැයි ඔබ ඒ රු 100 කොමඩු ගෙඩියක් අරගෙන ඒකෙන් කොමඩු යුශ වීදුරු 2ක් හදලා ඒක රු 150 ගානේ අලෙවි කලොත්, ඔබට ඒ හරහා තව කොමඩු ගෙඩි 3ක් ගන්න පුළුවන්.


අන්න ඒ වගේ නිර්මාණශීලීව හරියට මුදල් කළමණාකරණය කරලා, ඔබ හොයන පුංචි මුදලෙන් වුනත් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජණ ගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ.


ඉතුරු දේවල් එක්ක මේ හැකියාවත් හදා ගන්න පුළුවන් නම්, සල්ලි හොයනවා කියන එක මහ ලොකු අමාරු දෙයක් නෙමේ.


සල්ලි හොයන හැටි, සල්ලි කළමණාකරණය කරන හැටි ඇතුලුව, තමන්ගේ පෞද්ගලිකව සහ ව්‍යාපාරික වශයෙන් ආර්ථිකය දිනන්න, අවශ්‍ය උපක්‍රම සරලව වැඩි දුරටත් ඉගෙන ගන්න, පොහොසත් බවේ රන් දොරටු පොත පහතින් Download කරගෙන කියවන්න.

Download කරගැනීමට අපහසු අය මෙය email එකක් ලෙස ලබා ගැනීමට PBRD ලෙස සදහන් කල පණිවිඩයක් 0764393624 අංකයට Whatsapp හරහා යොමු කරන්න.




 
 

Bình luận

Đã xếp hạng 0/5 sao.
Chưa có xếp hạng

Thêm điểm xếp hạng
bottom of page