සල්ලි නැති එක වගේම විනයක් නැති මනසකට සල්ලි ලැබුනාමත් ඇති වෙන්නේත් සාර්ථකත්වයට වඩා අසාර්ථකත්වය. ජෝඩන් බෙල්ෆොර්ට් කියන්නේ ඉතාම පුංචි තැනක ඉදලා පියවරෙන් පියවර ඉදිරියට ආපූ දක්ෂ අලෙවි නිලදාරියෙක්. ඔහුට ඕනෑම දෙයක් ඕනෑම කෙනෙක්ට සූක්ෂමව විකිණීමේ හැකියාවක් තිබුනා.
තමන්ගේ හැකියාවේ වටිනාකම හදුනා ගත්ත ඔහු කාලයක් යනකොට, මේ හැකියාව හරි විදිහට වගේම වැරදි විදිහටත් භාවිතා කරලා විශාල වශයෙන් මුදල් ඉපයූවා. නමුත් මුදල් ලැබීමත් සමග ඔහු තුල තිබුන අවිනීත මිනිසා මතු වුනා. මත්ද්‍රව්‍ය, කෙලිලොල් ජීවිතය, සූදුව, ගණිකාවන් වගේ බොහෝමයක් දේවල් මුදල් සමග ඔහුගේ ජීවිතයට ඇතුල් වුනා.
ඔහු නොදැනුවත්වම ඔහුගේ ජීවිතය අපායක් බවට පත් වුනා. අදටත් ජෝඩන් බෙල්ෆෝට් කියන්නේ මිලියන 100කට වැඩි ඍණ වත්කම් සහිත පුද්ගලයෙක්. wolf of wall street කියන්නේ ඔහුගේ ජීවිතයේ නැග්ම වගේ ම බැස්ම ගැන කතා කරන චිත්‍රපටයක්. ව්‍යාපාරික වශයෙන්, මූල්‍යමය වශයෙන් ජීවිතේ සාර්ථකත්වය හොයන ඔබට නැරබිය යුතුම චිත්‍රපටයක්. නමුත් මෙය වැඩිහිටියන්ට පමණක් වෙන්වූ කන්ඩයට අයත් චිත්‍රපටයක්.
wolf of wall street චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින් නරබන්න!
Comments