top of page

#Breakthrough | ජීවිතයේ ප්‍රබල වෙනසක් වෙනුවෙන් වන ප්‍රායෝගික සාර්ථකත්වයේ සුවිශේෂී රහස් පාඩම්



ලොව ඉතාමත් ජනාදරයට පත් Rich Dad Poor Dad කෘතියේ කතෘ මිලියනපති ව්‍යාපාරික, දේෂක රොබට් කියොසාකි විසින් වරෙක මෙලෙස සදහන් කරනවා.


" මම උගන්වනකොට පන්තියෙන්, මැක්ඩොනල්ඩ් එකට වැඩිය හොද බර්ගර් හදන්න පුලුවන් කී දෙනෙක් ඉන්නවාද කියලා ඇහුවම, පන්තියේ සිටින සිසුන් සියලු දෙනාම වගේ අත උස්සනවා,


මම ඊට පස්සේ ඔවුන්ගෙන් අහනවා, එහෙමනම් ඇයි මැක්ඩොනල්ඩ් එක ඔබට වැඩිය සල්ලි උපයන්නේ කියලා "


මේ වචන පෙල මීට වසර 8ට පමන පෙර කියවන්න ලැබුන මොහොත මගේ ජීවිතය වෙනස් කල එක් ප්‍රබල සංදිස්ථානයක් කීවොත් වරදක් නෑ. ඒ නිසාම මේ කතාව පටන් ගන්න මේ උපුටා ගැනීම ඉතා වටිනවා කියලා මම විශ්වාස කරනවා.


හොදින් සිතන්න, අපි බොහෝ දෙනෙක් ඇත්තටම සාර්ථක වීම වෙනුවෙන් මහන්සි වෙනවා. ඒ වගේම අපි අපේ ජීවිතයේ බොහෝමයක් දේවල් සාර්ථකත්වය වෙනුවෙන් කැපකරනවා. අපි බොහෝ දෙනෙක් බොහෝ දේවල් ඉගෙනගෙන තිබෙනවා. අපි දන්නවා අපිට බොහෝ හැකියාවන් තිබෙන බව, නමුත් මෙතරම් දේවල් කරලත් අපි බලාපොරොත්තුවෙන සාර්ථකත්වය බොහෝ වෙලාවට ලගා කරගන්න එක ඉතා අපහසුයි. මේ අත්දැකීම ජීවිතේ සාර්ථකත්වය සොයාගෙන යන, මොනවා හරි දෙයක් කරන්න උත්සාහ කරන මිනිස්සුන්ගෙන් 99%කටම තියෙනවා.


ඒ වගේම මෙහෙම මහන්සි වෙනකොට අපිට සුලබව තව දෙයක් දකින්න ලැබෙනවා, ඒ තමයි අපි තරම් දක්ෂ නැති, අපි තරම් ඉගෙනගෙන නැති, අපිට වඩා පහල මට්ටමේ ජීවන මට්ටම් වල සිටි අය බොහෝ දෙනෙක් ඉතා සුවිශේෂී ආකාරයෙන් ජීවිතය සාර්ථක කර ගන්න එක. සාමාන්‍යයෙන් ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් මේ අත්දැකීම හොදටම ඇති, ඒ වගේම පාසලේ ඔබට වඩා අදක්ෂ ළමයි අද වනවිට ඉතා ඉහල ජීවිත ගත කරනවා ඔබ දැක ඇති.


කලින් කිවුවා වගේම ඇත්තටම මැක්ඩොනල්ඩ් එකට වඩා හොදට බර්ගර් හදන්න අපිට පුලුවන් වුනාට ඒ වගේ සාර්ථක වෙන්න අපිට හැකියාවක් නැති බවක් ඇත්තටම අපි බොහෝ දෙනෙක්ගේ ජීවිත වල තියෙනවා නේද?


ඔබට හිතෙන්නේ නැද්ද මෙතන මොකක් හරි අවුලක් තියෙනවා කියලා?


ඇයි අපිට හැකියාවන් තිබුනට, උත්සාහය තිබුනට, උවමනාව තිබුනට, ඒ වෙනුවෙන් කැපවුනාට අපිට අපි හිතන සාර්ථකත්වය කරා යන්න මෙච්චර අමාරු?


