top of page

මිල වැඩි බව නොදැනෙන්න මිල කියන්න Psychological Pricing ක්‍රම (ලිපිය - 02)

Updated: Sep 14, 2024

මිල වැඩි බව නොදැනෙන්න මිල කියන ක්‍රම ගැන කලින් ලිපිය කියෙව්වේ නැත්නම්, මේ ලිපිය කියවන්න කලින් පලවෙනි ලිපිය කියවන්න. මේ ලිපියෙන් පලමු ලිපියේ සදහන් කල ක්‍රම ආකාරයේම, මිල වැඩි බව නොදැනෙන්න භාන්ඩයක හෝ සේවාවක මිල ඉදිරිපත් කරන්න භාවිතා කල හැකි Psychological Pricing ක්‍රම කීපයක් ඔබට ඉගෙන ගන්න පුළුවන්.


Comparative Pricing

Comparative Pricing ක්‍රමයේදී සිදුවෙන්නේ, පෙර පැවති මිල හා දැන් පවතින මිල යන දෙකම සදහන් කර මිල ඉදිරිපත් කිරීමක්. උදාහරණයක් ලෙස ඔබට යමක් රු 1000කට යමක් විකුණන්න අවශ්‍යයි නම්, මේ ක්‍රමයේදී ඔබ එය කෙලින්ම සටහන් කරනවා වෙනුවට කරන්නේ කලින් රු1500, නමුත් නව මිල රු.1000යි ලෙස සටහන් කිරීම. එහිදී පාරිබෝගිකයාට පෙනෙන්නේ රු1000 කියන්නේ වාසියක් ඇතුලත් මිලක් විදිහට.

ඒ වගේම මෙය අනිත් පැත්තට භාවිතා කරන්නත් පුලුවන්, එහිදී දැනට මිල ලෙස අඩු මිලක් සදහන් කර, යම් දිනකින් පසු හෝ නිශ්පාදනයක නම් මීලග නිශ්පාදන කාන්ඩයේ සිට එහි මිල වැඩි මිලකට වෙනස් වෙන බවට සදහනක් සහිතව එය ඉදිරිපත් කිරීම සිදුවෙනවා.මෙය උද්ධමනය සහිත අවස්ථා වල මිල ඉදිරිපත් කිරීමේදී බහුලව භාවිතා වෙනවා.


Perceived Value Pricing

Perceived Value Pricing කියන්නේ, Bundle එකක් ලෙස මිලදී ගැනීමේදී ලැබෙන වාසියක් සමග මිල ඉදිරිපත් කිරීමක්.


උදාහරණයක් ලෙස, අපි හිතමු ඔබට යමක් අලෙවි කරන්න අවශ්‍ය මිල රු 800ක් කියලා. මෙහිදී වෙන්නේ එම මිල ඍජුවම සටහන් කරනවා වෙනුවට, සාමාන්‍ය මිල රු.1000ක් ලෙස සටහන් කර. එයින් 2ක් මිලදී ගැනීමේදී එකක් රු.800 බැගින් මිලදී ගත හැකියි, වැනි ආකාරයේ දැන්වීමක් සහිතව මිල ඉදිරිපත් කිරීමක්.


එහෙමත් නැත්නම්, රු.750ක මිලක් අවශ්‍ය භාන්ඩයක් රු.1000ක් ලෙස සදහන් කර, දෙකක් මිලදී ගැනීමේදී දෙවැනි එකට 50%ක වට්ටමක් ලබා දීම වැනි දෙයකුත් මෙයට ඇතුලත් වෙනවා.


Zero-Price Effect

මෙහිදී සිදුවෙන්නේ එකක් ගත්තොත් එකක් නොමිලේ ලෙස මිල ඉදිරිපත් කිරීමක්. ඒ කියන්නේ රු.500ක මිලක් අවශ්‍ය යමක්, රු.1000 ලෙස මිල ඉදිරිපත් කර, එකක් මිලදී ගැනීමේදී තව එකක් නොමිලේ ලබා දෙන බව පැවසීම සිදුවෙනවා.


එහිදී පාරිබෝගිකයාගේ අවදානය වැඩියෙන් යොමු වෙන්නේ, මිලට වඩා නොමිලේ ලැබෙනවා කියන එකට.


Fractional Pricing

මෙහි අදහස වෙන්නේ, කැඩුනු අගයන් සහිතව මිල ඉදිරිපත් කිරීම. ඒ කියන්නේ රු.2000 ක් වැනි මිලක් ලබා නොදී, රු. 1928.50ක් වැනි මිලක් ලබා දීම. මේ හරහා ඔබ ඉතාම සාධාරණ ආකාරයෙන් මිල සකසා ඇති බව හා අනවශ්‍ය ලෙස ලාබ ඉපයීමක් ඔබ ලග නොමැති බව පාරිබෝගිකයාට දැනවීමේ හැකියාව තියෙනවා.


Psychological Selling පාඩම් මාලාව ආවරණය කරගත් ඔබට අමතර දැනුමක් ලෙස ඉදිරිපත් කරන මෙම Psychological Pricing ලිපි මාලාවේ ඉදිරි ලිපියකින් අපි තවත් මෙවැනි ක්‍රම කීපයක් ඉගෙන ගමු.



පහසුවෙන් අලෙවි කිරීම වෙනුවෙන්, ගැලපෙන Leads සොයා ගැනීමේ ඉදලා, Sale එක Close කරන තැන දක්වා, වැදගත් වෙන මූලිඛ මනෝවිද්‍යාත්වම විකුණුම් උපක්‍රම රැසක් ගැන අපි Psychological Selling වැඩසටහනේදී පැය 05ක් පුරාවට පාඩම් 11ක් හරහා කතා කලා, තාමත් එය ආවරණය කරගත්තේ නැත්නම්, එහි පටිගත කල වීඩියෝ හරහා දැන් ඔබට එය ආවරණය කර ගන්න පුලුවන්.


වැඩි විස්තර සහ පටිගත කල වීඩියෝව ලබා ගැනීම වෙනුවෙන් P24 ලෙස සදහන් කල පණිවිඩයක් 0769705622 අංකයට WhatsApp හරහා යොමු කරන්න

 
 
 

3 Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Krishan Kalhara
Krishan Kalhara
Jul 26, 2024
Rated 5 out of 5 stars.

සුපිරියක් තමා

Like

Guest
Jul 13, 2024
Rated 5 out of 5 stars.

සුපිරි

Like

Guest
Jul 13, 2024
Rated 5 out of 5 stars.

Thank you sir

Like
bottom of page