top of page
Writer's pictureChathuska Amarasekara

සාර්ථකත්වය පමා කරන Dormant Mind Functioning ගැන දැන ගන්න.

Updated: Sep 26, 2022



ඔබ වසර ගණනක් තිස්සේ ජීවිතයේ සාර්ථකත්වය අපේක්ෂා කරන නමුත්, තවමත් ඔබට අවශ්‍ය ඒ සාර්ථකත්වය වෙතට ලගා වෙන්න නොහැකි වුන කෙනෙක් ද?


එහෙනම්, මේ සටහන මම අද ලියන්නේ ඔබ වෙනුවෙන්, අනිත් වැඩ මිනිත්තු කීපයකට නවත්වලා, මේ සටහන කියවන්න.


මොකද මෙහි තියෙන දේ ඔබ හරියට තේරුම් ගත්තොත්, අද දවස, ඔබ ගත කරන්න සිටි දවසට වඩා නියත වශයෙන්ම බොහෝ සෙයින්ම වෙනස් එකක් වේවි.


මේ ලෝකයේ ඔබ වගේම ජීවිතයේ සාර්ථකත්වය ගැන සිහින දකින, ඒත් එතැනට ලඟා වෙන්න නොහැකි වුන මිනිසුන්ට, එහෙම වෙන්න බලපාලා තියෙන ප්‍රබලතම හේතුව මොකක්ද කියලා?


එහෙම වෙන්න තියෙන ප්‍රධානම හේතුව තමයි, ඔවුන් තුල තියෙන “Dormant Mind Functioning” කියන මානසික ස්වභාවය.


සාමාන්‍යයෙන්, ලෝකයේ ඉන්න, මේ විදිහට සාර්ථකත්වය ගැන හීන දකින, සාර්ථක වෙන්න ඕනේ කියලා හිතන, ඒ වගේම ඒ වෙනුවෙන් උවමනාවක් තියෙන, නමුත් ඒ තත්වයට සැබෑ ලෝකයේදී ලගා වෙන්න බැරි වුන මිනිසුන්ගෙන් 99% කටම වගේ, එහෙම වෙන්න බලපාලා තියෙන හේතුව වෙන්නේ මෙන්න මේ කාරණය.


Dormant Mind Functioning කියන එකේ අදහස වෙන්නේ, තමන්ගේ අසාර්ථකත්වය වෙනස් කරගැනීම සිදු කරනවා වෙනුවට, තමන්ගේ අසාර්ථකත්වය සමග ජීවත් වෙන්න අවිංඥාණිකව සූදානම් වීමේ මානසික තත්වයකට.


සරලවම කිව්වොත් මේ තත්වයේ ඉන්න මිනිස්සු සාර්ථකත්වය ගැන මොන තරම් ලොකු දේවල් කතා කලත්, අඩුම තරමේ, රූපවාහිනියේ රිමෝට් එක (දුරස්ථ පාලකය) ලග නැත්නම්, නැගිටලා ගිහිල්ලා තමන්ට අවශ්‍ය චැනල් එක මාරු කරන්නවත් සූදානම් නෑ.


ඒ වෙනුවට ඔවුන් ඉතාම ඉක්මනින්, දාලා තියෙන චැනල් එකම බල බලා ඉන්න හිත හදා ගැනීමක් කරනවා.


හොදට කල්පනා කරලා බලන්න, ඔබත් එහෙම කරනවාද කියලා.. එහෙනම්, ඔබත් Dormant Mind Functioning තුල ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්.


ඔබට තමන් Dormant Mind Functioning තුල ඇත්තටම ඉන්නවාද කියලා හරියටම හදුනා ගන්න ඕනේ නම්, නිකමට හිතලා බලන්න, ඇත්තටම ඔබ තුල තියෙන, ඔබ හදුනා ගත්ත අඩුපාඩු ටික මේ වෙනකොට ඔබ සකස් කරගෙන හිටියා නම් ඔබේ අද දවස කොතරම් වෙනස් එකක් වෙයිද කියලා.


උදාහරණයක් විදිහට, වැඩක් කරනකොට, ඔබට ඒ වැඩේ වෙනුවෙන් හිත එකග කරගන්න බැරි ස්වභාවය, මනස එහේ මෙහෙ දුවන ස්වභාවය, නැතිව පූර්ණ මානසික ඒකාග්‍රතාවයක් පවත්වාගෙන යන්න පුළුවන් වුනා නම්, අද දවස, කොතරම් වෙනස්, සාර්ථක දවසක් බවට පත් වෙයිද?


