ආකල්ප කියන්නේ අපේ ජීවිතේ මෙහෙයවන ප්‍රධාන සාදකය කීවොත් එහි වරදක් නෑ, ධනාත්මක ආකල්ප අපේ ජීවිතයේ ධනාත්මක තත්වයන් ඇති කරන්නත්, ඍණාත්මක ආකල්ප අපේ ජීවිතයේ ඍණාත්මක තත්වයන් ඇති කරන්නත් මූළිඛ වෙනවා.
ආකල්පයක් කියන්නේ කුමක් හෝ දෙයක් පිලිබදව, අපි ඉගෙනගෙන, අසා, දැක කියවා තියෙන දේවල් වගේම අපි ලබා තියෙන අත්දැකීම් වලට සාපේක්ෂව අපි ඇතිකරගෙන තියෙන මතයක්. සාමාන්‍යයෙන් අපි අපේ ජීවිතයේදී ගන්නා තීරණ ලබා ගන්නේ අපි තුල තිබෙන ආකල්ප වලට සාපේක්ෂව, ඉන්පසු ඒ තීරණ ක්‍රියාත්මක කිරීම හරහා අපි අපේ ජීවිතය තුල සාර්ථක හෝ අසාර්ථක ප්‍රතිඵල ලගා කරගැනීම සිදු කරනවා.
මෙන්න මේ නිසා අපි අපේ ජීවිතයේ සාර්ථක පුද්ගලයෙක් වෙනවාද , අසාර්ථක පුද්ගලයෙක් වෙනවාද කියන දේ 80% ක පමණ ප්‍රමාණයක් අපි තුල තිබෙන ආකල්පමය තත්වයන් මත තීරනය වීමක් සිදුවෙනවා!
* ජීවිතේ සාර්ථක කරගන්න ධනාත්මක ආකල්ප ඇතිකර ගන්නේ කෙසේද?
ආකල්පයක් කියන දේ එක් වර අපි තුල ඇතිවන්නක් නෙමේ, එය කාලයක් තිස්සේ අප ඇසූ, දුටු, කියවූ, ඉගෙනගත් දේවල් හා ලද අත්දැකීම් වල ප්‍රතිඵ්ලයක් ලෙස ඇතිවන දෙයක්. උදාහරනයක් ලෙස ගත්තෝත් අපි බොහෝ දෙනෙක් කුඩා කල සිට අහලා තියෙනවා, සාර්තක වෙන්න හොදින් ඉගෙනගත යුතුයි කියලා, එය කාලයක් තිස්සේ අහපු නිසා, ලෝකයේ අතිෂය සාර්ථක මිනිසුන් සාම්ප්‍රධායික අද්‍යාපනය තුල අසාර්ථක වූ චරිත බව පෙනෙන්නට තිබුනත්, අපි බොහෝ දෙනෙක් සාර්ථකත්වය වෙත යාමට හොදින් ඉගෙනගෙන අද්‍යාපණ සුදුසුකම් ලබා ගත යුතුය යන ආකල්පයක සිටිනවා.
මේ ආකාරයෙන් කලයක් තිස්සේ අහන , දකින, කියවන, ඉගෙන ගන්න දේවල් මත ඇතිවන සිතුවිලිත් සමග ආකල්ප ගොඩනැගෙන නිසා ඔබට ආකල්ප වෙනස් කරගැනීම කරගත හැක්කේත් ඒ ආකාරයෙන්ම ඔබ අසන දකින කියවන දේවල් වෙනස් කිරීමෙන් ඔබේ සිතුවිලි වෙනස් කරගැනීමක් හරහාම පමනයි.
හොදින් ඔබ ගැනම විමසිල්ලෙන් බලන්න, ඔබ අද අවදි වූ මොහොතේ සිට ධනාත්මක දේවල් කොපමන ප්‍රමාණයක් ඇසුවාද, දුටුවාද, කියෙවුවාද, කතා කලාද? ඔබට සාර්ථක වෙන්න පුලුවන්, සාර්ථක වෙන්න අපහසු වුනත් එය කරන්න බැරි නෑ, අනිත් මිනිසුන්ට පුලුවන්නම් මටත් සාර්ථක වෙන්න පුලුවන්, මේ ලෝකයේ සාර්ථකම මිනිසාත් මම වගේම කෙනෙක්, වගේ සිතුවිලි ඔබ තුල ඇති කරන දේවල් කොපමන ප්‍රමාණයක් ඔබට අද දවස තුල ඇසුරු කරන්න ලැබුනාද?
