top of page
Writer's pictureChathuska Amarasekara

(Free Content) | Covid නිසා Business වැටිලද? Job එක Sure නැද්ද? එහෙනම් මේ වෙලාවේ මොනවද කරන්න ඕනේ?



බොහෝ දෙනෙක් බලන කෝණයට අනුව, මේ වෙලාව Business වලට හොද වෙලාවක් නෙමේ, ඒවගේම Jobs වලටත් හොද කාලයක් නෙමේ. මේ වෙලාවේ ඔය දෙකම තියෙන්නේ අවදානමක...Business කොච්චර කාලයක් තියෙයිද දන්නේ නෑ... Job එක කොයි වෙලාවේ නැති වෙයිද දන්නේ නෑ.


ඔබටත් පේන්නේ මේ කාරණා ටික මේ විදිහටනම් , ඔබටත් අත්විදින්න වෙලා තියෙන තත්වය මේකනම්. ඔබත් ඉන්නේ මේ වෙලාවේ මේ විදිහට ලෝකය දිහා බලන බහුතරය ඉන්න කොටසේ.


නමුත් ඇත්තටම ඔබ මේ හිතන විදිහ හරිද? ඔය කියන තරම්ම මේක නරක කාලයක්ද? අද මම මේ ලිපියෙන් ලියන්නේ අන්න ඒ දේ ගැන.


ඇත්තම කාරණය තමයි, බහුතරයක් මේක හරිම නරක කාලයක් කියලා හිතුවට මේක එහෙම නෑ කියන එක. ලෝකය කාලෙන් කාලෙට විවිධ විවිධ හේතු මත වෙනස් වෙනවා. එහෙම වෙනස් වීම් වලට කල් වෙද්දී අන්න ඒ වෙනස් වීම් වලට හැඩ ගැහෙන්න අමාරු පිරිසට හැම වෙලාවෙම ටිකක් අමාරු කාලයකට මුහුණ දෙන්න වෙනවා.


අපි මේ ගත කරන කාලයත් අන්න ඒ වගේ කාලයක්. මේ කියන කතාව ඔබට ටිකක් අමුතු කතාවක් වෙන්නත් පුළුවන්, හැබැයි මේක මේ වෙලාවේ කොහොම හරි ඔබ තේරුම් ගන්න උත්සාහ කලොත් ඔබ "ගොඩ" කියන කතාවත් කියන්නම ඕනේ.


ඇයි මම එහෙම කියන්නේ කියන එකත් මම සරලව පැහැදිලි කරන්නම්.


උදාහරණයක් විදිහට මේ වෙලාවේ ලොකු අර්බුධයක තියෙන Movie Industry ගමු! මේ වෙලාවේ ලෝකයේ බොහෝ රටවල චිත්‍රපට ශාලා වහලා දාලා තියෙන්නේ, ඒ නිසාම පෙන්න ගන්න බැරුව තියෙන චිතරපට රාශියක් මේ මොහොත වන විට හැම රටකම වගේ තියෙනවා.


නමුත් අපිට බැලූ බැල්මට එහෙම පෙනුනට වෙනත් පැත්තකින් මේ මොහොතෙත් Movie Industry එක Grow වෙනවා. උදාහරණයක් විදිහට, සාමාන්‍ය අපි දන්න ක්ෂේත්‍රය කඩාගෙන වැටුනට, 2020 පළමු කාර්තුවේ විතරක් Netflix ආයතනය සමග එකතු වුන අලුත් පාරිබෝගිකයන් ගනන මිලියන 16 ඉක්මවනවා.


ඒ වගේම Retail Market එක දිහා බැලුවොත් ඔබට බැලූ බැල්මට පෙනෙන්නේ කඩා වැටීමක්, නමුත් එහෙම පෙනුනට Amazon වගේ Digital Retail Market එකේ ඉන්න ආයතන ප්‍රබල විදිහට දියුණු වෙනවා.


