ධනාත්මක සිතුවිලි කියන දේ අපේ ජීවිත වලට වැදගත් බව අපි හැමෝම පිලිගන්නවා, ඒ වගේම අපි බොහෝ දෙනෙක් ධනාත්මක සිතුවිලි ඇතිකරන ආකාරයේ දෙයක් දැක්කොත් අපි ඒ දේ සමාජ ජාල වැනි දේවල් හරහා තවත් අය අතරේ බෙදා ගන්නත් වැඩි කැමැත්තක් දක්වනවා. නමුත් ඔබ නිකමටවත් හිතලා බැලුවද ඇත්තටම ධනාත්මක සිතුවිලි අපේ ජීවිත වල වෙනසක් ඇති කරන්නේ කොහොමද කියන දේ ගැන?
අද අපි හිතුවා මෙන්න මේ දේ ගැන කතා කරන්න.
අපි ගැබුරෙන් ධනාත්මක සිතුවිලි කියන කාරණය දෙස නොබැලුවාට ඇත්තටම ධනාත්මක සිතුවිලි වල තියෙන ක්‍රියාකාරීතවය අපි හිතනවාට වඩා ඉතාමත් ප්‍රබලයි. පොදුවේ සිතුවිලි කියන්නේ ඇත්තටම අපේ අනාගතය තීරණය කරන තීරකයා කීවොත් නිවරැදියි. බුදුන් වහන්සේ දේශණා කරලා තියෙන්නේ ඔබ යනු ඔබේ ස්තුවිලි වල ප්‍රථිපලයක් කියලා, ඒ වගේම ලෝකයේ සුවිශේෂී චරිත බොහෝමයක් වරින් වර මේ සිතුවිලි වල ප්‍රබල බව ගැන විවිද ප්‍රකාෂ සිදුකරලා තිබෙනවා.
Henry Ford පවසා තිබෙන්නේ " ඔබ ඔබට යමක් කල හැකියයි සිතුවත්, නොහැකියයි සිතුවත් ඔබ නිවරැදියි කියලා. මොකද අපේ සැබෑ ජීවිතේ කුමන ආකාරයේ එකක්ද යන්න තීරණය වන්නේ අපේ සිතුවිලි මත නිසා!
ඇන්තනී රොබින්ස් පවසා තිබෙන්නේ අපේ සාර්ථකත්වයෙන් 80%ක්ම තීරණය කරන්නේ අපේ සිතුවිලි කියලා.
තෝමස් අල්වා එඩිසන් කියන්නේ ලෝකයේ මෙතෙක් බිහිවුන විශිෂ්ඨතම නව නිර්මානකරුවෙක්. ඔබ දන්නවාද ඔහු කුඩා කාලයේදී පාසලෙන් ඉවත් කල දරුවෙක් බව, එයට හේතුව වුනේ ඔහු ඉගෙන ගැනීමට දුර්වලයකු වීම. පාසලේ විදුහල්පති තෝමස් ව පාසලෙන් අස් කරලා ඔහුගේ අතේ තෝමස්ගේ අම්මට ලිපියක් එව්වා " ඔබේ දරුවා ඉගෙනීමට අසමත්, මානසික ආබාද සහිත දරුවෙක් මේ නිසා ඔහුව පාසලෙන් ඉවත් කරන්න සිදුවනවා" කියලා සටහන් කරලා.
පුංචි තෝමස් මේ ලිපිය ගෙනත් අම්මාට දුන්න, නමුත් මේ ලිපිය කියවපු තෝමස්ගේ අම්මා කලේ තෝමස් දිහා හිනා වෙලා ,
"විදුහල්පතිතුමා කියනවා මගේ පුතා ගොඩක් දක්ෂ ළමයෙක් නිසාත්, පාසලේ ඉන්න ගුරුවරු පුතාට උගන්වන්න තරම් දක්ෂ නැති නිසාත්, පුතාව ගෙදර තියාගෙන උගන්වන්න කියලා " කියලා තොමස්ට කියපු එක.
