top of page

විශ්වාසයට ඕනෑම දෙයක් යතාර්ථයක් බවට පත් කල හැකිය.

Updated: Aug 14, 2019


සිහිනයක් සැබෑවක් බවට පත් කිරීමේ පළමුවන පියවර වන්නේ තමන්ට එය වෙතට ලගා විය හැකි බවට වන විශ්වාසයයි. තමන්ට සාර්ථක විය හැකියයි යන විශ්වාසය ඇති පුද්ගලයා කිසි විටෙකත් පරාජිතයකු වන්නේ නැත.


ලෝකයේ ඕනෑම නව නිර්මාණකරුවෙකු, ඕනෑම සුවිශේෂී සාර්ථකත්වයක් ලගා කරගත් මිනිසෙකුගේ ජීවිතය දෙස බලන්න. ඔවුන් සෑම කෙනෙකු තුලම තිබූ සිහිණයන් බොහෝ විට සමාජය විසින් , තමන් ඇසුරු කල මිනිසුන් විසින් , සාර්ථක කර ගැනීමට හැකි දේවල් ලෙස පිලිගැනීමට කැමති වූයේ නැත. ඒ කෙසේ වෙතත්, සියලු දෙනාම කල නොහැකියයි කියද්දී ඔවුන් තමන්ට අවශ්‍ය ඉලක්ක වෙත ගමන් කලේ එය තමාට ලගා කර ගත හැකිය යන දැඩි විශ්වාසය ඔවුන් සතු වූ බැවිනි.


උදාහරනයක් ලෙස තෝමස් අල්වා එඩිසන් ගතහොත් ඔහු 1014 වතාවක් විදුලි බුබුල නිපදවීමට ගොස් අසාර්ථකත්වයට පත් විය. සෑම කෙනෙකුට ඔහුට කීවේ එය කල නොහැක්කක් ලෙසටය. නමුත් ඔහු එය සාර්ථකවෙන තෙක්ම උත්සාහ කලේ අනෙක් මිනිසුන් කුමක් කීවත් එය සාර්ථක කල හැකි දෙයක් ලෙසට තමන් තුල වූ දැඩි විශ්වාසය නිසාවෙනි.


Colonel Sanders විසින් KFC ආයතනය ඇරබීමට පෙර තම කෑම වට්ටෝරුව රැගෙන අවන්හල් හිමියන් 1000ටක වැඩි ප්‍රමාණයක් හමු වීමට ගියේය. ඔහු සාර්ථක වූයේ දහස් වතාවකටත් වඩා වැඩි ප්‍රමාණයක් තම ඉලක්කය වෙත යාමට උත්සාහ දැරීමෙන් අනතුරුවය. දහස් වතාවකටත් වැඩිය ඔහු අසාර්ථක වෙද්දී ඔහුට තව දුරටත් උත්සාහ කල යුතුයයි යන්න සිතුනේ ඔහු තුල තමන්ට මෙම ඉලක්කය සාර්ථක කර ගත හැකි බවට වූ දැඩි විශ්වාසය නිසාවෙනි. නමුත් අප බොහෝ දෙනෙකු කරන්නේ එක් වරක් දෙවරක් උත්සාහ කර එය කල නොහැකි දෙයක් යයි සිතා තම ගමන අත් හැර දැමීමය. ඔබට ප්‍රායෝගිකව සාර්ථක වෙන්නට අවශ්‍යනම් ඔබ , ඔබ තුල තමන් දහස් වරක් උත්සාහ කර පරාජයට පත් වුවත් එය තමන්ට ලගා කරගත හැකියි යන්න සිතීමට හැකි ආකාරයේ විශ්වාසයක් ඔබ තුල ඇතිකර ගත යුතුය.


එමෙන්ම මේ ලෝකය තුල සාර්ථක විය නොහැකි කිසිවෙක් නැත. පාරේ සිගමන් යදින පුද්ගලයාටත්, සාමාන්‍ය මධ්‍යම පාන්තිකයාටත් , යම් අයුරකින් වත් පොහොසත් කම් ඇති පුද්ගලයාටත් අවශ්‍යනම් බිලියනපතියෙකු වීමේ අවස්ථාවක් මේ ලෝකය තුල ඇත. ලෝකයේ විවිද මට්ටම් වල සිට සාර්ථකත්වයට පත් පුද්ගලයන් මේ ලෝකය තුල ඇත. ඇතැම් විට ඒ බොහෝ දෙනෙකු අප බොහෝ දෙනෙකුට වඩා ඉතා දුශ්කර ජීවන මට්ටම් වල සිට සාර්ථකත්වය කරා ලගා වූ මිනිසුන්ය. පහත උදහරණ දෙස බලන්න,


Henry Ford : ඉතා දුප්පත් අයෙකි. ඉතා සුළු අද්‍යාපන මට්ටමක් තිබූ අයෙකි. ඔහු මෝටර් රථ Ford සමාගම නිර්මානය කලේ මෙවැනි තත්වයක සිටය. අද වන විට ඔහු ඇමරිකානු ඉතිහාසය තුල තම ස්ව- උත්සාහයෙන් සාර්ථක වූ අති සාර්ථකම ව්‍යාපාරිකයාය.


