top of page
Writer's pictureChathuska Amarasekara

යටි සිත බලගැන්වීමත් සමග ඔබේ ජීවිතය වෙනස් වෙන හැටි

Updated: Aug 5, 2019


1.මානසික වශයෙන් සැහැල්ලු, නිදහස් පුද්ගලයෙක් බවට පත්වේ


යටි සිත බලගැන්වීම හා එහි බලය ප්‍රායෝගික ජීවිතය තුල භාවිතයට ගැනීම යන්න ඔබ සිදු කරනවානම් එහි පළමු පියවර වන්නේ මානසික වශයෙන් සැහැල්ලු , නිදහස් බවකට පත් වීමයි. යටි සිත බලගැන්වීමේ අභ්‍යාසයක ඔබ නිරතවනවානම් එම අභ්‍යාසය ආරම්භ වන්නේ මනස සැහැල්ලු කරගැනීම තුලින්‍ය. මේ නිසා යටි සිතේ බලය භාවිතා කරන පුද්ගලයා බොහෝ විට මානසික වශයෙන් නිදහස් , සැහැල්ලු, නිවුනු ස්වභාවයකින් යුක්ත වෙයි. ජීවිතයේ කොතරම් ගැටලු අභියෝගයන් තිබුනත්, නිදහස් , සැහැල්ලු මනසකින් යුතුව, සිනා මුසු මුහුණකින් යුතුව, කලබල නොවී, මානසික ව්‍යාකූලතාවයක් ඇතිකර නොහෙන ඒවාට සාර්ථකව මුහුණ දීමේ හැකියාව ඔහු තුල වර්ධනය වෙයි.


2. සාර්ථක විය හැකි මාර්ගයන් විවර වීම සිදුවේ


යම් සාර්ථකත්වයක් වෙනුවෙන් යටි සිත බලගැන්වීම සිදුකල පසු එම සාර්ථකත්වය වෙත ලගා වෙන තෙක් ඔබේ මනසේ අරමුණුගත බව ඔබ බලාපොරොත්තු වන සාර්ථකත්වය කෙරෙහි පවත්වාගැනීමේ වගකීම ඔබේ යටි සිත විසින් බාර ගනී. මේ නිසා සෑම විටම ඔබේ මනස ඔබේ සාර්ථකත්වයට අදාල කරුණු ඉතා පහසුවෙන් ග්‍රහනය කර ගනිමින් ඔබව එම අරමුණ කරා රැගෙන යාම සිදු කරයි.


මේ නිසා සාමාන්‍ය පුද්ගලයකුට වඩා ඉතා පහසුවෙන් ඔබට ඔබේ සාර්ථකත්වය කරා ගමන් කිරීමේ හැකියාව ලැබේ. ඔබට ඉතා පහසුවෙන් සාර්ථක විය හැකි අවස්තාවන් හදුනා ගැනීමේ හැකියාව ලැබේ. උදාහරණයක් ලෙස ඔබ රු මිලියනයක් ඉපයීම වෙනුවෙන් යටි සිත බලගැන්වුවහොත්, ඔබ ඒ ගැන නොසිතන අවස්ථා වල පවා ඔබට රු මිලියනය යන ඉලක්කය වෙත ලගා වීමට මුදල් ඉපයිය හැකි අවස්ථාවක් මුන ගැසුනොත් එතැනදී ඔබේ මනස නිරායාසයෙන්ම එය ග්‍රහණය කරගෙන එය ඔබේ අවදානයට යොමු කරයි.


මේ නිසා යටි සිත බලගැන්වීමෙන් පසු ඔබට මෙතෙක් අවබෝධ නොවූ, සාර්ථක විය හැකි විවිද ආකාරයන් අවබෝධවීමට පටන් ගනී.


3. ඔබේ චර්යාවන් වෙනස් වේ.


මිනිසෙක් රස්තියාදුකාරයෙක් වෙන්නෙත් වගකීමක් සහිත මහත්මයෙක් වෙන්නෙත් මුලින්ම මනසින්ය. මසන වෙනස් වීම සමග, ඔබ කතා කරන ආකාරය, හැසිරෙන ආකාරය, රුචි අරුචිකම් දක්වන ආකාරය ඇතුලු සියලු දේ වෙනස් වේ. ඔබ යම් අරමුණක් වෙනුවෙන් යටි සිත බලගැන්වීමත් සමග ඔබ තුල ඒ ආකාරයෙන් එම අරමුණට ගැලපෙන ආකාරයෙන් විය යුතු වෙනස්කම් ඉබේම සිදුවීමට පටන් ගනී.


උදාහරණයක් ලෙස ඔබට ආයතනයක ප්‍රධානියෙක් වෙන්න අවශ්‍ය වුනොත් ඔබ එය වෙනුවෙන් යටි සිත බලගැන්වීම සිදු කලොත්, ඔබ දැනට කම්කරුවෙක් වුවත් , කම්කරුවෙකුගේ ස්වභාවය යටපත් කරගෙන ප්‍රධානියෙකුගේ ස්වභාව, පෞර්ෂය ඔබ තුල ඉබේම වර්ධනය වීමට පටන් ගනී.


4. ඔබේ අරමුණට ලගා වීමට උදව් කල හැකි මිනිසුන් ඔබ වෙතට ආකර්ෂණය වීම සිදුවේ.


ලෝකයේ ස්වභාවය වන්නේ ගැලපෙන පුද්ගලයන් එකිනෙකට ආකර්ෂණය වීමයි. ඔබ යම් අරමුණක් වෙනුවෙන් යටි සිත බලගැන්වීමත් සමග ඔබේ චිත්ත තරංග වල ස්වභාවය වෙනස් වේ. එයත් සමග එම වෙනස් වූ චිත්ත තරංග වලට ගැලපෙන පුද්ගලයින් ඔබ වෙතට ආකර්ෂණය වීමත් , එයට නොගැලපෙන පුද්ගලයින් ඔබෙන් ඈත් වීමත් සිදුවේ.


5. වාසනාව වැඩි වේ.


යටි සිත බලගැන්වීම සමග ඔබේ සිතුවිලි තරංග බාහිර ලෝකයේ විවිද ජීවී හා අජීවී දේවල් සමග ගණුදෙනු කිරීම අරභයි. මේ නිසා ජීවිතයේ ඔබට අවශ්‍ය දේවල් ඔබට අවශ්‍ය ආකාරයෙන්ම සිදුවන තත්වයක් ඇතිවීම සිදුවේ. එය සාමාන්‍ය මිනිසෙකුගේ කෝණයෙන් බැලුවොත් දැඩි වාසනා ගුණයකින් යුත්, බලාපොරොත්තු වන දේවල් ඒ ආකාරයෙන් ඉටුවන ජීවිතයක් බවට ඔබේ ජීවිතය පරිවර්ථනය වේ.


ඔබ බලාපොරොත්තුවන ඕනෑම අරමුනක් වෙනුවෙන් යටි සිත බලගන්වන හැටි හා එහි ශක්තිය ප්‍රායෝගික ජීවිතය තුල භාවිතා කරන හැටි සරලව ඉගෙන ගන්න, පහත සබැදිය හරහා " අසිරිමත් යටිසිත " ප්‍රායෝගික උපදෙස් පොත හා වැඩපත්‍රිකා කට්ටලය PDF eBook එකක් ආකාරයෙන් ඔබත් Download කරගන්න.





2,941 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page