top of page

මානසික ඒකාග්‍රතාවයේ දියුණුතම "Laser Focused" මනසක් හදා ගන්න හැටි - (i)



මේ ලිපි මාලාවෙන් අපි ඔබට කියලා දෙන්න යන්නේ, ඔබේ මානසික ඒකාග්‍රතා හැකියාව, ඉතාම ඉහල මට්ටමක් දක්වා, එහෙමත් නැත්නම්, Laser Focused මට්ටමකින් ක්‍රියාත්මක වෙන මනසක් දක්වා දියුණු කරගැනීම වෙනුවෙන් ඔබ ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන.


"Laser Focused" මට්ටමක් කියන එකේ අදහස වෙන්නේ, සරලවම තමන්ට අවශ්‍ය ඕනෑම වැඩක් පටන් ගන්න තැන ඉදලා අවසන් වෙන තැන දක්වාම, පූර්ණ මානසික ඒකාග්‍රතාවයක් ඇතිව. එහෙමත් නැත්නම් මනස වෙන වෙන දේවල් වලට යොමු වෙන ස්වභාවයක් නැතිව පවත්වාගෙන යන්න තියෙන හැකියාවකට.


ඒ නිසා, ඔයාටත්, වැඩක් කරනකොට, හිත එක තැනක තියාගෙන ඒ වැඩේ අවසන් වෙනතෙක් කරගෙන යන්න අමාරු නම්, වැඩක් කරන්න පටන් ගත්තාම අනවශ්‍ය දේවල් මතක් වෙලා , එහෙමත් නැත්නම් වෙන වෙන අරමුණු වලට හිත දන්නේම නැතුව ගිහින් මානසික ඒකාග්‍රතාවය බිඳෙනවා නම්. ඒ තත්වය වෙනස් කරගෙන, ඔබේ ජීවිතයේ ලොකු වෙනසක් ඇති කරගන්න මේ ලිපි මාලාව ඔබට අනිවාර්යයෙන්ම වැදගත් වේවි.


Laser Focused මනසක් වෙනුවෙන් පලවෙනි පියවර


"Laser Focused" මට්ටමකට ලගා වීම වෙනුවෙන් ඔබ කල යුතු පලවෙනි දේ තමයි, ඔබේ මනසේ තියෙන ස්වභාවිත ඒකාග්‍රතා හැකියාවේ මට්ටම වෙනස් කිරීම.


අපි අපේ ශරීරය දිහා බැලුවොත් අපි හැමෝගෙම ශරීරය සකස් වෙලා තියෙන ආකාරය අනුව යම්කිසි ශක්ති මට්ටමක් මේ වෙලාවේ නිර්මාණය වෙලා තියෙනවා. අන්න ඒ ශක්ති මට්ටම අනුව අපිට යම් යම් බර ප්‍රමාණයන් ඔසවන්න හැකියාව ලැබිලා තියෙනවා. අන්න ඒ වගේ අපේ මනසත් සකස් වෙලා තියෙන ආකාරය අනුව අපිට ස්වභාවිකව ලැබිලා තියෙන මානසික ඒකාග්‍රතා හැකියා මට්ටමක් තියෙනවා.


ඉතින් මේ හැකියා මට්ටම ගොඩක් පහල මට්ටමක නම් තියෙන්නේ, ඔයා මොනවා කලත්, හිත එක තැනක තියාගෙන වැඩ කරන එක අමාරු වෙනවා. ඒක හරියට, කිලෝ 20 ඔසවන්න ශක්තිය තියෙන කෙනෙක්ට, ශක්තිය වැඩි කරගන්නේ නැතුව වෙන මොනවා කලත්, වැඩි බරක් ඔසවන්න බැරි වෙනවා වගේ දෙයක්.


ඒ නිසා, ඔබට ඉහල මානසික ඒකාග්‍රතා හැකියාවක් ඕනේ නම්, මුලින්ම මේ ස්වභාවිකව ලැබිලා තියෙන මානසික ඒකාග්‍රතා හැකියාවේ මට්ටම ඔබ ඉහල මට්ටමක් දක්වා වෙනස් කරගන්න ඕනේ.


