ණය කළමණාකරණය කියන්නේ, සාර්ථකත්වය අපේක්ෂා කරන කෙනෙක්ට තියෙන්නම ඕනේ හැකියාවන්ගෙන් එකක්. මොකද ඒ දේ නැති කෙනෙක්ගේ සාර්ථකත්වය කොතරම් ලොකු වුනත් ඕනෑම මොහොතක එය කඩා වැටෙන්න ලොකු අවදානමක් තියෙනවා.
සමහර වෙලාවට මේ ලිපිය කියවන ඔබ මේ වෙනකොට කිසිම ණය බරක් නැති කෙනෙක් වෙන්න පුලුවන්, ඒ වගේම කවදාවත් ණය ගන්නේ නෑ. මගේ සල්ලි වලින්ම මම සාර්ථක වෙනවා කියලා හිතන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසාම සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් ණය කළමණාකරණය කියන්නේ මට වැඩක් නැති දෙයක් කියලත්... නමුත් හොදට මතක තියාගන්න මේ ලෝකයේ ණය අරගෙන ඔළුව බිම ඇනගෙන ඉන්න 80%කට වඩා වැඩි පිරිසත් ඔබ හිතන විදිහටම හිතපු අය කියන වග..
ඒ නිසා ණය කළමණාකරණය කියන්නේ Life Skill එකක් බව මතක තියා ගන්න. ඒ නිසා මේ දේ ගැන ඉගෙන ගන්න ණය අරගෙන ගෙවා ගන්න බැරි වුන මට්ටමක් වෙනකන්ම ඉන්න එපා. ණය තිබුනත් නැතත් සාර්ථකත්වය ගැන හිතනවානම් මේ දේ ඔබ ඉගෙන ගන්නම ඕනේ.
අනිත් අතට ඔබ දැනටමත් ණය අරගෙන කරකියා ගන්න දෙයක් නැතුව ඉන්න කෙනෙක්නම් මේ ලිපි ටික ඒ ගැටලු වලින් මිදෙන්න ඔබට මේ ලිපි ටික කියෙව්වොත් පුලුවන් , ඒ නිසා ණය ඇති , නැති හැමෝටම මේ ණය බරින් මිදෙන මග ලිපි කීපය ඉතාම වැදගත් වෙනවාමයි!
අද ණය බරින් මිදෙන මග ලිපියෙන් අපි ඉගෙන ගනිමු , තමන් ණය බරකින් පීඩා විදිනවානම්, ඒ දෙයින් මිදෙන්න තමන් කරන්න ඕනේ මූලිඛම දේවල් ටික ගැන.
හිතට බරක් කර ගන්න එපා
ණය බරක් ඔබට තියෙනවා නම්, එයින් ඔබට මිදෙන්න ඕනේනම් , ඔබ කරන්න ඕනේ පළමුවෙනි දේ තමයි , ණය බර , හිසට බරක් කරගන්නේ නැතුව ඉන්න එක. මොකද මානසික පීඩනය කියන්නේ අපිට කිසිම අවස්ථාවක අපේ ප්‍රශ්ණ වලින් මිදෙන්න අපිට උදව් වෙන දෙයක් නෙමේ. මානසික පීඩනයක් ඇති කර ගැනීම කියන්නේ අපේ ප්‍රශ්ණ තවත් වැඩි කරන්න හේතු වෙන දෙයක් විතරයි. ඒ නිසා ප්‍රශ්ණ හිතට බරක් කර ගන්නවා වෙනුවට ඒ දේවල් තමන්ට ලැබුන අභියෝගයක් කියලා හිතන්න පුරුදු වෙන්න. ඒක තමයි ණය බරින් මිදෙන්න ඕනේනම් ඔබ කරන්න ඕනේ පළමුවෙනි දේ.
2. ණය දිහා හැගීම් බරව බලනවා වෙනුවට තාර්කිකව බලන්න හුරු වෙන්න
පසුගිය දවසක මට දුරකතන ඇමතුමක් ලබා දුන්න තරුණයෙක් , දැඩි මාසික පීඩනයකින් හා නොසන්සුන් බවකින් මට කිව්වා.." සර් මට ලක්ෂ 10ක් මාස 3කින් ගෙවන්න තියෙනවා, මම හොදටම හිරවෙලා ඉන්නේ, මට පිස්සු වගේ" කියලා. මම ඔහුට දුන්න එකම උපදෙස තමයි, emotional වෙන්න එපා, logical වෙන්න කියන එක. මොකද ඔබට මාස 3කින් ලක්ෂ 10 ගෙවන්න ඕනේ වගේ දෙයක් දැක්කම සමහර විට ඔබට බය හිතෙන්න පුලුවන්.
