අද වෙනකොට මේ වසරේ අඩකටත් වඩා අවසන් වී අවසානයි, නමුත් ඔබ මේ වසරේ ලගා කරගැනීමට සිටි ඉලක්ක වලින් 50%ට වඩා වැඩි ප්‍රමාණයක් ලගාකරගෙන අවසන්ද?
අප බොහෝ දෙනෙකුට අපි සිටිය තැනමයි ඉස්සරහට ගිහින් නෑ කියන දේගොඩක් වෙලාවට මතක් වෙන්නේ අවුරුද්ද අවසානයේ. අපි බලාපොරොත්තු වූ දේවල් වලින් සැලකිය යුතු ප්‍රමානයක් ලගා කරගෙන නෑ යන්න අපිට බොහෝ විට දෙසැබර් 31. බොහෝ විට මේ අත්දැකීම ඔබටත් කලින් වසරවල් වල අත්දකින්නට ලැබිලා ඇති.
සැබවින්ම,
❌ ජීවිතේ අපි බලාපොරොත්තුවන දේවල් ලගා කර ගැනීමකින් තොරව අවසන් වෙන්නේ ඇයි?
❌ මේ අවුරුද්ද මුල ලගා කරගන්න ඕනේ කියල හිතපු සාර්ථකත්වය අවුරුද්දෙන් බාගෙකට වඩා ගෙවිලත් පොඩ්ඩක්වත් ලගා කරගන්න බැරිවුනේ ඇයි?
බොහෝ විට මෙයට ප්‍රධානම හේතුව තමයි ජීවිතයේ අපි අපේ බලාපොරොත්තු ගැන සිහින දැක්කාට ඒවා ඉලක්කයන් කර නොගැනීම. ඉලක්කයක් කියන්නේ සිහිනයක් නෙමේ , මේ දෙක එකිනෙකට වෙනස් කාරනා දෙකක්. ප්‍රායෝගිකව, සිහින දකින මිනිසුන් තමන්ගේ බලාපොරොත්තු සාර්ථක කර නොගැනීමත්, ඉලක්ක සහිත මිනිසුන් සාර්ථක වීමත් සිදුවනවා.
අපගෙන් කවුරුන් හෝ තමන්ගේ ජීවිතයේ ඉලක්ක මොනවාදැයි ඇසුවොත් බොහෝ දෙනෙකු පවසන්නේ "පොහොසතෙකු වීම, හොද නිවසක්, හොද වාහනයක් මිලදී ගැනීම, හොද පවුල් ජීවිතයක් ගත කිරීම , පිට රටක සංචාරය කිරීම වැනි දේවල්ය. නමුත් ඔබ හොදින් මතක තබා ගත යුතු කාරනය වන්නේ ඔබ මේ දේවල් ඔබගේ ජීවිතයේ ඉලක්ක ලෙස සලකනවානම් ඔබ වැරදි බවය. එමෙන්ම ඔබට ඔබ බලාපොරොත්තුවන දෙයට ලගා වීමට නොහැකි වීමට මේ ආකාරයෙන් සිතීමම හේතුවක් වන බවය.
සරලව පැහැදිලි කලොත් ඉහත සියල්ල ඉලක්කයන් නොව සිහිනයන්ය. ඉලක්කයක් යනු මෙයට වඩා ඉතාමත් නිශ්චිත වූ දෙයකි. ඉහත ආකාරයේ සිහිනයක් ඔබ තුල ඇති වූ පසු ඔබ තුල "යමක්" කල යුතු බවට අභිප්‍රේරණයක් ඇති වේ. නමුත් එය ඔබට කුමක් කල යුතුද යන්න සිතීමට අභිප්රේර්ණය කරන්නේ ඉතා අඩු වශයෙනි.
නමුත් ඉලක්කයක් යන්න එසේ නොවේ. ඉලක්කයක් යන්න ඉතා නිශ්ඡිතය. ඉලක්කයක් සැම විටම ඔබ කුමක් කල යුතුද, කුමන ආකාරයෙන් කල යුතුද යන්න සිතීමට හා ප්‍රායෝගිකව සැලසුම් කිරීමට ඔබව අභිප්‍රේරණය කරයි.
ඉලක්කයක් යන්න මූලික වශයෙන් කරුණු 5කින් සමන්විතය. ඒවා මෙසේය.