හොදට මතක තියා ගන්න මේකට හේතුව තමයි අපි දක්ෂ වුනාට අපේ සාර්ථකත්වය වෙත යන්න අවශ්‍ය කරන Technique එකක් අපි ගාව නෑ. සාර්ථක වෙනවා කියන එක වෙනමම විශයක්.


හොදටම ගීත ගායනා කරන්න පුරුදු වෙන එකයි, ගීත ගායනයෙන් සාර්තක වෙන්න පුරුදු වෙන එකයි කියන්නේ එකක් නෙමේ දෙකක්. අපි බොහෝ දෙනෙක් මේ දෙක පටලව ගන්නවා,


ඔන්න ඕක තමයි අපේ ජීවිත වල තියෙන අවුල. අපි හිතාගෙන ඉන්නවා, දක්ෂතාවය, හැකියාව තමයි අපිව සාර්ථකත්වය කරා ගෙනියන්නේ කියලා, නමුත් ඇත්තටම එහෙම නෑ. ඔබට සාර්ථක වෙන්න ඕනේනම් ඔබ ඇත්තටම දක්ෂ වෙන්න ඔනේ " සාර්ථක වීම" කියන විශයට මිසක් වෙන දෙයකට නෙමේ.


ඔබ ලෝකයේ ඕනෑම රටක ඉතාමත් ජනප්‍රියම ගීත පිලිබද සොයා බලන්න. එම ගීත ගයන ප්‍රසිද්ද ගායක ගායිකාවන් පිලිබදව සොයා බලන්න. ඔවුන් ඒ රටේ ඉන්න දක්ෂතම අය නෙමේ. ඔබ හොදට හොයලා බැලුවොත් ඔවුන්ට වඩා සංගීතය පිලිබද දන්නා, ඔවුන්ට වඩා දක්ෂ මිනිසුන් ඕනෑ තරම් සිටින බව ඔබට පහසුවෙන් හොයා ගන්න පුලුවන්, නමුත් බොහෝ වෙලාවට ඔවුන්ව කවුරුවත් දන්නේවත් නෑ. කවුරුවත් ඔවුන්ගේ ගීත අහන්නේ නෑ. කොතරම් අලංකාර වුනත් ඔවුන්ගේ ගීත අනෙත් ගීත තරම් ප්‍රසිද්ද වන්නේ නෑ. මොකද ඔවුන්ට දක්ෂතාවය තිබුනට , ගායකයකු හෝ ගායිකාවක ලෙස සාර්ථක වෙන්න අවශ්‍ය කරන Technique එක ඔවුන් සතුව නෑ. ඔවුන් සංගීතය, ගායනය ප්‍රගුණ කලාට සාර්ථක වීම කියන විශය ප්‍රගුණ කරලා නෑ.


2013 වසරේදී ඇමරිකානු චිත්‍රශිල්පී Barnett Newman විසින් අදින ලද චිතරයක් ඩොලර් මිලියන 44කට අලෙවි වෙනවා. මෙම චිත්‍රයේ තිබෙන්නේ නිල් පසුබිමක හරි මැදින් ඇදුනු සුදු ඉරක් පමණයි. නමුත් ඔහු එයින් ඩොලර් මිලියන 44ක් උපයනවා. ඔබ සිතන්න ලොව පුරා මීට වඩා ලක්ෂ වාරයක් අලංකාර චිත්‍ර කොතරම් සුළු මුදලකට අලෙවි වෙනවාද? ඇයි ඔවුන් මිලියන ගනන් උපයන්නේ නැත්තේ?


පිලිතුර සරලයි දක්ෂතාවය තිබුනට සාර්ථක වෙන්න අවශ්‍ය Technique එක ඔවුන් ලග නෑ.


ඔබ දන්නවාද, ලෝකයේ සම්මුඛ පරීක්ෂන වලට මුහුණ දෙන සුදුසුකම් තියෙන 80%කටම රැකියාව හිමිවෙන්නේ නෑ. ඒ වෙනුවට, එතරම් සුදුසුකම් නැති පුද්ගලයින් විසින් ඒ අවස්ථාව හිමි කර ගන්නවා. සමහර වෙලාවට මීට සමාන අත්දැකීම් ඔබටත් ඕනෑ තරම් ඇති. එහෙමනම් ඇයි එහෙම වෙන්නේ කියන දේ ගැනත් හිතන්න...


