top of page

#GoodMorning සෑම උත්සාහයක් තුලම ඔබට පරාජය වීමට අවදානමක් ඇතුවා වාගේම ජයගැනීමට හැකි වීමේ අවස්ථාවක්ද ඇත


සාර්ථකවන මිනිසා යනු සාර්ථක ගතිගුන වලින් හෙබි මිනිසා බව වරෙක බ්‍රයන් ට්‍රේසි නම් දේශකයා පවසා ඇත. මෙය සෑබෑ ලෙසින්ම දැක ගත හැකි ස්වරූපයකි. ඔබ ලෝකයේ සාර්ථකම මිනිසුන්ගේ ලයිස්තුව ගෙන එක එක පුද්ගලයාගේ චරිත ලක්ෂණ වෙන වෙනම අද්‍යයනය කලොත්, බොහෝ විට ඔබට හමු වන්නේ එක හා සමාන චරිත ලක්ෂණ කීපයකි.


මේ ආකාරයෙන් සැලකීමේදී බොහෝමයක් සාර්ථක වූ පුද්ගලයන් තුල බහුලව තිබෙන ඉතාමත් හොදින් කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ නිදහසට කාරනා නොනැගීමයි.


බොහෝ විට සාර්ථකත්වය වෙත ලගා වීමට උත්සාහ කර අසාර්ථක වූ බොහෝ දෙනෙකුගෙන් සාර්ථකත්වය ගැන ඇසුවොත් ඔවුන් බොහෝ දෙනෙකු ඒ සදහා විවිද හේතු ඉදිරිපත් කරයි. දුප්පත් නිසා , නිසි අද්‍යාපනයක් නැතිකම නිසා, දැනුම නැති නිසා, උදව් කරන්න කවුරුත් නැති නිසා යනුවෙන් විවිද හේතු ඔවුන් බොහෝ විට ඉදිරිපත් කරයි. නමුත් ඔබ සාර්ථක වූ මිනිසෙකු ගේ ජීවිතය දෙස බැලුවොත් ඔවුන්ගේ ජීවිත කාලය පුරාම ඔවුන් කටයුතු කලේ එක් රීතියක් මත බව ඔබට වැටහෙනු ඇත. එනම් තමාගේ අසාර්ථකත්වයට කිසිදු සාදාරණ හේතුවක් නොමැති බවයි. ඔවුන්ට සාර්ථක නොවි සිටීමට කිසිදු හේතුවක් අදාල නොවන බවයි.


ඔබ ඔබේ අසාර්ථකත්වය සාදාරණීයකරනය නොකරන තාක් ඔබට සාර්ථකත්වය වෙත ලගා වීම නවතාලිය නොහැක. ඔබ අපේක්ෂා කරන ඉලක්කය වෙත යාමට ඇති බාදක ඔබට ඒ සදහා ලගා නොවී සිටීමට තරම් හේතුවක් ලෙස නොදකින තාක් ඔබට එම ගමන නවතා ලීමේ හැකියාවක් නැත. එමෙන්ම ඔබ නොනවතින තෙක් ඔබ පරාජය වන්නේද නැත. ඔබ යමක් සිය වරක් උත්සාහ කර එකසිය එක්වන අවස්ථාවේ නවතා දැමුවොත් ඔබ පරාජය වන්නේ එම අවස්ථාවේදීය. ඔබට ජය ගැනීමට ඇති අවස්ථාව නැති වී යන්නේ එම අවස්ථාවේදීය. නමුත් ඔබ එය නතර නොකරන තාක් කල් ඔබ අසාර්ථක වුවත් ඔබ සමග ජය ගැනීමට හැකි අවස්ථාවක්ද ඇත.


සෑම උත්සාහයක් තුලම ඔබට පරාජය වීමට අවදානමක් ඇතුවා වාගේම ජයගැනීමට හැකි වීමේ අවස්ථාවක්ද ඇත. එහෙයින් සෑම විටම අසාර්ථක වීමට ඇති හැකියාව වෙනුවට ජයගැනීමට ඇති හැකියාව ගැන අවදානය යොමු කරමින්, ඔබ සාර්ථක වෙන තුරුම නොකඩවා උත්සාහ කරන්න. කිසිම විටෙක කිසිම හේතුවක් එම උත්සාහය නතර කිරීමට සාදාරණ හේතුවක් කර නොගන්න. ඔබ ඔබගේ ගමන නවතයිනම් එය නැවතිය යුතු එකම තැන හෝ හේතුව විය යුත්තේ ජයග්‍රහනය පමණි.


සටහන: ව්‍යවසායක, මානව හැකියා හා මූල්‍ය උපදේශක චතුස්ක අමරසේකර

21 views
bottom of page