ඊට සාපේක්ෂව සාර්ථක වෙන්න අමාරුයි, රටේ ආර්ථිකය හොද නෑ, ඒක නිසා සාර්ථක වෙන්න තියා ජීවත් වෙන්නත් අමාරුයි, සාර්ථක වෙන්න වාසනාව තියෙන්න ඕනේ, ඔබේ ලග්නය මත ඔබේ සාර්ථකත්වය වෙනස් වෙනවා, රටේ හැමෝම ජීවත් වෙන්නේ අමාරුවෙන් අපිට මෙහෙම වෙන එකේ පුදුමයක් නෑ. ඉගෙන ගත්තානම් මොනවා හරි කරගන්න තිබුනා වගේ විවිදා කාර ඍණාත්මක දේවල් කොපමන ප්‍රමානයක් අහන්න දකින්න, කියවන්න, කතා කරන්න ලැබුනාද?
හොදින් මතක තියා ගන්න මේ දෙකෙන් වැඩිපුරම ඔබ අත්දකින තත්වය තමයි ඔබේ ආකල්ප බවට පත්වෙන්නේ, ඒ වගේම ඔබේ ජීවිතයේ යතාර්ථය බවට පත්වෙන්නේ! ඔබ ඍණාත්මක දේ අහන, දකින කියවන ,කතා කරන එක වෙනස් නොකරනතෙක් ඔබ තුල ඍණාත්මක ආකල්ප වර්ධනය වීම නතර කරන්න ඉතා අපහසුයි.
සාමාන්යයෙන් දැනටමත් ඔබේ ආකල්ප ඍණාතමකනම් ඔබේ මනස සෑම මොහොතකම නිරායාසයෙන් ඍණාත්මක දේවල්ම රැස්කරගන්න උත්සාහ දරනවා. ඔබේ අවදානය නිරායාසයෙන් ඍණාත්මක දේවල් වලටම යොමු වීම සිදුවනවා. මෙන්න මේ නිසා බොහෝ දෙනෙක් තමන්ගේ සිතුවිලි වෙනස් කිරීමෙන් තමන්ගේ ආකල්ප වර්ධනය කරගත හැකි ක්‍රම පිලිබද දැන සිටියත් ඒ දේවල් ප්‍රායෝගික ජීවිතය තුල පරිහරනය කිරීම සිදුවන්නේ ඉතා අඩුවෙන්.
උදාහරනයක් විදිහට අපි ඔබට කීවොත් උදේම ධනාතමක දේ අඩංගු පොතක් කියවන්න කියලා, මේ දේ එක දිගට කරගෙන යන්නේ 10%කටත් වඩා අඩු පිරිසක්, බොහො දෙනෙක් දින කීපයකින් මේ දේ අමතක කරලා නැවතත් සුපුරුදු තත්වයටම පත් වෙනවා. මෙන්න මේ නිසා අපේ ආකල්ප ඍණාත්මක නම් අපි ආයාසයෙන් ඒ ආකල්ප වෙනස් කරන්න යනවා වෙනුවට , අප ධනාත්මක දේ සොයාගෙන යනවා වෙනුවට ධනාත්මක දේ අප වෙතට ලගා වෙන තත්වයන් ඇතිකර ගැනීම ඉතා වැදගත්.
මෙවැනි තත්වයකදී ඔබේ මනස ඔබව නැවත නැවත් ඍණාත්මක දේ වෙතට රැගෙන යාමට ඇති අවස්ථාව බොහෝ සෙයින් අඩු කරගන්න පුලුවන්, මොකද ඔබ කැමති වුනත් නැතන් ඔබ වෙතට ධනාත්මක දේ නිරන්තරයෙන් ලගා වෙන නිසා කාලයත් සමග එයට ඔබ හුරු වී ඔබේ යටි සිතේ ධනාත්මක දේ තැම්පත් වීමෙන් එය ආකල්ප බවට පත්වීම සිදුවනවා.
Winner's Lounge අපි Wake up Alert සේවාව හදුන්වා දෙන්න තීරණය කලේ මෙන්න මේ ආකාරයෙන් ඔබ තුල ධනාත්මක ආකල්ප වර්ධනය කරන්න.
ඔබට දවසේ උදාවෙන ඉතා වැදගත්ම කාල සීමාව තමයි ඔබ අවදිවන මොහොත, මොකද ඔබේ ප්‍රශ්ණ ගැටලු , ඔබ තුල තියෙන ඍණාතමක දේ පිලිබද සිතුවිලි වඩාත්ම අක්‍රීයව තියෙන මොහොත තමයි ඔබ නින්දකින් පසු අවදිවන මොහොත. මේ මොහොතෙදි ඔබේ මනස තියෙන්නේ මඩ වතුර වීදුරුවක් ටික වෙලාවක් නොසොල්වා තිබුනාම ජලයේ මුසු වූ මඩ ටික වීදුරුව පතුලේ තැම්පත් වී පිරිසිදු ජලය දිස්වෙන ආකාරයෙන් ඔබේ මනස තුල වන ඍණාත්මක සිතුවිලි වගේම , මනසේ තියෙන කලබලකාරී ස්වභාවයන් තාවකාලීකව අක්‍රීය වු ස්වභාවයක.
