තෙවන ඇස අවදි කිරීම කියන්නේ ආධ්‍යාත්මික දියුණුව පිලිබද ගවේශණය කරන අය අතර අතීතයේ සිටම සාකච්ඡා වූ ඉතාම ප්‍රසිද්ධ මාතෘකාවක්. ඒ වගේම වර්ථමානයේදී එය විවිධ තැන් වල ඉතාම කූට විදිහට භාවිතා වන මාතෘකාවක්, මේ නිසා අපි මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ "තෙවැනි ඇස" යනු කුමක්ද? ඒ වගේම එහි ඇති ප්‍රයෝජණ මොනවාද? යන්න ගැන ඔබට යම් අවබෝධයක් ලබා දෙන්න.
පෙරදිග පැවැති පැරැණි දැනුම් පද්ධති වල පැවැති දේ, විවිධ ආකාරයෙන් උපුටාගෙන, එය විවිධ හැඩයන්ගෙන් වෙනස් කර ධනාත්මක චින්තනය වැනි දේ සමග මුසු කර, "වේගවත් දියුණුව" වෙනුවෙන් මාර්ගයන් ලෙස සමාජ ගත කිරීමත් අතීතයේ සිට මේ දක්වාම සිදුවෙන දෙයක්. එයට හොදම උදාහරණයක් වන්නේ "ආකර්ෂණයේ නීතිය" යන මාතෘකාව.
නමුත් ආකර්ෂණයේ නීතිය යන්න කාලයත් සමග මිනිසුන් ප්‍රශ්ණ කිරීමට ආරම්භ වීමත් සමග, වර්ථමානයේදී තෙවැනි ඇස අවදි කිරීම යන මාතෘකාවත් ක්‍රමයෙන් ඒ ආකාරයෙන්ම කරලිය පැමිනීම දැන් දැන් දකින්නට ලැබෙනවා.
ඇතැම් විට ඇස් බැද පොත් කියවීමේ හැකියාව, ඉදිරියේ ඇති දේ නිවැරැදිව ප්‍රකාෂ කිරීමට ඇති හැකියාව වැනි දේ, තෙවැනි ඇසේ අවදි වීමක් ලෙස හුවා දක්වමින්, විවිධ වැඩසටහන් ඉදිරිපත් කරන අවස්ථා ඔබත් දැක ඇති.
නමුත් ඇත්තටම මේවා සත්‍යද?
තෙවන ඇස කියන්නේ ඇත්තටම මොකක්ද? මේ ලිපියෙන් අපි ඒ ගැන සරල අවබෝධයක් ලබා ගනිමු.
තෙවන ඇස කියන්නේ ඇත්තටම මොකක්ද?
තෙවැනි ඇස යන්න පැරැණි දැනුම් පද්ධතීන් තුල හදුන්වන්නේ අපගේ 6 වන චත්‍රය ලෙස හදුන්වන, අපගේ දෙඇස් වලට මැදිව මදක් ඉහලින් පිහිටි "අග්නා" නම් චක්‍රය අවදි වීමක් විදිහට. ඇතැම් විට බෞද්ධ හා හින්දු ඇතුලු අතීත ආගමික සිතුවම් වලත්, මිසර වැනි අතීත ශිෂ්ඨාචාර වලට අයත් සිතුවම් තුලත් සුවිශේෂී පුද්ගලයින්ගේ නලලයේ තිලක තැබීම හෝ ඇස් දෙකට අමතරව නලලේ තවත් ඇසක් සිතුවම් කිරීමෙන්, තෙවැනි ඇත අවදි වී තිබීම යන්න ඉස්මතු කරන අවස්ථා ඔබත් ඕනෑ තරම් දැක ඇති.
ඒ වගේම වර්ථමානයේදී එය, අපගේ මොලයේ නිද්‍රාශීලීව පවතින පයිනල් ග්‍රන්ථිය සක්‍රීය වීමත් සමග ඇතිවන ක්‍රියාවලියක් ලෙසත් සැලකීම සිදු වෙනවා.
තෙවැනි ඇසෙන් සිදුවන්නේ කුමක්ද?