හේතුව තමයි, බොහෝ දෙනෙක්ට සුදුසු කම් තිබුනට, රැකියාව කරන්න දක්ෂතා තිබුනට, රැකියාව ලබා ගන්න දක්ෂ නැති වීම. එහෙම නැත්නම් රැකියාව ලබා ගන්න අවශ්‍ය කරන Technique ගැන නොදන්න කම.

මෙන්න මේ Technique එක දන්නේ නැති කමයි හැම වෙලාවෙම අපිව අසාර්තක කලේ....


මම ඔබට යෝජනා කරනවා, මේ ලෝකයේ ඕනෑම අංශයක් තුල සාර්ථකයයි අපි සලකන මිනිසුන් අධ්‍යනය කරන්න කියලා. එතකොට ඔබට පෙනෙයි, ඒ හැම කෙනෙක්ම, තමන් කරන දේටත් වඩා සාර්ථක වීම කියන විශය තුල දක්ෂ වූ මිනිසුන් බව.


ස්ටීව් ජොබ්ස් කියන්නේ පරිගණක තාක්ෂණය සම්බන්දයෙන් දක්ෂයෙක් නෙමේ, ඔහුගේ ඇපල් සමාගම තුල නිපදවූ සියලු නිශ්පාදන නිර්මාණය වෙන්නේ ඔහුගේ මිතුරන්ගේ අදහස් හා හැකියාවන් තුලින්, ස්ටීව් කලේ ඒ නිර්මාණ ටික භාවිතා කරලා සාර්ථකත්වය ගොඩනැගීම පමනයි.


ඇන්ඩෘ කානිගී කියන්නේ ජීවිතේ සෑම අංශයක් තුලම අති සාර්ථක වූ, ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවූ ධනවත්ම පුද්ගලයින්ගෙන් කෙනෙක්, ඔහුගේ ප්‍රධාන ව්‍යාපාරය වුනේ වානේ නිෂ්පාදන, ඔහුව ලෝකයේ මිනිසුන් හැදින්වූයේ වානේ රජු කියලා. නමුත්, ඔහු වානේ පිලිබද ඔහු යටතේ වැඩකරන කම්කරුවෙක් තරම් වත් දැනගෙන හිටියේ නෑ. ඔහු කලේ අනිත් මිනිසුන්ගේ දැනුම, හැකියාව, කාලය භාවිතා කරලා සාර්ථකත්වය ගොඩනැගීම.


වරෙක චිකාගෝ ට්‍රිබියුන් පුවත්පත විසින්, සුප්‍රකට ෆෝර්ඩ් මෝටර් රථ සමාගමේ නිර්මාතෘ හෙන්රි ෆෝර්ඩ්ට අපහාසාත්මක අයුරින් ලිපියක් පල කරන්නේ, ඔහු නූගතෙක් බවත්, ඔහු අනෙක් මිනිසුන්ගේ දැනුම සොරකම් කර ව්‍යාපාර කරන බවට ප්‍රකාශ කරමින්.

එයට විරුද්දව නීතිමය පියවර ගන්නා හෙන්රි ෆෝර්ඩ් අධිකරණය හමුවේ ඔප්පු කරන්නේ, සාර්ථකත්වය ගොඩනැගීම වෙනම, දැනුමක්, හැකියාවක්, දක්ෂතාවයක් බවයි. මිනිසෙක් කොතරම් දක්ෂ වුනත්, ඔහු සාර්ථක වෙන්නට දක්ෂ නැතිනම් ඔහු අසාර්ථක වෙන බවයි.


එහිදී ඔහු අභියෝගාත්මක ලෙස සදහන් කර සිටියේ, එය එසේ නොවේනම්, තමන්ගේ ඇන්ජින් වෙනුවට, ඒ දක්ෂ මිනිසුන්ගේ ඇන්ජින් ඇමරිකාවේ වාහන වල වැඩියෙන්ම තිබිය යුතු බවයි.


සාර්ථක වීම වෙනනම විශයක් බව තේරුම් ගන්න තියෙන හොදම උදාහරණය තමයි, කාල් බෙන්ස්ගේ කතාව.