මෙන්න මෙවැනි තත්වයක ඔබේ මනසට යම් ආකාරයක සිතුවිල්ලක් ඇතුලු වුනොත් එය ඔබේ යටි සිත තුල ඉතා තදින් තැම්පත් වීමක් සිදුවනවා, ඒ වගේම ඒ සිතුවිල්ලට සාපේක්ෂව ඔබේ සිතුවිලි රටාවන් ගොඩනැගීම සිදුවනවා. උදාහරණයක් ලෙස ඔබ ඔබ අවදි වූ මොහොතේ කුමක් හෝ ගීතයක් , සංගීත කන්ඩයක් අසන්න, එය ඔබට දවස පුරාම මතකයේ රැදීමටත්, නිතර නිතර එම සංගීත රටාව ඔබේ මුවගට ඒමටත් පටන් ගන්නවා. ඇතැම් විට ඔබ මේ දේ දැනටමත් අත්විද ඇති ඒ වගේම උදෑසන නිවසේ යම්කිසි ආරවුලක් ඇතු වුනොත් දවස පුරාම එම නුරුස්සන ස්වභාවය, ඍණාත්මක, තරහ ගිය ස්වභාවය පවතින ආකාරය ඔබ අත්විද ඇති.
මෙන්න මේ ආකාරයෙන් සිදුවෙන්න ප්‍රධාන හීතුව තමයි ඔබේ මනස නිශ්චලව තිබෙන මොහොතක ඇතුලුවෙන සිතුවිලි රටාවට අනුව ඔබේ සිතුවිලි රටාවන් ක්‍රියාත්මක වෙන්න පටන් ගැනීම.
දැන් ඔබ සිතන්න මෙන්න මේ ආකාරයෙන්ම යම්කිසි ධනාත්මක යමක් ඔබේ සිතට ඇතුලු වුනොත් කුමක් සිදුවෙයිද? උදෑසන ඇසුනු ගීත කන්ඩය නිතර නිතර මනසට එන ආකාරයෙන් ධනාත්මක සිතුවිලි ඔබේ මනසට එන්න පටන් ගත්තොත් එයින් ඔබේ ප්‍රායෝගික ජීවිතය තුල කුමන ආකාරයේ වෙනසක් ඇතිවනු ඇද්ද?
Winners Lounge Wake up Alert සේවාවෙන් කරන්නේ මෙන්න මේ දේ, ඔබ Wake up Alert සේවාවට සම්බන්ද වූ පසු ඔබට දිනපතා උදෑසන 5ට ඔබේ මනස ධනාත්මකව උද්දීපනය කරන , සාර්ථක වෙන්න, බාදක බිදගෙන ඉදිරියට යන්න ඔබව පොලබවන ආකාරයේ කෙටි පනිවිඩයක් ඔබට ලැබෙනවා.
සමීක්ෂණ වලට අනුව ලෝකයේ බොහෝ දෙනෙක් අද වන විට තමන්ගේ දුරකතයන ලග තබාගෙන නින්දට යන්නත් , අවදි වූ සැනින් මුලින්ම තම දුරකතනයට ලැබුනු පනිවිඩ පරික්ෂා කරන්නත් පුරුදු වී තිබෙනවා. මේ නිසා මේ සේවාව හරහා උදෑසන ඔබ කියවන, දකින, සිතන පළමු සිතුවිල්ල ධනාත්මක යමක් බවට පත්කිරීමත්, ඒ හරහා ඔබේ දෛණික සිතුවිලි රටාවන් ධනාත්මකව වෙනස් කිරීමත්, කාලයත් සමග මෙම සිතුවිලි රටාවන් ඔබේ යටි සිත තුල තැම්පත් කිරීමෙන්, ඒවා ඔබේ ආකල්ප බවට පත්කිරීමත් සිදුකරනු ලබනවා.
Winner's Lounge Wake up Alert සේවාවට සම්බන්ද වීමට ඔබගේ Dialog , Hutch හෝ Airtel දුරකථනයෙන් REG හිස්තැනක් QOD ලෙස සදහන් කර 77000ට SMS කරන්න,
සිංහල භාෂාවෙන් සේවාව ලබා ගැනීමට REG හිස්තැනක් QODS ලෙස සදහන් කර 77000ට SMS කරන්න,
දිනකට අයවීම රු 2.50 හා රජයේ බදු ගාස්තු පමණයි
Comments