මේ වෙනුවෙන්, විශේෂ හුස්ම ගැනීමේ හා පිට කිරීමේ රටා අනුව සකස් කල හුස්ම ගැනීමේ හා පිට කිරීමේ ව්‍යායාම සහ වෙනත් මානසික පුහුණු අභ්‍යාස භාවිතා කරන්න පුළුවන්.


හැබැයි මෙතැනදී ගැලපෙන අභ්‍යාස භාවිතා කරන එකත් හරිම වැදගත්, උදාහරණයක් විදිහට හුස්ම ගැනීමේ හා පිටකිරීමේ ව්‍යායාම කිව්වාම, බොහෝ දෙනෙක් හිතනවා මේ කියන්නේ ආනාපානා සති භාවනාව වගේ දෙයක් කියලා.


නමුත් ඒක එහෙම නෙමේ, මෙතැනදී වඩා වදගත් වෙන්නේ හුස්ම ගැනීමේ රටාව කියන එක. මොකද එකිනෙක හුස්ම ගැනීමේ හා පිට කිරීමේ රටාවන් අපි තුල විවිද මානසික හා ශාරීරික රසායනික (Body Chemistry) තත්වයන් නිර්මාණය කරනවා.


උදාහරණයක් විදිහට ඔබ මුඛයෙන් වේගයෙන් කෙටි හුස්ම ගැනීමේ හා පිට කිරීමේ රටාවක් පවත්වාගෙන ගියොත්, එතැනදී සිදු වෙන්නේ, ඔබේ ශරීරය තුල තියෙන විඩාව, වෙහෙසකර ගතිය, වගේ දේවල් යතා තත්වයට පත් වීම.


ඒ නිසා තමයි, අපි ශාරීරික වෙහෙසට පත් වුනාම හති අරිනවා, කියලා කටින් වේගයෙන් හුස්ම ගැනීම හා පිටකිරීම කරන්නේ.


අනිත් අතට ඔබ, ඉතාම දීර්ග, ගැඹුරු, සෙමින් සිදුකරන හුස්ම ගැනීමේ හා පිට කිරීමේ රටාවක් පවත්වාගෙන ගියොත් ඒක බලපාන්නේ මනසේ සැහැල්ලු හා නිදහස් (Relaxation) බවට.


අන්න ඒ වගේ, ඔබ හුස්ම ගන්න හා පිට කරන ස්ථානය, හුස්ම ගන්න හා පිටකරන වේගය, කෙටි හුස්මක්ද දීර්ග හුස්මක්ද යන්න, විනාඩියකට සිදු කරන හුස්ම ගැනීම් හා පිට කිරීම් වාර ගනන වගේ දේවල් එක්ක, මනසේ වගේම ශරීරයේ විවිද තත්වයන්ට බලපෑම් ඇතිවෙන ආකාරයෙන් අපිට හුස්ම ගැනීම හා පිටකිරීමේ අභ්‍යාස කරන්න පුළුවන්.


අන්න ඒ නිසා හරි, ගැලපෙන අභ්‍යාස එක්ක මේ වැඩේ කරන එක හරිම වැදගත්, එහෙම නැතුව, වැරැදි අභ්‍යාසයක් ඔබ අවුරුදු ගානක් කලත්, ඒ හරහා ඔබට ප්‍රතිඵල ලැබෙන්නේ නෑ.


ඒක හරියට, ශරීරයේ එකිනෙක තැන් වල මාංශ පේශී වර්ධනය කර ගන්න, ඒ වෙනුවෙන් ගැලපෙන වෙනස් ව්‍යායාම කරන්න ඕනේ වගේම දෙයක්.


සාමාන්‍යයෙන් ඔබේ මනසට පූර්ණ මානසික ඒකාග්‍රතා මට්ටමක් පවත්වාගෙන යන්න හැකියාවක් නැත්නම්, ඔබේ මනස ප්‍රධාන මට්ටම් තුනකට යටත්ව, මානසික ඒකාග්‍රතා හැකියා මට්ටමක් පවත්වාගෙන යන්න පටන් ගන්නවා. ඒ මට්ටම් තුන වෙන්නේ

  • Scattered Level

  • Stubborn Level

  • Fickleness Level


කියන මට්ටම් තුන,


මෙන්න මේ මට්ටම් තුනෙන් කුමන මට්ටමකද ඔබේ මනස පවතින්නේ කියලා බලලා, ඒ අනුව තමයි, ඔබ පුහුණු විය යුතු අභ්‍යාස අනිවාර්යයෙන්ම තෝරා ගැනීම කල යුත්තේ.


