top of page

👑 Marketing Secrets 09 - Marketing වල වැදගත්ම දේ

Updated: Oct 17, 2022



Marketing වලදී සාර්ථක වීමට බලපාන වැදගත්ම සාධකය තමයි, Marketing තුල යාවත්කාලීන වීම. එහෙම නැත්නම් Update වීම.


ඔබ යාවත්කාලීන නැත්නම්, ඒ යාවත්කාලින බව එක්ක වැඩ කරන්නේ නැත්නම්, Marketing වලදී සාර්ථක වෙන එක ඉතාම අමාරු වැඩක්. ඒ නිසා මේ ලිපියෙන් මම ඔබට කියලා දෙන්න යන්නේ, Marketing වල සාර්ථක වීම වෙනුවෙන් අවශ්‍ය යාවත්කාලීන බව ගොඩනගා ගන්න ඔබට භාවිතා කරන්න පුලුවන් පියවර 5ක් ගැන.


  1. සෑම විටම සාර්ථක වෙන තරගකරුවන් අධ්‍යයනය කරන්න

හැම වෙලාවෙදිම, තමන්ට වඩා සාර්ථක වෙන හෝ, තමන් තරම් නොවූවත්, හිටියාට වඩා සාර්ථක වෙන තරගකරුවන් ගැන අවදානයෙන් ඉන්න, ඔවුන් කරන්නේ මොනවාද කියන දේ ගැන අධ්‍යයන කරන්න. ඔවුන් Marketing තුල ක්‍රියාත්මක කරන දේවල් මොනවාද කියන දේ සහ ඔවුන් ලබන ප්‍රතිඵල මොනවාද කියන දේ, දත්ත වශයෙන් අධ්‍යයන කරන්න.


ඒ අනුව අවශ්‍ය වෙනස් කම් කරමින් ඔබේ අලෙවිකරන සැලසුම් දියුණු කරන්න


2. තරගකරුවන්ගෙන් මිලදී ගන්න


සෑම මොහොතකම තරගකරුවාගේ හොදම පාරිබෝගිකයා ඔබ වෙන්න, ඔවුන්ගේ භාන්ඩ හා සේවා අද්‍යයනය කරන්න, ගැටලු සොයා ගන්න, ඔවුන්ගේ ශක්තීන් හදුනා ගන්න. ඔවුන්ගේ භාන්ඩ හා සේවා පිලිබද වඩාත් දැනුවත් පාර්ශවය ඔබ වන්න. ඒ අනුව ඔබේ සැලසුම් යාවත් කාලීන කරමින් ඉදිරියට යන්න


3. වෙනත් රටවල සිදුවන දේ අධ්‍යයනය කරන්න


ඔබගේ ක්ෂේත්‍රය තුල වෙනත් රටවල සිදුවන දේ අධ්‍යනය කරන්න. ඔබට ඔබේ වෙලදපොලට ගෙන ආ හැකි, ඔබේ තරගකරුවන් අභිබවා යා හැකි, ඒ වගේම ඔබේ පාරිබෝගිකයන්ට අලුත් අත්දැකීමක් ලබා දිය හැකි තත්වයන් මොනවාද කියන දේ අධ්‍යයනය කරමින් වෙනස් වෙන්න.


4. වෙනත් ක්ෂේත්‍රයන් අධ්‍යයනය කරන්න.


ඔබේ ක්ෂේත්‍රයට අදාල නොවන වෙනත් ක්ෂේත්‍ර තුල ක්‍රියාත්මක වෙන, ඔබට ඔබේ ක්ෂේත්‍රයේ අලෙවිකරන කටයුතු වෙනුවෙන් භාවිතා කල හැකි සංකල්ප මොනවාද යන්න ගැන නිරන්තරයෙන් සොයා බලන්න. ඒ අනුව ඔබේ අලෙවිකරන අත් හදා බැලීම් සිදු කරන්න.


5. දැනුම සහිත අය සමග සම්බන්ද වෙන්න


සෑම විටම අලෙවිකරණය පිලිබද උපදෙස් ලබා ගත හැකි පාර්ෂවයන් සමග සම්බන්ද වෙන්න. ඔවුන්ගෙන් දැනුම ලබා ගන්න. ඒ අනුව ඔබේ සැලසුම් වෙනස් කරමින් විවිද අත් හදා බැලීම් කරන්න.


ලෝකයේ විශාල තරගකාරී සමාගම් වල ප්‍රධාන විදායක නිලදාරීන් පවා, එකට සිට, එකම පුද්ගලයාගෙන් උපදෙස් ලබාගෙන වෙලදපොලේ තරග කරන අවස්ථා ලෝකයේ ඕනෑ තරම් ඇත.

bottom of page