තෝමස් එදා ඉදලා ගෙදරට වෙලා බොහෝම සතුටින් විවිද දේවල් ඉගෙන ගත්තා, අවසානයේ ඔහු නතර වුනේ මුලු ලෝකයම හොල්ලලා.
නමුත් බැරි වෙලාවත් අර ලිපිය කියවපු වෙලාවේ තෝමස් ගේ අම්මා තෝමස්ට බැන්නා නම් හෝ එහි තියෙන ඇත්ත දේ කීවානම්, කුඩා වයසේදීම තෝමස් තමන්ට මානසික ආබාදයක් තියෙන කෙනෙක් විදිහට විශ්වාස කරන්න, සිතන්න පටන් ගන්න තිබුනා. ඒ වගේම තමන් පරාජිතයෙක් කියලා හිතන්න ඉඩ තිබුනා. එහෙම වුනානම් අද මේ ලෝකයට වැඩිම නව නිර්මාණ ගනනක් බිහිකරපු විශිෂ්ඨ නව නිර්මාණකරුවා අපිට අහිමි වෙන්න ඉඩ තිබුනා. බලන්න සිතුවිල්ලක වුන පුංචි වෙනස කොයිතරම් විශාල වෙනසක් ලෝකයේ සිදුකලාද කියලා!
මේ ලෝකයේ කවුරු හරි සාර්ථක වෙනවානම් සාර්ථක වෙන්නේත්, අසාර්ථක වෙනවනම් අසාර්ථක වෙන්නේත් තමන්ගේ සිතුවිලි වල ස්වභාවය අනුව, අසාර්ථක කෙනෙක්ට සාර්ථක වෙන්න අවශ්‍යනම් කරන්න ඕනේ පළවෙනි දේ වෙන්නෙත් තමන් තුල තියෙන අහිතකර ඍණාත්මක සිතුවිලි රටාවන් ඉවත්කරගෙන ඒ වෙනුවට ධනාත්මක සිතුවිලි තමන් තුලට ඇතුලු කරගන්න එක.
අපේ සිතුවිලි කොයි ආකාරයේ ඒවාද කියන දේ අනුව අපි ගන්න තීරන , ක්‍රියාකරන ආකාරය ආදී සියළු දේ තීරණය වනවා. මේ නිසා හැම දේකම ආරම්භය වෙන්නේ සිතුවිලි.
අපි මේ විදිහට ලේසියෙන් කීවට ප්‍රායෝගික ජීවිතයේදී ඍණාත්මක කෙනෙක්ට දනාත්මක වෙන්න ඒ තරම්ම ලේසි නෑ. උදාහරනයක් විදිහට ඔබ අද දවසට ධනාත්මක දේවල් කීයක් ඇහුවද, බැලුවද, කියෙවුවද කියලා හිතලා බලන්න, ඊට සාපේක්ෂව තමන්ගේ සාර්ථකත්වයට උදවු නොවන හෝ තමන්ව පහතට ඇද දමන , ඍණාත්මක කරන, සාර්ථකත්වයට බාදාවක් වන දේවල් කීයක් ඇහුවද බැලුවද කියෙව්වද කියන දේ සිතා බලන්න.
ඔබ දන්නවාද ලංකාවේ සිටින 80% දෙනා දවසකට එක ධනාත්මක දෙයක්වත් පරිශීලනය නොකරන බව. ඒ වෙනුවට විශාල වශයෙන් ඍණාත්මක දේවල් පරිශීලණය කරන බව. උදාහරණයක් විදිහට සතියේ දින 5 තුල රූපවාහිනී නාලිකා තුල පෙන්වන වැඩසටහන් පිලිබදව සිතන්න, ඔවුන් පෙන්වන්නේ මොනවාද?