1. නිශ්ඡිත හා පැහැදිලි බව.
2. ඉලක්කය වෙතට ලගා වූවාද නැද්ද යන්න පැහැදිලිව මැනිය හැකි බව. 3. නිශ්චිත කාලසීමාවකට යටත් වීම.
4. අභියෝගාත්මක බව.
5. ලිඛිතව පැවතීම.
ඉහත කරුණු වඩාත් පැහැදිලි කර ගැනීම සදහා පොහොසතෙකු වීමට අදහස් කරන පුද්ගලයකු උදාහරණයට ගෙන එකිනෙක තත්වයන් පහත පරිදි පැහැදිලි කල හැකිය.
සිහිනය
මට පොහොසතෙකු වීමට අවශ්‍යයි. කවදා හරි පොහොසතෙකු වෙනවා.
ඉලක්කය
20xx -xx -xx දිනය වන විට රු. මිලියනක මුදලක් ඉතුරුම් ලෙස සකසා ගැනීම.
1 ) නිශ්චිත හා පැහැදිලි බව
"මට පොහොසතෙකු වීමට අවශ්‍යයි. කවදා හරි පොහොසතෙකු වෙනවා." යන්න ඔබට කුමක් හෝ කිරීමට ඔබව අභිප්‍රේරණය කරයි, නමුත් එය ඔබට නිශ්ඡිත වශයෙන් කුමක් කල යුතුද යන්න සිතීමට ඔබව පොලබවන්නේ නැත. නමුත් දෙවැනි අවස්ථාව තුල එසේ නොවේ. "20xx -xx -xx දිනය වන විට රු. මිලියනක මුදලක් ඉතුරුම් ලෙස සකසා ගැනීම." යන්න හරහා ඔබට ලගා වීම පිනිස නිශ්ඡිත වූ ඉලක්කයක් ලබා දේ. එමෙන්ම නිශ්ඡිත වශයෙන් ඔබ ඒ සදහා යාමට කුමක් කල යුතුද යන්න සිතීමට ඔබව අභිප්‍රේරණය කරයි.
2) මැනිය හැකි බව
පොහොසතෙකු වීම යන්න ලගා කරගත්තාද නැද්ද යන්න නිශ්ඡිතව මැනීමට හැකියාවක් නැත. නමුත් එය "රු. මිලියනයක්" ලෙස වෙනස් කලොත් එය ලගා කරගත්තාද නැද්ද යන්න නිශ්ඡිතව පැහැදිලිව මැනිය හැකිය.
3) කාල සීමාවක් සහිත බව
පොහොසතෙකු වීම යන්න තුල කවර දිනක එම තත්වයට ලගා වනවාද යන්න හැග වෙන්නේ නැත. නමුත් ඉලක්කයක් ස්ථාපනය කිරීමේදී අප එම ඉලක්කය වෙත ලගා වීම සදහා නිශ්ඡිත කාල සීමාවක් ස්ථාපනය කරයි. මේ හරහා ඔබ තුල අදාල කාලය තුල කුමන ආකාරයෙන් ක්‍රියා කල යුතුද යන්න සිතීමට පෙලබවීමක් ඇති කරයි.
4)අභියෝගාත්මක බව
ඉලක්කයක් යන්න ඔබට ඉතා පහසුවෙන් ලගාකර ගත හැකි දෙයක් නොවිය යුතුය. ඔබ සෑම විටම ඉහල ඉලක්කයක් හබා යාමට සූදානම් විය යුතුය. මා ඔබට උපදෙස් දෙන්නේ ඔබට රුපියල් ලක්ෂයක් අවශ්‍යනම් රුපියල් මිලියනයක ඉලක්කයක් හබාගෙන යන ලෙසටය. ඇතැම් විට අප ජීවිතයේ අප නොසිතන ගැටලු වලට අපට මුහුන පෑමට සිදුවේ. එවැනි අවස්ථාවක අපට අවශ්‍ය මට්ටම තුල පමණක් රැදී සිටීම අවදානම් සහිතය. නමුත් ඔබ ඊට වඩා විශාල ඉලක්කයක් හබාගියොත් ඔබ යම් යම් පරාජයන්ට ලක් වුවොත් ඔබට සැබවින්ම අවශ්‍ය මට්ටම හෝ ඊට වඩා ඉහල මට්ටමකට ලගා වීමට හැකිවනු ඇත.
