ඔබට සාර්ථකවන්නට සැබවින්ම අවශ්‍ය මොනවාද ? ලොව බොහෝ දෙනෙකු සාර්ථකත්වය හබා යාමේදී අවශ්‍යයැයි බහුලව සිතන දෙයක් නම් උසස් අද්‍යාපනයක් හා මුදල්ය. "මොනවා හරි කරන්න සල්ලි තියෙන්න ඕනේ" , "මොනවා කරන්නත් කලින් ඉගෙනගෙන තියෙන්න ඕනේ" යනු සමාජය තුලින් බහුල වශයෙන් අසන්නට ලැබෙන සාර්ථකත්වය උදෙසා වන අවවාද දෙකකි. සැබවින්ම මෙය සත්‍යයක්ද?
ලොව අංක එකේ මූල්‍ය උපදෙශකයකු වන Robert Kiyosaki තම Cashflow Quadrant නම් කෘතිය තුල වරෙක මෙවැනි සටහනක් තබයි;
" මිනිසෙකුට පොහොසත් වීමට මුදල් අවශ්‍ය බව මම පිලිගන්නේ නැත. 1985 වසරේදී මා ජීවත් වීමට තැනක් නැති දුප්පතෙකු වීමටත්, 1989 වසරේදී මම පොහොසතෙකු වීමටත්, 1994 වසරේදී නැවත ජීවිතයේ කිසිම දිනෙක රැකියාවක් කිරීමට අවශ්‍ය නොවන ආකාරයෙන් මූල්‍ය නිදහස් බව ලගා කර ගැනීමට හැකි වීමටත් මා හට මුදල් අවශ්‍ය වූයේ නැත. මගේ ගමන අරබන විට මා කිසිදු මුදලක් අතේ නැති , ණය කරුවෙකි. "
සැබවින්ම ලොව කොතෙක් මිනිසුන් කුමන ආකාරයේ දෙවල් සිතුවත්, බොහෝ සාර්ථක මිනිසුන්ගේ සැබෑ ජීවිතයේ තත්වය මෙයයි.
එමෙන්ම අධ්‍යාපනය සම්බන්ධයෙන්ද සත්‍ය තත්වය වන්නේ මෙයයි. බොහෝ මිනිසුන් සාර්ථකත්වය උදෙසා ඉහල අධ්‍යාපන සුදුසු කමක් අවශ්‍ය බව සිතුවත් සැබවිම ජීවිතයේ සාර්ථක වූ මිනිසුන් දෙස බැලුවහොත් ඔවුන් බොහෝ දෙනෙකු නිසි ලෙස තම අධ්‍යාපන සුදුසුකම් සැපිරීමට නොහැකි වූ මිනිසුන්ය.
පහත උදාහරණ දෙස බලන්න.
Thomas Edison - General electrical සමාගමේ නිර්මාතෘ මෙන්ම ලොවට නව නිර්මාණ රාශියක් දායාද කල විද්වතෙකි. නමුත් ඔහු පාසල් අධ්‍යාපනය අතර මග නවත දැමූ පුද්ගලයෙකි. Henry Ford - Ford මෝටර් රථ සමාගමේ නිර්මාතෘ , Bill Gates - Microsoft සමාගමේ නිර්මාතෘ, Ted Turner - CNN පුවත් සේවාවේ නිර්මාතෘ වැනි සුපිරි සාර්ථකත්වයක් ලැබූ මිනිසුන්ගෙන් 80% ට වැඩි ප්‍රමානයක් අතර මග තම පාසල් හෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනය නවතා දැමූ පුද්ගලයන්ය.
ලොව බොහෝ මිනිසුන් සිතන ආකාරයට මුදල් හා සාම්ප්‍රදායික අද්‍යාපනය ඔබට දියුනු වීමට අවශ්‍ය නැත්නම් සැබවින්ම ඔබට සාර්ථක වන්නට අවශ්‍ය වන්නේ මොනවාද?
"ඔබව සාර්ථකත්වයට ගෙන යා හැක්කේ සිහින, ඉලක්ක, කැප කිරීම් හා උත්සාහයන්, අවශ්‍ය ඕනෑම දෙයක් ඉක්මනින් ඉගෙන ගෙන (සාම්ප්‍රදායික අධ්‍යාපනයෙන් තොර ප්‍රායෝගික අධ්‍යාපනය) ක්‍රියාවට නැංවීමේ හැකියාව යන දේවල් වලට පමණි." - Robert Kiyosaki
Comments