
අප සෑම කෙනෙකුම ජීවිතයේ විවිධ වූ බලාපොරොත්තු සමගින් ජීවත් වේ. ඇතමුන් ඒවා ලගා කර ගනී , තවත් සමහරෙක් තම බලාපොරොත්තු , යතාර්ථයක් කර නොගෙන, බලාපොරොත්තු ආකාරයෙන්ම තබා ගනිමින් ජීවත් වේ. මේ කෙසේ වෙතත් සාමාන්‍යයෙන් අප ජීවත්වන ලෝකය දෙස බැලුවොත් සුලභව දැකිය හැකි තත්වය නම්, ඉතා සුළු පිරිසක් තම බලාපොරොත්තු ප්‍රායෝගිකව ලගා කර ගනිමින් තමන්ට අවශ්‍ය ජීවිතය ගත කරන අතරතුර තවත් විශාල පිරිසක් තම බලාපොරොත්තු , බලාපොරොත්තු ආකාරයෙන්ම තබාගෙන ජීවත් වීමයි.
බොහෝ විට මෙවැනි තත්වයක් ඇති වීමට හේතු මොනවාදැයි විමසීම ඉතාමත් වැදගත්ය. අප සෑම කෙනෙකු තුලම අප බලාපොරොත්තුවන ඕනෑම තත්වයකට ලගා වීමේ හැකියාවක් තිබේ. නමුත් ප්‍රායෝගිකව අප ජීවත් වන ලෝකය තුල අප බොහෝ දෙනෙකු එවැනි තත්වයක් ලගා කර නොගෙන මේ ආකාරයේ බෙදීමක් ඇති වීමට, එහෙමත් නැත්නම් එක් අයෙකුට යමක් ලගා කර ගැනීමටත්, තවත් අයෙකුට එසේ කිරීමට නොහැකි වීමටත් බලපානු ලබන ප්‍රධාන කරුණු 2ක් මූලික වශයෙන් හදුනා ගැනීමට හැකිය.
1. සිතුවිලි
2. ඉලක්ක
සිතුවිලි යනු මිනිසෙකුගේ ජීවිතය පාලනය කරන ප්‍රබලම සාධකය යයි කීවොත් එහි කිසිදු වරදක් නැත. සැබවින්ම ලෝකය තුල ක්‍රියාත්මක වන අනෙක් කිසිදු බලවේගයකට මනස තුල වන ශක්තිය පැරදිය හැකියයි කීමට අපහසුය. නිවරැදි උසස් සිතුවිලි වලින් පරිපූර්ණ මිනිසා සැබවින්ම අප සිතනවාටත් වඩා ඉතාමත් බලවත්ය.
සාමාන්‍ය මිනිසෙකු සැබවින්ම තමා සතු මානසික ශක්තියෙන් ප්‍රයෝජනයට ගන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයකි. නමුත් අප සෑම කෙනෙකු තුලම අප සිතනවාට වඩා විශාල ශක්තියක් සැඟව ඇත. සාර්ථකත්වයට යන මිනිසා සැම විටම තමා බලාපොරොත්තු වන සාර්ථකත්වයට ලගා වීම පිණිස තම මනස නිසි ආකාරයෙන් සකසා ගැනීමත්, ශක්තිමත් කර ගැනීමත් සිදුකරයි. නමුත් අනෙක් මිනිසුන් තුල මෙම තත්වය දැක ගත හැක්කේ ඉතා සුළු ප්‍රමාණයකිනි.
මනස හා සිතුවිලි පුද්ගලයකුගේ සාර්ථකත්වයෙන් ඉතා විශාල ප්‍රමාණයකට වග කියනු ලබයි. ලොව ඉතාමත් ජනාදරයට පත් උපදේශකවරයකු වන ඇන්තනී රොබින්ස් පවසන්නේ මිනිසාගේ සාර්ථකත්වයෙන් 80%ක්ම තීරණය කරන්නේ මනස සහ සිතුවිලි බවයි. එහෙයින් මූලික වශයෙන් යමක් සාර්ථක කර ගැනීමට අවශ්‍ය වන ආකාරයෙන් තම මනස සකසා ගැනීම, ප්‍රායෝගිකව යමක් සාර්ථක කරගැනීම සම්බන්ධයෙන් ඉතාමත් වැදගත්ය.