5) ලිඛිත බව.
සෑම ඉලක්කයක්ම ලිඛිතව තබා ගන්න. ලිඛිත ඉලක්කයක් යන්න සිතුවිල්ලකට වඩා නිශ්චිතය. ලිඛිත ඉලක්ක සහිත මිනිසුන් සෑම විටම සාමාන්‍ය මිනිසුන්ට සාපේක්ෂව ඉතා ඉහල සාර්ථකත්වයක් ලගා කරගන්නා බව පරීක්ෂණ හරහා මගින් පවා ඔප්පු වී ඇත.
Mark McCormack විසින් රචිත What They Don't Teach You at Harvard Business School නම් කෘතිය තුල ඔහු එක්තරා සමීක්ෂණ වාර්ථාවක් පිලිබද තොරතුරු දක්වයි. 1979 සිට 1989 දක්වා වසර10ක කාලයක් මෙම සමීක්ෂණය පැවැත්වනු ලැබූ අතර 1979 වසරේ හි උපාදි හිමිකරගත් සිසුන් පිරිසක් ඔවුන් මෙම සමීක්ෂණය සදහා පාදක කර ගනු ලැබීය.
සමීක්ෂණ කන්ඩායම විසින් ඔවුන් සියලු දෙනාටම ප්‍රශ්ණයක් ඉදිරිපත් කල අතර ඔවුන් එයට එකිනෙක පුද්ගලයාගෙන් ලැබුනු ප්‍රතිඵල සටහන් කරගනු ලැබීය. සමීක්ෂණ කන්ඩායම විසින් සිසූන් වෙත ඉදිරිපත් කල ප්‍රශ්ණය වූයේ, " ඔබ ඔබගේ අනාගතය පිලිබදව නිශ්චිත ලිඛිත ඉලක්ක ස්ථාපණය කර ඇත්ද, ඒ වෙනුවෙන් ඔබ සැලසුම් සකස් කර ඇත්ද?" යන්නයි
මෙහිදී සමීක්ෂණ කන්ඩායමට ලැබුනු පිලිතුරු මේ ආකාරයෙන් විය, සමීක්ෂණයට ලක්කල පිරිසගෙන් 3%කට නිශ්චිත ලිඛිත ඉලක්ක තිබිනි. තවත් 13%කට නිශ්චිත ඉලක්ක තිබුන නමුත් ඔවුන් ඒවා ලිඛිතව සටහන් කරගෙන නොතිබිනි. ඉතිරි 84%ට තම අනාගතය පිලිබද සිහින තිබුනත් නිශ්චිත ඉලක්ක තිබුනේ නැත. වසර 10ට පසු නැවත එම පිරිසගේ වර්ථමාණ තත්වය පරික්ශා කිරීමට සමීක්ෂණ කන්ඩායම තීරණය කල අතර 1989දී ඔවුන් නැවත එම සියලු දෙනාගේ වර්ථමාණ තත්වය පිලිබද පිරික්සීමක් කලේය. එහිදී සමීක්ෂණ කන්ඩායමට සොයාගත හැකි වූයේ 13%ක් වූ ලිඛිත ඉලක්ක නැතත් යම් නිශ්චිත ඉලක්කයක් සහිත වූ පිරිස අනෙක් 84%ට වඩා දෙගුනයක් ආදායම් ලබන බවත්, 3% වූ ලිඛිත නිශ්චිත ඉලක්ක සහිත පිරිස අනෙක් 97% ටම වඩා දස ගුනයක ආදායම් ලබන බවත්ය.
ඔබේ සිතේ තියෙන ඕනෑම බලාපොරොත්තුවක් වෙනුවෙන් ඔබේ මනසේ අරමුණුගත බව උපරිම මට්ටමකට ගෙන එන හැටි, නිවරැදිව සැලැස්මක් සකසා ගන්න හැටි, ප්‍රායෝගිකව ධනාත්මක ආකල්ප ඇතිකරගන්න හැටි වගේම ඔබේ සාර්ථකත්වයට බලපාන බාහිර සාදක සාර්ථකව වෙනස් කරගන්න ඔබ ප්‍රායෝගිකව පියවර වශයෙන් ඉගෙන ගන්න, පහත සබැදිය හරහා " ජීවිතය දිනන ප්‍රායෝගික මග " PDF eBook එක ඔබත් Download කරගන්න.
Comments