වෙලද ආයතන කුලියට දීම වගේ ව්‍යාපාර මේ වෙනකොට තියෙන්නේ අවදානම් මට්ටමක, නමුත් Digital Workspace Platforms වලට මේක තමයි හොදම අවුරුද්ද.


Job Market එක දිහා බැලුවත් ඒක ඒ විදිහම තමයි, මේ වෙනකොට ස්තිර රැකියා කියන එක තියෙන්නේ අවදානමක. නමුත් Skilled Freelancing වලට ලොකු ඉල්ලුමක් නිර්මාණය වෙලා තියෙනවා.


ඒ නිසා හොදට මතක තියා ගන්න, මේක ඇත්තටම නරක කාලයක් නෙමේ, මේක වෙනස් වෙන කාලයක්. මේ වගේ ආර්ථික සාමාජීය වෙනස් කම් අතීතයේදිත් වුනා. කාර්මික යුගය ඇති වෙනකොට මේ වගේම බොහෝ ව්‍යාපාර කඩා වැටුනා, ඒ වගේම වෙනත් ව්‍යාපාර ආරම්භ වුනා. සමහරුන්ට රැකියා නැති වෙලා වෙනත් රැකියා ඇති වුනා.


කාර්මික යුගයෙන් තොරතුරු තාක්ෂණ යුගයට එනකොටත් ඒක ඒ විදිහටම වුනා. මේ වෙන්නෙත් ඒ වගේම දෙයක් බව තේරුම් ගැනීම වැදගත්.


ඔබ මගේ පුහූනු වැඩසටහන් වලට සහබාගී වුන කෙනෙක්නම්, ඔබ දැනටමත් දන්නවා, අපි ඒ හැම වැඩසටහනකදීම ඔබව හුරු කලේ, Logical & Strategical Thinking වලට බව. ඒකට හේතුව තමයි , මෙන්න මේ වගේ වෙලාවක ඔබට බේරෙන්න පුලුවන් Skill Set එක තියෙන්නේ එතැන වීම.


මම ඔබට යෝජණා කරනවා, මේ වෙලාවේ, Motivation හරහා සාර්ථක වෙන්න හිතපු පිරිස් හොයාගෙන යන්න කියලා. ඔබට පෙනෙයි මේ වෙලාවේ ඔවුන් ඍණාත්මකව සිටින හැටි, ඇතැම් විට ධනාත්මකව සිටියත්, කරන්න ඕනේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව ඉන්න හැටි.


Emotional Mind එකකට, මම කොහොම හරි මොනවා හරි කරලා සාර්ථක වෙනවා මයි කියලා හිතන මනසකට මේ වෙලාවේ කිසිම විදිහකින් උදවු කරන්න බෑ. මේ වෙලාවේ ඔබට රැකෙන්න පුළුවන්, Strategically ඔබට හිතන්න පුළුවන්නම් විතරයි.


අන්න ඒ නිසා මේ වෙලාවේ ඔබට නොවැටී සිටින්න ඕනේනම්, Strategies ගැන තියෙන දැනුම ඉතාම වැදගත්, උදාහරණයක් විදිහට, ඔබ Money Magnet වගේ වැඩසටහනකට සහබාගී වෙලා තියෙනවානම් , ඔබට මතක ඇති අපි එතනදි කතා කලා, පැරණි විකුණුම් රටාවන් හා අලුත් විකුණුම් රටාවන් අතර වෙනස ගැන. මම එතැනදි ඔබට කිව්වා, තාමත් බොහෝ ආයතන පැරණි විකුණුම් රටාවම අනුගමනය කරන නිසායි අලෙවි ඉලක්ක වෙත ලගා වීම අමාරු කියලා. ඒ වගේම මම ඔබට කිව්වා මම ඔබට කියලා දුන්න නව විකුණුම් රටාවට භාවිතා කලොත් ඕනේ දෙයක් විකුණන්න හරි ලේසියි කියලා.


