top of page

සති කීපයකින්, ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් තැනට පත් වෙන්නේ කොහොමද? - 01

Writer: Chathuska AmarasekaraChathuska Amarasekara


ඔබත් කෙටි කාලයක් තුල ඉංග්‍රීසි කතා කරගන්න හුරුවෙන්න මාර්ගයක් හොයන කෙනෙක්ද? එහෙනම් මේ ලිපිය ඔයා වෙනුවෙන්මයි.


මේ ලිපියෙන් අපි ඔබට කියලා දෙන්න යන්නේ, ඉතාම කෙටි කාලයක් තුල, වතුර වගේ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කෙනෙක් වෙන්නේ කොහොමද කියන දේ ගැන.


මේක ඇත්තම හරිම සරලයි...


මනෝවිද්‍යාත්මකව බැලුවොත්, අපේ මනසේ, මූලිඛ ක්‍රියාකාරීත්වයන් දෙකක් තියෙනවා. එකක් තමයි, සවිංඥාණික ක්‍රියාකාරීත්වය දෙවැනි එක තමයි, අවිංඥාණික ක්‍රියාකාරීත්වය


බර වචන වලට බය වෙන්න එපා....


සවිංඥාණික කියන්නේ, හිතලා යමක් කරන්න පුළුවන් හැකියාවට,


අවිංඥාණික කියන්නේ, හිතන්නේ නැතිව, ඉබේටම අපි තුලින් සිදුවෙන දේවල් මෙහෙයවන මානසික ක්‍රියාවලියට.


උදාහරණයක් විදිහට, ඔබට ඕනේ නම් හිතලා ඔබේ අත ඔසවන්න පුලුවන්. අන්න ඒකට තමයි සවිංඥාණික ක්‍රියාකාරීත්වය කියන්නේ.


ඒ වගේම කවුරු හරි අපිට නොහිතන වෙලාවක ගැහුවොත්, ඒ පහර වලක්වා ගන්න, ඉබේම අපේ අත එසවෙනවා. අන්න ඒක තමයි අවිංඥාණික ක්‍රියාකාරීත්වය කියන්නේ.


මේ සවිංඥාණික ක්‍රියාවලීන් මෙහෙයවන්නේ, අපේ මනසේ, සවිංඥාණික මනස කියන කොටසින්. ඒ වගේම අවිංඥාණික ක්‍රියාවලීන් මෙහෙයවන්නේ, අවිංඥාණික මනස කියන කොටසින්.


සාමාන්‍යයෙන් අපිට ඕනෑම භාෂාවක්, චතුර ලෙස කතා කරන්න පුළුවන් වෙන්න නම්, අපිට ඒ භාෂාව, නොහිතා කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ.


උදාහරණයක් විදිහට සිංහල භාෂාව අපි කතා කරන විදිහ ගැන හිතන්න... අපි සිංහල හිත හිතා කතා කරන්නේ නෑනේ. අපිට සිංහල වචන ඉබේටම කටට එනවා. වචන ගැලපීම්, වාක්‍ය සකස් වීම්, උච්චාරණයන් වගේ දේවල් එකක්වත් අපි හිතලා කරන දේවල් නෙමේ. ඒවා ඉබේම සිදුවෙන දේවල්.


ඒක හරියට කවුරු හරි ගහනකොට ඒ පහර වලක්වන්න ඉබේම අත එසවෙනවා වගේ දෙයක්.


මෙන්න මේ විදිහට භාෂාවක් අපිට හිතන්නේ නැතුව කතා කරන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ, ඒ භාෂාවට අදාලව තියෙන දත්ත, අපේ අවිංඥාණික මනස තුල තැම්පත් වුනොත් විතරයි.


ඉංග්‍රීසි වලට අදාල බැලුවත්, ඉංග්‍රීසි හරියට කතා කරගන්න බැරි හැම කෙනෙක්ටම එහෙම වෙන්න බලපාලා තියෙන මනෝවිද්‍යාත්මක හේතුව වෙන්නේ ඔන්න ඔය කාරණය.


සාමාන්‍යයෙන්, සිංහල කියන්නේ, ලෝකයේ තියෙන, අමාරුම භාෂා වලින් එකක්. නමුත් ඉංග්‍රීසි කියන්නේ, ලෝකයේ තියෙන ලේසිම භාෂා වලින් එකක්.


ඒ නිසා, සිංහල වගේ අමාරු භාෂාවක් කතා කරන අපිට ඉංග්‍රීසි වගේ භාෂාවක් පුරුදු වෙන එක අමාරු දෙයක් නෙමේ. හැබැයි ඒක එහෙම වුනාට යථාර්ථය ඊට පරස්පර විරෝදී බව අපි හැමෝම දන්නවා.


ලංකාවේ ඉංග්‍රීසි කතා කරගන්න බැරි බහුතරයක්, බොහෝ වෙලාවට අවුරුදු ගානක් තිස්සේ ඉංග්‍රීසි ඉගෙන ගෙනත් කතා කරගන්න බැරි අය!


ඇයි ඒ?


