මෝහනය වැනි උපක්‍රම හරහා මනසේ ප්‍රබල වෙනස් කම් ඇති කර ගැනීමත්, ඒ හරහා ජීවිතය වෙනස් කර ගැනීමත් කියන දේ ගැන අපි කලින් ඉදිරිපත් කල ස්වයං මෝහනය ගැන ලිපියේදී අපි සදහන් කලා.
මේ ලිපිය කියවපු බොහෝ දෙනෙක් මේ මානසික වෙනස්කම් ඇතිකර ගැනීම ගැන වැඩි වැඩියෙන් විමසීම් කල නිසා, මම හිතුවා අමතර කියවීමක් ලෙස මේ ලිපියත් ඔබට ඉදිරිපත් කරන්න.
ඔබ හැම කෙනෙක්ම America's Got Talent කියන වැඩසටහන ගැන අහලා ඇති. එක්තරා අවස්ථාවක මේ වැඩසටහනේදී හරි අපූරු දෙයක් වෙනවා. එයට සහබාගී වෙනවා Chris Jones මෝහන ශිල්පියෙක්.
ඔහු එහිදී එහි විනිසුරුවරයෙක් ලෙස සිටින ප්‍රසිද්ද රූපවාහිනී නිවේදකයෙක්, විකට ශිල්පියෙක් හා නලුවෙන් වන Howie Mandel ව මෝහනයට පත් කරනවා.
Howie Mandel කියන්නේ කාලයක සිට OCD (Obsessive-compulsive Disorder.) යන මානසික රෝගී තත්වයකින් පෙලන පුද්ගලයෙක්. ඒ නිසා ඔහු කිසිම අවස්ථාවක කාත් එක්කවත් අතට අත දෙන්න යන්නේ නෑ. ඔහු එයට දැඩි අප්‍රිය බවක් දක්වනවා ඒ වගේම ඔහුට එය අපහසුතාවයට පත් වෙන දෙයක්.
නමුත් America's Got Talent වේදිකාවට එන Chris Jones, තත්පර කීපයක් ඇතුලත් Howie Mandel එවැනි ගැටලුවක් නැති පුද්ගලයෙක් බවට පත් කරනවා.
වේදිකාව තුලදී Howie Mandel ව මෝහනයට ලක් කරන Chris Jones, Howie Mandel ගේ මනසට, ඔහු අත්වැසුමක් පැලැද සිටින බවත්, ඒ නිසා ඔහුට අතට අත දීම තවදුරටත් ගැටැලුවක් නොවන බවටත් තොරතුරක් ඔහුගේ මනසේ තැම්පත් කරනවා.
නමුත් ඔහු සැබෑවටම එවැන්නක් කරන්නේ නැහැ. නමුත් Howie Mandel ගේ මනස තුල වන තොරතුරු Chris Jones විසින් මෝහනය තුලදී වෙනස් කර ඇති නිසා, ඔහු ක්‍රියාත්මක වෙන්නේ, අත්වැසුමක් තියෙන අයුරින්.
මේ සිදුවීමේ සම්පූර්ණ වීඩියෝව ඔබට පහතින් බලා ගන්න පුලුවන්, එයත් බලලා මේ ලිපියේ ඉතිරි කොටස කියවන්න.
මේ සිදුවීමෙන් පසු ඇතැමුන් මෙය බොරුවක් ලෙස ඇතැමුන් සිතුවත්, පසුව මේ පිලිබද අදහස් දැක්වූ Howie Mandel පැවැසුවේ, එය සැබෑවටම සිදුවූ දෙයක් බවත්, ඔහු ඉන්පසු, ඒ වෙනුවෙන් ප්‍රතිකාර වලට පවා යොමු වූ බවයි.
මනස හා ජීවිතය යනු කොතරම් අපූරු දෙයක්ද යන්න තේරුම් ගැනීමට මෙය කදිම උදාහරණයක්. පෙරදිග මනෝවිද්‍යාත්මක සංකල්ප, යෝග හා වේද විද්‍යා සංකල්ප, බෞද්ධ ඉගැන්වීම් වැනි බොහෝමයක ජීවිතය යන්න අදුන්වන්නේ, මනස විසින් ගොඩනගන මායාවක් ලෙසයි.
