top of page
Writer's pictureChathuska Amarasekara

ඇයි අපට සාර්ථක වෙන්න අමාරු?

Updated: Nov 1, 2020


අද මම ලියන්නේ , මම ගාවට එන 90% දෙනා මගෙන් අහන ප්‍රශ්නයකට පිළිතුරක්...හැබැයි මේ ලිපියේ ඉදිරියට යන්න කලින් මම ඔබට කිව යුතු දෙයක් තිබෙනවා...ඒ තමයි පැහැදිලිවම මේ ලිපිය ලියන්නේ ඔබව දිරිගැන්වීමට නොවන බව..


මොකද මා මෙතෙක් පැවැත්වූ සෑම වැඩමුළුවකම ආරම්භයේ මා කියූ පරිදිම, මගේ අරමුණ, සැබැවින්ම යමක් කරන්නට උත්සාහ කරන මිනිසුන්ට, ඔවුන් ගමන් කල යුතු නිවැරදි මාර්ගය පෙන්වීම මිස, කවදා හෝ සාර්ථක වෙන්නට හීන දකින මිනිසුන්ගේ හිත් සැනසීම නොවෙයි.

ඒ නිසාම ඔබට අවශ්‍ය මනස බොරුවට රවට්ටගෙන, හිත සනසා ගැනීමක් නම්, ඔබ ඔබේ කාලය නාස්ති නොකර මෙතැනින් නැවතීම වඩාත් සුදුසුයි...


මොකද මගේ ක්‍රමය වෙන්නේ, ඔබ කැතයි නම්, ඔබ කැත බව ඔබේ මූනටම කියා, ලස්සන වෙන හැටි කියා දීම මිස, කන්නාඩියක් ඉස්සරහට ගොස්, නෑ මම ලස්සනයි කියා බොරුවට සිතන්නට කියා දීම නෙමෙයි. නමුත් ඔබ ඇත්තටම ඔබේ ජීවීතේ ප්‍රශ්න වලට උත්තර හොයන කෙනෙක් නම් ඔබට මෙතැනින් ඉදිරියට කියවා ගෙන යන්න පුළුවන්! ඒ වගේම එය බොහෝ විට ඔබේ ජීවිතයේ වෙනසක් ඇති කිරීමට සමත් වනු ඇතැයි මා විශ්වාස කරනවා.


කොච්චර උත්සාහ කලත්, සාර්ථක වෙන්න අමාරු ඇයි? එහෙමත් නැත්නම් කොච්චර දියුණු වෙන්න Try කලත් , දියුණු වෙන්න අමාරු ඇයි? අද මම ලියන්නේ මෙන්න මේ ප්‍රශ්නයට පිළිතුරක්..


සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නයට, ඔබට බහුතරයකගෙන් ලැබෙන පිළිතුර තමයි, සාර්ථක වෙන එක අමාරුයි, ඒ නිසා කොහොම හරි සාර්ථක වෙනවාමයි කියන අදහසෙන් උත්සාහ කරන්න ඕනේ කියන එක. ඔබට අවශ්‍ය නම්, ඒ කතාව පිලිඅරගෙන ඔබේ හිත සනසා ගන්න පුළුවන්. හැබැයි මට අනුව ඒක දුර්වල මිනිසුන්ගේ හිත සනසන්න කියපු සුන්දර මෝඩ කතාවක් විතරයි...


හොඳින් සිතන්න


මේ ලෝකයේ තියෙන ඕනෑම වැඩක් අමාරු වෙනවද ලේසි වෙනවද කියන එක හැම වෙලාවෙම තීරණය වෙන්නේ, ඒ වැඩේ කරන්න යන කෙනාගේ ශක්තිමත් බව හෝ දුර්වල කමට සාපේක්ෂව මිස වෙන කිසිම දෙයක් මත නෙමෙයි.


ඒ කාරනාව මත හැරෙන්නට මේ ලෝකයේ කිසිම දෙයක් අමාරු වෙන්නේ වත් ලේසි වෙන්නේවත් නෑ...

උදාහරණයක් විදිහට, කිලෝ 150 - 200ක බරක් ඔසවන එක, බහුතරයකට අමාරු වෙන්න පුළුවන්. නමුත් බහුතරයකට අමාරු නිසා කවුරු හරි කියනවානම් , කිලෝ 150 - 200ක් ඔසවන එක අමාරු වැඩක් කියලා ඒක වැරදි කතාවක්.


මොකද එතැන තියෙන ඇත්තම කතාව වෙන්නේ කිලෝ 150 - 200 ඔසවන එක අමාරුයි කියන එක නෙමේ, බහුතරයකට කිලෝ 150 - 200ක් ඔසවන්න තරම් ශක්තිමත් නෑ කියන එක.

ඔබට දියුණු වෙන්න අමාරු වෙන්නෙත් ඔන්න ඔය නිසාම තමයි..

දියුණු වෙන එක අමාරු නෑ. ඔබ ලේසියෙන් දියුණු වෙන්න පුළුවන් තරම් තාම ශක්තිමත් නෑ....එහෙම නැත්නම්, ඔබ ඔබේ අරමුණු වෙතට ලේසියෙන් ලගා වෙන විදිහ දන්නේ නෑ..