ඔබේ, නිර්මාණශීලී බවේ තියෙන ගැටලු නැතිව, ප්‍රශ්න ගැන කල්පනා කර කර ඉන්න ස්වභාවය වෙනුවට, නිර්මාණශීලීව ප්‍රශ්ණ වලට පිලිතුරු සොයන්න ඔබට පුළුවන් වුනා නම්, අද දවස කොතරම් වෙනස්, සාර්ථක දවසක් වෙයිද?


කිසිම සැලැස්මක් නැතුව, ඉර පායපු නිසා පටන් ගත්ත අද දවස වෙනුවට, හරි සැලස්මක් ඇතුව ඔබ දවස පටන් ගන්න කෙනෙක් වෙලා හිටියානම්, අද දවස කොච්චර වෙනස්, සාර්ථක දවසක් වෙයිද?


කාල කළමනාකරනය තුල තියෙන දුර්වලතා නැතිව ඔබට කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් වුනා නම් අද දවස ඇත්තටම කොතරම් වෙනස් සාර්ථක දවසක් වෙයිද?


ඔබ තුල තියෙන අහිතකර මතකයන්, ඍණාත්මක බව වගේ දේවල් නැතිව, සුබවාදී, ධනාත්මක මානසිකත්වයක් එක්ක වැඩ කරන්න පුළුවන් වුනා නම්, ඇත්තටම ඔබේ අද දවස, ඔබට ගෙවන්න සිදු වෙලා තියෙන දවසට වඩා කොතරම් වෙනස්, සාර්ථක එකක් වෙයිද?


ඒ වගේම ඔබේ ආත්ම ශක්තිය, විශ්වාසය වගේ දේවල් උපරිම මට්ටමකින් තිබුනා නම්, අද දවස මීට වඩා කොතරම් වෙනස් එකක් වෙයිද?


හොදට හිතන්න... ගැබුරින් හිතන්න...


ඔබට ඒ ගැන හිතන්න පුළුවන් කියන්නේ ම, ඔබ දැනටමත්, ඔබේ අඩුපාඩු හඳුනා ගෙන තියෙනවා කියන එක. ඒ වගේම ඔබ දැනටමත් දන්නවා, ඔබේ අඩුපාඩු නැති වුනානම්, ඔබේ ජීවිතය මීට වඩා බොහෝ සෙයින්ම වෙනස් වෙන බව..


එහෙනම් දැන් පුංචි කොලයක් අරගෙන, ඔබ, ඔබ තුල තියෙන මේ ගැටලු වෙනස් කරගන්න, පසුගිය මාසය තුල කරලා තියෙන්නේ මොනවාද කියන දේ ලයිස්තු ගත කරන්න.


ඔබ මේ වෙනුවෙන් පසුගිය මාසයේ පොත් කීයක් විතර මිලදී ගත්තාද? ඒ අතරින් පොත් කීයක් විතර කියෙව්වාද?


පුහුණු වැඩසටහන් වගේ දේවල් කීයකට විතර සහබාගී වුනාද?


නැත්නම් පෞද්ගලික උපදේශණ සේවා සැසි කීයකට විතර සහබාගී වුනාද?


බලන්න ඔබේ ලයිස්තුව කොච්චර දිගද කියලා..


එතකොට ඔබටම තේරුම් ගන්න පුළුවන් වෙයි, ඔබ ඇත්තටම ඉන්නේ Dormant Mind Functioning තුලද කියලා.

අපි රූපවාහිණිය බලන වෙලාවක රිමෝට් එක ලග නැති නිසා, දාලා තියෙන චැනල් එකම බලාගෙන ඉන්න හිත හදා ගන්නේ. රිමෝට් එක ලගට ගත්තොත්, තමන්ට කැමැති චැනල් එකක් බලන්න පුළුවන් කියන දේ නොදැන නෙමෙයි.


අපි ඒ දේ කරන්නේ දැන දැනමයි...


ඔබ ඔබේ ජීවිතයට කරන්නෙත් ඒකමයි.. ඔබ ඔබේ වැරැදි එක්ක ජීවත් වෙන්නෙත්, ඒ දේවල් වෙනස් වුනොත්, ඔබේ ජීවිතය වෙනස් වෙන විදිහ දැන දැනමයි.


මගේ මිත්‍රයා.. මේ කතාව හොදට තේරුම් ගන්න. ඔබට මේ ලෝකයේ ජීවත් වෙන්නට අසීමිත කාලයක් නෑ. සාමාන්‍යයෙන් ඔබ අවුරුදු 30ක් සම්පූර්ණ කලා කියන්නේම, ආසන්න වශයෙන් ඔබ ඔබේ ජීවිත කාලයෙන් අඩක් සම්පූර්ණ කලා කියන එක.


