මේ ලිපිය කියවන ඔබ, ඕනෑම ආකාරයක සාර්ථකත්වයක් අපේක්ෂා කරන, ඒ වගේම ජීවිතයේ ඕනෑම ආකාරයක වෙනසක් අපේක්ෂා කරන කෙනෙක් වෙන්න පුළුවන්,
නමුත් ඔබ ඒ සාර්ථකත්වය වෙත ලගා වෙන්න, එහෙම නැත්නම් ඒ වෙනස ඇතිකර ගන්න කොතරම් උත්සාහ කලත් ඔබට ඒ දේ කරන්න හරි අමාරුයි කියලා දැනෙනවානම් මේ ලිපිය අපි ඍජුවම ලියන්නේ ඔබ වෙනුවෙන්.
මේ ලිපියෙන් අපි ඔබට කියලා දෙන්න යන්නේ, "ස්වයං මෝහනය" කියන විශේෂ මනෝවිද්‍යාත්මක උපක්‍රමය භාවිතා කරලා, ඉතාම කෙටි කාලයක් තුල, ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්නේ කොහොමද කියන දේ ගැන.
ඒ නිසා ඔබත් ජීවිතය තුල වෙනසක් ඇතිකර ගන්න හිතන කෙනෙක් නම්, මිනිත්තු කීපයකට ඔබේ වැඩකටයුතු නවත්වලා, මේ ලිපිය හරි අවබෝධයකින් යුතුව කියවන්න. මොකද මේ ලිපිය තුල ඔබ ඉගෙන ගන්න දේවල් එක්ක, මීලග මොහොතේ සිට ඔබ ඔබේ ජීවිතය මෙහෙයවන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුලුවන්.
අපි මේ කතාව ස්වයං මෝහනය කියන්නේ මොකක්ද කියන තැනින් පටන් ගනිමු. ඒක මේ ලිපිය හරියට තේරුම් ගැනීම වෙනුවෙන් ඉතාම වැදගත්.
අපිට අපේ පරිගණකය හරහා හෝ, ජංගම දුරකතනය හරහා කරන්න පුලුවන් දේවල් වල ස්වභාවය වෙනස් කරගන්න අවශ්‍ය වුනොත්, අපිට ඒ දේ ඉතාම පහසුවෙන්, එයට අදාල Application එකක් හරි Software එකක් හරි (මෘදුකාංගයක්) අපේ පරිගනකයට හෝ ජංගම දුරකතනයට ඇතුලත් කරලා කරන්න පුලුවන්,.
උදාහරණයක් විදිහට, අපිට අපේ පරිගණකයෙන් හෝ ජංගම දුරකතනයෙන් ඡායා රූප සංස්කරණය (Photo Editing) කරන්න අවශ්‍යනම්, ඒ වගේම ඒ හැකියාව අපේ පරිගණකය හෝ ජංගම දුරකතනය තුල නැත්නම්, අපිට තත්පර කීපයක් තුල, එයට අදාල Application එකක් හෝ Software එකක් එයට ඇතුලත් කරලා, මේ හැකියාව සහිත පරිගණකයක් හෝ ජංගම දුරකතනයක් බවට මෙය පරිවර්ථනය කර ගන්න පුලුවන්.
ඔබ දන්නවාද, මෙන්න මේ විදිහටම අපිට අපිව වෙනස් කරගන්නත් පුලුවන් කියලා?
"මෝහනය" කියන විෂයට මූලිඛ පදනම සැපයෙන්නේ මෙන්න මේ කරුණත් එක්ක.
මිනිස් මනස කියන්නේ හරියටම පරිගණකයක හෝ ජංගම දුරකතනයක තියෙන මෘදුකාංග පද්දතිය වගේ දෙයක්, මේකේ තියෙන දත්ත එක්ක තමයි, අපේ ජීවිතයේ හැම දෙයක්ම වගේ තීරණය වෙන්නේ.