ඒකට හේතුව තමයි, අපි මේ ඉංග්‍රීසි ඉගෙන ගත්ත ක්‍රමයේ තියෙන වැරැද්ද. භාෂාවක් ඉගෙන ගැනීම කියන්නේ, සාමාන්‍ය ගණිතය, විද්‍යාව, එහෙමත් නැත්නම් ඉතිහාසය වගේ විෂයක් ඉගෙන ගන්න ආකාරයෙන් කරන්න පුළුවන් දෙයක් නෙමේ.


ඒක වෙනම ක්‍රමයකට කරන්න ඕනේ දෙයක්. ලෝකයේ භාෂාවන් පුහුණු වීම වෙනුවෙන් සකස් වූ වෙනමම ක්‍රම තියෙනවා. ඒ ක්‍රම සකස් වෙලා තියෙන්නේ, භාෂාවට අදාල දත්ත, ඍජුවම අවිංඥාණික මනස තුල තැම්පත් වෙන ආකාරයෙන්.


මොකද එහෙම වුනොත් විතරයි, භාෂාවක් අපිට හසුරවන්න පුළුවන් වෙන්නේ. නමුත් ලංකාවේදී අපි ඉගෙන ගන්න රටාව තුල එවැනි ක්‍රම හමුවෙන්නේ නැති තරම්.


ඒකට එක හේතුවක් තමයි, භාෂා පුහුණුව ව්‍යාපාරයක් වෙලා තිබීම. මොකද ඔබ මේ ක්‍රම ගැන දන්නවා නම්, ඇත්තටම ඔබට භාෂාවක් උගන්වන්න, ගුරුවරයෙක් ඕනේ නෑ. ඔබට තනියම මේ හැකියාව දියුණු කරගන්න පුළුවන් කිසිම ගැටලුවකින් තොරව.


සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාව කියන්නේ උපරිම සති කීපයක් තුල පුහුණු විය හැකි සරල භාෂාවක්, විදිහට තමයි සැලකෙන්නේ. අන්න ඒ සරල භාෂාව තමයි, ඔබ වැරැදි ඉගෙනුම් ක්‍රම නිසා, අවුරුදු ගනන් ඉගෙන ගෙනත්, කතා කරගන්න බැරි තත්වයකට පත් වෙලා තියෙන්නේ.


ඉදිරි ලිපි වලින් අපි මේ ක්‍රම ගැන ඉගෙන ගනිමු!

 

කෙටි කාලයක් තුල, ඉංග්‍රීසි භාෂා කථන හැකියාව වර්ධනය කර ගැනීම වෙනුවෙන් වන, මනෝවිද්‍යාත්මක භාෂා පුහුණු උපක්‍රම පිලිබද විශේෂ Webinar වැඩසටහන, දෙසැම්බර් 24 සෙනසුරාදා රාත්‍රී 8.00 සිට 9.30 දක්වා පැවැත්වෙනවා.


එයට සහබාගී වීමට ඔබත් කැමැති නම් English ලෙස සදහන් කර +94 76 970 5622 අංකයට Whatsapp හරහා පමණක් පණිවිඩයක් යොමු කරන්න


  • වැඩි විස්තර පහතින්.


ඔබත් කාර්යාලය තුලදී, ව්‍යාපාර කටයුතු හෝ වෙනත් අවස්ථා වලදී, ඉංග්‍රීසි කථා කිරීමට නොහැකි වීම නිසා අපහසුතාවයට පත් වෙන කෙනෙක්ද?


ඔබේ සමාජ තත්වය හෝ කාර්යය බහුල බව නිසා, ඉංග්‍රීසි පන්තියකට සහබාගී වීමට නොහැකිව සිටින කෙනෙක්ද?


එසේත් නැත්නම්, ඉතා ඉක්මනින් ඉංග්‍රීසි භාෂාව පුහුණු වීමේ අපේක්ෂාවකින් පසුවෙන කෙනෙක්ද?


එසේ නම්, ප්‍රායෝගික, මනෝවිද්‍යාත්මක හා භාෂා පුහුණු අභ්‍යාස ක්‍රම හරහා තනිවම, ඉතාම කෙටි කාලයක් තුල ඔබේ භාෂා හැකියාව වර්ධනය කරගන්න හැටි ඉගෙන ගන්න, දෙසැම්බර් 24 සෙනසුරාදා රෑ 8ට පැවැත්වෙන Easy English වැඩසටහනට ඔබත් සහබාගී වන්න.


  • කවුරුන් වෙනුවෙන්ද?

ඉංග්‍රීසි භාෂා කථන දුර්වලතා සහිත, ව්‍යාපාරිකයින්, රැකියා නියුක්තිකයින් හා වැඩිහිටියන් වෙනුවෙන්.


  • මෙහෙයවීම :

මානව හැකියා සංවර්ධන පුහුණු උපදේෂක චතුස්ක අමරසේකර මහතා විසින් ( Entrepreneur, Soft Skill & Personal Development Expert, Strategic Interventionist, Motivational Speaker, Author & Researcher)


  • ආයෝජණය : R̵s̵.̵ ̵5̵0̵0̵0̵ (රු.1500)


ලියාපදිංචි වීමට English ලෙස සදහන් කර +94 76 970 5622 අංකයට Whatsapp හරහා පමණක් පණිවිඩයක් යොමු කරන්න

 
 

コメント

5つ星のうち0と評価されています。
まだ評価がありません

評価を追加
bottom of page