අපේ සාර්ථකත්වයට අපිට ගවු ගානක් දුරින් සිටින ග්‍රහයන්ගේ බලපෑම එල්ල වෙන්නේ කොහොමද? කුමක් හෝ ගුප්ත ක්‍රමයක් හරහා සාර්ථක වෙන හැටි, කුමක් හෝ වස්තුවක් ගෙදර ගෙනත් තිබු සැනින් සාර්ථකත්වය තමන් සොයාගෙන එන හැටි.
මේවා තුලින් සාර්ථක වෙන්න පුලුවන්නම් ලෝකයේ ඇත්තටම සාර්ථක මිනිස්සු සාර්ථක වීම වෙනුවෙන් මනස සකසා ගැනීම, ඉලක්ක සැකසීම, සැලසුම් සැකසීම වැනි දේ ගැන කතා කර කර ඉන්නේ ඇයි? ඔවුන් මෙවැනි ක්‍රම ගැන සදහන් නොකරන්නේ ඇයි?
මෙවැනි ක්‍රම හරහා සාර්ථක වූවන් ඇත්නම් ඒ අය කිසිවෙක් ලෝකයේ සාර්ථකම මිනිසුන්ගේ ලයිස්තුවේ නැත්තේ ඇයි?
බොරුවක් වුවත් කාලයක් එක දිගට කියනකොට එය ඇත්තක් විදිහට සමාජගතවීමක් සිදුවනවා, මේ ආකාරයෙන් කාලයක් තිස්සේ විවිද දේවල් සමාජගත වෙලා තියෙන නිසා අද වෙනකොට අපි හැමෝටම 90% දවස පුරාවටම ලැබෙන්නේ ඍණාත්මක දේවල්.
අහන බලන කියවන දේ පමණක් නොවේ, කන බොන දේ පවා ඒ ආකාරයෙන් ඍණාත්මක වී අවසන්. නිකමට හිතලා බලන්න මේ මොහොත වන විටත් විවිද සමාජ තත්වයන් වැනි දේවල් ආරෝපනය කරගෙන ශරීරයට අහිතකර කොයිතරම් දේවල් වැඩි මුදලක් ගෙවා ලංකාවේ කී දෙනක් ඇගට දා ගන්නවා ඇද්ද?
සාමාන්‍යයෙන් ඍණාත්මක දෙයක්වත් ධනාත්මක දෙයක්වත් දුටු පමණින්, කියවූ පමණින්,ඇසූ පමණින් එය තමන්ගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේ නෑ. ඒ වෙනුවෙන් අනිවාර්යයෙන්ම එය තමන්ගේ යටි සිතට ඇතුලත් වීම සිදු වෙන්න ඕනේ. යටි සිතේ ඇම්පත්වීම කියන්නේ කාලයත් සමග එය විශ්වාසයක්, චර්යාවක් බවට පත්වෙනවා. ඒතුලින් අපේ ක්‍රියාකාරකම් හා තීරණ වල වෙනසක් ඇතිවනවා. ඒ හරහා අපිට ලැබෙන ප්‍රථිඵලවල වෙනසක් සිදුවනවා. ඔහොම තමයි වෙන්නේ!
මේ නිසා කාට හරි ඍණාත්මක බවින් මිදිලා ධනාත්මක වෙන්න අවශ්‍යනම් තමන් ලගා කරගන්න ධනාත්මක දේවල් යටි සිතේ තැම්පත් වෙන අයුරින් ලගා කරගන්න ඕනේ. ඒ හැරෙන්න ධනාතමක දේවල් කොයි තරම් ලගා කරගත්තත් එයින් ඵලක් වෙන්නේ නෑ. මොකද ඔබ ධනාත්මක වෙන්න කරන දේවල් පදනමක් නැතුව කලාට ඍණාත්මක දේවල් ඔබ ලගට එන්නේ ඔබේ යටි සිතට කාවදින්නම බලාගෙන. ඔබ දන්නවා ඍණාත්මක ප්‍රතිඵල තිබෙන බොහෝ දේ මාකට් කරන්න අදාල සමාගම් සමහර විට තමන්ගේ ලාභයෙන් 70%ක් වගේ වියදම්කරනවා. මොකද හිතට කාවදින විදිහට ඉදිරිපත් කිරීම පමණයි ඔවුන්ට තියෙන එකම තුරුම්පුව!