සරලවම කිව්වොත්, ඔබ කතා කරන භාෂාව, ඔබේ රුචි අරුචි කම්, ඔබේ හීන, ඔබේ විශ්වාසයන්, ඔබට දැනෙන හැගීම් හා දැනීම්, ඔබේ චර්යා රටාවන් හා පුරුදු ඇතුලු හැම දෙයක්ම, අවසාන වශයෙන් සිද්ද වෙන්නේ ඔබේ මනසේ තියෙන දත්ත වලට සාපේක්ෂව.
ඒ නිසා මේ දත්ත යම්කිසි විදිහකින් වෙනස් වුනොත්, ඒ මොහොතේ සිට ඒ වෙනසට සාපේක්ෂව ඔබේ ජීවිතය වෙනස් වෙනවා.
මේ කියන කාරණාව කොතරම් ප්‍රබලද කියන දේ ඔබට තේරුම් ගැනීම වෙනුවෙන් දෙන්න පුලුවන් හොදම උදාහරණයක් තමයි, වේදනා නාශකයක් ලෙස මෝහනය යොදා ගැනීමට අදාල පරීක්ෂණ.
අපි හිතමු ඔබේ අතේ ඇගිල්ලක් තුවාල වුනා කියලා, මෙතැනදී ඔබට දැනෙනවා වේදනාවක්. හැබැයි ඔබ දන්නවාද, මේ වේදනාව දැනීමට අදාල දත්ත ඔබේ මනසින් ඉවත් වුනොත්, ඔබට එය නොදැනෙන බව?
විශේෂයෙන්ම මේ ක්‍රම අතීත වෛද්‍ය ක්රමයන් තුල භාවිතා වූ බවට ජනප්‍රවාද හා පැරැනි පෙරදිග විද්‍යාවන්ට අදාල විෂය පද්දතීන් තුල සාක්ෂි බොහෝමයක් හමුවෙනවා,
ඒ වගේම මේ සාක්ෂි පදනම් කරගෙන, මෙහි සත්‍ය බව තහවූරු කරගැනීම වෙනුවෙන් කල බටහිර විද්‍යාත්මක පරීක්ෂණ රාශියකුත් වර්ථමානය වන විට තියෙනවා.
ඒ නිසා මේ අපි සාකච්චා කරන්නේ පුංචි මාතෘකාවක් ගැන නෙමෙයි, මේ විෂය මොහොතකින් ඔබේ ජීවිතයම උඩු යටිකුරු කරන්න තරම් ප්‍රබල විෂයක්.
දැන් සමහර විට ඔබට හිතෙයි, එහෙම කරන්න පුලුවන් නම්, සම්පූර්ණයෙන්ම මේ දත්ත ඉවත් කරලා, අපිට අවශ්‍ය දත්ත එක්ක නැවත මනස සකස් කලොත් ඕනෑම මිනිසෙක්ව වෙනස් කරන්න පුලුවන්නේ කියලා..
අදහසක් විදිහට බැලුවොත්, ඒක ඇත්තටම කරන්න පුලුවන් දෙයක්. හැබැයි ප්‍රායෝගික මට්ටමේදී ඕක හිතන තරම් ලේසි නෑ.
උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. සමහර මෘදුකාංග තියෙනවා, ඒ මෘදුකාංග හරියට ක්‍රියාත්මක වෙන්න නම්, යම් යම් සුවිශේෂී තත්වයන් ඔබේ පරිගණකය තුල සකස් වෙලා තියෙන්න ඕනේ. එහෙම නැතිව ඒ මෘදුකාංග පරිගනකයට ඇතුලත් කලොත්, සමහර වෙලාවට, කරගන්න පුලුවන් දේවල් වත් කරගන්න බැරි වෙන ස්වභාවයක් පරිගණකය තුල ඇති වෙනවා.
ඒ නිසා, මනස තුල තියෙන දත්ත හිතුමනාපෙට වෙනස් කරන්න ගියොත්, දියුණුව වෙනුවට විනාශය ලගා වෙන්නත් පුලුවන්.
