top of page
Writer's pictureChathuska Amarasekara

Morning Rituals එක්ක Life එක Fix කරගන්න හැටි!

Updated: Dec 1, 2022



ඔබ කවදා හරි අහලා තියෙනවද දවසේ තියෙන බලවත්ම වෙලාව ගැන...


සමහර වෙලාවට ඔබට හිතෙයි, "එහෙම වෙලාවල් තියෙනවාද? මේ වෙලාව තමයි හොදම වෙලාව" කියලා.. ඔබට එහෙම හිතෙනවානම් ඒ කතාවේ ඇත්තටම වරදක් නෑ,


නමුත් මම මේ කියන කතාව ඔබ ඔය අදහස් කරන දේ නෙමෙයි..


ඔබ දන්නවාද, දවසේ සමහර වෙලාවල් තියෙනවා, මේ වෙලාවල් වලට අපේ මානසික හා ශාරීරික ක්‍රියාකාරීත්වය සාමාන්‍ය මට්ටමට වඩා වෙනස් වෙනවා.

ඔබට දැනිලා තියෙනවාද ඔබ නාන කාමරයේ නාන වෙලාවට, අලුත් අදහස් ඇති වීම, ගැටලු වලට නිර්මාණශීලී විසදුම් ලබා සිතීමේ හැකියාව ඉතාම ඉහල බව?

ඔබට මේ දේ දැනිලා තියෙනවානම් මේකට හේතුව තමයි, මේ වෙලාවට ඔබේ ශාරීරික රසායනික තත්වයන් වෙනස් වෙන්න පටන් ගැනීම. ඒ නිසා මේවගේ දේවල් ගැන ඔබට හරි අවබෝධයක් තියෙනවානම්, ඔය විසද ගන්න අමාරු, ලොකු මානසික පීඩනයක් ගෙන දෙන ගැටලු ඔබට නාන කාමරයේදිම විසද ගන්න හැකියාවක් තියෙනවා.

මෙන්න මේ විදිහට, අපේ ජීවිතය තුල දැනෙන වෙනස් කම් ඇතිකරගන්න පාවිච්චි කරන්න පුලුවන් ඉතාම ප්‍රබල වෙලාවක් තමයි, උදෑසන අවදි වෙන වෙලාව කියන්නේ,

ඔබට දැනිලා තියෙනවාද, ඔබ උදෑසන යම් ගීතයක් ඇහුවොත් ඒ ගීතය දවස පුරාම ඔබට මතක් වෙන ස්වභාවයක් තියෙන බව?

නමුත් ඔබ කවදා හරි හිතලා තියෙනවාද ඇයි එහෙම වෙන්නේ කියලා?

මේකට හේතුව තමයි, උදෑසන ඔබේ මානසික ක්‍රියාකාරීත්වය සාමාන්‍ය දවසේ ක්‍රියාකාරීත්වයට වඩා වෙනස් වීම,

උදේ පාන්දර තරහා ඇති වෙන දෙයකට මුහුණ දුන්නොත්, එදා දවසම ඔබට ඒ ස්වභාවය තියෙනවා, උදෑසන දුක හිතෙන දෙයක් වුනොත්, ඒ දුක දවස පුරාම ඔබට තියෙනවා,

උදෑසන ඔබේ මනස ඍණාත්මක වුනොත් ඒ ඍණාත්මක වුනොත් ඒ ස්වභාය දවස පුරාම ඔබට දැනෙනවා. මෙන්න මේ තත්වය නිසා තමයි, ලෝකයේ සාර්ථක වෙච්ච මිනිස්සු හැමෝම වගේ, තමන්ගේ උදෑසන ධනාත්මක කර ගැනීම වෙනුවෙන් Morning Rituals (උදෑසන චාරිත්‍ර ක්‍රියාවලියක්) පාවිච්චි කරන්නේ. මොකද ඍණාත්මක තත්වයන් ඇතිවුනාම, ඒක දවස පුරාම තියෙනවා වගේම තමයි, උදෑසන ඔබේ මනස ධනාත්මක වුනොත්, ජව සම්පන්න වුනොත් ඒ ස්වභාවයත් දවස පුරාම ඔබට අත්විදින්න පුලුවන් හැකියාව තියෙනවා.

ඒ නිසා, සාර්ථකත්වය හොයාගෙන යන පුද්ගලයෙක් විදිහට Morning Rituals ( උදෑසන චාරිත්‍ර ක්‍රියාවලියක් ) ඔබට තියෙන්නම ඕනේ..

මොකද Morning Rituals තියෙන කෙනෙක් හා නැති කෙනෙක් දිහා අපි සංසන්දනාත්මකව බැලුවොත්, ඒ දෙන්නා අතර , මානසික වශයෙන්, ශාරීරික වශයෙන්, ආකල්පමය හා චර්යාත්මක වශයෙන් ඉතාම පැහැදිලි වෙනස් කම් රාශියක් අපිට දැක ගන්න පුලුවන්...

ඒ නිසා ඔබට තවමත් Morning Ritual එකක් නැත්නම්, මේ මොහොතෙම ඒ දේ වෙනස් කරගන්න , තීරණය කරන්න ඒ වගේම සැලසුම් කරන්න. මොකද ඔබ ඒ දේ කරන්න පටන් ගන්න පළමු දවසේ ඉදලම ඔබට දැනෙයි, ඔබේ ජීවිතයේ Fix කරගන්න බැරි වුන බොහෝ දේවල් Fix වෙන්න පටන් අරගෙන බව...

ඔබට මේ වෙනකොටත් හරි Morning Ritual එකක් නැත්නම්, පහත සබැදිය හරහා, සාර්ථකත්වය වෙනුවෙන් උදෑසන චාරිත්‍ර, Morning Ritual Guide Book එක PDF eBook එකක් විදිහට Download කර ගන්න..මේ පොතේ හරි Morning Ritual එකක් වෙනුවෙන් අවශ්‍ය පියවර වශයෙන් වන ඉතාම පැහැදිලි මගපෙන්වීමක් තියෙනවා.


අන්තර්ජාලය හරහා Download කරගැනීමට අපහසුනම්, 0764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කිරීමෙන්, eMail එකක් හරහා මෙම eBook එක ලබා ගැනීමේ හැකියාව පවතී.

270 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page