top of page

ජීවිතය ජයගන්න කොතරම් උත්සාහවන්ත වෙන්න ඕනෙද?



ඕනෑම දෙයක් ජය ගන්න සිතුවිලි කියන කාරනය ඉතාමත් වැදගත් වෙන එයක්. ලෝකයේ එක් මිනිසෙක් සාර්ථක වෙන්නත්තවත් අයෙක් අසාර්ථක වෙන්නත් බහුලව බලපාන ප්‍රධානම සාදකය වෙන්නෙ සිතුවිලි වල වෙනස කීවොත් එහි කිසිම වරදක් නෑ. 


සාමාන්‍යයෙන් සාර්ථක මිනිසෙක් හා අසාර්ථක මිනිසෙක් සිතන විදිහ හත් පසින්ම එකිනෙකට වෙනස්බව ඔබ කලින් අසා ඇති.  නමුත් ඇත්තටම ඒ වෙනස කුමක්ද? අපි ප්‍රායෝගිකව සාර්ථක වෙන්නනම් අපි සිතුවිලි වෙනස් කරගත යුත්තේ මොන ආකාරයෙන්ද?


සිතුවිලි වල වෙනස ගැන කතා කරද්දී ඒ සදහා දිය හැකි හොදම උදාහරණයක් වන්නේ තෝමස් අල්වා එඩිසන්. ඔහු විදුලි බුබුල නිපදවීමේදී 1014 වතාවක් අසාර්ථක වුනා නමුත් ඔහු මේ සෑම වතාවකම ඉදිරියට යන්න තීරණය කලා මිසක් එය අත්හරින්නට තීරනය කලේ නෑ.


ඔහු කොහොමද ඒ දේ කලේ ඔහුට එක දිගට පරාජය වෙන්න වෙන්න මේ වැඩේ එපා වුනේ නැද්ද? ඔහුට එපා නොවෙන්නත් අපිට එක පාරක් දෙපාරක් අසාර්ථක වෙනකොට දෙයක් එපා වෙන්නත් හේතුව මොකක්ද?


ඔහු මෙයට පිලිතුර ඔහු විදුලි බුබුල සොයා ගත් වෙලාවේදී ඔහුගේ මුවින්ම දී තිබුනා. ඔහු මෙහෙම සදහන් කලා " මම 1014 වතාවක් අසාර්ථක වුනේ නෑ. මම පරාජය විය හැකි ක්‍රම 1014ක් සොයා ගත්තා"


නිකමට වගේ හිතලා බලන්න අපි මොකක් හරි කරන්න ගිහින් අසාර්ථක වුනාම "මේ දේනම් හරියන වැඩක් නෙමේ" කියලා සිතනවා විනා කවදාවත් හිතලා තියෙනවාද "මම මේ දේ හරියන්නේ නැති එක ක්‍රමයක් ඉගෙන ගත්තා" කියලා?


සාර්ථකත්වය ප්‍රායෝගිකව ලගා කරගන්නා චරිත සෑම මොහොතකම ඕනෑම පරාජයක, අසාර්ථකත්වයක් තුලම තමන්ට ඉදිරියට යාමට අවශ්‍ය ධනාත්මක දෙයක් සොයා ගන්නවා. එයට පුරුදු වුන මනසක් කිසිම විටෙක ජීවිතේ පරාජයක් බාර ගන්නේ නෑ. ඔවුන් සෑම වෙලාවකම තම ගමන නිමා කරන්නේ ජයග්‍රහනයකින් විතරයි!


 

මෙවැනි Blog සටහන් දිනපතා උදෑසන ලබා ගන්න, ඔබගේ Dialog , Hutch හෝ Airtel දුරකතනයෙන් Reg හිස්තැනක් Achiever ලෙස සදහන් කර 77000ට SMS කරන්න


| දිනකට රු.2.50 හා රජයේ බදු ගාස්තු අයවේ

Comentários

Avaliado com 0 de 5 estrelas.
Ainda sem avaliações

Adicione uma avaliação
bottom of page