top of page

#Motivation : හැම ප්‍රශ්ණයක්ම තියෙන්නේ හිතේ මිස, බාහිර ලෝකයේ නෙමෙයි

අද වන විට ජීවිතේ ප්‍රශ්ණයක් නැති මිනිසුන් සොයා ගත නොහැකි තරමටම දුර්ලබය. බොහෝ දෙනා කුමන හෝ ගැටලුවකින් පීඩා විදීම බහුලව දැකිය හැකි කරුනකි. එමෙන්ම බොහෝ දෙනෙකුගේ මතය නම් ගැටළු වලට විසදුම් සෙවීම ඉතාමත් අපහසු කරුණක් බවය. සැබවින්ම අපට ගැටළු වලින් තොර ප්‍රීතිමත් ජීවිතයක් ඇති කර ගැනීම අපහසු දෙයක්ද?

අප බොහෝ දෙනෙකු නිසි පරිදි තේරුම් නොගන්නා කරුනක් නම් අප බොහෝ දෙනෙකුගේ ප්‍රශ්ණ ඇතිකරන ස්ථානය අපේ සිත බවයි. අප බොහෝ දෙනෙකු සිතන්නේ වෙනත් බාහිර සාදක නිසා අපට ප්‍රශ්ණ ඇතිවන බවයි , නමුත් සැබවින්ම සිදුවන්නේ බාහිර සාදක වලට ප්‍රතික්‍රියාවක් ලෙස අපගේ සිත තුල ප්‍රශ්ණ ඇති වීමයි. යම් අයෙකුට බාහිර සාදක පිලිබද සිතන ආකාරය වෙනස් කල හැකිනම් ඔහුට හෝ ඇයට එම තත්වයෙන් මිදීම ඉතාම පහසු කාර්යයක් වනු ඇත.


වරෙක එක්තරා මිතුරන් දෙදෙනෙකු එක්තරා ප්‍රදේශයක නිවාස දෙකක් මිලදී ගැනීමට තීර්ණය කලා, පසුව ඔවුන් එම නිවාස පරික්ශා කිරීමේදී ඔවුන්ට එම ප්‍රදේශයේ කසල ඉවත් කිරීමේ කටයුතු නිසි අයුරින් සිදු නොවන බවත් විවිද රෝග ඇති වීමේ අවදානමක් ඇති බවත් තෙරුම් ගියා.


ඉතාම හොද තත්වයේ නිවාස දෙකක් වුවත් එක් මිතුරෙක් පරිසරයේ තත්වය නිසා එම නිවස මිලදී ගැනීම ප්‍රතික්ශේප කලා. ඔහුගේ තර්කය වුනේ මේ හරහා තම බිරිද හා දරුවන් නුසුදුසු පරිසරයකට රැගෙන යාමට තමා අකමැති බවය. නමුත් අනෙක් මිතුරා එම නිවස මිලදී ගැනීමට කැමති වුනා. ඔහු යම් අත්තිකාරම් මුදලක් ගෙවා නිවස වෙන්කර ගැනිම සිදුකලා.


ඔහු නිවස මිලදී ගැනීමට තිබූ අනෙක් මුදලින් යම් ප්‍රමාණයක් කසල එකතු කිරීමේ බදුන් මිලදී ගැනීමටත් සතියකට වරක් පැමින අදාල කසල බදුන් වල ඇති කසල රැගෙන යාමට පිරිසිදු කිරීමේ සමාගමක් සමග එකගතාවයකටත් ඇතුලත් වුනා.


මීලග දිනයේ පැමින ඔහු එම ප්‍රදේශයේ ජනතාව ඉලක්ක කර තම ආයාතනය හරහා කසල බදුන් ඉතා අඩු මිලට මිලදී ගැනීමක් කල හැකි බවත් එම කසල සතියක් පාසා රැගෙන යාමේ සේවාවක් ක්‍රියාත්මක වන අතර එයට ඉතා සුලු මුදලක් ගෙවා සම්බන්දවිය හැකි බවටත් ප්‍රචාරයක් යැවීම සිදු කලා. දින 2ක් ඇතුලත් ඔහුගේ සියලුම කසල බදු අලෙවි වුනා. ප්‍රදේශයේ සියලු දෙනාම පාහේ ඔහුගේ කසල එකතු කිරීමේ සේවාව මිලට ගැනීමට කැමති වුනා. එම මුදල් වලින් ඔහු අදාල සේවාව සපයන ආයතනයට අදාල මුදල ගෙවීමෙන් පසු ඔහුට සැලකිය යුතු ලාභයක් පවා එකතු වුනා.


සති දෙකකට පසු ඔහු එම නිවසේ පදිංචියට පැමිනියා, ඒ වන එම ප්‍රදේශය ඉතාමත් යහපත් ආකාරයෙන් පිරිසිදු වී තිබුනා. එමෙන්ම ඒ ප්‍රදේශයෙන් ඔහුට සැලකිය යුතු ආදායමක් ලැබෙන ආකාරයේ ආදායම් මාර්ගයක්ද ඇතිවී තිබුනා.


ඔහුගේ මිතුරා කසල යන දෙය ගැටළුවක් ලෙස දුටුවත්, ඔහු එය දුටුවේ අවස්ථාවක් හා අභියෝගයක් ලෙසට, ඔහු එය තම දියුනුවට යොදා ගත්තා. ජීවිතේ බොහෝ දේවල් බොහෝ අයට ගැටළු ලෙස පෙනුනත් ඇතැම් අය එය අවස්ථාවක් කරගෙන ජීවිතේ ජය ගන්නවා. ඇත්තටම ඕනෑම දෙයක් ඔබ ඒ පිලිබදව සිතන ආකාරය අනුව ඔබට එය ගැටලුවක් කර ගන්නත් ජය ගන්නට අවස්ථාවක් කර ගන්නත් පුලුවන්.


ඔබට ඔබගේ ජීවිතයේ ගැටලු අවස්ථාවන් කර ගැනීමේ හැකියාව තවමත් නෑ කියලා හිතෙනවානම් හැකි තරම් ධනාත්මක දේ ඔබගේ ජීවිතයට එක් කර ගන්න උත්සාහ කරන්න. ලෝකය ජය ගත් විවිද මිනිසුන්ගේ ජීවිත දෙස හොදින් අවදානය යොමු කරන්න. එවිට ඔබටත් ඕනෑම දෙයක් දෙස වෙනස් ලෙස බැලීමේ හැකියාව ලැබේවි. ඔබ ධනාත්මකව ඕනෑම යමක් ලෙස වෙනස් කෝනයකින් බලනවානම් ඔබට ඔබේ ජීවිතේ බොහෝමයක් ගැටළු පහසුවෙන් ඉවත්කර ගන්නටත්, ජීවිතයේ ඔබ මෙතෙක් අත් නොවිදි සාර්ථකත්වයක් අත්විදින්නටත් අනිවාර්යයෙන්ම හැකි වේවි.


ඔබට සුබ උදෑසනක්, ජයග්‍රාහී දවසක්

Commentaires

Noté 0 étoile sur 5.
Pas encore de note

Ajouter une note
bottom of page