සාර්ථක ජීවිතයක් ගත කරන්න අපි හැමෝම කැමතියි, ඒ වගේම අපි කැමති ආකාරයේ සාර්ථක ජීවිතයක් ලගා කරගන්න අපි හැම කෙනෙක්ම වගේ විවිද දේ ඉගෙන ගනිමින් , විවිද දේ කරමින් ඉදිරියට යාමට උත්සාහ කරනවා.
ඔබත් මේ ලිපිය කියවන්න හිතාගෙන මෙතැනට ආවනම් අනිවාර්යයෙන්ම සාර්ථකත්වය කියන දේ ඔබේ ජීවිතයට ලගා කරගැනීමේ කැමැත්තක් ඔබ තුලත් තියෙනවා ඇති, ඇතැම් විට ඔබ ඒ වෙනුවෙන් විවිද දේ දැනටමත් කරන්නට උත්සාහ කර ඇති.
ඔබ එහෙම කෙනෙක්නම් ඔබට මේ ලිපිය තුලින් කියා දෙන්න යන්නේ ඔබේ ජීවිතය ප්‍රායෝගිකව වෙනස් කරගන්න, ඔබ සිහින දකින ජීවිතය ගොඩනගා ගැනීම පිනිස අනුගමනය කල යුතු අනිවාර්යය පියවර 08ක් ගැන. ඒ වගේම මේ පියවර 08 හරහා ඔබේ ජීවිතය වෙනස් වෙන්නේ කොහොමද කියන කාරනය ගැන.
අපි හැමෝම එක වගේ නෑ, අපි හිතන විදිහ , අපි කැමති අකමැති දේවල්, අපේ බලාපොරොත්තු කියන දේවල් බොහෝ විට එකිනෙකට වෙනස්, බලාපොරොත්තු එකිනෙකට වෙනස් නම්, ඒ එකිනෙක බලාපොරොත්තු ලගා කරගැනීම වෙනුවෙන් ඔබ කල යුතු කාර්යයන්ද එකිනෙකට වෙනස් වෙනවා. නමුත් ඔබ ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් කුමන ආකාරයක කාර්යයක් ඉටු කලත්, එම කාර්යය තුලින් ඔබ සිතන ප්‍රතිඵලය ලගා කරගැනීමටනම් ඔබ ක්‍රියා කල යුතු වන්නේ එක් නිශ්චිත පොදු ක්‍රමයකට.
උදාහරණයක් විදිහට ඔබට වාහනයක් පදවාගෙන යම් ගමනක් යන්න අවශ්‍යනම් ඔබ පදවාගෙන යන වාහනය අනුව, එහි තියෙන උපාංග අනුව ඔබ එය මෙහෙයවන ආකාරය වෙනස් වෙන්න පුලුවන්, නමුත් ඔබ කුමන වාහනය පැදවුවත්, එය ආරක්ෂාකාරීව පදවන්න , මුලින්ම එය පුහුණු වීම, මාර්ග නීති පිලිබද අවබෝධය ලබා ගැනීම, මාර්ග නීති රීති වලට අනුකූල වීම වැනි දේවල් වල වෙනසක් වෙන්නේ නෑ. ඒ වගේම ඔබට යම් ගමනාන්තයක් කරා යන්න අවශ්‍යනම් ඔබට මේ දේවල් මග හැර ක්රියාකරන්නටත් කිසිම ආකාරයක හැකියාවක් නෑ.
අන්න ඒ ආකාරයෙන්ම ඔබ ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් කුමන ආකාරයක කටයුත්තක නිරත වුවත් , එය සාර්ථක කරගන්නනම්, ඔබ ජීවිතයේ බලාපොරොත්තුවන සාර්ථකත්වය ප්‍රායෝගිකව ලගා කරගන්න නම් ඔබට පහත පියවර අත්හැර හෝ මග හැර යන්න හැකියාවක් නෑ. මේ නිසා ඔබ ඔබේ ජීවිතයේ කුමන ඉලක්කයක් හබාගෙන ගියත් මේ මූළිඛ පියවර 8 මත සිට ක්‍රියාකරන්න,එවිට ඔබට නිසකවම සිහින දකින ජීවිතයක් වෙනුවට ප්‍රායෝගික සාර්ථකත්වයක් ඔබට සැබෑ ජීවිතය තුලම අත්විදින්න පුලුවන්.
පියවර 1. සාර්ථකත්වය පිලිබද නිවරැදි ආකල්ප ඇතිකර ගන්න.