ඔබ අත්විදින සියල්ල අවසාන වශයෙන්, මනසේ වන දත්ත සමූහයකට සාපේක්ෂව අත්විදින අත්දැකීමකි.
සාර්ථකත්වය සම්බන්දයෙන් වන බොහෝ අදහස් බහුතරයක් දෙනා හරියට තේරුම් නොගන්නා බව මම බොහෝ වැඩසටහන් වලදී ඔබට සදහන් කර ඇති බව ඔබට මතක ඇති.
නිකමට සිතන්න, "සාර්ථක වෙන්න අවශ්‍යනම් මුලින්ම මනසින් වෙනස් වෙන්න" යන ඔබ නිතර අසන සාර්ථකත්වයේ උපදෙස ගැන.
බොහෝ විට මේ කතාව බොහෝ දෙනෙක් තේරුම් ගන්නේ අභිප්‍රේරණයට අදාල, "මම කොහොම හරි ජයගන්නවා" කියලා හිතීමට අදාලව කියපු දෙයක් විදිහට.
නමුත් ඔබ මෝහනය වගේ මාතෘකාවක් , එක්ක මේක හිතුවොත්, එය ඇතුලේ කොතරම් ගැබුරු අදහසක් තිබෙනවාද යන්න ඔබට දැනෙයි.
බොහෝ වෙලාවට මේ ආකාරයෙන් මනස වෙනස් කරලා අපේ ජීවිතය වෙනස් කල හැකිනම්, ඇයි අපි ඒ ආකාරයෙන් අපිට අවශ්‍ය ජීවිතය ගොඩනගා නොගන්නේ කියලා ඔබට හිතෙන්නත් පුලුවන්. නමුත් ඔබ කලින් ලිපිය කියෙව්වානම් ඔබට මතක ඇති මෙහි තියෙන අවදානමට අදාලව සදහන් කල දේ. (මේ ගැන අදහසක් නැත්නම්, කලින් ලිපිය කියවන්න, එයට අදාල සබැදිය, ලිපිය අවසානයේ සදහන්)
ඒ නිසා මේ ආකාරයෙන් මනස වෙනස් කිරීම අතිශය අවදානම් දෙයක්. ඒ වගේම බාහිර පාර්ශවයක් හරහා මෝහනයට පත්වීම ඊටත් වඩා අවදානම් දෙයක්. මොකද එහිදී සිදුවෙන්නේ, ඍජුවම ඔබව පාලනය කිරීමේ සම්පූර්ණ බලය වෙතක් පාර්ෂවයකට පැවැරීමක්.
ඒ නිසා බොහෝ වෙලාවට එවැන්නක් මෙහෙයවන මෝහන ශිල්පියාත්, එයට ලක්වන පුද්ගලයාත් ඒ වෙනුවෙන් යොමු විය යුත්තේ දීර්ග කාලීන අද්‍යයනයකින් පසුව.
මෙය කොතරම් දුරදිග යා හැකිද යන්න ගැන අවබෝධයක් ලබා ගැනීමට මා ඔබට පුංචි දෙයක් සදහන් කරන්නම්.
පළමු ලෝක යුද්ධය අවසානයේදී, හිට්ලර් හට මෝහන ප්‍රතිකාර ලබා දුන් එඩ්මන්ඩ් ෆෝස්ටර් නම් වෛද්‍යවරයෙක් සිටියා, ඔහු හිට්ලර් තුල වූ විශිෂ්ටත්වය කරා යාමට ඇති ආශාව වඩාත් ඒ හරහා තියුණු කල බවත්, එය ඔහුට දෙවියන් මෙන් බලවත් වීමට ඇති ආසාවක් දක්වාම දියුණු කල බවත් සදහන් වෙනවා.
එහි ප්‍රතිඵලය වුනේ දෙවන ලෝක යුද්ධය.. අවසානයේ සිදු වූ දෙය තේරුම් ගත් එඩ්මන්ඩ් ෆෝස්ටර්, තමා අතින් වූ වරදේ බරපතල කම දරා ගැනීමට නොහැකිව, 1933 දී දිවි නසා ගත් බවත් සදහන් වෙනවා.
මේ නිසා, මනසත් එක්ක හිතුමනාපෙන සෙල්ලම් කිරීමනම් හොද දෙයක් නෙමේ.