Oprah Winfrey : තම පවුලේ සාමාජිකයන් විසින්ම දූෂණයට ලක්ව අවුරුදු 14දී ගැබිනියක් බවට පත්විය. ඉතා දිලිදු ජීවිතයක් ගත කල දරුවෙකි. අද වන විට ඇමරිකාව තුල වෙසෙන ධනවත්ම හා ජනප්‍රියම කාන්තාවන්ගෙන් එක් අයෙකි.


Nick Vujicic : උපතිනම් අත් පා සියල්ලම අහිමි වූ අයෙකි. ජීවිතයේ ඇති වූ විවිද පීඩාවන් නිසාවෙන් හා කිසිවක් කර කියා ගැනීමට නොහැකිවීම නිසාවෙන් සිය දිවි නසා ගැනීමට පවා උත්සාහ කල අයෙකි. අදවන විට ඔහු මිලියනපතියෙකි. ජීවිතයේ සෑම අංශයකින්ම සුවිශේෂී සාර්ථකත්වයට පත් වූ අයෙකි.


Less Brown : මව පියා කවුරුන්දැයි නොදැන, අත් හැර දැමූ ගොඩනැගිල්ලක ජීවත් වූ දරුවෙකි. මානසික ආබාද තත්වයන් නිසා ඉගෙන ගැනීමට නොහැකි වූ අයෙකි, අද වන විට ඔහු ලොව මිලියන ගනනක් මිනිසුන්ට සාර්ථකත්වය පිලිබද කියා දෙන දේශකයෙකි, අති සාර්ථක ව්‍යාපාරිකයෙක් මෙන්ම සමාජයෙන් බොහෝ ගරු බුහුන්මන් ලබන පුද්ගලයෙකි.


මේ ආකාරයෙන් ගත් කල ලෝකයේ ඉතාමත් දුශ්කර තැන්වල සිට සිතා ගැනීමටත් නොහැකි වන මට්ටමේ සාර්ථකත්වයකට ලගා වූ මිනිසුන් ලොව ඕනෑ තරම් ඇත. අද ඔබ පාරේ දකින සිගන මිනිසෙකු ඊලග වසරේදී මිලියනපතියකු හෝ බිලියනපතියකු ලෙස මුන ගැසුනොත් එය පුදුම විය යුතු නැත. ඔබ කුමන මට්ටමක සිටියත්, ඔබේ සිහින කොතරම් විශාල වූවත්, අනෙක් මිනිසුන් ඔබේ ඉලක්ක කොතරම් දුරට ප්‍රායෝගික නැතැයි පැවසූවත්. විශ්වාසයෙන් යුතුව ඔබගේ සිහින හබා යන්න. අප සෑම කෙනෙකුටම සාර්ථක වීම සදහා එක හා සමාන අවස්ථාවන් ඇත. ඔබ කල යුතු එකම දෙය වන්නේ විශ්වාසයෙන් යුතුව එය හබා යාම පමනි.


හරියටම ඉලක්කයක් පිහිටුවන්නේ කොහොමද? ජීවිතය ප්‍රායෝගිකව වෙනස් කරගනිමින් සාර්ථක වන ආකාරය ප්‍රායෝගික අභ්‍යාස හා උදාහරණ සහිතව පියවර වශයෙන් ඉගෙන ගන්න.


ඔබේ සාර්ථකත්වයේ පදනම ශක්තිමත්ව සකසා ගන්න හැටි නිවරැදිව ඉගෙන ගන්න, ඔබේ සිතේ තියෙන ඕනෑම බලාපොරොත්තුවක් වෙනුවෙන් ඉලකයක් නිවරැදිව පිහිටුවන්නේ කොහොමද, නිවරැදිව සැලැස්මක් සකසා ගන්නේ කොහොමද, සකසා ගන්න සැකැස්ම නිවරැදිව ධනාත්මක මනසකින් යුතුව ක්‍රියාත්මක කරගෙන යන්නේ කොහොමද, අදී ඔබගේ ගමන ප්‍රායෝගිකව ආරම්භ කරන්න ඔබ දැනගත යුතු සියලුම දේ සරලව, උදාහරණ හා ප්‍රායෝගිකව ක්‍රියාතමක විය යුතු ආකාරය පියවර සමගින් ඉගෙන ගන්න. " ජීවිතය දිනන ප්‍රායෝගික මග " ප්‍රායෝගික උපදෙස් පොත හා වැඩපත්‍රිකා කට්ටලය පහතින් PDF eBook එකක් ආකාරයෙන් Download කරගන්න.


ජීවිතය දිනන ප්‍රායෝගික මග ප්‍රායෝගික උපදෙස් පොත හා වැඩපත්‍රිකා Downlaod කරගැනීමට මෙම සබැදියට පිවිසෙන්න http://bit.ly/2JNZIcf


64 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page