සාර්ථකත්වය කියන්නේ කුමක්ද? එය ලගා කරගන්න යායුතු ගමන කුමන ආකාරයේ එකක්ද? යන ආකාරයෙන් සාර්ථකත්වය පිලිබද නිවරැදි ආකල්ප ඇතිකර ගැනීම ඔබ කුමන සිහිනයක් වෙත ගියත් ඔබ මුලින්ම කල යුතු දෙය බවට පත් වෙනවා.
ඔබ හිතන්න ඔබ යම් ගමනක් යන්න පටන් ගත්තා කියලා, ඔබ ඒ ගමන යන විට ඔබට යන්න සිදුවන්නේ කුමන ආකාරයක මාර්ගයකද, ඔබට කුමන ආකාරයේ බාදක හමුවෙනවාද , ඔබට කොපමන කාලයක් ගමන යන්න සිදුවෙනවාද යන ආකාරයෙන් දැනුවත් බාවයක් නැතිනම් ගමන අතර මග ඔබ නොසිතන දේවල් වලට මුහුන දෙන්න සිදු වුනොත් එය ඇතැම් විට ඔබට දරාගන්න අපහසු වෙන්න පුලුවන්. ඔබ සිතන ආකාරයෙන් දේවල් සිදුනොවීම නිසා ඔබට ඒ ගමන එපා වෙන්න පුලුවන්. ඒ වගේම අතර මග ඔබට ගමන නවතා දමා ආපසු එන්න සිතෙන්න පුලුවන්.
නමුත් ඔබ යන ගමන ගැන, ඔබ ගමන් කරන මාර්ගය ගැන ඔබට හොද අවබෝධයක් තිබෙනවානම් ඔබට එවැනි තත්වයන් ඇතිවීමට තියෙන හැකියාව ඉතාම අඩුයි. මොකද ඔබ, ඔබ යන මාර්ගයේදී ඔබට ඇතිවෙන තත්වයන් ගැන අවබෝධයක් ඇතිව මානසික සූදානමක් ඇතිව තමයි ඔබේ ගමන එවන් අවස්ථාවක ආරම්භ කිරීම සිදුකරන්නේ.
සාර්ථකත්වය සම්බන්දයෙනුත් බොහෝ දෙනෙක් වරද්ද ගනන් තැන වන්නේ මෙන්න මේ කාරනයම තමයි. බොහෝ දෙනෙක් සාර්ථකත්වයේ ගමන යන්න පටන් ගන්නේ සාර්ථකතයේ ගමන යන්න තියෙන මාර්ගය ගැන ඔවුන්ගේ හිතේ තියෙන අදහස අනුව මිසක්, යමක් සාර්ථක කරගන්න යා යුතු සැබෑ මාර්ගය මොන වගේද යන්න පිලිබද අවබෝධයකින් නොවේ. මෙන්න මේ නිසා යම්කිසි බලාපොරොත්තුවක් ඇතිව ඉදිරියට යන බොහෝ දෙනෙක්, අතර මග තමන් බලාපොරොත්තු වූ ආකාරයෙන් ගමන යන්න නොහැකි වීම නිසා තම බලාපොරොත්තු මෙන්ම තමන් කරගෙන යන දේ අතර මග අත්හැර දමනවා.
මෙන්න මේ නිසා ඔබට ඔබේ බලාපොරොත්තුව සාර්ථක වෙන තෙක්ම ඉදිරියට යන්න අවශ්‍යනම් සාර්ථකත්වය කියන දේ ගැන, සාර්ථකත්වය ලගා කරගැනීම කියන දේ ගැන, සාර්ථකත්වය කරා යන මාර්ගය ගැන, නිවරැදි අවබෝධයක් සහිතව , නිවරැදි ආකල්ප ඇතිකර ගැනීමක් කල යුතු වෙනවා. එවිට නිසකවම කිසිම දිනෙක සාර්ථකත්වය ලගා කරගෙන මිස නතර නොවන චරිතයක් බවට පත් වෙන්න ඔබට අවස්ථාව තිබෙනවා.