උදාහරණයක් විදිහට හිතමු ඔබ අධික ලෙස මත්පැන් පානය කරන්න පුරුදු වුන කෙනෙක් කියලා, අපිට අවශ්‍යනම් පුලුවන් මේ පුරුද්දට අදාල මානසික දත්ත වෙනස් කරලා, ඔබව වෙනස් පුද්ගලයෙක් බවට පත් කරන්න.
නමුත් ඔබ ඒ පුරුද්ද පටන් අරන් තියෙන්නේ, යම් කිසි මානසික වේදනාවකට පිලියමක් විදිහට නම්, මේ පුරුද්ද වෙනස් වෙච්ච ගමන්, ඔබට අර වේදනාවෙන් මිදීම වෙනුවෙන් ඔබ සකස් කරගෙන තිබුන ක්‍රමය ඔබට අහිමි වෙනවා.
එතකොට, බීමත් කමෙන් මිදුනට, බීමත් කම නිසා මහ හැරුන වේදනාව ඔබට නැවත දැනෙන්න පටන් ගන්නවා. ඒ නිසා, නැවත ඒ වේදනාවෙන් මිදීම වෙනුවෙන්, බීමත් වීමට වඩා නරක දෙයකට ඔබ යොමු වෙන්නත් පුලුවන්. එහෙම වුනොත්, එතැනදි වෙන්නේ ප්‍රශ්ණයක් විසදීමට වඩා, ප්‍රශ්ණ දෙගුණ තෙගුණ කිරීමක්.
ඒ නිසා, හිතු මනාපෙට මනසේ තියෙන දත්ත වෙනස් කිරීම හොද දෙයක් නෙමේ. එය හරි ආකාරයෙන් කල යුතු දෙයක්. හැබැයි අපිට පුලුවන් නම්, එය හරි ආකාරයෙන්, හානියක් නොවන ලෙස ක්රමාණුකූලව කරන්න, ඒ හරහා අපිට අපි තුල, ඒ වගේම අපේ ජීවිතය තුල ගොඩනගා ගන්න අවශ්‍ය ඕනෑම වෙනසක් ඉතාම පහසුවෙන් ඇතිකර ගන්න පුලුවන්.
මෙන්න මේ විදිහට අපිව වඩාත් සුරක්ෂිත ආකාරයෙන්, වේගවත්ව වෙනස් කරගන්න, අපිට භාවිතා කරන්න පුලුවන් හොඳම ක්‍රමයක් තමයි "ස්වයං මෝහනය" කියන්නේ.
ස්වයං මෝහනයේදී සිදුවෙන දේ තමයි, ඔබට අවශ්‍ය වෙනස මනස තුල ක්රමාණුකූලව ගොඩනැගීම. එය එක්වර දත්ත වෙනස් කිරීමක් නෙමෙයි. ඒ නිසා, ඔබ යම් දත්තයක් වෙනස් කරනවානම්, එයට අදාලව පවතින අනෙකුත් දත්ත වලටත් එයට ගැලපෙන ලෙස වෙනස් වෙන්න කාලයක් මේ හරහා ලැබෙනවා.
ඒ නිසා මෙහිදී අර කලින් උදාහරණයේදී පැහැදිලි කලා වගේ මානසික දත්ත වෙනස් වීම නිසා ගැටලු ඇතිවීමක් වෙන්නේ නෑ. හැබැයි සාමාන්‍ය මිනිසුන්ට සාපේක්ෂ ඉතාම ප්‍රබල විදිහේ වෙනස් කම් ඔබේ ජීවිතය තුල ඇතිකරගන්න ඔබට මේ හරහා පැහැදිලි හැකියාවක් තියෙනවා.