කොහොම වුනත්, මේ අවදානමෙන් මිදී තමන්ට අවශ්‍ය වේගවත් වෙනස්කම් ඇතිකරගන්න පුලුවන් වෙනත් ක්‍රම නැතුවාම නෙමෙයි. එයින් එක් ක්‍රමයක් තමයි ස්වයං මෝහනය.
මෙය එක්තරා විදිහකින්, ඔබ විසින් ඔබවම මෝහනයට ලක් කර ගැනීමක්. ඒ වගේම මෙය ඉතාම අවදානම් අඩු, බොහෝ විට අවදානම් නැති මට්ටමක ක්‍රමයක්.
නමුත් සාධනීය මට්ටමක ප්‍රතිඵල වෙනුවෙන්, හරි අවබෝධයක් සහ නිවැරැදි ක්‍රම ශිල්ප භාවිතයෙන් කල යුතු දෙයක්
ඒ වගේම මේ ක්‍රමය භාවිතා කරලා ඔබට ගොඩනගා ගන්න පුලුවන් වෙනස් කම් වල සීමාවකුත් නෑ.
ඔබට අවශ්‍ය අධ්‍යාපණික වශයෙන් වේගයෙන් ඉදිරියට යන්න නම්, අධ්‍යාපණ කටයුතු ඉතාම ඉහල මට්ටමකින් කල හැකි පුද්ගලයෙක් ලෙස ඔබව පරිවර්ථනය කරගන්න නම්, ඔබට ඒ වෙනුවෙන් මේ දේ භාවිතා කරන්න පුලුවන්.
ඔබට අවශ්‍ය පවුල් ජීවිතය තුල සාර්ථක වෙන්න නම්, වඩාත් හොද බිරිදක් හෝ සැමියෙක් ලෙස වෙනස් වෙන්න නම්, ඔබට ඒ වෙනුවෙනුත් මෙය භාවිතා කරන්න පුලුවන්,
නැත්නම් ඔබට අවශ්‍ය, යම් කිසි භාෂාවක් තුල සුවිශේෂී නිපුනතාවයක් ඇති කර ගන්න නම්, ඒ වගේ දෙයකටත් මෙය භාවිතා කරන්න පුලුවන්,
එහෙම නැත්නම්, ඔබට අවශ්‍ය රැකියාවෙන් හෝ ව්‍යාපාර වලින් සාර්ථක වෙන්න නම්, ඔබේ රාජකාරී ඉතාම කාර්යක්ෂමව සිදුකරන පුද්ගලයෙක් බවට පරිවර්ථනය වෙන්න නම් ඔබට ඒ වෙනුවෙනුත් මේ දේ භාවිතා කරන්න පුලුවන්.
නැත්නම් ඔබට අවශ්‍ය, ඔබේ නරක පුරුද්දක්, මානසික වේදනාවක්, වගේ දෙයක් ඉවත් කර ගන්න නම්, ඒ වෙනුවෙනුත් මෙය ඔබට ඉතාම සාර්ථකව භාවිතා කරන්න පුලුවන්.
මුලින්ම මම මගේ ජීවිතය තුල ස්වයං මෝහන උපක්‍රම භාවිතයට ගන්නේ, "පරිගණක ක්‍රීඩා සහ සමාජ මාධ්‍ය" භාවිතයට තිබුණු දැඩි ඇබ්බැහි වීමෙන් මිදෙන්න. මේ ඇබ්බැහිය සති කීපයක් තුල සම්පූර්ණයෙන්ම නවතා ගන්න මට මේ ක්‍රමයත් එක්ක හැකි වුනා.
එතැනින් එහාට, වසර 15කට ආසන්න කාලයක් තිස්සේ, පුරුදු වෙනස් කර ගැනීම වෙනුවෙන්, මානසික පීඩනයන්, අහිත කර මතකයන් වගේ දේවල් ඉවත් කර ගැනීම වෙනුවෙන්, භාෂා හැකියාවන් දියුණු කර ගැනීම වෙනුවෙන්, ඒ වගේම චර්යාත්මක හා ආකල්පමය වෙනස්කම් ඇතිකර ගැනීම වෙනුවෙන් වගේ බොහෝමයක් දේවල් වලට මම මේ ක්‍රමය අදටත් භාවිතා කරනවා.