මම ඔබට කලිනුත් කිවුවා ගුප්ත ක්‍රම වගේ දේවල් මාකට් කරන්න ගොඩක් වෙලාවට බොහෝ දෙනෙක් යොදාගන්න වෙලාව තමයි උදේ වරුව. මේකටත් විශේෂ හේතුවක් තියෙනවා, මොකද මේ වෙලාව තමයි අපේ මනස යම්තාක් දුරකට නින්දෙන් පසු සංසුන්ව තියෙන මොහොත, ඒ වගේම බලාපොරොත්තු සහිතව ක්‍රියාත්මක වන මොහොත. මේ වගේ වෙලාවට මේ වගේ දෙයක් ඉදිරිපත් කලෝත් ඉතා පහසුවෙන් එය බලන කෙනාගේ සිතට ඇතුලත් කරන්න පුලුවන්. සමහර වෙලාවට අපි ඒ තරම් උවමනාවෙන් මේ දේවල් නොබැලුවත්, නිරායාසයෙන් අපේ සිතේ තිබෙන සංසුන් බව නිසා මේ දේවල් සිතේ යම්තාක් දුරකට තැම්පත් වෙනවා.
දරුවන්ට පාඩම් කටයුතු කරනකොටත් උදෑසන ඒ දේවල් වෙනුවෙන් යොදා ගන්න කියන්නේ මෙන්න මේ නිසා.
අපි Winner' Lounge Wake up Alert සේවාව වෙනුවෙන් පදනම් කරගන්නේත් මෙන්න මේ දේ, උදෑසන 5 කියන්නේ ඊට කලින් අවදි වූ කෙනෙක් වුවත් යම්කිසි මානසික සංසුන් බවකින් සිටින වෙලාවක්, මොකද නින්දකින් පසු යම්තාක් දුරකට අපේ මනස සංසුන් වීමක් සිදුවනවා. මේ වෙලාවේදී ඔබට යම් ධනාත්මක පණිවිඩයක් ලැබුනොත් ඔබ එය ගැන සිතුවොත් එය ඉතා පහසුවෙන් ප්‍රබල මට්ටමකින් යටි සිත තුල තැම්පත් වීමක් සිදුවනවා. ඒ වගේම අද වන විට බොහෝ දෙනෙක්ගේ තියෙන පුරුද්දක් තමයි අවදි වූ විගස තමන්ගේ ජංගම දුරකථනය පරික්ෂා කිරීම. එහෙම කෙනෙක්ට අවදි වූ මොහොතෙම සිතට ඇතුලත් වෙන්නේ ධනාත්මක දෙයක් නම්, එයත් ඉතා තදින් තමන්ගේ යටි සිතේ තැම්පත් වීමක් සිදුවනවා. කාලයක් මෙය සිදුවීම තුලින් මෙවැනි ධනාත්මක දේවල් ඔබේ විශ්වාසයන් හා ආකල්ප බවට පත්වීමක් සිදුවනවා. එවැනි අවස්ථාවක ඒ මත ඔබේ තීරණ ධනාත්මක වීමකුත්, ඔබේ ක්‍රියාකාරකම් ධනාත්මක වීමකුත්, ඒ හරහා ලැබෙන ප්‍රථිඵල ධනාත්මක වීමකුත් සිදුවනවා.
