top of page

පොහොසතෙකු වන්න පියවර 6ක්

Updated: Aug 14, 2019



කුඩා කල සිටම අපට බොහෝ දෙනෙකු උගන්වන්නේ සාර්ථක වන්නටනම් හොදින් ඉගෙන ගෙන විභාග සමත් කර ඉහල වැටුපක් හා දීමනා සහිහ රැකියාවක් ලබා ගත යුතු බවත්ය.


නමුත් සැබෑ ලෙසම ලොව සාර්ථක වූ පුද්ගලයන් සාර්තක වූයේ මේ ආකාරයෙන්ද? ලොව සාර්ථකම මිනිසුන්ගේ ලයිස්තුවේ සිටින බොහෝ දෙනෙකු පාසල් කාලය තුල අසාර්ථක වූ සිසුන්ය. එමෙන්ම ඔවුන් සියල්ලම පාහේ පොහොසතුන් වූයේ රැකියාව තුලින් නොවීය. ලොව අංක එකේ මූල්‍ය උපදේශකයකු වන රොබර්ට් ටී කියොසාකි විසින් වරෙක ඕනෑම අයෙකුට මූල්‍යමය වශයෙන් සාර්තක වීමට අවශ්‍යනම් සාම්ප්‍රධායික ඉහල රැකියාවක් වෙත ලගා වීම යන ක්‍රමය වෙනුවට යොදා ගත යුතු පියවර 6ක ක්‍රමයක් පිලිබදව පැහැදිලි කරයි.


එය මෙසේය:


1. මූල්‍යමය සාක්ෂරතාවය ලබා ගන්න.

මූල්යමය සාක්ෂරතාවය යනු100ක් ප්රායේගික දෙයකි. මෙහිදී මූල්යමය සාක්ෂරතාවය යන්නට රොබර්ට් විසින් ආර්ථකවිද්යාව, ආර්ථික ඉතිහාසය, ගණකාධිකරණය, බදුකරණය, ආයෝජන හා ව්යාපාර ගොඩනැගීම යන විශයන් ඇතුලත් කරයි. මෙම විශයන් සමහරක් වෘත්තිමය අද්යාපනය තුල හමුවුවත් රොබර්ට් පවසන්නේ විශය පතයට පමණක් සීමා නොවූ ප්රායෝගික දැනුමක් හා තීරණ ගැනීමේ හැකියාවක් පිලිබදවය. ඔහු පවසන අන්දමට මේ විශයන් සමත් වූ සිසුන් ගෙන් වැඩි පිරිසක් එහි ප්රායෝගික කොටස් ග්රහණය නොකිරීම නිසා සැබෑ ජීවිතය තුල අසමත් වන බවයි.


2. ඉගෙන ගැනීම පිනිස රැකියාව තෝරා ගන්න.

ලොව බොහෝ දෙනෙකු රැකියාව කරන්නේ මුදල් පිනිසය, නමුත් ඔබ සාර්ථකත්වය හබා යන්නෙක්නම් ඔබ එය කල යුත්තේ ඔබගේ සාර්ථකත්වය සදහා අවැසි ප්රායෝගික දැනුම පිනිසය. ලොව සාර්ථක වූ බොහෝ මිනිසුන් මුල් කාලයේ අඩු වැටුපකට, වැඩි වැඩ ප්රමාණයක් අත්දැකීම් ලබා ගැනීම පිනිස කල මිනිසුන්ය. රොබෙර්ට් පවසන ආකාරයට ඔබ රැකියාව කල යුත්තේ,


1. නායකත්ව හැකියා වර්ධනය කර ගැනීමට

2. කළමනාකරණ හැකියාවන් වර්ධනය කර ගැනීමට - මුල්ය හා ව්යාපාර ක්රමවේදයන් පිලිබදව.

3. විකුනුම් හා අලෙවිකරණ හැකියාවන් වර්ධනය කර ගැනීමට. යන කාරනා තුන ඉටුකර ගැනීම පිනිස පමණි.


3. උපදේශකවරයෙක් හෝ අනුගමනය කල යුතු පුද්ගලයෙක් තෝරා ගන්න.

සාර්ථක හෝ ඒ වෙතට ලගා වෙන පුද්ගලයක් ඇසුරු කිරීමට පුරුදුවන්න. එය ඔබට අවශ්ය ප්රායෝගික දැනුම හා ශක්තිය ලබා දේ. සාර්ථක මිනිසෙකු අනුගමනය කිරීම සාර්ථක වීමට ඇති පහසුම ක්රමයයි.


4. ඔබ වෙනුවෙන් වැඩ කරන්න

ඔබ මුදල් වෙනුවෙන් වැඩ කිරීම වෙනුවට , ඔබගේ සිහින හා ඉලක්ක ලගා කරගැනීම පිනිස දවසේ වැඩි කාලයක් වෙන්කරන්න. ඔබගේ රැකියාවෙන් ලද දැනුම හා කුසලතා ඒ වෙනුවෙන් වැය කරන්න. ව්යාපාර ගොඩනැගීමට , ඔබ වෙනුවෙන් වැඩ කරන පිරිසක් ඇතිකර ගැනීමට වෙහෙසෙන්න.


5. මුදල් නිපදවීමට වෙහෙසෙන්න

* අනෙක් මිනිසුන්ට හසු නොවන අවස්ථාවන් ග්රහනය කර ගන්න.

* ඉතුරුම් වෙනුවට ආයොජන වෙත යොමු වන්න.


6. ධනවත් වීමේ ප්රථිලාභ සමාජයට මුදා හරින්න.

දන් දීම තුලින් වැඩි ප්රතිලාභ තමා වෙත ලගා වන බව ආගමික මතවාදයකි. නමුත් රොබර්ට් පවසන ආකාරයට එය බොහොසතෙකු වීමට අනිවාර්යය සාදකයකි. ඔහු පවසන ආකාරයට සෑම දනවතෙකුගෙම දනවත් වීමේ එක් රහසක් වන්නේ දන්දීමයි. ප්රායෝගිකව බැලුවොත් ලොව සුපිරි දනවතුන්ගේ ලයිස්තුවේ සිටින සෑම කෙනෙකුම පාහේ තම ආදායමෙන් කොටසක් මුල් කාලයේ සිටම දන්දීමට වෙන් කර තිබීම විශ්මය ජනකය.


 

බලාපොරොත්තුවන ඕනෑම අරමුනක් වෙනුවෙන් යටි සිත බලගන්වන හැටි හා එහි ශක්තිය ප්‍රායෝගික ජීවිතය තුල භාවිතා කරන හැටි සරලව ඉගෙන ගන්න, පහත සබැදිය හරහා " අසිරිමත් යටිසිත " ප්‍රායෝගික උපදෙස් පොත හා වැඩපත්‍රිකා කට්ටලය PDF eBook එකක් ආකාරයෙන් ඔබත් Download කරගන්න.


671 views
bottom of page