ප්‍රශ්ණ , ගැටලු , කරදර කියන දේවල් අපි හැමෝගෙම ජීවිත වලට කාලෙන් කාලෙට, විවිධ විදිහට එනවා. ඒක සාමාන්‍යයයි. හැබැයි ජීවිතය දිනන්න උත්සාහ කරන මිනිහෙක්ට, මොන ප්‍රශ්ණ ආවත්, ඒ ප්‍රශ්ණ විසඳගෙන ඉස්සරහට යන්න ශක්තිය තියෙන්නම ඕනේ.
මොකද ප්‍රශ්ණ එනකොට, ඒවා එක්ක පසුපසට එන මිනිහෙක් වෙලා ජීවිතය දිනන්න හැකියාවක් නෑ.
මේ නිසා, මේ ලිපියෙන් අපි කතා කරන්නේ, ප්‍රශ්ණ තියෙන වෙලාවක, ඔලුව කෙලින් තියාගෙන ඒවාට මුහුණ දෙන්න අවශ්‍ය මානසික තත්වය ඇතිකර ගන්න ඔබ භාවිතා කල යුතු Thinking Patterns 05ක් ගැන.
අමාරුකම් ඇතිවෙන්නේ, ප්‍රශ්න නිසා නෙමෙයි, ප්‍රශ්ණ වලට මුහුණ දෙන විදිහ නිසා.
ඇත්තටම ප්‍රශ්ණ, ගැටලු, නිසා ඇතිවෙන අමාරුකම් වගේ පෙනෙන තත්වයන් ඇති වෙන්නේ, ඇත්තටම ප්‍රශ්ණ නිසා නෙමේ, ඒවා ඇති වෙන්නේ, අපි ඒ ප්‍රශ්ණ වලට මුහුන දෙන්න දන්නේ නැති නිසා කියන එක තමයි, ඔයා ඇතිකර ගන්න ඕනේ පලවෙනි thinking pattern එක වෙන්නේ.
මොකද, සමහර වෙලාවට අපිට අපේ ජීවිතයේ ඇතිවෙන හැම ප්‍රශ්නයක්ම පාලනය කරන්න හැකියාවක් නෑ. හැබැයි, අපිට පුළුවන් ඒ ප්‍රශ්ණ වලට මුහුන දෙන ආකාරය 100%ක්ම අපේ පාලනයට ගන්න.
ඒ නිසා, පොඩ්ඩක් නිර්මානශිලී උනොත්, ඔය ප්‍රශ්ණ වලින් එන පීඩනය 80%ම වගේ, ප්‍රශ්ණ වලට මුහුණ දෙන විදිහ වෙනස් කරලා අඩු කරගන්න පුලුවන්.
උදාහරණයක් විදිහට බැලුවොත්, පසුගිය දවසක මට හමුවුන බැංකු කළමණාකරුවෙක් මට පවසපු දේ වුනේ, ඉන්දන හිග වීම නිසා, ඔහු පා පැදි පදින්නට හුරු වූ බවත්, ඒ නිසා ඔහුගේ බර කිලෝ 5කින් පමණ අඩු වී තිබෙනවා කියන කාරණය.
ඉන්දන නොමැති වීම ප්‍රශ්ණයක් වුනත්, ඔහු දකින්නේ, ඒ නිසා ඔහුට ඇති වුන, යහපත් දේ විතරයි, ඒ නිසා, වෙන මිනිස්සුන්ට ඉන්දන නැති වීම නිසා ඇති වෙන පීඩනය ඔහුට දැනෙන්නේ නැති තරම්.
02. ඕනෑම ප්‍රශ්ණයකට විසඳුමක් තියෙනවා.
ඔයා ඔලුවට දා ගන්න ඕනේ දෙවැනි Thinking Pattern එක තමා, හැම ප්‍රශ්ණෙටම විසඳුමක් තියෙනවා කියන එක. උදාහරණයක් විදිහට බැලුවොත්, මේ වෙලාවේ රටේ තියෙන්නේ අධි උද්ධමන තත්වයක්.
බොහෝ දෙනෙක් හිතන්නේ මේ වගේ වෙලාවක අපි ඒකට අහුවෙනවා හැරෙන්නට වෙන කරන්න දෙයක් නෑ කියලා.
නමුත් ඒක ඇත්තටම එහෙම නෙමේ. මේ වගේ වෙලාවකදී අපිට කරන්න පුලුවන් දේවල්, ඕනේ තරම් තියෙනවා. ප්‍රශ්නය වෙන්නේ, බහුතරයක් දෙනාට ඒ දේවල් වලින් එකක් දෙකක් වත් තේරුම් ගන්න දැනුම නැති එක විතරයි.
නිකමට ඔබ, ඔබ ගැනම හිතලා බලන්න, අධි උද්දමනයක් ඇති වුනාම මොනවාද කරන්න ඕනේ කියන එක ගැන, ඔබ කොච්චර දන්නවාද?
