top of page

බොහෝ දෙනෙක්ට යටි සිතෙන් වැඩගන්න අපහසු වෙන්නේ ඇයි?

Updated: Dec 23, 2021


මේ ලෝකයේ ජීවත් වෙන ඕනෑම මනුශ්‍යයෙක්ට සාර්ථක වෙන්න තියෙන පහසුම හා ලේසිම ක්‍රමය, තමා ලගා කරගන්න බලාපොරොත්තු වෙන අරමුන වෙනුවෙන් තම යටි සිතේ බලය ඉහලට ගැනීම හෝ බලගැන්වීම කීවොත් එහි වරදක් නෑ. මොකද ඔබේ යටි සිතේ තියෙන බලය ඔබ සිතනවාටත් වඩා, ඔබ හදුනාගෙන තියෙනවාටත් වඩා ලක්ෂ කෝටි වාරයක් ප්‍රබලයි.


මේ ලෝකයේ ජීවත් වන සාමාන්‍ය මිනිසෙක් ඇත්තටම තමන්ගේ යටි සිතේ තියෙන ශක්තියෙන් 1%-2% වත් භාවිතා කරන්නේ නැති තරම් කීවොත් එය ඉතාම නිවරැදියි. මොකද එහෙම කරනවානම් මේ ලෝකයේ ජීවත් වෙන බොහෝ දෙනෙක්ට ඇත්තටම තමන් එදිනෙදා ජීවිතයේදී බලපොරොත්තුවෙන ආර්තිකමය, සාමාජීයමය, ආදරය හා පවුල් ජීවිතය හෝ සෞඛ්‍ය වැනි අරමුණු හා ඉලක්ක ලගා කරගන්න එක ඇත්තටම මහ ලොකු අමාරු කටයුත්තක් නෙමේ.


මේ දේ සරලවම පැහැදිලි කලොත් සමහර කෙනෙක්ට කිලෝ 50ක 100ක බරක් ඔසවන එක අපහසු කටයුත්තක් වෙන්න පුලුවන්, නමුත් ඔහු යම්කිසි ක්‍රමානුකූල ක්‍රමයකට ව්‍යායාම වල නිරත වෙලා එම බර ඔසවන්න හැදුවොත් එය ක්‍රමයෙන් පහසු කටයුත්තක් බවට පත් වෙනවා. මොකද ව්‍යායාම සමග එම බර ඔසවන්න අවශ්‍ය ශක්තිය අපගේ ශරීරය තුල ගොඩනැගෙනවා. බොහෝ විට මෙම ශක්තිමත් බව පරිබාහිර සාදක තුලින් ඇගට ලැබෙන්නක් නෙමේ, එය ශරීරය තුලම ගොඩනැගෙන්නක්. එය අපේ ශරීරය තුල තිබුනට යම් කිසි ක්‍රමාණුකූල ව්‍යායාමයක් නොමැතිව ගොඩනැගෙන්නේවත් මතු වන්නේවත් නෑ. ඒ නිසා ව්‍යායාම නොකරන කෙනෙක්ට කිලෝ 50ක්, 100ක් ඔසවන එක අමාරුයි. නමුත් ක්‍රමාණුකූලව ව්‍යායාම ලැබෙනකොට මේ අක්‍රීය වෙලා තිබුන ශක්තිය මතුවෙන්න පටන් ගන්නවා. එය තුලින් අපිට කලින් අමාරු වුන බර ලේසියෙන් ඔසවන්න අවස්ථව ලැබෙනවා.


මෙන්න මේ ආකාරයෙන්මයි අපේ යටි සිත තුල තිබෙන ශක්තියත්. එය අපි හැම කෙනෙක්ටම උපතින්ම ලැබී තිබෙනවා. නමුත් එය ලැබී තිබුනට එය තුලින් අපිට ප්‍රයෝජනයක් ගන්න නම් එය ප්‍රයෝජනයක් ගත හැකි මට්ටමට ඔපමට්ටම් කරගැනීම අප විසින් කල යුතු වෙනවා. ඔබ එය කලොත් සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ සාර්ථකත්වය වගේම එතැනින් එහාට ඔබට විශ්වාස කල නොහැකි තරම් විශ්මය ජනක , ඇතැම් විට මායාකරුවන්ට පමණක් කල හැකියයි සිතෙන මට්ටමේ ක්‍රියාකාරකම් වල යෙදිය හැකි මට්ටම් දක්වා ඔබට එය දියුනු කිරීමේ ගැකියාව තිබෙනවා.


ඔබ දන්නවා සමාන්‍යයෙන් කිලෝ 25ක් ඔසවන්න , කිලෝ 100ක් 200ක් ඔසවන්න ව්‍යායාම කරන ආකාරයෙන් ව්‍යායාම කරන්න අවශ්‍ය වන්නේ නෑ. එය ඉතාම සුලු මට්ටමේ ව්‍යායාම කීපයකින් ලබා ගත හැකි හැකියාවක්. අන්න ඒ ආකාරයෙන්ම තමයි එදිනෙදා ජීවිතයේ අප බොහෝ දෙනෙක් ලගා කරගැනීමට බලාපොරොත්තු වන ඉලක්කත්, අපට පුලුවන්නම් ඉතාම සුලු මට්ටමකින් හෝ යටි සිතේ බලය භාවිතයට ගන්න, මේ දේවල් ඉතාම ලේසියෙන් අපට ලගා කරගන්න පුලුවන්කම ලැබෙනවා.


නමුත් ගැටලුව තියෙන්නේ මේ තරම් ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් නම් ඇයි තවමත් ලෝකයේ වැඩි පිරිසක් මේ දේ භාවිතා නොකරන්නේ කියන එකයි!


ඒකට දෙන්න තියෙන හොදම පිලිතුර තමයි, මිනිස්සු මේ දේ භාවිතා නොකරන්න බලපාන හේතු දෙකක් තියෙනවා,


1. බොහෝ දෙනෙක් මේ දේ ගැන දන්නේ නෑ,

2. දැනගෙන සිටියත් මේ දේ පාවිච්චි කරන්න දන්නේ නෑ.


ඔන්න ඔය හේතු 2ක තමයි මූලික වශයