වයස සාර්ථකත්වයට බලපාන්නේ නෑ කියන්නේ "බොරුවක්"!

සාම්ප්‍රදායික ධනාත්මක චින්තනය සහ අභිප්‍රේරණය ඇතුළේ තියෙන ලොකුම බොරු වලින් එකක් තමයි, සාර්ථකත්වයට වයස අදාළ වෙන්නේ නෑ කියන එක.
මේ අදහස තහවුරු කරන්න බොහෝ වෙලාවට අභිප්‍රේරකයින් යොදා ගන්න උදාහරණය තමයි, KFC නිර්මාතෘ Harland David Sanders ගේ කතාව. ඔහු වයස අවුරුදු 62දී මේක පටන් අරගෙන සාර්ථක වුණාය, ඒ නිසා සාර්ථකත්වය හඹා යන්නට වයස ගැටලුවක් නෑ කියන කතාව තමයි අභිප්‍රේරකයින් සරලවම ඔබේ ඔළුවට දාන අදහස වෙන්නේ.
ඔබ අවුරුදු 60 හෝ ඊට ආසන්න වයසකනම් ඉන්නේ, මම ඔබට කියන්නේ ඔය කතාව පිළිඅරගෙන ඉස්සරහට යන්න කියලා. හැබැයි ඔබ ඉන්නේ ඊට වඩා අඩු වයසකනම්, මම ඔබට කියන්නේ ඔය උදාහරණයත්, අභිප්රේරකයින්ගේ "වයස සාර්ථකත්වයට බලපාන්නේ නෑ" කියන කතාවත් දැන්ම අමතක කරලා දාන්න කියලා.
මොකද ඔය කියන කතාව ඇත්තක් නෙමෙයි... මේක හොඳට තේරුම් ගන්න... සාර්ථකත්වය කියන්නේ අවසානයේදී ඔබ ලබන, ඔබට දැනෙන අත්දැකීමක්. මේ අත්දැකීම කොච්චර හොඳට ඔබට ලබන්න පුළුවන්ද කියන එක ඍජුවම තීරණය වෙන්නේ, ඔබ ඒ අත්දැකීම ලබන්නේ කුමන වයසේදීද කියන එකත් එක්ක.
අවුරුදු 30දී මිලියනපතියෙක් වෙන එකයි, අවුරුදු 60දී මිලියනපතියෙක් වෙන එකයි කියන්නේ අත්දැකීමක් විදිහට එකක් නෙමෙයි දෙකක්. අවුරුදු 30 තරුණයෙක් මිලියනපතියෙක් වුණොත්, ඒ මුදල් වලින් ඔහුට කරන්න පුළුවන් දේවල්, ලබන්න පුළුවන් අත්දැකීම් ගොඩක් තියෙනවා. හැබැයි අවුරුදු 60දී මිලියනපතියෙක් වුණොත් සමහර විට කරන්න පුළුවන් වෙන්නේ, බෙහෙත් හේත් ටික අරගෙන, තමන්ගෙන් වෙන්න ඕනේ යුතුකම් ටිකක් ඉටු කරලා ගෙදරට වෙලා සැපට ඉන්නවා වගේ දේවල් ටිකක් විතරයි.
අවුරුදු විසි ගණන්වල ඉන්න දෙන්නෙක් අතර තියෙන Energy එක නෙමෙයි වයස තිස් ගණන් වල හෝ හැට ගණන් වල ඉන්න දෙන්නෙක් අතර තියෙන්නේ. ඒ අත්දැකීම් වෙනස්.
අවුරුදු 30දී ආර්ථික වශයෙන් ස්ථාවර වෙලා, තමන්ගේ කාලය කැමති විදිහට ගෙවන්න පුළුවන් වෙන එකයි, අවුරුදු 60දී එතැනට එන එකයි කියන්නේ සම්පූර්ණයෙන්ම අත්දැකීම් දෙකක්. අවුරුදු 30ක ඉන්න තරුණයෙක් එතැනට ආවොත්, travel කරයි, වාහන ගනියි, අලුත් දේවල් අත්හදා බලයි. හැබැයි අවුරුදු 60ක කෙනෙක් එතැනට ආවම, ගෙදරට වෙලා පත්තරය බලන එකෙන් එහාට යන්න සමහර වෙලාවට සෑහෙන්න අමාරුයි.
ඒ නිසා "ඕනෑම වයසක සාර්ථක වෙන්න පුළුවන්, අපිට කල් තියෙනවා" කිය කියා කාලය කන්න එපා.
හරි වයසේදී ලැබෙන්න ඕනේ දේවල් ලබා ගන්න සැලසුම් කරන්න.
හරි වයසේදී ලබන්න ඕනේ අත්දැකීම් ලබා ගැනීම වෙනුවෙන් මහන්සි වෙන්න.
"ඕනෑම වයසකදී සාර්ථක වෙන්න පුළුවන්" කියන අදහස අමතක කරලා, "හරි වයසේදී නොලැබෙන සාර්ථකත්වයෙන් වැඩක් නෑ" කියන අදහස ඔළුවට දා ගන්න. එතැන ඉඳලා වැඩ පටන් ගන්න.
එහෙම වුණොත්, ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතේ හොඳ අත්දැකීමක් කරගන්න ඔයාටත් අවස්ථාව ලැබෙයි.
සටහන : 𝗖𝗵𝗮𝘁𝗵𝘂𝘀𝗸𝗮 𝗔𝗺𝗮𝗿𝗮𝘀𝗲𝗸𝗮𝗿𝗮
(𝑩𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 & 𝑷𝒓𝒐𝒅𝒖𝒄𝒕𝒊𝒗𝒊𝒕𝒚 𝑫𝒆𝒗𝒆𝒍𝒐𝒑𝒎𝒆𝒏𝒕 𝑨𝒅𝒗𝒊𝒔𝒐𝒓)


Comments