අතීත දැනුම් පද්ධතීන් තුල තෙවැනි ඇස අවදි වීම සලකන්නේ අපට නොපෙන දේ පෙනෙන්නට ආරම්භ වීමක් විදිහට. විශේෂයෙන්ම එහිදී තමන්ට නොපෙනුම තමන්ගේ අභ්‍යන්තරය තුල වන යතාර්ථය දර්ෂණය වීම, එයත් සමග ලෝකයේ බොහෝ දෙනෙක්ට නොපෙනෙන සියුම් යතාර්ථයන් පෙනෙන්නට පටන් ගැනීම සහ ඒ හරහා ලබන අවබෝධය නිසා, ආධ්‍යාත්මික වශයෙන් අවධිවීමකට ලක් වීම මෙයින් අදහස් වෙනවා.
ඒ වගේම තව දුරටත්, මේ තෙවැන් ඇස අවදි කල පුද්ගලයෙක්ට,
1. භෞතිකය තුල පැවැතීමට ඇති හැකියාව ප්‍රබල ලෙස වර්ධනය කර ගැනීමත්, එසේත් නැත්නම්,
2. ප්‍රබල ප්‍රීතිමත් සුවබර ඇත්දැකීමකට (Blissfulness) පත් වීමත්, එසේත් නැත්නම්,
3. සන්ජනන හැකියාව (දේවල් දකින්නට අහන්නට දැනෙන්නට හා අවබෝධ කරගන්නට ඇති හැකියාව) සාමාන්‍ය තත්වයන් අභිබවා ගොස් ගොඩනගා ගැනීමත් යන තත්වයන් තුනෙක් එකක් තෝරා ගැනීමට අවස්ථාවක් ලැබෙන බවත් සැලකෙනවා.
නමුත් වර්ථමානයේදී මෙම මූලික අදහස් අමතක කරමින්, එය සුවිශේෂී දේවල් කරන්නට හැකියාව ලබා දෙන දෙයක් ලෙස පෙන්වා, විවිධ ඉගැන්වීම් සිදුවීමත් සිදු වෙනවා. එයට හොඳම උදාහරණයක් තමයි, කලින් මම සදහන් කල ආකාරයෙන්, තෙවන ඇස අවදි වීම, වර්ථමානයේදී බොහෝ දෙනෙක්, දෑස් බැඳ යම් යම් දේ කියවීම වැනි දේ හරහා ඔප්පු කිරීමට උත්සාහ කිරීම.
තෙවන ඇසින් සාමාන්‍ය ඇස මෙන් දේවල් දකින්නට හැකිද යන්න ගැනත් යම් අවබෝධයක් ලැබීම වැදගත්.
තෙවන ඇසින් දේවල් දැකිය හැකිද?
උරගයින් සහ උභයජීවීන් පයිනල් ග්‍රන්ථිය ආශ්රිත ව්‍යුහයක් වන තුන්වන ප්‍රාචීර ඇසක් හරහා ආලෝකය පිලිබද හදුනා ගැනීමක් සිදු කරනවා යන්න බොහෝ දෙනෙක් එසේ කල හැකි බව ඔප්පු කිරීමට භාවිතා කරන උදාහරණයක්. නමුත් එහිදී සිදුවන්නේ ඔවුන් රාත්‍රී කාලය හා දහවල් කාලය පිලිබද හදුනා ගැනීමක් සිදු කිරීම පමණයි.
ඒ වගේම අභ්‍යන්තර දැක්මක් (Inner Vision) සමග සම්බන්ද වූ දේවල් හා බාහිර දෘෂ්ඨිය වෙනස් ආකාරයකින් අවබෝධ වීමට පටන් ගැනීම හැරෙන්නට, වෙනත් භ දෙයක් වෙනුවෙන් මෙය භාවිතා කිරීම පිලිබද අදහසක් ආධ්‍යාත්මික සංවර්ධනයට අදාල ප්‍රායෝගික ඉගැන්වීම් තුල නම් හමුවන්නේ නැති තරම්.
