නව වසරක උදාව යනු හුදෙක් එක් වසරක් අවසන් වී තවත් වසරක් උදාවීම පමණක් නොවේ. බොහෝ මිනිසුන් නව වසරක් තුල අළුත් ඇදුම්, නිවාස, හා අළුත් බඩු මුට්ටු සමගින් ආරම්භ කලත් සැබවින්ම නව වසර නව වසරක් වන්නේ ඔබ තුල වන සිතුවිලි වල අලුත් වීමක් වුවොත් පමනි. ඔබේ ජීවිතයේ ඔබ ලබන සාර්ථකත්වයෙන් 80%කට වැඩි ප්‍රමානයක් තීරනය කරනු ලබන්නේ ඔබගේ සිතුවිලි මගිනි. ඔබ කොතරම් බාහිරව අළුත් වන්නට උත්සාහ කලත් ඔබ සිතුවිලි අළුත් කර නොගනීනම් ඔබට ප්‍රායෝගිකව ජීවිතයේ වෙනසක් ඇතිකර ගැනීම අපහසු වනු ඇත.
ජවයෙන් යුතු වාහනයක් තුල නුපුහුණු රියදුරෙකු සිටියොත් එහි නියම වේගය ලබා ගැනීමට හැකි වන්නේ නැත. ඒ ආකාරයෙන්ම ඔබ කොතරම් බාහිරව අලුත් වන්නට උත්සාහ කලත් ඔබගේ ඇතුලාන්තය තුල නවමු බවක් නැතිනම් එය සාර්ථක වන්නේ නැත.
ඔබ අද දිනය වන විට කුමන තත්වයක සිටියත් ඔබගේ සිතුවිලි වල නැවුම් බවක් ඇතිකර ගන්න, අලුත් දෙයක් සිතන්නට පටන් ගන්න, අලුත් දෙයක් අත්හදා බලන්නට පටන් ගන්න, නිසක වශයෙන්ම ඔබට මෙම වසර තුල අළුත් අත්දැකීම් වලින් සමන්විත සාර්ථක නව වසරක් උදාකරගැනීමට හැකිවනු ඇත.
ඔබට එකම දේ කරමින් ජීවිතයේ වෙනසක් බලාපොරොත්තු විය නොහැක. ඒ ආකාරයෙන්ම සෑම වසරකම නව වසර පටන් ගත් ආකාරයෙන්ම ඔබ මේ වසරත් ආරම්භ කලොත් ඔබට බොහෝ විට ලැබෙනු ඇත්තේ පෙර වසරවල් තුල ඔබ ලද අත්දැකීමක් වැනිම අත්දැකීමක් මිස වෙනස් වූ අත්දැකීමක් නොවේ.
ඉලක්ක, සැලසුම් සමගින් සාර්ථකත්වය අරමුනු කරගත් ආරම්භයක් ලබා ගන්න. එසේ වුවහොත් 2021 වසර ඔබගේ ජීවිතය වෙනස් කරන ඔබව සාර්ථකත්වය කරා ලගා කරවනු ලබන ජීවිතයේ හැරවුම් ලක්ෂයේ වසර කර ගැනීමට ඔබට නිසක වශයෙන්ම හැකිවනු ඇත. සාර්ථකත්වය යනු අප සෑම කෙනෙකුටම ප්‍රායෝගිකව ලගා කරගත හැකි දෙයකි. එහෙයින් මේ වසර තුල ඔබ අපේක්ෂාකරන සාර්ථකත්වය ප්‍රායෝගිකව අත්විදින්නට තදින් සිතට ගන්න. ඔබට සාර්ථක නව වසරක් වේවා.!
Comments