ඒ කියන්නේ, අවුරුදු 30න් එහාටත්, ඔබට අවශ්‍ය සාර්ථක ජීවිතය තුල ඔබට ජීවත් වෙන්න බැරිනම්, එහි අදහස වෙන්නේ, තමන්ගේ ජීවිත කාලයෙන් භාගයක්වත්, සාර්ථක මිනිසෙක් ලෙස ජීවත් වෙන්න බැරි වුන මිනිසෙක් බවට ඔබ පත් වෙනවා කියන එක.


ඒ නිසා, ඔබ තවමත් අවුරුදු 30 සම්පූර්ණ වුන කෙනෙක් නෙමේනම්, මම ඔබට කියන්නේ, ඔබව එතැනට අරගෙන යන්න ලෑස්ති වෙන්න එපා කියලා.


ඒ වගේම, ඔබ දැනටමත් අවුරුදු 30 සම්පුර්ණ කල කෙනෙක් නම් මම ඔබට කියන්නේ, ඔබ දැනටමත් පරක්කුයි කියලා. ඒ නිසා, මෙතැනින් එහාට, එක තත්පරයක්වත්, දුර්වල අසාර්ථක මිනිසෙක් විදිහට ජීවත් වෙන්න ලෑස්ති වෙන්න එපා.


ඔබ සාර්ථක වෙන්න හීන දකින මිනිහෙක් විදිහට ජීවත්වෙන සෑම මිනිත්තුවක්ම, ඔබට සාර්ථක වූ මිනිසෙක් ලෙස ජීවත් වෙන්න තියෙන මිනිත්තුවක් අඩු කරනවා.


මිනිස්සු කියනවා, සාර්ථක වෙන්න වයස වැදගත් නෑ කියලා.. හරි එහෙනම් මම ඔබෙන් අහන්නේ, ඔබ මැරෙන්න දවසක් තියලා, නැගිට ගන්න බැරුව ඇදට වැටිලා ඉන්න වෙලාවක, ලෝකයේ සාර්ථකම මිනිහා වුනත් ඇති වැඩේ මොකක්ද කියලා?


ඔබට සාර්ථකත්වය අත්විදින්න පුළුවන් ජවය තියෙන කාලෙදි, ඔබට සල්ලි ඕනේ, සල්ලි වියදම් කරන්න පුලුවන් කාලෙදී,


ඔබට කන්දක් නගින්න නිදහස ඕනේ, ඔබට කන්දක් නගින්න තරම් ශක්තිය තියෙන කාලෙදි,


ඔබට හොඳ ලිංගික ජීවිතයක් ඕනේ, ඔබට ඒ දේ අත්විදින්න පුලුවන් කාලෙදි,


ඒ නිසා, තමන්ට ජවය ශක්තිය තියෙන කාලය, නාස්ති කරලා, මෙලෝ දෙයක් කරගන්න බැරි කාලෙදී, ඔබට හැමදේම ලැබුනා කියලා, එයින් ඔබට අත්විදින්න පුලූවන් දෙයක් නෑ.


ඒ නිසා වේගවත් වෙන්න, ඔබේ ජීවිතය නාස්ති කරන්න එපා, Dormant Mind Functioning වගේ මානසිකත්වයන් තුල හිර වෙන්න එපා.


ඔබට අවශ්‍ය වෙනස ගොඩනගා ගන්න කටයුතු කරන්න...


තමන්ගේ අඩුපාඩු හදා ගැනීම වෙනුවෙන් මොනවා හරි එක දෙයක් අද දවසේදී කරන්න පටන් ගන්න.


පොතක් කියවන්න පටන් ගන්න, හොද පුහුණු වැඩසටහනක් බලලා ලියාපදිංචි වෙන්න, උපදේශකවරයෙක් ලගට ගිහින් කතා කරන්න.


මම කොහොම හරි මොනවා හරි කරලා, සාර්ථක වෙනවා කිය කියා හිටියට, ඔබේ ජීවිතය වෙනස් වෙන්නේ නෑ. කරන්න ඕනේ මොනවාද කියලා හරියට තේරුම් අරගෙන, කල යුතු දේ, කල යුතු විදිහට, කල යුතු වෙලාවෙදි කරන්න පටන් ගන්න.


දැන් මෙහෙම කිව්වාම, අයියෝ ඕවා කරන්න කොහෙ තියෙන සල්ලිද, අපි මේ ජීවත් වෙන්නේ හරි අමාරුවෙන් කියන පිරිසකුත් මෙතන ඉන්නවා.