උදාහරණයක් විදිහට, අපි හිතමු, පූර්ණ මානසික ඒකාග්‍රතාවයක් පවත්වාගෙන යන්න තියෙන හැකියාව, කිලෝ 100ක බරක් ඔසවන්න පුලුවන් වීමට සමානයි කියලා.


එතැනදී, කිලෝ 100ක බරක් ඔසවන්න බැරි අය අපි කොටස් තුනකට වර්ග කලොත්, එතැන ඉන්න පුළුවන්,


කෙට්ටු වැඩි නිසා, ඒ බර දරා ගන්න බැරි අය,

ඒ වගේම මාංශ පේශී ශක්තිමත් නැති නිසා ඒ බර දරා ගන්න බැරි අය,

ඒ වගේම එතැන ඉන්න පුළුවන් අස්තී ශක්තිමත් නැති නිසා ඒ බර දරා ගන්න බැරි අය.


එතැනදී අපිට මේ බර දරන්න බැරි වෙන්න තියෙන හේතුව බලලනේ, ඒ හැකියාව ගොඩනගන්න කල යුතු දේ තීරණය කරන්න වෙන්නේ.


කෙට්ටු වැඩි කෙනෙක්ට නම්, අපිට මාංශ පේශී වර්ධනය වෙන ආහාර, ව්‍යායාම එක්ක තමයි ඒ හැකියාව ගොඩනගන්න වෙන්නේ.


මාංශ පේෂී ශක්තිමත් නැති කෙනෙක්ට නම්, මාංශ පේෂි ශක්තිමත් කරන ව්‍යායාම එක්ක තමයි, ඒ හැකියාව ගොඩනගන්න වෙන්නේ,


ඒ වගේම, අස්තී ශක්තිමත් නැති කෙනෙක්ට, අස්ති වල ශක්තිය වැඩි වෙන්න අවශ්‍ය බෙහෙත් හරි, ආහාර හරි එක්ක තමයි , ඒ හැකියාව ගොඩනගන්න වෙන්නේ.


අන්න ඒ වගේම තමයි, මානසික ඒකාග්‍රතාවය ඉහල මට්ටමකින් පවත්වාගෙන යන්න බැරි මනසක් තියෙන මට්ටම අනුව තමයි, ඔබ භාවිතා කල යුතු අභ්‍යාසය තීරණය වෙන්නේ.


එතැනදී

  • Scattered Level එකට ගැලපෙන අභ්‍යාස

  • Stubborn Level එකට ගැලපෙන අභ්‍යාස

  • Fickleness Level එකට ගැලපෙන අභ්‍යාස

ලෙස අපිට අභ්‍යාස තෝරා ගන්න වෙනවා! එතැනින් තමයි අපිට ඇත්තටම , ඉතාම ඉහල මට්ටමේ , එහෙමත් නැත්නම් Laser Focused මට්ටමේ මානසික ඒකාග්‍රතා හැකියාවක් තියෙන මනසක් ගොඩනගා ගන්න ඕනේ නම් ඒ ගමන අපි පටන් ගත යුතු තැන වෙන්නේ.


අපි මෙන්න මේ ගැන තමයි, අප්‍රේල් 30 පැවැත්වෙන, මානසික ඒකාග්‍රතාවය දියුණු කිරීමේ වැඩසටහනේ ( Advance Level Workshop ) පලවෙනි පාඩමෙන් සාකච්චා කරන්නේ. මේ ගැන ඔබට තව දුරටත් එතැනදී ඉගෙන ගන්න පුළුවන්!


තාමත් ලියාපදිංචි වුනේ නැත්නම් වැඩි විස්ථර දැන ගන්න, FOCUS ලෙස සදහන් කල පණිවිඩයක් 0769705622 අංකයට යොමු කරන්න.

230 views

1 comentário

Avaliado com 0 de 5 estrelas.
Ainda sem avaliações

Adicione uma avaliação
Irani Pathirana
Irani Pathirana
20 de abr. de 2023

Focus

Curtir
bottom of page