
මුදල් කළමණාකරණය කිරීම කියන කාරනාවෙදී, තමන්ගේ එදිනෙදා ආදායම් වියදම් සටහන් කිරීමේ පුරුද්ද කියන්නේ අතිශයෙන්ම වැදගත් පුරුද්දක්. මොකද මේ පුරුද්ද යම් කෙනෙක් ලග නැත්නම්, බොහෝ වෙලාවට ඒ පුද්ගලයාට නතර වෙන්න වෙන්නේ "හොයපු සල්ලි වලට වෙච්ච දෙයක් හිතා ගන්න බෑ" කියන තැනින්.
සාමාන්‍යයෙන්, ජීවිතේ යම් දියුණුවක් අපේක්ෂා කරන කෙනෙක් තුල තමන්ගේ ආදායම් හා වියදම් සටහන් කරලා, නිවැරැදි මූල්‍ය වාර්ථාවක් තියා ගන්න ඕනේ කියන අදහස තියෙනවා. නමුත් ගැටලුව වෙන්නේ, ඒ දේ කරන්න කොච්චර ඕනේ වුනත් කරන්න බැරි වෙන එක.
මොකද ගොඩක් වෙලාවට අපි අපේ ආදායම් වියදම් මතක තියාගෙන පස්සේ සටහන් කරනවා කියලා හිටියාට, ගොඩක් වෙලාවට අපිට ඒවා අමතක වෙනවා. සමහර වෙලාවට කරපු වියදම් විතරක් නෙමේ, ඒවා සටහන් කරගන්න ඕනේ කියන එකත් අපිට අමතක වෙන වෙලාවල් තියෙනවා.
ඔන්න ඔහොම වුනාම, ගොඩක් අය, දවසක් දෙකක් තමන්ගේ ආදායම්, වියදම් සටහන් කරන වැඩේ කරලා අත් හැරලා දානවා. ඒ නිසා අද ලිපියෙන් අපි කතා කරන්න යන්නේ, මේ ගැටලුව විසදා ගන්න කරන්න පුලුවන් දේවල් මොනවාද කියන දේ ගැන.
සාමාන්‍යයෙන්, මේ වගේ ගැටලුවක් තියෙනකොට, ඒකට තියෙන හොඳම විසඳුම තමයි, තමන්ගේ ආදායම් වියදම් ගැන සිදුවෙන වෙලාවෙදිම සටහනක් තියා ගන්න එක. හැබැයි මේ වැඩේ පොතක් පෑනක් තියාගෙන හැම වෙලාවෙම සටහන් කරන්න ගියොත්, ඒක ඒතරම් ප්‍රායෝගික දෙයක් වෙන්නේ නෑ.
අන්න ඒ නිසා ඔබට පුළුවන් ඒ වෙනුවෙන් පහත තියෙන උපක්‍රම අනුගමනය කරන්න.
1. සියලුම ආදායම්, බැංකුව හරහා කරන්න
ඔබට ලැබෙන හැම ආදායමක්ම, වියදම් කරන්න කලින් බැංකු ගිණුමක තැම්පත් කරන්න. ඉස්සර වගේ නෙමේ දැන් හැම තැනම CDM යන්ත්‍ර තියෙන නිසා, ඔබට බොහොම පහසුවෙන් තමන්ගේ මුදල් වියදම් කරන්න කලින් බැංකුවේ තැම්පත් කරන්න පූලුවන්. ඒ වගේම ඔබේ වැටුප, කොමිස් ආදායම් වගේ හැම දෙයක්ම බැංකුවට තැම්පත් කරන්න කියලා ගෙවීම් කරන පාර්ෂවයට දැනුවත් කරන්න.
එතකොට අමුතුවෙන් ඔබට ආදායම් වාර්ථා කරන්න කියලා දෙයක් නෑ. ඒ සියල්ල ඔබේ බැංකු වාර්ථාවේ සටහන් වෙනවා.
2. හැකි සෑම ගෙවීමක්ම, කාඩ් පතෙන් කරන්න
ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් පතක් ලබා ගන්න, ඔබ කරන වියදම් සියල්ල ඒ හරහා කරන්න. එතකොට අමුතුවෙන් ඔබට වියදම් ලියන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඒ හැම වියදමක්ම කාඩ්පතට අදාල වාර්ථාවේ හෝ බැංකු වාර්ථාවේ සටහන් වෙනවා.