නමුත් පැරැණි දැනුම් පද්ධතීන් තුල වූ අවිංඥාණික මනස තුල වන හැකියාවන් භාවිතයට ගැනීමට අදාල කොටස්, ආකර්ෂණයේ නීතිය නම් වූ අමුතු විශ්මිත දෙයක් ලෙස නිර්මාණය වී සමාජ ගත වීමට මූලිඛ පදනම වූවා යයි සැලකිය හැකියි, Theosophical සමාජයේහි චාර්ල්ස් ලීඩ්බීටර් වැනි අය තෙවන ඇස හරහා අන්වීක්ෂීය සහ දුරේක්ෂ දෘෂ්ඨියක් ලැබිය හැකි බව විශ්වාස කලා.
ඒ නිසා, ඇතැම් පෙරදිග ඉගැන්වීම්, නිසිලෙස ග්‍රහණය කර ගැනීමට නොහැකි වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙවැනි අදහස් බටහිර තුල බිහි වී විකාශනය වූවායයි හිතන්නත් පුළුවන්.
නමුත් භාවනාව වැනි ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍ය දෘෂ්ඨියේ වෙනසක් සිදුවීමේ අත්දැකීමක් ඇති විය හැකි බවත් තේරුම් ගැනීම වැදගත්. එයට හේතු ලෙස භාවනව නිසා මොලයේ සිදුවන රසායනික වෙනස්කම් හදුනා ගන්න පුළුවන්.
උදාහරණයක් ලෙස DMT වැනි රසායනිකයන් නිර්මාණය වීම නිසා මෙවැනි තත්වයන් ඇති වීම සිදුවෙනවා. එහිදී සාමාන්‍ය දෘෂ්ඨිය තුල තිබෙන දේ වෙනස් ආකාරයකින් පෙනීම, වෙනස් වර්ණයන්ගෙන් පෙනීම, උස දිග පලල දුර වැනි දේ පිලිබද දැනීම් වෙනස් වීම හෝ නැති දේ මැවී පෙනීම වැනි දේ සිදු වෙන්න පුළුවන්
ඒ හැරෙන්නට තෙවැනි ඇසෙන්, සාමාන්‍ය ඇස මෙන් දේවල් දකින්නට හැකි වීමක් පිලිබද සාධනීය දත්තයක් සොයා ගැනීම අපහසුයි.
කෙසේ නමුත් දකින්නට දෑසක් ලැබී තිබියදී, එයම දකින්නට වෙහෙස වී තවත් තෙවැනි ඇසක් අවදි කරන්නේ කුමටද? එහි ඇති ප්‍රායෝගික ප්‍රතිඵලය කුමක්ද යන්නත් අපි සිතිය යුතුයි.
කෙසේ නමුත් යමෙක් එවැනි දේ සත්‍ය බව ප්‍රකාෂ කරනවා නම්, එය හිතුමනාපෙට අපේ විශ්වාසයන් නිසා ප්‍රතික්ෂේප කිරීමත් අපි නොකල යුතුයි.
ඒ නිසා එවැනි හැකියාවක් ඇති බවට යමෙක් යම් අදහසක් ඉදිරිපත් කරනවා නම්, දෑස් වසනවා වෙනුවට, වෙනත් පාර්ශවයක් ඉදිරිපත් කරන හොදින් වසන ලද පෙට්ටියක ඇති දෙයක්, තෙවන ඇස භාවිතා කර හදුනා ගැනීමට හැකියාවක් ඇද්ද වැනි අතිරේක පරීක්ෂණ වලට යොමු කර, සැබෑවටම එය ඇත්තක්ද , නැත්තක්ද යන්න තහවුරු කරගැනීමත් ඔබට කරන්න පුළුවන්.
අතිශෝක්ති සහිතව "ආකර්ෂණයේ නීතිය" ලෙස පසු කාලීනව සමාජගත වීමට හේතු වු, අවිංඥාණික මනස තුල වන ජීවිතයේ ශක්තීන් සාර්ථකත්වයට යොදා ගැනීම සිදු කරන්නේ කොහොමද යන්න හදුනා ගැනීමට පහත eBook එක පරිශීලණය කරන්න
Thank you මේක මරු
Thank you sir ❤️
Wow really good article! Thanks for shearing