ටිබටය වැනි රටවල බෞද්ධ භික්ෂූන් ධර්මය සාකච්චා කිරීමටත් මේ උදෑසන අවදි වූ මොහොත බාවිතා කරනවා. මොකද එය සිත එකග කරගැනීමට තරම් ශක්තියක් නැති කෙනෙක්ට වුවත් පහසුවෙන් ධර්ම කරුනු සිතට ඇතුලත් කර ගැනීමට පහසුවක් වෙනවා. ඒ වගේම ලෝකයේ ජනප්‍රිය චරිත බොහෝමයක් මේ ආකාරයෙන් අවදි වූ මොහොතේ ධනාත්මක සිතුවිලි ඇතුලත් කිරීමේ ක්‍රමය භාවිතා කිරීම සිදුකරනු ලබනවා.
ඒ වගේම සාර්ථකත්වය ගැන උපදෙස් ලබාදෙන ජාත්‍යන්තර මට්ටමේ උපදේෂකවරුන් පවා, තම සේවාදායකයන්ගේ ඍණාත්මක මානසිකත්වයන් ඉවත් කර ධනාත්මක බව වර්ධනය කිරීම වෙනුවෙන් උදෑසන අවදි වූ මොහොතේම කියවීම වෙනුවෙන් ධනාත්මක වැකි සහිත Email පනිවිඩ වැනි දේවල් යැවීම සිදුකරනු ලබනවා.
ඔබත් Winner's Lounge Wake up Alert සේවාවට සම්බන්ද වී දිනපතා සිංහල හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ඔබව දිරිමත් කරන ආකාරයේ ධනාත්මක කෙටි පණිවිඩ දිනපතා උදෑසන 5ට Wake up SMS එකක් ලෙසට ලබා ගන්න.
Winner's Lounge Wake up Alert සේවාව සක්‍රීය කර ගැනීමට,
ඔබගේ Dialog | Airtel හෝ Hutch දුරකතනයෙන් REG හිස්තැනක් QODS ලෙස සදහන් කර 77000 ට SMS කරන්න.
ඉංග්‍රීසි භාෂාවෙන් සේවාව ලබා ගැනීමට ඔබගේ Dialog | Airtel හෝ Hutch දුරකතනයෙන් REG හිස්තැනක් QOD ලෙස සදහන් කර 77000 ට SMS කරන්න.
දිනකට අයවීම රු 2.50ක් හා රජයේ බදු ගාස්තු පමණි.
ඔබේ සාර්ථකත්වයේ පදනම ශක්තිමත්ව සකසා ගන්න හැටි නිවරැදිව ඉගෙන ගන්න, ඔබේ සිතේ තියෙන ඕනෑම බලාපොරොත්තුවක් වෙනුවෙන් ඉලකයක් නිවරැදිව පිහිටුවන්නේ කොහොමද, නිවරැදිව සැලැස්මක් සකසා ගන්නේ කොහොමද, සකසා ගන්න සැකැස්ම නිවරැදිව ධනාත්මක මනසකින් යුතුව ක්‍රියාත්මක කරගෙන යන්නේ කොහොමද, අදී ඔබගේ ගමන ප්‍රායෝගිකව ආරම්භ කරන්න ඔබ දැනගත යුතු සියලුම දේ සරලව, උදාහරණ හා ප්‍රායෝගිකව ක්‍රියාතමක විය යුතු ආකාරය පියවර සමගින් ඉගෙන ගන්න. " ජීවිතය දිනන ප්‍රායෝගික මග " ප්‍රායෝගික උපදෙස් පොත හා වැඩපත්‍රිකා කට්ටලය පහතින් PDF eBook එකක් ආකාරයෙන් Download කරගන්න.
ජීවිතය දිනන ප්‍රායෝගික මග ප්‍රායෝගික උපදෙස් පොත හා වැඩපත්‍රිකා Downlaod කරගැනීමට මෙම සබැදියට පිවිසෙන්න http://bit.ly/2JNZIcf
😀