ඔබට එහෙම හිතෙනවා නම් මේ දේත් හොදට තේරුම් ගන්න,


පසුගිය දශකයකට ආසන්න කාලය තුල මම දහස් ගනකට උපදේශණ සේවා සපයලා තියෙනවා, ඒ වගේම ඒ දහස් ගනන මම ලගට ඇවිත් ජීවිතේ වෙනස් කර ගන්නකොට, ඒ වෙනුවෙන් වැය වෙන රුපියල් පන් හය දහසක මුදල ගෙවන්න දහස් වාරයක් හිතන ලක්ෂ ගනනකුත් මම දැකලා තියෙනවා.



මුල් කාලයේදී මම හිතුවේ, රු 5000ක් කියන්නේ මිනිස්සුන්ට දරා ගන්න අමාරු මුදලක් වෙන්න ඇති ඒකයි මිනිස්සු මේ තරම්ම මේ ගැන හිතන්නේ කියලා. නමුත් මේ කතාව මම ආරම්භක අවදියේදී මා සමග වැඩ කල මට වඩා වසර ගනනක අත්දැකීම් ඇති විදේශීය උපදේශකවරයෙකුට පැවසුවාම, ඔහු මට හරි අපූරු දෙයක් කිව්වා..



ඔහු කියපු දේ තමයි.. "ඔවුන් ඇත්තටම එහෙම කරන්නේ සල්ලි නැති නිසා නෙමෙයි, ඔවුන් ඒ දේ කරන්නේ ඔවුන්ගේ හීන රු5000ක් තරම්වත් වටින්නේ නැති නිසා" කියලා... ඔහු මට දුන්න තර්කය තමයි, ඇත්තටම සාර්ථක වෙන්න ඕනේ මිනිහෙක්ට මාසෙකට දවසක් කුලී වැඩක් කලත් ඔය ගාන හොයා ගන්න පුලුවන් කියන එක. නැත්නම් කිසිම වැඩක් නොකර පාරය බැහැලා හිගා කෑවත් ඔය මුදල හොයන්න පුලුවන් කියන එක...


ඒ වගේම ඔහු මට කියපු දෙයක් තමයි, කිසිම දවසක ඒ මිනිස්සුන්ව හදන්න උත්සාහ කරන්න එපා කියන එක,


මොකද අපි එක සාර්ථක මිනිසෙක් හදනකොට, ඒ මනුස්සයට වැඩ ගන්න පුළුවන් විදිහේ දුර්වල මිනිස්සුත් මේ ලෝකයේ ඉන්න ඕනේ. ඒ නිසා ඔහු මට කියපු දේ තමයි, තව මිනිසෙක්ගේ සේවකයෙක් විදිහට ජීවත් වෙන්න සූදානම් වෙන, සදුදට ගෙදර ඉන්න ඕනේ වුනත්, ගෙදර ඉන්න බැරි, අකමැති වුනත් වැඩට යන්න සිද්ද වෙන තරම් දුර්වල, හිරවුන ජීවිත ගතකරන්න සූදානමක් තියෙන මිනිස්සුන්ව වෙනස් කරන්න යන්න එපා කියලා.


මොකද ඒ මිනිස්සුන්ගෙන් තමයි, අපි හදන සාර්ථක මිනිස්සු ටික වැඩ ගන්නේ.


ඒ නිසා ඔබ තවමත් ඔබේ ජීවිතය වෙනස් කර ගැනීම වෙනුවෙන් යමක් කරන්න දෙපාරක් හිතනවා නම්, ඔබ තවමත්, ඒ වෙනුවෙන් නිදහසට කාරනා කියමින් කාලය කා දමනවා නම්, මට ඔබට කියන්න තියෙන්නේ, “සාර්ථක මිනිසුන් යටතේ වැඩ කරන සේවකයෙක් වීම වෙනුවෙන්, ජීවිතයම කැප කරන ඔබට ස්තුතියි” කියන එක විතරයි.


මගේ අදහස හැදෙනවා නම් හැදෙන්න මේ අදහස් ටික හොදටම ඇති කියලා.


තීරණය ඔබ අතේ....

____


මානසික ඒකාග්‍රතාවය ගොඩනගා ගැනීමේ කලාව, ප්‍රායෝගික උපදෙස් පොතෙහි මෘදු පිටපත බාගත කර ගැනීම වෙනුවෙන් පහත සබැදියට පිවිසෙන්න.


Online ගෙවීම් කරන්න බැරි අයට, බැංකු ගිණුමට මුදල් බැර කිරීමෙන් හෝ Ez Cash හරහා ගෙවීම් සිදු කිරීමෙන්, මෙය email එකට ලබා ගන්න පුලුවන්. ඒ සදහා 0764393624 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න


8,102 views

コメント

5つ星のうち0と評価されています。
まだ評価がありません

評価を追加
bottom of page