ඒ නිසා, ඔබටත් අවශ්‍ය කෙටි කාලයක් තුල ප්‍රබල වෙනසක් ඇතිකර ගන්න නම්, මම ඔබටත් යෝජණා කරන්නේ ස්වයං මෝහනය වැනි උපක්‍රමයක් ඒ වෙනුවෙන් උත්සාහ කරලා බලන්න කියලා. බොහෝ වෙලාවට පලමු දවසේ ඉදලම ඔබට ඒ වෙනස ඔබ තුල නිර්මාණය වෙන හැටි ප්‍රායෝගිකව අත්විදින්න හැකියාව ලැබෙයි.
නමුත් මේ ශිල්ප ක්‍රම ගැන හරි අවබෝධයක් ඇතිව, මේ දේවල් අත් හදා බැලීම අනිවාර්යයෙන්ම සිදු කරන්න, මොකද ස්වයං මෝහන අභ්‍යාසයක් සිදු කරනකොට, ඔබ ඒ වෙනුවෙන් අනුගමනය කල යුතු නිශ්චිත පියවර තිබෙනවා. ඒ වගේම විවිධ අවශ්‍යතා අනුව තෝරා ගත යුතු අභ්‍යාස ක්‍රම තිබෙනවා.
සරලවම කිව්වොත්, හැම අභ්‍යාසයක්ම හැම දේකටම හරි යන්නේ නෑ.
ඒ නිසා, අරමුණට ගැලපෙන අභ්‍යාස තෝරගෙන, හරි ආකාරයෙන් අවශ්‍ය පියවර අනුගමනය කරමින් මේ දේවල් කරන එක ඉතාම වැදගත්.
"ස්වයං මෝහණය" පිලිබද වැඩි දුරටත් ඉගෙන ගැනීමට ඔබ කැමැතිනම්, මානව හැකියා සංවර්ධන පුහුණු උපදේශක චතුස්ක අමරසේකර මහතා විසින් පවත්වන, "ස්වයං මෝහණය" පිලිබද පුහුණු වැඩසටහන් සම්බන්දයෙන් විස්ථර ලබා ගැනීමට,
SELFHYPNO <හිස්තැනක්> ඔබේ නම සදහන් කල WhatsApp පණිවිඩයක් 0764393624 අංකයට යොමු කරන්න.
එමෙන්ම පණිවිඩය යොමු කිරීමට පෙර ඉහත අංකය ඔබේ ජංගම දුරකතනයේ Save කර ගන්න. ඉන්පසු ඉදිරියේදී පැවැත්වෙන පුහුණු වැඩසටහන් පිලිබද විස්තර හා මේ සම්බන්දයෙන් නිකුත් වන ලිපි, වීඩියෝ වැඩසටහන්, ස්වයංක්‍රීයවම ඔබේ Whatsapp අංකයට ලැබෙනු ඇත.
මානසික තත්වයන් දියුණු කිරීම පිලිබදව අප නිකුත් කර ඇති eBook, පහතින් Download කර ගන්න
මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යාමේ හැකියාව, ඉතාම ඉහල මට්ටමක් දක්වා රැගෙන ඒම වෙනුවෙන් ඔබ ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන, පියවර සහිත උපදෙස් හා අභ්‍යාස ඇතුලත් උපදෙස් පොතකි.
සාමාන්‍ය ආකර්ෂණ නීති සංකල්ප වලින් එහාට ගොස්, අවිංඥාණික මනස තුල වන ශක්තීන් ප්‍රායෝගිකව අවධි කරන ආකාරය පිලිබද උපදෙස් හා පියවර සහිත අභ්‍යාස ඇතුලත් උපදෙස් පොතකි.
ධනාත්මක මානසිකත්වයක් පවත්වාගෙන යාම වෙනුවෙන් ඔබට භාවිතා කල හැකි සරල උපක්‍රම පිලිබද ඍජු පාඩම් සහිත ප්‍රායෝගික උපදෙස් පොතකි
වෙබ් අඩවිය හරහා බාගත කර ගන්න අපහසු අයට, අපගේ බැංකු ගිණුමට මුදල් බැර කර පොත eMail එකක් ආකාරයෙන් ලබා ගන්නත් පුලුවන්. ඒ වෙනුවෙන් +94764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න
Kommentare