top of page

ඔබ පරාද වෙන්නේ උත්සාහය අත් හැරියොත් පමණයි.

Updated: Aug 14, 2019



සාර්ථකත්වය කරා යන ගමනේදී පරාජයට පත්වීම් , අසාර්ථක වීම් කියන දේ ඉතාමත් සාමාන්‍ය දෙයක්. අසාර්ථක වීම් වලට මුහුණ නොදී එක පාරටම සාර්තක වූ පුද්ගලයන් මේ ලෝකයේ නොමැති තරම්. 


මේ ලෝකයේ කවුරු හරි කෙනෙක් ඉදිරියට යන්න උත්සාහ කරනවානම් ඒ දේ කරන්න වෙන්නේ අවදානමක් අරගෙන. අපි මොන දේ කලත් ඒ හැම දෙයක් තුලම පරාජය වීමේ, අසාර්ථක වීමේ අවදානමක් තියෙනවා. 


නැවියෙක්ට වැඩියෙන්ම වෙහෙස වෙන්න වෙන්නේ ගැබුරු මුහුදේ ඉන්නකොට නෙමේ ගොඩ බිමකට ලගා වෙනකොට, මොකද ගොඩබිමකට ලංවෙන්න ලංවෙන්න මුහුද රළු වෙලා රැලි ගහන්න ගන්නවා. ගල්පර වලින් එහෙම බේරිලා පරිස්සමින් ගොඩබිමට ලගා වෙන්න සිද්ද වෙනවා.  ඒත් එහෙම කියලා රැලි අඩු ගබුරු මුහුදේ විතරක් නැවියෙක් ගමන් කලොත් කවදාවත් ඔහුට ගොඩබිමකට ලගා වෙන්න ලැබෙන්නේ නෑ. 


ඒ වගේම ඔබට අසාර්ථක වීම් වලට , අභියෝග වලට මුහුනදෙන්න සිද්ද වෙනවා කියන්නේ, ඔබ ඔබේ ඉලක්ක වලට, ඔබේ සාර්ථකත්වය දිහාවට ගමන් කරනවා කියන එක. ඔබ යම් විදිහකින් ඒ අභියෝග හමුවේ නතර වුනොත් වෙන්නේ ඔබේ සාර්ථකත්වය ඔබ විසින්ම සීම කරගැනීමක් විතරයි. 


ඒක නිසා හැම වෙලාවෙම තමන්ට අභියෝගයක් , අසාර්ථක වීමට අවදානමක් තියෙනවා කියලා දැනුනොත් ඒ තමන් ඉදිරියට යන නිසා බව මතක තියා ගන්න. තමන්ට ඒ අභියෝග ජයගන්න පුලුවන් යන හැගීම ඇතිකරගෙන, අත්ම විශ්වාසයෙන් යුතුව ඉදිරියටම යන්න. 


එතකොට ඔබේ ඔය හිතේ තියෙන සාර්ථකත්වය දවසක ඇත්තටම ඇස් දෙකින්ම දකින්නට හැකිවේවි.

___


ජීවිතේ ගැන අලුතින් සිතන්න පුරුදු කරන මෙවැනි සටහනක් දිනපතා ලබා ගන්න. ඔබගේ Dialog හෝ Hutch දුරකථනයෙන් REG හිස්තැනක් ACHIEVER ලෙස සටහන් කර 77000 ට SMS කරන්න.


දිනකට අයවීම: රු 2.50ක් හා රජයේ බදු ගාස්තු පමණි.


 

ඔබේ සිතේ තියෙන ඕනෑම බලාපොරොත්තුවක් වෙනුවෙන් ඔබේ මනසේ අරමුණුගත බව උපරිම මට්ටමකට ගෙන එන හැටි, නිවරැදිව සැලැස්මක් සකසා ගන්න හැටි, ප්‍රායෝගිකව ධනාත්මක ආකල්ප ඇතිකරගන්න හැටි වගේම ඔබේ සාර්ථකත්වයට බලපාන බාහිර සාදක සාර්ථකව වෙනස් කරගන්න ඔබ ප්‍රායෝගිකව පියවර වශයෙන් ඉගෙන ගන්න, පහත සබැදිය හරහා " ජීවිතය දිනන ප්‍රායෝගික මග " PDF eBook එක ඔබත් Download කරගන්න.



353 views

Comentários

Avaliado com 0 de 5 estrelas.
Ainda sem avaliações

Adicione uma avaliação
bottom of page