කොහොම වුනත්, මෙවැනි ක්‍රම භාවිතා කිරීමේදී, අපි අනුගමනය කල යුතු නිශ්චිත නීති හා පියවර පද්දතියක් තියෙනවා. එහෙම හරි ආකාරයෙන් මේ වැඩේ කලොත් විතරයි, මේ සුරක්ෂිත බව හා ප්‍රතිඵල අපිට හරි ආකාරයෙන් ලබා ගන්න පුලුවන් වෙන්නේ.
ඒ වගේම මේ ක්‍රමය භාවිතා කරලා ඔබට ගොඩනගා ගන්න පුලුවන් වෙනස් කම් වල සීමාවකුත් නෑ.
ඔබට අවශ්‍ය අධ්‍යාපණික වශයෙන් වේගයෙන් ඉදිරියට යන්න නම්, අධ්‍යාපණ කටයුතු ඉතාම ඉහල මට්ටමකින් කල හැකි පුද්ගලයෙක් ලෙස ඔබව පරිවර්ථනය කරගන්න නම්, ඔබට ඒ වෙනුවෙන් මේ දේ භාවිතා කරන්න පුලුවන්.
ඔබට අවශ්‍ය පවුල් ජීවිතය තුල සාර්ථක වෙන්න නම්, වඩාත් හොද බිරිදක් හෝ සැමියෙක් ලෙස වෙනස් වෙන්න නම්, ඔබට ඒ වෙනුවෙනුත් මෙය භාවිතා කරන්න පුලුවන්,
නැත්නම් ඔබට අවශ්‍ය, යම් කිසි භාෂාවක් තුල සුවිශේෂී නිපුනතාවයක් ඇති කර ගන්න නම්, ඒ වගේ දෙයකටත් මෙය භාවිතා කරන්න පුලුවන්,
එහෙම නැත්නම්, ඔබට අවශ්‍ය රැකියාවෙන් හෝ ව්‍යාපාර වලින් සාර්ථක වෙන්න නම්, ඔබේ රාජකාරී ඉතාම කාර්යක්ෂමව සිදුකරන පුද්ගලයෙක් බවට පරිවර්ථනය වෙන්න නම් ඔබට ඒ වෙනුවෙනුත් මේ දේ භාවිතා කරන්න පුලුවන්.
නැත්නම් ඔබට අවශ්‍ය, ඔබේ නරක පුරුද්දක්, මානසික වේදනාවක්, වගේ දෙයක් ඉවත් කර ගන්න නම්, ඒ වෙනුවෙනුත් මෙය ඔබට ඉතාම සාර්ථකව භාවිතා කරන්න පුලුවන්.
මුලින්ම මම මගේ ජීවිතය තුල ස්වයං මෝහන උපක්‍රම භාවිතයට ගන්නේ, "පරිගණක ක්‍රීඩා සහ සමාජ මාධ්‍ය" භාවිතයට තිබුණු දැඩි ඇබ්බැහි වීමෙන් මිදෙන්න. මේ ඇබ්බැහිය සති කීපයක් තුල සම්පූර්ණයෙන්ම නවතා ගන්න මට මේ ක්‍රමයත් එක්ක හැකි වුනා.
එතැනින් එහාට, වසර 15කට ආසන්න කාලයක් තිස්සේ, පුරුදු වෙනස් කර ගැනීම වෙනුවෙන්, මානසික පීඩනයන්, අහිත කර මතකයන් වගේ දේවල් ඉවත් කර ගැනීම වෙනුවෙන්, භාෂා හැකියාවන් දියුණු කර ගැනීම වෙනුවෙන්, ඒ වගේම චර්යාත්මක හා ආකල්පමය වෙනස්කම් ඇතිකර ගැනීම වෙනුවෙන් වගේ බොහෝමයක් දේවල් වලට මම මේ ක්‍රමය අදටත් භාවිතා කරනවා.
ඒ නිසා, ඔබටත් අවශ්‍ය කෙටි කාලයක් තුල ප්‍රබල වෙනසක් ඇතිකර ගන්න නම්, මම ඔබටත් යෝජණා කරන්නේ ස්වයං මෝහනය වැනි උපක්‍රමයක් ඒ වෙනුවෙන් උත්සාහ කරලා බලන්න කියලා. බොහෝ වෙලාවට පලමු දවසේ ඉදලම ඔබට ඒ වෙනස ඔබ තුල නිර්මාණය වෙන හැටි ප්‍රායෝගිකව අත්විදින්න හැකියාව ලැබෙයි.