පියවර 2. ඔබේ සිහින නිවරැදිව ඉලක්ක බවට පත්කරගන්න
සිහින ඉලක්ක බවට පත් කිරීම කියන්නේ , නිවරැදිව ඉගෙන ගත යුතු ඉතා වැදගත් කාරණයක්. මොකද ඔබ මේ දෙය හරියට කලොත් ඔබ සිතන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ වගේම ඔබේ යටි සිතේ තියෙන ශක්තිය වර්ධනය වන්නත් මෙය ඉතාම ප්‍රබල වශයෙන් බලපානවා. කොටින්ම කීවොත් ඔබ ප්‍රායෝගික ජීවිතය තුල ඔබේ සිහින ලගා කරගන්නවාද, නැත්නම් ඔබ හැම දාම සිහින දකින කෙනෙකු ලෙස ජීවත් වෙනවාද යන්න තීරණය වන්නේ ඔබ මේ දේ කොතරම් සාර්ථකව ඉටුකරනවාද යන්න මත.
සාමාන්‍යයෙන් මූල්‍යමය වශයෙන් වන බලාපොරොත්තුවක් වැනි දෙයක් ඉලක්කයක් කරගන්න ඉතා සරල පියවර කීපයකින් පුලුවන්. ඒ පිලිබද මීට පෙරත් අපි ලිපි කීපයක්ම ඉදිරිපත් කර තිබෙනවා. නමුත් ඔබ ආදරය හෝ පවුල් ජීවිතය, සෞඛ්‍ය වැනි හැගීම් සම්බන්ද සිහිනයක් හෝ බලාපොරොත්තුවක් සම්බන්දයෙන් ඉලක්ක පිහිටුවීමක් කරන්න ඒ පිලිබද නිවරැදි අද්‍යයනයක් කල යුතු වෙනවා. ඔබට මේ සම්බන්දයෙන් යම් කාලයක් වැය කර නිවරැදි හැදෑරීමක් කල හැකිනම් ඒ හරහා ඔබේ සිතේ ඇතිවන ඕනෑම සිහිනයක් හෝ බලාපොරොත්තුවක් , ඉලක්කයක් බවට පත්කරගෙන ප්‍රායෝගිකව එය වෙත ලගා වෙන පුද්ගලයෙක් වන්න හැකියාව ඔබට ලැබෙනවා.
හිතේ තියෙන බලාපොරොත්තු හෝ සිහින ඉලක්කයක් බවට පත්කර ගැනීම හරහා ඔබේ මනස හා ජීවිතය වෙනස් වන ආකාරය ගැන අවබෝධයක් ලබා ගැනීමට අප කලින් ඉදිරිපත් කල ලිපිය කියවන්න.
පියවර 3. ජීවිතයේ පරම අභිලාෂය කුමක්ද යන්න තේරුම් ගන්න
ඔබ කුමන ආකාරයේ ඉලක්කයක් කරා ලගා වුවත් ඒ තුලින් ඔබට ජීවිතයේ ලබන්න අවශ්‍ය කරන තෘප්තිමත් බව ලගා නොවේනම් ඒ තුලින් ඵලක් වන්නේ නැත. ඔබ කොතරම් සාර්ථක වුවත් ඔබට ඔබේ ජීවිතයේ තෘප්තිමත් බවක් සතුටක් නැත්නම් එයින් ඵලක් නැත. මේ නිසාවෙන් ඔබ කුමන ආකාරයේ ඉලක්කයක් කරා ලගා වුවත් එම ඉලක්කය හරහා ඔබේ ජීවිතයේ තෘප්තිමත් බව ගොඩනැගෙන්නේ කෙසේද යන්න පිලිබදව නිවරැදි අවබෝධයක් ඇතිව එම ඉලක්කය කරා යාම ඉතා වැදගත්ය.
අප තුල යමක් කිරීම වෙනුවෙන් නිරායාසයෙන් ඇතිවන කැමැත්තක් , ආශාවක්, ප්‍රියතාවයක් ඇතිවන්නේ ඒ හරහා ඇතිවන ප්‍රතිඵලය ගැන කැමැත්තක් තිබෙනවානම් පමණි. මේ නිසා ඔබ ජීවිතයේ බලාපොරොත්තුවන සැබෑ තෘප්තිමත් බව කුමක්ද එය වෙනුවෙන් තමා ලගා කරගන්නා ඉලක්ක බලපාන්නේ කෙසේද යන්න නිවරැදිව තේරුම් ගතහොත් ඕනෑම ඉලක්කයක් වෙත, කුමන බාදක ඇතිවුවත් නොකඩවා ගමන් කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා.
පියවර 4. ඔබ තුල වන ශක්තීන් හදුනා ගන්න
තම ශක්තීන් හදුනාගත් පුද්ගලයා යනු , තමාට කල හැකි දේ මෙන්ම නොහැකිදේ පිලිබදවත් නිවරැදි අවබෝධයක් සහිත පුද්ගලයකි. තමන්ට කල හැකිදේ , නොහැකි දේවල් ලෙස හදුනාගෙන කටයුතු කරන පුද්ගලයාත්, නොහැකි දේ හැකි දේ ලෙස හදුනාගෙන කටයුතු කරන පුද්ගලයාත් යන දෙදෙනාම ප්‍රායෝගික ජීවිතය තුල අසාර්ථකත්වය ලගා කර ගනී. ඔබට සියලු දේ කිරීමට හැකි විය යුතු නැත, නමුත් ඔබට හැකි දේ හා නොහැකි දේ හදුනාගෙන හැකි දේ කිරීමටත් , නොහැකි දේ කිරීම වෙනුවෙන් උදවු ලබා ගැනීමටත් ඔබට හැකි විය යුතුය. ලෝකයේ සෑම විටම ජය ගන්නේ දක්ෂයින් නොව, තම හැකියාවන් හා නොහැකියාවන් නිවරැදිව කලමණාකරනය කරගෙන තම ඉලක්ක වෙතම ගමන් කිරීමට උත්සාහ කරන මිනිසුන්ය.
පියවර 5. ඉලක්ක වෙත ලගා වීමේදී ඇති විය හැකි බාදාවන් නිවරැදිව හදුනා ගන්න.
ඉලක්කයක් හබා යාමේදී තමන්ට ඇතිවිය හැකි බාදක මොනවාද යන්න කල්තියා හදුනාගෙන සිටීම ඉතා වැදගත්ය. ඔබට ඇතිවිය හැකි ගැටළු කල්තියා හදුනාගෙන සිටීම තුලින් ඔබට ඒ සදහා හරි ආකාරයෙන් මුහුනදීමට හැකි ආකාරයෙන් කල්තියා සූදානම් වීමේ ඔබට ලැබෙනු ඇත. එමෙන්ම ඔබට ඇතිවිය හැකි බාදක කල්තියා හදුනා ගැනීම, සෑම විටම ඔබව ගැටළු හමුවේ අදෛර්යයට පත්වීම නැති කරයි. එමෙන්ම ගැටළු මගහැර ඉදිරියට යාමේ හැකියාව ඔබට ලබා දෙයි.
ඕනෑම ඉලක්කයකට යාමේදී ඔබට ඇතිවිය හැකි බාදාවන් කල්තියා හදුනා ගන්නේ කෙසේද? එම බාදාවන්ට මුහුන දීම වෙනුවෙන් සූදානම් වන්නේ කෙසේද යන්න අද්‍යයනයට ඉලකක් පිහිටුවීම ප්‍රායෝගික උපදෙස් පොතේ 8 වන පරිච්චේදය පරිහරනය කරන්න.
පියවර 6. ඔබ මේ මොහොතේ සිටින තැන සිට අවසානය තෙක් විහිදුන ලිඛිත සැලැස්මක් සකසා ගන්න.
අප ලගා කර ගැනීමට බලාපොරොත්තුවන ඕනෑම සිහිනයක් ප්‍රායෝගිකව ලගා කර ගැනීමට ඉලක්ක පිහිටුවීම පමනක් ප්‍රමානවත් වන්නේ නැත. ඉලක්කයක් ප්රායෙඔගික මට්ටමට ගෙන ආ හැක්කේ ඒ වෙනුවෙන් ඔබ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වුවහොත් පමනි.
අප කිසිවෙකුට ඉලක්ක ස්ථාපිත කර කුමක් හෝ කිරීම තුලින් අපට අවශ්‍ය තැනට ලගා වීමට හැකියාවක් ලැබෙන්නේ නැත. ඒ සදහා යම් නිශ්චිත සැලැස්මකට අනුව අවශ්‍ය දේ කිරීමට ක්‍රියා කල යුතුය. එහෙයින් ප්‍රායෝගිකව තමන් සිටින තැන සිට තමන් බලපොරොත්තුවන ඉලක්කය දක්වා ගමන් කිරීමට නිශ්චිත සැලැස්මක් සැලැස්මක් තිබීම අත්‍යවශ්‍ය කාරණයකි. තමන් කොතරම් සාර්ථකද අසාර්ථකද තව දුරටත් වැඩි දියුනු කල යුතු අංශ කවරේද යන්න තීරණය කරමින් ප්‍රායෝගිකව තම ඉලක්ක වෙත ලගා වීමේ හැකියාව ඇත්තේ මූලිඛ වශයෙන් හෝ සැලැස්මක් සහිත පුද්ගලයාට පමනි.
ප්‍රායෝගිකව යම් ඉලක්කයක් වෙත ලගා වීමට සැලසුම් සකසා ගැනීමේදී දිගු කාලීනව හා කෙටි කාලිනව ඉලක්ක සදහා සැලසුම් සකසා හැනීම ඉතාමත් වැදගත්ය. ප්‍රායෝගිකව බැලුවොත් අප බොහෝ දෙනෙකු සැලසුම් සකස් කරන්නේ දිගු කාලීනවය. මේ හෙතුව නිසා අප බොහෝ දෙනෙකුට කාලයත් සමග එම සැලසුම් අමතක වීයාම හෝ එහි ප්‍රමුඛතාවයේ අඩු වීමක් සිදුවීම යන කාරනා වලට සුලබව මුහුන පෑමට සිදු වේ. එහෙයින් පියවරෙන් පියවර ඔබේ ඉලක්කය යතාර්ථකය කර ගැනීම දක්වා වන සැලැස්මක් සකසා ගෙන ඒ අනුව කටයුතු කිරීම ප්‍රායෝගිකව ඉලක්කයක් ලගා කර ගැනීමට ඇති හැකියාව සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය කිරීමට ප්රබලවම බලපානු ලබයි.
පියවර 7. දවසේ පැය 24 නිවරැදිව කලමණාකරණය කර ගනිමින් ඔබේ සැලැස්ම නිවරැදිව ක්‍රියාත්මක කරන්න
මීලගට ඉතාමත් වැදගත් වන කාරණය වන්නේ තමන් සකසන ලද මූළිඛ සැලසුම් ක්‍රියාත්මක කිරීමයි. ඔබ කොතරම් සැලසුම් සහගත පුද්ගලයකු වුවත් ඔබට එය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කරගත නොහැකිනම් ඔබට එම ඉලක්ක ප්‍රායෝගිකව ලගා කරගැනීමට නොහැකි වනු ඇත.
ඕනෑම දීර්ඝ ගමනක් සෑදී ඇත්තේ කුඩා පියවරයන් රාශියක එකතුවකිනි. ඒ ආකාරයෙන්ම ඔබේ ඕනෑම විශාල ඉලක්කයක් වෙතට නිසි ආකරායෙන් ලගා වෙනවාද යන්න තීරනය වන්නේ ඔබ දෛනිකව ලගාවිය යුතු මට්ටමට ඔබ ලගා වෙනවාද යන්න මතයි. එම නිසා සෑම දිනකම ඔබ ඔබේ ඉලක්ක වෙනුවෙන් දෛණිකව ලගා විය යුතු මට්ටමට ලගා වීමට කටයුතු කිරීම ඉතාමත් වැදගත්ය.
පියවර 8. ඔබේ අභ්‍යන්තර හා බාහිර පරිසරය ඔබේ සැලැසුම් වලට හිතකර අයුරින් වෙනස් කර ගන්න.
ඕනෑම ඉලක්කයක් ප්‍රායෝගික මට්ටමට ගෙන ඒමේදී ඉලක්ක හා සැලසුම් සේම අප ජීවත් වන පරිසරයේ බලපෑමද විශාල වශයෙන් බලපානු ලබයි. ඔබ කොතරම් සැලසුම් සහගත පුද්ගලයෙකු වුවත් ඔබ ඇසුරු කරන පුද්ගලයන් සිතෙන දේ කරන සැලසුමක් නැතිව ජීවත් වෙන මිනිසුන් නම් ඔවුන් ඔබට සෑම විටම ඔබේ ඉලක්ක වෙත යාමට වීමට පටන් ගනී. ඔබ කොතරම් ධනාත්මකව සිටීමට උත්සාහ කලත් ඔබ අසන ප්රවෘත්ති, ඔබ නරබන චිත්‍ර පට , ඔබ අසන ගීත හරහා ඔබව ඍණාත්මක කරයිනම් ඔබට යමක් පිලිබදව ධනාත්මකව බැලීම ඉතා අපහසු වනු ඇත.