මීලගට, ඉලක්කයක් යනු සාර්ථක මානසිකත්වයක් ඇති මිනිසෙකුගේ බලාපොරොත්තු ප්‍රායෝගික මට්ටමට ගෙන ඒමට හැකි එකම ක්‍රමයයි. යම් බලාපොරොත්තුවක් සාර්ථකව ලගා කර ගැනීමට හැකිවන අයුරින් සැලසුම් සැකසීම හා ක්‍රියාමාර්ග ගැනීම කල හැකි වන්නේ ඔබ සතුව පැහැදිලි ඉලක්ක තිබෙනවානම් පමනි.
ලෝකයේ ඕනෑම ආකාරයක සාර්ථකත්වයක් ලගා කරගත්, ඕනෑම පුද්ගලයකු දෙස බැලුවොත් ඒ සෑම කෙනෙක් තුලම ඔබට ශක්තිමත් මානසිකත්වය හා ඉලක්ක යන සාධක දෙකම හමුවනු ඇත. ශක්තිමත් මනසක් ඇති නමුත් නිවරැදිව ඉලක්ක පිහිටුවීමට නොදත් මිනිසාට මෙන්ම ඉලක්ක සහිත නමුත් ශක්තිමත් මානසිකත්වයක් නැති මිනිසාටද තමන් බලාපොරොත්තුවන සුවිශේෂී සාර්ථක ජීවිතය ප්‍රායෝගිකව ගොඩනගා ගැනීම ඉතාමත් අපහසු වනු ඇත.
ඔබට අවශ්‍ය ප්‍රායෝගික සාර්ථකත්වයක් නම් ඔබ මේ සාධක 2කම ඔබේ ජීවිතය තුල අවශ්‍ය ප්‍රමානයට ගොඩනගා ගැනීම අනිවාර්යයෙන්ම කල යුතුය. මේ හරහා ඔබට කවදා හෝ කෙලෙස හෝ සාර්ථක විය යුතුය යන ආකාරයේ අවිනිශ්චිත බලාපොරොත්තු වලින් මිදී , තමන් බලාපොරොත්තුවන සාර්ථකත්වය ප්‍රායෝගිකව ඔබේ ජීවිතය තුල අත් විදීමට හැකිවන තත්වයක් ගොඩනගා ගැනීමට ඔබට හැකිවනු ඇත.
හරියටම ඉලක්කයක් පිහිටුවන්නේ කොහොමද? ජීවිතය ප්‍රායෝගිකව වෙනස් කරගනිමින් සාර්ථක වන ආකාරය ප්‍රායෝගික අභ්‍යාස හා උදාහරණ සහිතව පියවර වශයෙන් ඉගෙන ගන්න.
ඔබේ සාර්ථකත්වයේ පදනම ශක්තිමත්ව සකසා ගන්න හැටි නිවරැදිව ඉගෙන ගන්න, ඔබේ සිතේ තියෙන ඕනෑම බලාපොරොත්තුවක් වෙනුවෙන් ඉලකයක් නිවරැදිව පිහිටුවන්නේ කොහොමද, නිවරැදිව සැලැස්මක් සකසා ගන්නේ කොහොමද, සකසා ගන්න සැකැස්ම නිවරැදිව ධනාත්මක මනසකින් යුතුව ක්‍රියාත්මක කරගෙන යන්නේ කොහොමද, අදී ඔබගේ ගමන ප්‍රායෝගිකව ආරම්භ කරන්න ඔබ දැනගත යුතු සියලුම දේ සරලව, උදාහරණ හා ප්‍රායෝගිකව ක්‍රියාතමක විය යුතු ආකාරය පියවර සමගින් ඉගෙන ගන්න. " ජීවිතය දිනන ප්‍රායෝගික මග " ප්‍රායෝගික උපදෙස් පොත හා වැඩපත්‍රිකා කට්ටලය පහතින් PDF eBook එකක් ආකාරයෙන් Download කරගන්න.
ජීවිතය දිනන ප්‍රායෝගික මග ප්‍රායෝගික උපදෙස් පොත හා වැඩපත්‍රිකා Downlaod කරගැනීමට මෙම සබැදියට පිවිසෙන්න http://bit.ly/2JNZIcf
Comments