නමුත් මේ ශිල්ප ක්‍රම ගැන හරි අවබෝධයක් ඇතිව, මේ දේවල් අත් හදා බැලීම අනිවාර්යයෙන්ම සිදු කරන්න, මොකද ස්වයං මෝහන අභ්‍යාසයක් සිදු කරනකොට, ඔබ ඒ වෙනුවෙන් අනුගමනය කල යුතු නිශ්චිත පියවර තිබෙනවා. ඒ වගේම විවිධ අවශ්‍යතා අනුව තෝරා ගත යුතු අභ්‍යාස ක්‍රම තිබෙනවා.
සරලවම කිව්වොත්, හැම අභ්‍යාසයක්ම හැම දේකටම හරි යන්නේ නෑ.
ඒ නිසා, අරමුණට ගැලපෙන අභ්‍යාස තෝරගෙන, හරි ආකාරයෙන් අවශ්‍ය පියවර අනුගමනය කරමින් මේ දේවල් කරන එක ඉතාම වැදගත්.
"ස්වයං මෝහණය" පිලිබද වැඩි දුරටත් ඉගෙන ගැනීමට ඔබ කැමැතිනම්, මානව හැකියා සංවර්ධන පුහුණු උපදේශක චතුස්ක අමරසේකර මහතා විසින් පවත්වන, "ස්වයං මෝහණය" පිලිබද පුහුණු වැඩසටහන් සම්බන්දයෙන් විස්ථර ලබා ගැනීමට,
SELFHYPNO <හිස්තැනක්> ඔබේ නම සදහන් කල Whatsapp පණිවිඩයක් 0764393624 අංකයට යොමු කරන්න.
එමෙන්ම පණිවිඩය යොමු කිරීමට පෙර ඉහත අංකය ඔබේ ජංගම දුරකතනයේ Save කර ගන්න. ඉන්පසු ඉදිරියේදී පැවැත්වෙන පුහුණු වැඩසටහන් පිලිබද විස්තර හා මේ සම්බන්දයෙන් නිකුත් වන ලිපි, වීඩියෝ වැඩසටහන්, ස්වයංක්‍රීයවම ඔබේ Whatsapp අංකයට ලැබෙනු ඇත.
මානසික තත්වයන් දියුණු කිරීම පිලිබදව අප නිකුත් කර ඇති eBook, පහතින් Download කර ගන්න
මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යාමේ හැකියාව, ඉතාම ඉහල මට්ටමක් දක්වා රැගෙන ඒම වෙනුවෙන් ඔබ ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන, පියවර සහිත උපදෙස් හා අභ්‍යාස ඇතුලත් උපදෙස් පොතකි.
සාමාන්‍ය ආකර්ෂණ නීති සංකල්ප වලින් එහාට ගොස්, අවිංඥාණික මනස තුල වන ශක්තීන් ප්‍රායෝගිකව අවධි කරන ආකාරය පිලිබද උපදෙස් හා පියවර සහිත අභ්‍යාස ඇතුලත් උපදෙස් පොතකි.
ධනාත්මක මානසිකත්වයක් පවත්වාගෙන යාම වෙනුවෙන් ඔබට භාවිතා කල හැකි සරල උපක්‍රම පිලිබද ඍජු පාඩම් සහිත ප්‍රායෝගික උපදෙස් පොතකි
වෙබ් අඩවිය හරහා බාගත කර ගන්න අපහසු අයට, අපගේ බැංකු ගිණුමට මුදල් බැර කර පොත eMail එකක් ආකාරයෙන් ලබා ගන්නත් පුලුවන්. ඒ වෙනුවෙන් +94764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න
Comments