ඔබ ප්‍රමාණවත් තරම් දේවල් දන්නවානම්, ඔබට මේ වෙලාවේ උද්දමනය කියන දේ ප්‍රශ්නයක් වෙන්න බෑ. දන්නේ නැත්නම් ඒක ප්‍රශ්ණයක් වෙනවා හැර වෙන දෙයක් වෙන්න විදිහකුත් නෑ.
ඒ නිසා හැම ප්‍රශ්ණයටම විසදුම් තියෙන බවත්, ප්‍රශ්නය අපි ඒවා නොදන්න එක පමණක් බවත් තේරුම් අරගෙන , ප්‍රශ්ණ එක්ක ගැටෙනවා වෙනුවට, උත්තර හොයාගෙන යන්න උත්සාහ කරන්න.
03. අරමුණු අත් නොහැර හිටියොත් අරමුණු ජය ගත හැකියි.
මේ වෙලාවේ ගොඩක් දෙනෙක්, හීන බලාපොරොත්තු කියන දේවල් අත් හරින එක නිතර දකින්න ලැබෙන දෙයක්. නමුත් හොදට මතක තියා ගන්න, ප්‍රශ්ණ කියන දේවල් හැමදාම තියෙන්නේ නෑ. ඒ නිසා මේ වෙලාවේ අරමුණු අල්ලගෙන හිටියොත්, මේ තත්වයන් වෙනස් වුන ගමන්, ඔයාට සෑහෙන වේගයෙන් ඉස්සරහට යන්න පුලුවන් අවස්ථාවක් හැදෙනවා.
ඒක තමයි අර්බුදයක සාමාන්‍ය ස්වභාවය. මේ වෙලාවේ ලංකාවේ තියෙන ලොකු ආයතන මොනවාද කරන්නේ කියන එක දිහා හොදට බලාගෙන ඉන්න. ඔවුන්, මේ වෙලාවේ කොච්චර පාඩු වුනත් අරමුණු අත් හැරලා නෑ. ඔවුන් කොහොම හරි බලන්නේ, මේ මාකට් එකේ එල්ලිලා ඉන්න.
මොකද මේ වෙලාවේ ගොඩක් අය වැටෙනවා, කොහොම හරි එල්ලිලා හිටියොත්, මේ කාලය අවසන් වෙනකොට, තරගයක් නැතුවම ඉස්සරහට යන්න පුලුවන් තත්වයක් අනිවාර්යයෙන්ම හැදෙනවා.
අනිත් කාරණය තමයි, මේ වෙලාවේ ඔයාට ඔයාගේ අරමුණු ජයගන්න බෑ කියලා දේකුත් නෑ. හරියට ක්‍රියාත්මක වුනොත්, කාන්තාරයක් වුනත් කැලයක් කරන්න පුලුවන්.
වැදගත් වෙන්නේ, අපි ඒ වෙනුවෙන් අවශ්‍ය දේ, අවශ්‍ය විදිහට අවශ්‍ය වෙලාවේදී කරනවාද කියන එක විතරයි.
කොවිඩ් වලදී ලෝකයම වහලා තියෙන වෙලාවේදී තමයි, ලැම්බෝගිනි සමාගම ඉතිහාසයේ වැඩිම අලෙවි වාර්ථාව තිබ්බේ කියන එක අමතක කරන්න එපා.
ඒ නිසා, අරමුණු අත් නොහැර හිටියොත්, ඒ වෙනුවෙන් කල යුතු දේවල්, කල යුතු විදිහට, කල යුතු වෙලාවෙදි කලොත්, කොච්චර අමාරු කාලෙක වුනත්, ඒ අරමුණු ජයගන්න පුලුවන් බව ඔලුවට දා ගන්න.
04. ප්‍රශ්ණ කියන්නේ විසදුම් ලබා දෙන්න අවස්ථාවක්.
මිනිස්සු ප්‍රශ්ණ, ගැටලු දකින්නේ බාදාවක් විදිහට, නමුත් ටිකක් ගැබුරින් කල්පනා කලොත් ඔබට වැටහෙයි, ප්‍රශ්ණ කියන්නේ, උත්තර හොයන්න අවස්ථාවක් බව.
ඒ නිසා, ප්‍රශ්ණ හරියට තේරුම් ගත්තොත්, ඒක සම්පූර්ණයෙන්ම තමන්ගේ ජීවිතය උඩු යටිකුරු කරන සාර්ථකත්වයක් ගොඩනගන අවස්ථාවක් බවට පත් කරගන්නත් ඔයාට හැකියාව තියෙනවා.
උදාහරණයක් විදිහට බැලුවොත්, සති කීපයකට කලින් තමන්ගේ අලෙවි සැලේ වෙලදාම අඩු බවට සදහන් කරමින් මගේ පෞද්ගලික උපදේශන සේවා වලට සහබාගී වූ මහත්මයෙක් හිටියා.
මම ඔහුට ලබා දුන් උපදෙස වුනේ, පොල්කටු අගුරු ලිප් ටිකක්, සහ අගුරු ටිකක්, දර ටිකක් විකුණන්න පටන් ගන්න කියන එක විතරයි. අද ඔහුගේ දෛණික ආදායම තුන් ගුණයක් වෙලා අවසන්.
