top of page
Writer's pictureChathuska Amarasekara

👑 Marketing Secrets 10 - අලෙවිකරණයේ පෙලබවීම (i)

Updated: Oct 17, 2022



යම් කෙනෙක් තමන් සතු මුදල් නැවත නැවත ඔබ සමග ගනුදෙනු කිරීම වෙනුවෙන් යොදවන්නේ, ඒ වෙනුවෙන් නිසි පෙලබවීමක් තිබුනොත් විතරයි. ඒ නිසා අලෙවිකරණයේදී නැවත නැවත තමන් සමග ගනුදෙනු කිරීමට පාරිබෝගිකයා පෙලබෙන ආකාරයෙන් තමන්ගේ අලෙවිකරණ කටයුතු සිදු කිරීම අතිශයෙන්ම වැදගත්.


මේ ආකාරයෙන් පෙලබවීම් කිරීම වෙනුවෙන් ලෝකයේ අලෙවිකරණ ක්ෂේත්‍රයේ භාවිතා වෙන බොහෝ ක්‍රම තියෙනවා, අපි මෙතැන් සිට, ඒ ආකාරයෙන් වන ක්‍රම ගැන උදාහරණ සමගින් අවබෝධයක් ලබා ගැනීමට උත්සාහ කරමු.


ලෝකයේ බොහෝ ආයතන, තමන්ගේ පාරිබෝගිකයන්, තමන් සමග නැවත නැවත කටයුතු කරන තැනට රැගෙන එන්න භාවිතා කරන එක් පෙලබවීම් උපක්‍රමයක් තමයි, එම ගනුදෙනු Lifestyle එකේ කොටසක් බවට පත් කිරීම


1990 - 2000 කාලයේදී ඇපල් කියන්නේ පරිගණක ක්ෂේත්‍රයේ සිටි සාමාන්‍ය සමාගමක්, නමුත් 2001 ඔක්තෝම්බර් මාසයේදී ඇපල් සමාගම Apple IPod නිර්මාණය කලේ තරුණ පරපුර වෙනුවෙන් වන Lifestyle Purchase එකක් විදිහට, එය හරහා ඔවුන් ඇපල් නිශ්පාදන Lifestyle එකේ කොටසක් කිරීමට උත්සාහ කලා. ඉන්පසු වසර දෙකකට පසු ඔවුන් Apple ITunes නිර්මාණය කලා.


එය පෙරටත් වඩා, මිනිසුන්ගේ Lifestyle එකේ කොටසක් කිරීම ඔවුන්ගේ අදහස වුනා.


එතැනින් එහාට ඔවුන් Apple Iphone වැනි නිශ්පාදන හරහා Apple නිශ්පාදන මිලට ගැනීම Lifestyle එකක් බවට පත් කලා.


අදටත් ඔබට පෙනෙනවා, වැඩි පිරිසක් ඇපල් නිශ්පාදන මිලට ගන්නේ, එහි තියෙන අවශ්‍යතාවයකට වඩා එය Apple නිසා. එහෙම නැත්නම් එහි Brand එක නිසා.


එහෙමත් නැත්නම් Apple නිශ්පාදනයක් මිලට ගැනීමම ඔවුන්ට තෘප්තියක් ලබා දෙන නිසා.


අද වන විට සම්පූර්ණයෙන්ම වගේ Apple නිශ්පාදන අලෙවි වෙන්නේ Lifestyle Purchase එකක් විදිහට. එය ඔවුන්ට නැවත නැවත තමන්ගේ Lifestyle එක පවත්වාගෙන යාම වෙනුවෙන් මිලදී ගන්න විශාල පාරිබෝගික පිරිසක් මේ වන විට නිර්මාණය කර තිබෙනවා.


මෙන්න මේ ආකාරයෙන් ඔබටත් පුලුවන් නම්, ඔබේ භාන්ඩය හෝ සේවාව Lifestyle Purchase එකක් කරන්න. ඔබටත් එයින් විශාල වාසියක් ලබා ගන්න හැකියාව තිබෙනවා!



15 views

Opmerkingen

Beoordeeld met 0 uit 5 sterren.
Nog geen beoordelingen

Voeg een beoordeling toe
bottom of page