නමුත් ඒ කියන්නේ රු 463ක ලාභයක් ගන්න පුලුවන් දෙයක් දවසකට 24 දෙනෙකුට විකුණනවා කියන එකමයි, කියන දේ ඔබ ගනන් හැදුවොත් වැටහෙයි. මාස 3, ලක්ෂ 10 වගේ දේවල් අමතක කරලා , රු 463කට වඩා වැඩි ලාභයක් ලබන්න පුලුවන් තමන්ට අලෙවි කරන්න පුලුවන්, භාන්ඩයක් හෝ සේවාවක් හොයා ගන්න සහ දවසකට ගැනුම්කරුණවන් 24 දෙනෙක් හොයා ගන්න විදිහක් ගැන හිතුවානම් එතැන ඔය ප්‍රශ්ණයට විසදුම තියෙනවා.
ඒ නිසා ණය දිහා බලලා කොතරම් emotional වුනත් වැඩක් නෑ... ඔබ කල යුතු දේ වෙන්නේ ණය දිහා logical විදිහට බලන එක.
3. ගෙවන්න කලින් ගෙවන බව පෙන්වන්න
ණයක් ගෙවීමේදී , එය නැවත ගෙවීමේ අපහසුතා ඇතිවීම සාමාන්‍ය දෙයක්, නමුත් ඒ අපහසුතාව කොතරම් සාර්ථක විදිහට ඔබ ණය ලබා දුන් පාර්ෂවය වෙතට සන්නිවේදනය කරනවාද කියන එක කොතරම් ලේසියෙන් තමන්ට ඒ ගැටලු වලින් මිදෙන්න හැකියාව ලැබෙනවාද යන්න තීරණය කරන ප්‍රබල සාධකයක්.
මොකද ණය දුන්න පාර්ෂවයට තේරුනොත් ඔබට ණය ගෙවාගන්න බැරි වෙන තත්වයක් තියෙනවා කියලා, එතැනදී ඔබ කොතරම් ණය ගෙවන්න උත්සාහ කලත්, ඒ දේ හරියට කරගන්න බැරි විදිහේ පීඩනයක් ණය දුන්න පාර්ෂවයෙන් එන්න පටන් ගන්නවා.
ඒ නිසා, ණය ගෙවනවා වගේම, ණය ගෙවන බව පෙන්වීමත් ඉතාම වැදගත්,
බොහෝ දෙනෙක් ණය කියන දේ ලොකු හිසරදයක් කර ගන්නේ මෙන්න මේ දේ හරියට කරගන්න දන්නේ නැති නිසා. ඒ නිසා හැම වෙලාවෙම තමන්ගේ තත්වය පිලිබද පූර්ණ හා පැහැදිලි අවබෝධයක් ලබා දෙන්මින්, එම ගැටලු විසදා ගැනීමට තමන් ගන්නා පියවර පිලිබද පැහැදිලි අවබෝධයක් ලබා දෙමින්, ණය දුන් පාර්ෂවයේ පූර්ණ විශ්වාසය දිනාගෙන කටයුතු කරන එක ඔබේ ප්‍රශ්ණ ටික ලස්සනට, වැදගත් විදිහට, විසදගැනීම වෙනුවෙන් ඉතාම වැදගත්. ( අපි ඉදිරි ලිපි වලින් මේ දේ කරන හැටි ගැන කියලා දෙනවා )
මෙන්න මේ කරුණු 3න ඔබට සම්පූර්ණ කරගන්න පුලුවන් නම්, ඔබේ ණය බර පිලිබද ප්‍රශ්ණය විසදාගැනීමට අවශ්‍ය මූලිඛ පියවර ඔබට සම්පූර්ණ කරගන්න පුලුවන්. මොකද මෙතැනින් එහාට තියෙන්නේ, ඔබට ණය බරක ප්‍රශ්ණයක් නෙමේ, ණය වලින් නිදහස් වීමේ අභියෝගයක්.
හරි සැලසුම්, ක්‍රම ශිල්ප, ටික තේරුම් ගත්තොත් මෙතනින් එහාට වැඩේ එච්චර අමාරු නෑ... අපී ඒදේවල් ටික ඉදිරි ලිපි වලින් අපි පිලිවෙලට ඉගෙන ගමු. ඒ වගේම ඊලගට නිකුත් වෙන ලිපියෙන් මේ 3න් වන පියවර කරන්නේ කොහොමද කියන දේ ටිකක් ගැබුරෙන් සාකච්චා කරමු. මොකද ණයක් දීපු කෙනෙක් ණය ඉල්ලලා වද දෙන්නේ නැති තත්වයේ පවත්වාගෙන යනවා කියන්නේ බොහෝ දේවල් ඉගෙන ගන්න තියෙන මාතෘකාවක්.
ඒ නිසා මීලග ලිපියම අපි වෙන් කරන්නේ අන්න ඒ දේ වෙනුවෙන්....
ඉතාමත් වටිනා අදහස් ඇතුලත් ලිපියක්. සුභ පැතුම් :)