ඒ නිසා, ප්‍රශ්ණ කියන්නේ, උත්තර හොයලා දියුණු වෙන්න අවස්ථාවක් කියන සිතුවිලි රටාවට හුරු වෙන්න.
05. කළමණාකරණය අවුල් නම් ප්‍රශ්ණ දෙගුණ වෙනවා.
ඔයා ඔලුවට දා ගන්න ඕනේ තුන් වෙනි දේ තමයි, ඔයා ලග තියෙන ප්‍රශ්න වලින් භාගයක්, කළමණාකරණ හැකියාවන් වැඩි කරගෙන විසදන්න පුලුවන් කියන කාරණය.
උදාහරණයක් විදිහට, දැන් ලංකාවේ විදුලිය විසන්දි වෙනවා. පැය 8ක් වැඩ කරන කෙනාට සමහර විට පැය 4යි වැඩ කරන්න වෙන්නේ.
දැන් මේකට බැන බැන හිටියා කියලා ඔයාගේ ප්‍රශ්ණය විසදෙන්නේ නෑ. ඔයා වැඩ කරන වේගය වැඩි කරගන්න, මානසික නිරවුල් බව, අරමුණුගත බව, ඒකාග්‍රතාවය දියුණු කර ගන්න. උපරිමයටම සැලසුම් සහගත වෙන්න.
එතකොට තේරෙයි, කලින් පැය 8ක් මහන්සි වෙලා කරපු වැඩ පැය 2ක් තුනක් හරියට මහන්සි වුනොත් කරන්න පුලුවන් කියන එක.
සාමාන්‍යයෙන්, මනෝවිද්‍යාත්මක පරීක්ශන වලින් ඔප්පු වෙලා තියෙන කාරණය තමයි, ඇත්තටම අපි පැය 8ක් තුල කරන්නේ, අපිට මිනිත්තු 91 වගේ කාලයක් තුල කරන්න පුලුවන් වැඩ කියන එක. ඉතිරි වෙලාව අපි නාස්ති කරන්නේ ඇත්තටම, අපේ මානසික එකාග්‍රතාවය, නිරවුල් බව, සැලසුම් සහගත බව වගේ දේවල් ප්‍රමාණවත් මට්ටමක නැති නිසා.
ඒ නිසා, තමන්ගේ කලමණාකරණ හැකියාවල් වැඩි කලොත් එතැනම ඔබ මුහුණ දෙන ප්‍රශ්ණ වලින් 50%ට වැඩි ප්‍රමාණයකට උත්තර ලැබෙනවා.
මේ ආකාරයෙන් ඔබව දියුණු කරගන්න අවශ්‍ය, උපක්‍රම සහ පියවර සහිත මග පෙන්වීම්, අපි අපේ ප්‍රායෝගික උපදෙස් හරහා ඉදිරිපත් කරලා තියෙනවා. පහතින් ඒවා Download කරගෙන අධ්‍යයනය කරන්න. බොහෝ දේ ඔබ සිතනවාට වඩා පහසුවෙන් වෙනස් කරගත හැකි බව ඔබට අවබෝධ වේවි.
මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යාමේ හැකියාව, ඉතාම ඉහල මට්ටමක් දක්වා රැගෙන ඒම වෙනුවෙන් ඔබ ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන, පියවර සහිත උපදෙස් හා අභ්‍යාස ඇතුලත් උපදෙස් පොතකි.
ඉලක්ක පිහිටුවීම, සැලසුම් සකස් කිරීම, සැලසුම් හරි ආකාරයෙන් ක්‍රියාක්තම කිරීම, කාල කළමණාකරණය, අභිප්‍රේරණය වැනි මානසික තත්වයන් කළමණාකරණය කර ගැනීම පිලිබද පියවර සහිත උපදෙස් හා අභ්‍යාස ඇතුලත් උපදෙස් පොතකි.
ඔබේ මුදල්, ආදායම්, වියදම්, වඩාත් නිවැරැදිව කළමණාකරණය කරගෙන, මූල්‍යමය ස්ථාවර බව හා නිදහස් බව ගොඩනගා ගැනීමේ ප්‍රායෝගික උපක්‍රම හා සැලසුම් පිලිබද පියවර සහිත උපදෙස් හා අභ්‍යාස ඇතුලත් උපදෙස් පොතකි.
ධනාත්මක මානසිකත්වයක් පවත්වාගෙන යාම වෙනුවෙන් ඔබට භාවිතා කල හැකි සරල උපක්‍රම පිලිබද ඍජු පාඩම් සහිත ප්‍රායෝගික උපදෙස් පොතකි
වෙබ් අඩවිය හරහා බාගත කර ගන්න අපහසු අයට, අපගේ බැංකු ගිණුමට මුදල් බැර කර පොත eMail එකක් ආකාරයෙන් ලබා ගන්නත් පුලුවන්. ඒ වෙනුවෙන් +94764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න
Commentaires