top of page

👑 Marketing Secrets 07 - හරිම තැනදී අලෙවි කිරීම

Updated: Oct 17, 2022



4Ps වල තුන් වෙනි P එක තමයි Place කියන්නේ, මේකත් Marketing වලදී අපි ඉතාම සැලකිල්ලෙන් භාවිතා කල යුතු දෙයක්. මොකද මේ හරහා ඔබට ලබා ගන්න පුලුවන් වාසි විශාලයි.


Place කියන්නේ ඔබ ඔබේ වෙලදපොල බවට පත්කරගන්නේ කොතැනද කියන එක. එහෙම නැත්නම් ඔබේ පාරිබෝගිකයා ඉන්නේ කොතැනද කියන එක.


අපි හැම වෙලාවෙදිම දැනගන්න ඕනේ, අපේ භාන්ඩ හා සේවාවන්ට ගැලපෙන , ඒ වගේම අපේ අරමුණු වලට ගැලපෙන පාරිබෝගික කන්ඩායම ඉන්න තැන් වල තමන්ගේ අලෙවිකරණ ක්‍රියාවලිය කරන්න.


උදාහරණයක් විදිහට බැලුවොත්, ලෝකයේ තියෙන් ඉතා ඉහල මිලගනන් යටතේ අලෙවි වන, භාන්ඩ හා සේවා බොහෝ වෙලාවට රූපවාහිනී මාධ්‍ය හරහා දැන්වීම් කරන්නේ නෑ. එයට හේතුව තමයි, එය මිලදී ගන්න හැකි මිනිස්සුන්ට රූපවාහිනී බලන්න තරම් කාලයක් නොතිබීම.


මෙන්න මේ වගේ Marketing වලදී අපි අපේ භාන්ඩ හා සේවා ප්‍රවර්ධනය කරන්නේ කොතනද කියන එක, ඉතාම වැදගත් අපේ අලෙවි අරමුණු ජය ගැනීම වෙනුවෙන්.


තවත් උදාහරණයක් විදිහට පහත උදාහරණය බලන්න,

සාමාන්‍ය වෙලදපොලේ පොල්කටු විකුණුවොත් කිසිම දෙයක් නොකරපු, සාමාන්‍ය පොල්කටු 4ක් කීයකට අලෙවිකරන්න පුලුවන් වෙයිද? රු 100කටවත් අලෙවි කරන්න පුලුවන් වෙයිද කියන දේ සැකයි.


නමුත් අන්තර්ජාලයේ අලෙවි කලොත් එහි වටිනාකම රු 1800කට වැඩියි. (මා මෙය ලියන විට වන විනිමය අනුපාත මත).


ඔබට වැටහෙනවාද, හරි වෙලදපොල තෝරාගෙන කටයුතු කිරීමේ වටිනාකම?


පසුගිය දවසක, මා හමුවෙන්න ආපු රක්ෂණ නියෝජිතයෙක් සදහන් කලේ, ඔහු කොතරම් උත්සාහ කලත් අලෙවි ඉලක්ක ලගා කරගන්න හරිම අමාරුයි කියලා. මම ඔහුට යෝජනා කලේ ඔහුගේ වෙලද පොල වෙනස් කරන්න යන්න විතරයි, ඔහු මාස කීපයක් ඇතුලත, ලබා ගත් දියුණුව දස ගුණයකටත් වඩා වැඩියි.


ඒ නිසා, හැම වෙලාවෙදිම, යමක් Market කරන්න කලින්, තමන් එය කාටද අලෙවි කරන්නේ, ඔවුන් කොතැනද ඉන්නේ කියන දේ හරියටම හදුනාගන්න ඔබට පුලුවන් නම්, ඔබට Marketing වෙනුවෙන් යොදන ආයෝජණයෙන් උපරිම ප්‍රයෝජණ ගන්න පුලුවන් හැකියාව ලැබෙනවා.


අපි ඉදිරි පාඩම් වලින් මේ ආකාරයෙන් තමන්ට වඩාත් ගැලපෙන පාරිබෝගිකයන් ඉන්න තැන හොයාගන්න පුලුවන් මාර්ග වගේ දේවල් ගැන ටිකක් ගැඹුරින් ඉගෙන ගනිමු. ඒ වෙනුවෙන් ඔබට භාවිතා කල හැකි උපක්‍රම රාශියක් Marketing වල තියෙනවා...


මුලික කරුණු පිලිබද පාඩම් වලින් පසු ඉදිරියට අපි ඒ පිලිබදව ඉතාම පැහැදිලිව, පියවරෙන් පියවර ඔබට උගන්වන්න බලාපොරොත්තු වෙනවා!



bottom of page