අපේ මනස සෑම විටම තීරණ ගැනීම සිදු කරන්නේ අපට ලැබෙන දත්ත වලට සාපේක්ෂවය. එහෙයින් ඔබට ලැබෙන දත්ත කුමන ආකාරයේ ඒවාද ඒවා ඔබේ මනසේ වන තීරණ ගැනීම් කෙරෙහි කුමන ආකාරයෙන් බලපානවාද යන්න ඉතාමත් වැදගත් වේ.
උදාහරණයක් ලෙස ඔබ ඔබේ ඉලක්ක සැලසුම් සකස් කරමින් ඉදිරියට යාමේදී ඔබ අවට සිටින සියලු දෙනා පවසන්නේ සාර්ථක වීම කල නොහැකි දෙයක් හෝ අපහසු දෙයක් ලෙසටනම්, ලොව සාර්ථක වූ බොහෝ චරිත සාර්ථක වී ඇත්තේ ඔවුන්ගේ දෛවය අනුව හෝ වාසනාව අනුව වැනි දෙයක් නම් එවැනි දත්ත නිසා ඇතැම් විට ඔබ සැලසුම් කරන දේ නිසි ආකාරයෙන් කර ගැනීමට නොහැකි වුනොත් ඔබ බලාපොරොත්තු වූ ප්‍රතිඵලය ඒ ආකාරයෙන්ම නොලැබුනොත් ඔබේ මනස නිරායාසයෙන්ම ඔබට ඔබ කරන දෙය නිශ්ඵල කාර්යයක් හෝ කල නොහැකි දෙයක් ලෙස තීරණය කිරීමට පොලබවනු ඇත. නමුත් ඔබ ඇසුරු කරන පිරිස හෝ ඔබ අසන , දකින, කියවන ඕනෑම දෙයක් තුලින් ඔබට සෑම විටම අසන්නට දකින්නට, කියවන්නට ලැබෙන්නේ ඔබේ ජීවිතය ඔබට වෙනස් කල හැකියි, සාර්ථකත්වය අමාරු වුවත් ලගා කරගත නොහැකි දෙයක් නොවේ, සෑම කෙනෙක්ටම සාර්ථක වෙන්න පුලුවන් වැනි ධනාත්මක දේවල්නම් ඔබ කිසිම අවස්ථාවක , කිසිම ගැටළුවක් හමුවේ ඔබේ ඉලක්ක අත්හැර දමන්නට සූදානම් වන්නේ නැත.
මේ පියවර 8 අනුව ඔබේ හිතේ තියෙන ඕනෑම ඉලක්කයක් ප්‍රායෝගික ජීවිතය තුල ලගා කරගන්නා ආකාරය සම්පූර්ණ පාඩම් මාලාවක් ලෙස ලබා ගන්න, පහත දැක්වෙන පිටු 115කින් යුත් ජීවිතය දිනන ප්‍රායෝගික මග - ප්‍රායෝගික උපදෙස් පොත හා වැඩපත්‍රිකා පහතින් Download කර ගන්න. | 50% වට්ටමක් සහිතයි!
වෙබ් අඩවිය හරහා බාගත කර ගන්න අපහසු අයට, අපගේ බැංකු ගිණුමට මුදල් බැර කර පොත eMail එකක් ආකාරයෙන් ලබා ගන්නත් පුලුවන්. ඒ වෙනුවෙන් +94764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න
වෙනත් පොත්
මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යාමේ හැකියාව, ඉතාම ඉහල මට්ටමක් දක්වා රැගෙන ඒම වෙනුවෙන් ඔබ ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන, පියවර සහිත උපදෙස් හා අභ්‍යාස ඇතුලත් උපදෙස් පොතකි.
සාමාන්‍ය ආකර්ෂණ නීති සංකල්ප වලින් එහාට ගොස්, අවිංඥාණික මනස තුල වන ශක්තීන් ප්‍රායෝගිකව අවධි කරන ආකාරය පිලිබද උපදෙස් හා පියවර සහිත අභ්‍යාස ඇතුලත් උපදෙස් පොතකි.
ධනාත්මක මානසිකත්වයක් පවත්වාගෙන යාම වෙනුවෙන් ඔබට භාවිතා කල හැකි සරල උපක්‍රම පිලිබද ඍජු පාඩම් සහිත ප්‍රායෝගික උපදෙස් පොතකි
වෙබ් අඩවිය හරහා බාගත කර ගන්න අපහසු අයට, අපගේ බැංකු ගිණුමට මුදල් බැර කර පොත eMail එකක් ආකාරයෙන් ලබා ගන්නත් පුලුවන්. ඒ වෙනුවෙන් +94764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න
Comments