අනිත් අතට දැන් සෑම බංකුවක්ම වගේ කාඩ් පතෙන් ගෙවීමක් කල පසු SMS පණිවිඩයකින් එය දැනුම් දෙන සේවාවක් ලබා දෙනවා. ඒ නිසා, ඒ හරහාත් ඔබේ වියදම් ස්වයංක්‍රීය සටහන් වීමක් සිදුවෙනවා
3. මුදල් ගෙවීම් සදහා බිල්පත් ලබා ගන්න
සමහර වෙලාවට අපිට අපේ වියදම් සියල්ලම කාඩ් වලින් කරන්න බෑනේ. මොකද සමහර තැන් වල කාඩ් වලින් ගෙවන්න පහසුකම් නැති වෙන අවස්ථාවන් ඕනෑ තරම් තියෙනවා.
අන්න ඒ වගේ වෙලාවකදී, ඔබ මුදලින් යම් ගෙවීමක් කරනවා නම්, අනිවාර්යයෙන්ම, බිල්පතක් ලබා ගන්න. එතකොට , එතැනදීත් ඔබට කල වියදම් මතක තියාගෙන ඉන්න ඕනේ නෑ. බිල් ටික එකතු කරලා පරිස්සමට තියා ගත්තානම් හරි.
අන්තිමට සතියකට පැයක් දෙකක් වෙන් කරගෙන, මේ සියලු දේ පරික්ෂා කරලා, තමන්ගේ සතියේ ආදායම් වියදම් වාර්ථාවක් හදා ගන්න. එතකොට ඒ හරහා, ඔබට තමන් කල අනවශ්‍ය වියදම්, පාලනය කල යුතු වියදම් වගේ දේවල් බොහොම පහසුවෙන් හදුනාගෙන අවශ්‍ය තීරණ ගන්න පුළුවන්.
ඔන්න ඔය දේවල් තුන අද ඉදලා කරන්න පටන් ගන්න, ආදායම් වියදම් ලියන්න බැරි වීමේ ප්රශ්නය එතැනින් එහාට ඔයාට අදාල වෙන්නේ නෑ.
හැබැයි සතියකට සැරයක්වත් මේ දේවල් බලලා තමන්ගේ වාර්ථාව හදන වැඩේ කැපවීමෙන් කරන්න. මොකද කාලයක් යනකොට සමහර බිල්පත් වල තියෙන තොරතුරු එහෙම මැකෙන්න පටන් ගන්නවා. එතකොට ආයෙන් මේ වැඩේ අසාර්ථක වෙනවා. අන්න ඒ නිසා, සතියකට සැරයක් මේ වැඩේට පැයක් දෙකක් වෙන් කරගෙන තියා ගන්න එක ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න.
මූදල් කළමණාකරණය ගැන වැඩි දුරටත් ඉගෙන ගන්න, මූල්‍ය සාර්ථකත්වය ගොඩනගා ගැනීම සහ ජීවිතයේ මුහුණ දෙන්නට සිදුවෙන්, ණය බර ඇතුලු මූල්‍ය අර්බුධ ජය ගැනීම ගැන අපි නිකුත් කර ඇති, පොහොසත් බවේ රන් දොරටු සහ මූල්‍ය අර්බුද ජය ගැනීමේ කලාව යන කෘතීන් දෙක eBook ආකාරයෙන් පහන් Download කරගෙන කියවන්න.
Online ගෙවීම් කරන්න බැරි අයට, බැංකු ගිණුමට මුදල් බැර කිරීමෙන් හෝ Ez Cash හරහා ගෙවීම් සිදු කිරීමෙන්, මෙය email එකට ලබා ගන්න පුලුවන්. ඒ සදහා 0764393624 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න
ජීවිතයේ සාර්ථකත්වයට අදාල විවිද මාතෘකා ගැන පාඩම් ඇතුලත් Premium Blogs කියවීමට හා Podcast සහ Masterclass සදහා Access කිරිමට මෙතැන Click කරන්න. නැත්නම් වෙබ් අඩවියේ මෙනුවේ ඇති Premium කොටස වෙත පිවිසෙන්න.