top of page

#Motivation | අද මා ජීවත්වන අවසාන දිනයනම් අද දින මා කුමක් කල යුතුද?

Updated: Apr 12, 2021



සුප්‍රකට Apple සමාගමේ නිර්මාතෘ, Next Inc සමාගමේ ප්‍රධාන විධායක නිලදාරී, Pixar Animation Studios, The Walt Disney Company යන ආයතන වල ප්‍රධාන කොටස් කරුවෙකු මෙන්ම අධ්‍යක්ෂක මන්ඩල සාමාජිකයකු වූ Steve Jobs සෑම දිනයකම අවදි වූයේ , "අද මා ජීවත්වන අවසාන දිනයනම් අද දින මා කුමක් කල යුතුද?" යන්න තමාගෙන්ම ප්‍රශ්ණ කරමිනි. ඔහු සෑම දිනයක්ම සැලසුම් කලේ එය තමාගේ ජීවිතයේ අවසාන දිනය ලෙස සලකමිනි.

ඔබ සතුව යමක් කිරීමට අසීමිත හෝ ප්‍රමානවත් දින ගනනක් ඇති බව සිතීම සෑම විටම ඔබගේ රාජකාරී කල් දැමීම පිනිස අභ්ප්‍රේරණය කරයි. නමුත් අද දවස ඔබගේ ජීවිතයේ අවසන් දිනය නම්, ඔබ කැමතිවුවත් නැතත් ඔබගේ රාජකාරී අදාල පැය ගන්නන ඇතුලත නිම කල යුතුය. මෙම ක්‍රමය තුලින් Steve Jobs තම රාජකාරී වෙනුවෙන් වන කැපවීම දවස පුරා උපරිම මට්ටමකින් තබා ගැනීමට උත්සාහ කලේය.

බොහෝ මිනිසුන්ගේ සර්ථකත්වය සීමා වීමටත් ප්‍රමාධ වීමටත් ප්‍රදාන හේතුව වන්නේ තමාට සාර්ථක වීමට ප්‍රමානවත් කාලයක් ඇතැයි සිතීමත්, ඒ හරහා සාර්ථකත්වය වෙනුවෙන් තමා කල යුතු කැප කිරීම් උපරිම මට්ටමකින් පවත්වාගෙන නොයෑමත්ය. ඔබගේ වෘත්තීමය ජීවිතයේදී මෙන්ම පෞද්ගලික ජීවිතයේදීද ඔබගේ සාර්තකත්වය වෙනුවෙන් උපරිම කැපකිරීමක් පවත්වාගෙන යාමට ඔබ සතු කාලය සීමා සහිත බව මතකයේ රදවා ගැනීම, ඉතාමත් සාදනීය ප්‍රත්ඵල ඔබගේ ජීවිතය තුල ඇති කරනු ඇත.

අද ඔබගේ ජීවිතයේ අවසාන දිනය යයි සිතා ඔබගේ රැකියාව තුල උපරිම සේවය ඉටුකරන්න. ඔබගේ දවස උපරිම සතුටින්, සාර්ථක ආකාරයෙන් නිමා කිරීමට කටයුතු කරන්න. අද ඔබගේ ජීවිතයේ අවසාන දිනයයි සිතා ඔබගේ පවුල වෙනුවෙන් උපරිම ආදරය ගෞරවය දක්වන්නට මෙන්ම අනාගත සුරක්ෂිත බව ගොඩනගන්නට කටයුතු කරන්න. දිනෙන් දින ඔබ සිතනවාටත් වඩා වේගයෙන් ඔබ සාර්ථකත්වය වෙත ලගා වෙන බව ඔබටම දැනේවී.

25 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page