කාල් බෙන්ස් කියන්නේ, අනාගතය දකින්න පුලුවන්, ඉතාම ඉහල නිර්මාණශීලී හැකියාවක් තියෙන, ඒ වගේම ඉතාම උත්සාහවන්ත, අදිෂ්ඨානශීලී පුද්ගලයෙක්. ඔහු තමයි මේ ලෝකයේ පළමු මෝටර් රථය නිර්මාණය කරන්නේ. ඔහු ඒ ගමනේදී අසාර්ථක වුන අවස්ථා අනන්තයි, හැබැයි උත්සාහය අත් නොහැර අවුරුදු ගානක් වෙහෙසිලා, කොහොම හරි ඔහු ඒ නිර්මානය සිදුකලා. ඔහු හිතුවා සතුන් පිටේ ප්‍රවාහන කටයුතු කරන යුගයක, මේ වගේ නිර්මානයක් කිරීම ලොකු දෙයක් වෙයි කියලා.


හැබැයි මේ සියල්ල අවසානයේ ඔහු හිතපු කිසි දෙයක් වුනේ නෑ. ඔහු කල නිර්මාණය කොතරම් විශිෂ්ඨ එකක් වුනත්, කවුරුත් ඒක ගනන් ගත්තේ නෑ. අන්තිමට ඒ වෙනුවෙන් ඔහු ගත්ත ණය ටිකවත් ගෙවා ගන්න බැරි තැනට ඔහු පත් වුනා.


නමුත් මේක බලාගෙන හිටපු ඔහුගේ බිරිද, මේ තත්වය සම්පූර්ණයෙන්ම කනපිට පෙරලනවා, ඇය කිසිම කෙනෙක් ගනන් නොගත්ත නිර්මානයම ලෝකයේ හැමෝටම ඕනේ, හැමෝම ඉල්ලන දෙයක් බවට පත් කරනවා.


ඔබට තේරෙනවද මෙහි තියෙන කතාව? කාල් බෙන්ස් කොච්චර දක්ෂයෙක් වුනත්, සාර්ථක වෙන්න දක්ෂයෙක් නෙමේ, ඒ නිසා ඔහු කොතරම් මහන්සි වුනත්, ඔහු අති විශිෂ්ඨ නිර්මානයක් කලත් ඒ හරහා ඔහුට බලාපොරොත්තු වුන ආකාරයෙන් ජීවිතය සාර්ථක කරගන්න ලැබුනේ නෑ.


නමුත් ඔහුගේ බිරිද, කාල් තරම් දක්ෂ නොවුනත්, සාර්ථක වීම කියන දෙය තුල ඇය දක්ෂයි, ඒ නිසා, කාල්ගේ නිර්මාණය හරහාම ඇයට පුළුවන් වෙනවා ඔහුට බැරිවුන සාර්ථකත්වය ගොඩනගන්න.


වර්ථමානයේ ඉතා ප්‍රසිද්ද එක්තරා බීම වර්ගයක් පළමුව වෙලදපොලට නිකුත් කිරීමේදී, ඒ සම්බන්දයෙන් බොහෝ දෙනෙක් දැක්වූ අදහස වුනේ, අදාල බීම වර්ගය එහි තියෙන අමුතු රස නිසා කිසිම කෙනෙක් මිලදී නොගන්න බව. නමුත් ඒ පිලිබද ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයින් ඵල කල මතය වුනේ එය කොතරම් නීරස වුනත්, එය අවශ්‍යනම් මේ ලෝකයේ වැඩිම අලෙවියක් ඇති බීම වර්ගය කල හැකි බවයි.


මේ දේ මේ විදිහටම ලංකාව තුල පානීය ජලය ව්‍යාපාරයක් ලෙස ආරම්භ වීමේදීත් සිදු වුනා. මේ දිහා බලාගෙන හිටපු බහුතරයකගේ මතය වුනේ, නිකන් බොන්න පුලුවන් වතුර ටික, සල්ලි දීලා කවුරුත් බොන්නේ නෑ කියන එක. නමුත් අදටත්, ඔබ කාගෙන් හරි වතුර ටිකක් ඉල්ලුවොත් නොමිලේ වතුර ටිකක් ලබා ගන්න බැරි තත්වයක් මේ රටේ නෑ.


