top of page

#Motivation | වැරදි හදා ගන්න බය වෙන්න එපා (Video)

Writer: Chathuska AmarasekaraChathuska Amarasekara

Updated: Apr 12, 2021



ඔබට මතකද 2015 වසරේ මිස් යුනිවර්ස් තරගාවලියේ අවසාන රාත්‍රිය?


ඔබට මේ තරගය මතකනම්, මේ තරගය අනෙක් තරග වලට සාපේක්ෂව ලෝකය පුරාම ලොකු ආන්දෝලනයක් ඇති කරපු තරගයක් බව අනිවාර්යයෙන්ම මතක ඇති.


මේ තරගයේ නිවේදන කටයුතු කලේ ස්ටීව් හාවි කියන, ලෝකයේ ඉතාම ආදරයට පාත්‍ර වුන නිවේදන ශිල්පියෙක්. ඒ වගේම ස්ටීව් හාවි කියන්නේ සාර්ථකත්වය සම්බන්ධයෙන් කතා කරනකොටත් ලෝකයේ බොහෝ දෙනෙක්ගේ අවදානයට ලක් වුන චරිතයක්.


ඔහු ලියූ සාර්ථකත්වය සම්බන්ධ ඇතැම් පොත් ආදායම් වාර්ථා බිද දැමීමට පවා සමත් වුනා!


කොහොම වුනත් ස්ටීව් හාවි 2015 වසරේ මිස් යුනිවර්ස් තරගාවලියේ අවසාන රාත්‍රිය තුල වෘත්තීය ජීවිතයේ තමන්ට විය හැකි ලොකුම අත් වැරදීමක් සිදු කලා. ඒ තමයි, 2015 වසරේ මිස් යුනිවර්ස් තරගාවලියේ ජයග්‍රාහිකාව වැරදියට සදහන් කිරීම.


පිලිපීනය නියෝජණය කරමින් සහබාගී වූ තරුණිය ජයග්‍රාහිකාව බව විනිසුරුවන් විසින් සදහන් කලත්, ස්ටීව් හාවි වැරදීමකින් කොලොම්බියාව නියෝජණය කරමින් සිටි තරුණිය ජයග්‍රාහිකාව බව සදහන් කරනවා.


මේ විශාල වැරැද්ද අවබෝධ වන විට කොල්ම්බියානු තරුණිය මිස් යුනිවර්ස් කිරුණ පවා පැලදගෙන අවසන්.


අවසානයේ විනිසුරු කරුවන් තීරණය කරනවා, මෙම අත් වැරදීම පසු දිනයේදී නිවරැදි කරන්න. ඔවුන් සිතනවා, එවැනි නිවරැදි කිරීමක් වේදිකාව තුල, මුලු ලෝකයක් බලා සිටි මොහොතක සිදු කල නොහැකියි කියලා.


ඒ වගේම එසේ කලහොත් අනිත් අතට එය ස්ටීව් හාවිගේ වෘත්තීමය ජීවිතයේ අවසානය විය හැකි බවත් බොහෝ දෙනෙක් සදහන් කලා.


නමුත් ස්ටීව් හාවි, තමන්ගේ වෘත්තීමය ජීවිතය කෙසේ වෙතත්, තමන් අතින් වරදක් වුනා නම් එය නිවරැදි කල යුතු බව විශ්වාස කලා. ඒ නිසා ඔහු වේදිකාවට ගිහි ඒ වරද නිවරැදි කලා.


එය ස්ටීව් හාවිගේ වෘත්තීමය ජීවිතයේ අවසානය වෙනුවට, ස්වර්ණමය යුගයක් ඇති කරන්නට හේතු වුනා. සියලු දෙනාම ඔහු කෙරෙහි අවදානය යොමු කරන්නට පටන් ගත්තා. බොහෝ දෙනෙක් ඔහු කල දේ අගය කලා. ඔහුට එය නිවරැදි කරන්නට තිබුන වුවමනාව, ඔහුගේ මානසිකත්වය, ගැන හැමෝම හොද කියන්න පටන් ගත්තා.


ඔහු එදා රාත්‍රියේදී ලෝකයටම පෙන්නුවා, වැරදි හදා ගැනීම කියන දේට, ඇත්තටම් කොතරම් ලොකු වටිනාකමක් තියෙනවාද කියන වග!


ස්ටීව් හාවි තමන්ගේ වරද හදා ගත්ත හැටි පහතින් නරබන්න




 
 

コメント

5つ星のうち0と評価されています。
まだ評価がありません

評価を追加
bottom of page