top of page
Writer's pictureChathuska Amarasekara

#Motivation | "සාර්තකත්වය පැමින ඔබගේ දොරට තට්ටු කරන්නේ නැත. ඔබ ඒ වෙතට ලගා විය යුතුය"

Updated: Apr 12, 2021



ඔබට සැබවින්ම ඔබ සිහින දකින ජීවිතය ගත කිරීමට අවශ්‍යනම් ඔබ සිදුකල යුතු පළමුවන කාරනය වන්නේ එම ජීවිතය ගොඩනැගිය හැකි එකම පුද්ගලයා ඔබ බවයි.


බොහෝ දෙනෙකු තම අසාර්ථකත්වය හමුවේ වරද පටවන්නේ වෙනත් කෙනෙකුට වෙතය. රජයට, ආර්ථිකයට, දේශපාලන තත්වයට, එහෙමත් නැත්නම් වෙනත් යමකට වරද පටවමින් බොහෝ විට බොහෝ දෙනෙකු තම අසාර්ථකත්වයේ වගකීමෙන් නිදහස් වීමට උත්සාහ දැරීම සුලබව දැකගත හැකි කරුණකි. නමුත් ඔබ සාර්ථකත්වය හබා යනවානම් ඔබ කල යුතු පළමු කාරණය වන්නේ ඔබගේ සාර්ථකත්වය වෙනුවෙන් වන වගකීම ඔබ වෙතට පවරා ගැනීමයි. අප සෑම කෙනෙකුටම අප සිහින දකින ඕනෑම ආකාරයක ජීවිතයක් ගත කිරීමේ හැකියාවක් ඇත. ඒ සදහා ඔබ එය වෙනත් අයෙකු ගොඩ නගන තුරු හෝ ඔබ වෙතට ලගා වෙන තුරු බලා නොසිට එය ලගා කර ගැනීම තමාගේ වගකීමක් ලෙස බාරගෙන ඒ වෙතට ලගා වීමයි. සාර්ථකත්වය යන්න කිසි විටෙකත් ඔබ ඒ වෙතට ලගා නොවේනම් එය ඔබ වෙතට ලගා වන්නේ නැත. සාර්ථකත්වය යනු ලගාවන දෙයක් නොව ලගා කරගත යුතු දෙයක්ය.


ඔබට යහපත් ආර්ථික තත්වයක් අවශ්‍යනම් ඔබගේ ආර්ථිකය ගොඩනැගීම රජයටවත්, ඔබගේ ආයතනයේ ප්‍රධානියාටවත් පවරා බලා නොසිටිය යුතුය. ඔබට අවශ්‍ය ආර්ථිකය ගොඩ නැගීමට කල හැකි දේ සොයා බලා ඒ වෙනුවෙන් කැප වීමට ඔබ සූදානම් විය යුතුය.


ඔබට යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට අවශ්‍යනම් ඔබ එය වෙනුවෙන් ඔබගේ බිරිදට හෝ සැමියාට වගකීම බාරදී නොසිට ඔබට අවශ්ය පවුල් ජීවිතය ගොඩ නැගීමේ වගකීම ලබාගෙන කටයුතු කිරීම ඇරබිය යුතුය.


ඔබට විභාගයක් සමත් වීමට අවශ්‍යනම් ඔබ ඒ වෙනුවෙන් ගුරුවරයාට වගකීම පවරා නොසිට, අවශ්‍ය දැනුම හැකි සෑම ආකාරයෙන්ම ලගා කර ගනිමින් ඒ වෙතට ලගා වීමට උත්සහ කල යුතුය.

සාර්ථකත්වය ලගා කර ගත හැක්කේ ඒ ආකාරයෙන්ය. සෑම විටම ඔබගේ මනස ධනාත්මකව තබා ගනිමින් ඔබගේ සාර්තකත්වයේ වගකීම 100%ක් ඔබ විසින් බාර ගනිමින් ඔබගේ ඉලක්කය වෙත ලගා වීමට උත්සාහ කරන්න. එවිට නිසකවම ඔබට ඔබ බලාපොරොත්තුවන ජීවිතය ගොඩ නැගීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.

"සාර්තකත්වය පැමින ඔබගේ දොරට තට්ටු කරන්නේ නැත. ඔබ ඒ වෙතට ලගා විය යුතුය"

118 views

댓글

별점 5점 중 0점을 주었습니다.
등록된 평점 없음

평점 추가
bottom of page