හැබැයි දැන් මම ඔබට කියන්නේ ඉදීරියට දැනට 80% - 90%ක් වගේ සුළු හා මධ්‍ය පරිමාන බහුතර සමාගම් හා බහුතර විකුණුම් නිලදාරීන් අනුගමනය කරන පැරණි විකුණුම් රටාව අවලංගු වෙනවා කියලා. මේ වෙලාවේ ඔබට රැකෙන්න පුලුවන් නව විකුණුම් රටාවෙන් විතරයි, හැබැයි ඔබ තාමත් එහෙම විකුණුම් රටා වෙනසක් තියෙනවා කියලාවත් දන්නේ නැත්නම් ඔබට තමන්ගේ ව්‍යාපාරය හෝ රැකියාව රැකගන්නවා කියන එක ලේසි වෙන්නේ නෑ. මොකද ඔබ මේ වෙලාවේ මම කොහොම හරි මොනවා හරි කරලා සාර්ථක වෙනවා කියලා හිතුවට මුකුත්ම වෙන්නේ නෑ.


ඒ නිසා මේ වෙලාවේ මම ඔබට යෝජණා කරන්නේ පුළුවන් තරම් ප්‍රායෝගික දැනුමත් එක්ක යාවත්කාලීන වෙන්න කියලා. ඉදිරියේදී ඔබට Soft Skills & Life Skills කියන දේ තරම් වැදගත් වෙන වෙන මුකුත් නෑ.

ඉස්සර ඔබ Soft Skills & Life Skills හෙව්වේ රැකියාවකට යන්න සහතිකයක් ගන්න. ඔබ Success ගැන ඉගෙන ගත්තේ බොහෝ වෙලාවට තමන් වැඩකරන ආයතනයෙන් ඒ වගේ වැඩමුළු වලට යොමු කල නිසා.

හැබැයි ඉස්සරහට ඒහෙම වෙන්නේ නෑ. ඉස්සරහට ඔබට Soft Skills & Life Skills ඕනේ වෙන්නේ ජීවත් වෙන්න. උදාහරණයක් විදිහට ඉදිරියට Employment වෙනුවට Freelancing කියන දේ බොහෝ විට රැකියා වෙලද පොලේ වැඩි කොටසක් හිමි කරගන්න ලොකු හැකියාවක් තියෙනවා. බොහෝ විට ඒ දේ තව මාස කීපයක් ඇතුලත බොහෝ දෙනෙකුට දැනෙයි.


Employment එකකදී, එහෙම නැත්නම් රැකියාවකදී ඔබට Soft Skills & Life Skills කියන දේ ඉතාම සාමාන්‍ය මට්ටමකින් එහාට බොහෝ වෙලාවට ඕනේ වුනේ නැතුව ඇති. මොකද මොනවා වුනත් මාසේ අන්තිමට පඩිය ලැබෙන නිසා.


නමුත් ඔබට Freelancer කෙනෙක් වෙන්න වුනොත් ඔබ කොච්චර ඉදිරියට යනවද , ඒ දේ හරහා ඔබ කොච්ච්ර සාර්ථක වෙනවද කියන දේ තිරණය වෙන්නේ 100%ක්ම ඔබේ Soft Skills & Life Skills මත. සමහර වෙලාවට ඔබේ Goal Setting , Planning වගේ මූලික මට්ටමේ හැකියාවක තියෙන දුර්වලකම , ඔබට කන්න බොන්න නැති තරම් පහලට දාන්නත් හේතු වෙන්න පුලුවන් ඒ වගේ තත්වයකදී, ( දැනටමන් Freelancing වගේ දේවල් කරන අය දන්නවා Freelancing Account එකක් පවත්වාගෙන යන එක කොච්චර අමාරුද කියලා )


මේ නිසා මම ඔබට යෝජනා කරන්නේ දවසට එක වේලක් කාලා හරි පුළුවන් තරම් Soft Skills & Life Skills වගේම Logical & Strategical Thinking පැත්ත දියුණු කරගන්න ආයෝජණය කරන්න කියලා. මොකද එහෙම නැති වුනොත් වර්ථමාණය වගේම අනාගතයත් ඔබට එතරම් සුභ වෙන එකක් නෑ.


82 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page