හැබැයි, එහෙම වුනත් අපි හැමෝම, එහෙම නිකන් ගන්න පුලුවන් දේ සල්ලි දීලා ගන්නවා. මේක හරියට ඇස්කිමෝ වරුට අයිස්ක්‍රීම් විකුණනවා වගේ දෙයක්. නමුත් සැබෑ ලෝකය තුල එය සිදු වෙනවා.


අන්න ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕනේ දේ තමයි, සාර්ථකත්වය ගොඩනැගීම කියන්නේ, අපි මේ හිතන, දැනුම, උත්සාහය,උනන්දුව, කැපවීම නිසා හොඩනැගෙන දෙයක් හරි, එහෙමත් නැත්නම් ඔව් මට පුළුවන්, මම කොහොම හරි සාර්ථක වෙනවා කියලා හිතීම වගේ සරල දේවල් මත ගොඩනැගෙන දෙයක් නොවන බව.. සාර්ථක වීම කියන්නේ වෙනමම විශයක්.


අන්න ඒ නිසා ඔබත් ඔබේ ජීවිතය දෙස ආයෙත් හැරිලා බලන්න, සමහර වෙලාවට, ඔබත් සාර්ථක වෙන්න කාලයක් තිස්සේ උත්සාහ කරපු, මහන්සි වුන, ඒත් හිතපු තරම් ප්‍රතිඵල ලබා ගන්න බැරි වුන කෙනෙක් නම්, ඔබටත් ඔබේ සාර්ථකත්වය සම්බන්දයෙන් මෙච්චර කල් අහු නොවුන තැන මේක වෙන්න පුලුවන්. මොකද ඔබ කොතරම් දක්ෂයෙක් වුනත්, සාර්ථක වීමේ Techniques ගැන දන්නේ නැත්නම්, එහි ප්‍රතිඵලය බොහෝ විට මහන්සිය විතරයි.


ඔබට එහෙම හිතෙනවානම්, ප්‍රායෝගික ජීවිතය තුල සාර්ථකත්වය ගොඩනැගීම පිලිබද කෙරෙන විශේෂ "Breakthrough" ප්‍රායෝගික පුහුණු වැඩමුළු මාලාව හා සම්බන්ධ වීමෙන් ඔබටත් එම තත්වය ප්‍රායෝගිකව වෙනස් කරගන්න පුළුවන්.


ඔබ කොතරම් සාර්ථකත්වය ගැන ඉගෙන ගත්තත්, එය තාවකාලික අභිප්‍රේරණයක් ලබා දීම හැරෙන්නට, ඔබේ සැබෑ ජීවිතය තුල ඔබට දැනෙන ප්‍රායෝගිකව වෙනසක් ඇති නොකරයි නම්, එය ගුණාත්මක ඉගැන්වීමක් නොවන බව අපේ මතයයි. එබැවින් මෙම Breakthrough වැඩමුළු මාලාව 100%ක්ම ඔබේ ජීවිතයේ ප්‍රායෝගික වෙනස් කම් ඇතිකිරීම වෙනුවෙන් වන ප්‍රායෝගික පුහුණු වැඩමුළු මාලාවකි.


ඒ නිසාවෙන්, මෙම Breakthrough වැඩමුළු මාලාවේ, වැඩමුළු කීපයක් අන්තර්ගත වන අතර, මුලින්ම පළමු වැඩමුළුව තුල ඔබට ඉගෙන ගැනීමට ලැබෙන ප්‍රායෝගික පාඩම් අනුගමනය කරමින්, ප්‍රායෝගිකව ඔබේ ජීවිතය වෙනස්කර ගැනීමක් ඔබ විසින් කල යුතු අතර, ඒ ආකාරයෙන් පලමු වැඩසටහනට අදාල සාර්ථකත්වයේ මට්ටම ප්‍රායෝගිකව ගොඩනගා ගැනීමෙන් පසු පමණක්, ඔබට අප අමතා, ඔබේ අවශ්‍යතාවය අනුව, ඉදිරි වැඩසටහන් වලට සහබාගී විය හැකිය.


60 views

Comentarios

Obtuvo 0 de 5 estrellas.
Aún no hay calificaciones

Agrega una calificación
bottom of page