එතැන වෙනස් වෙච්ච දවසට, සාර්ථක වෙන එක ඉබේම ලේසි වෙනවා. නමුත් ඔබ හිතලා බලන්න , ඇත්තටම ඔබ ඒ දේ වෙනුවෙන් වැඩ කරනවා ද කියලා..


තමන් ශක්තිමත් නෑ කියලා කියපු ගමන් 90% දෙනා හිතන්නේ, තමන්ගේ මනස ගෙනියන්නේ Motivation කියන මාතෘකාවට.

නමුත් හොදට මතක තියා ගන්න ඔබට කොච්චර හොද Motivation එකක් තිබුනත්, ඇගේ ශක්තිය නැත්නම්, හරි Techniques දන්නේ නැත්නම් ඔබට කිලෝ 150 -200ක් උස්සන එක ලේසි වෙන්නේ නෑ. ඒ වගේම තමයි ජීවිතේ සාර්ථකත්වයත්, ශක්තිමත් වෙනවා කියන්නේ, මම කොහොම හරි මොනවා හරි කරලා සාර්ථක වෙනවා මයි කියලා හිතන එක නෙමේ. ශක්තිමත් වෙනවා කියන්නේ, ඇත්තටම ඒ වැඩේ කරන්න පුළුවන් තත්වයට තමන් පත් වෙන එකට.


ඒකට ඔබට ඕනේ වෙන්නේ Strategies, Techniques ගැන තියෙන දැනුම මිසක්, Motivation නෙමේ.

Motivation වලට පුළුවන් ඔබව තව අඩියක් ඉස්සරහට තියන්න දිරි ගන්වන්න. නමුත් Motivation වලට බෑ ඔබව සාර්ථක කරන්න. ඒක කරන්න පුළුවන් Strategies සහ Techniques වලට විතරයි..

උදාහරණයක් විදිහට, හිත එක අරමුනක තියාගෙන වැඩ කරන්න පුළුවන්නම් ජීවිතේ ගොඩක් දේවල් අපි හිතනවාට වඩා සාර්ථක කරගන්න පුළුවන් කියන එක අපි හැමෝම පොඩි කාලේ ඉදලා අහන කතාවක්.

නමුත් නිකමට හිතලා බලන්න, අපි කී දෙනෙක් ඒ තත්වයට පත්වෙන Techniques ඉගෙන ගෙන තියෙනවද කියලා...


ඇත්තම කතාව තමයි, අපි බොහෝ දෙනෙක් කරලා තියෙන්නේ ඒ දේ කොහොම හරි කරන්න උත්සාහ කරන්න ඕනේ කියලා හිත හිතා හිටියට, අපි බොහෝ දෙනෙක් ඒ Techniques දන්නේ නෑ..


ඒ නිසාම අපි බොහෝ දෙනෙක්ට හිත 100%ක් එක අරමුණක තියාගෙන, විනාඩි 5ක් වත් ඉන්න බෑ. ඕනෙ නම් ඔබත් ඔබේ ඔරලෝසුවේ තත්පර කටුව යන ආකාරය දිහා 100%ක පූරණ අවදානයකින් යුතුව, මනස ඒ වෙතම රදවාගෙන මිනිත්තු 5ක් ඉන්න උත්සාහ කරලා බලන්න...ඒ අභ්‍යාසයෙන් ඔබටම තේරුම් ගන්න පුළුවන් වෙයි ඇත්තටම ඔබ ඉන්න මට්ටම ගැන.


නමුත් ඔබ Techniques දන්නේ නැති වුනාට මනෝවිද්‍යාව තුල ඒ වෙනුවෙන් ඕනෑ තරම් ක්‍රම ශිල්ප (Techniques) තියෙනවා. ගැටලුව ඔබ ඒවා ඉගෙන ගන්නේ නැති එක විතරයි...


අන්න ඒ නිසා, හැම දාම එක තැන පල්වෙවී ඉන්නවා වෙනුවට, හැම අවුරුද්දෙම මම කවදා හරි සාර්ථක වෙනවා කිය කියා ඉන්නවා වෙනුවට, ඇත්තටම මේ ගමන ගිහින් ඉවර කරන්න අවශ්‍යතාවයක් තියෙන, හැමදාම සාර්ථක වෙන්න උත්සාහ කරන කෙනෙක් විදිහට ඉන්නවා වෙනුවට, සාර්ථක වුන කෙනෙක් වෙන්න හිතන අයට අවශ්‍ය Techniques ගැන දැනුම ලබා දෙන්න තමයි අපි Winner's Lounge Member's Area එක නිර්මාණය කලේ.


කැමැති අයට සම්බන්ද වෙලා, ජීවිතේ සෑම අංශයකටම අදාලව ප්‍රායෝගිකව සාර්ථක වෙන හැටි ගැන ලියවුන පාඩම් දිනපතා කියවන්න, සෑම මාසයකම පැවැත්වෙන අන්තර්ජාල පුහුණු වැඩසටහන් වලට සහබාගී වෙන්න, අපි නිකුත් කරලා තියෙන , ඉදිරියට නිකුත් කරන ප්‍රායෝගික උපදෙස් පොත් නොමිලේ කියවන්න, වගේම ඔබේ සාර්ථකත්වයට අදාලව පෞද්ගලික උපදෙස් ලබා ගැනීමේ පහසුවත් Winner's Lounge Member's Area එක තුලදී ලබා ගන්න පුළුවන්




139 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page