වැඩසටහනේ අරමුණ. ප්‍රායෝගික ජීවිතය තුල තමන්ට අවශ්‍ය සාර්ථකත්වය ගොඩනගා ගැනීම වෙනුවෙන් ඔබ තුල ඇතිකර ගත යුතු ආකල්පමය වෙනස්කම් මොනවාද සහ එම වෙනස්කම් ප්‍රායෝගිකව ඇතිකර ගැනීම වෙනුවෙන් ඔබ ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද යන්න පිලිබද මෙම සති 06ක කාලය තුල හැදෑරීමට අවස්ථාව ලැබේ. වැඩසටහනේ විශේෂත්වය මෙම පාඩම් මාලාව 100% ම, ප්‍රායෝගික මට්ටමෙන් ඔබව සාර්ථකත්වය කරා මෙහෙයවීමට සකස් කල පාඩම් මාලාවකි. එබැවින් මෙහිදී ඔබට ඉගෙන ගැනීමට සිදුවෙන ආකල්පමය වෙනස්කම් ඇතිකර ගැනීමට අදාල පාඩම් සාමාන්‍ය, ධනාත්මක චින්තන හා අභිප්‍රේරණාත්මක ඉගැන්වීම් වලට වඩා බොහෝ සෙයින්ම වෙනස් වේ. ( ඇතැම් කොටස් පරස්පර විරෝදී වෙයි.) මෙම සුවිශේෂී පාඩම්, ආකල්පමය වශයෙන් ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් තීරණය කරනු ඇත. අන්තර්ගතය 1) ආකල්ප යන්න හදුනා ගැනීම 1.1 සාමාන්‍ය සිතුවිලි හා විශ්වාසයන්ගෙන් ආකල්ප වෙනස් වන්නේ කෙසේද? 1.2 ආකල්ප සමග සිදුවෙන මානසික ක්‍රියාකාරීත්වයේ සුවිශේෂී වෙනස්කම් හදුනා ගැනීම 1.3 ආකල්ප සාර්ථකත්වයට හෝ අසාර්ථකත්වයට බලපෑම් ඇතිකරන ආකාරය හදුනා ගැනීම 2) ආකල්ප වෙනස් කිරීමේ මනෝවිද්‍යාත්මක කලාව හදුනා ගැනීම 2.1 ආකල්පයක් ඇතිවීම සිදුවන ආකාරය හදුනා ගැනීම 2.2 ආකල්ප ශක්තිමත් වීම හා දුර්වල වීම සිදුවෙන ආකාරය හදුනා ගැනීම 2.3 ආකල්ප ගැලපෙන පරිදි වෙනස් කර ගැනීමේ කලාව 3) සාර්ථකත්වයේ සතුරු ආකල්ප ත්‍රිත්වය හදුනා ගැනීම හා වෙනස් කිරීම. යම් අරමුණක් වෙත නොනැවතී ලගා වීමට නොහැකි තත්වයක් ඔබ තුල නිර්මාණය කරන හානිකර ආකල්ප හදුනා ගැනීම / වෙනස් කිරීම 4) සාර්ථකත්වය ප්‍රමාධ කරන ආකාල්ප ත්‍රිත්වය හදුනා ගැනීම හා වෙනස් කර ගැනීම. ඔබේ අරමුණු සාර්ථක කර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වීමට ඇති උවමනාව හා දෛර්යය විනාශ කරන ආකල්ප හදුනා ගැනීම / වෙනස් කිරීම
top of page
bottom of page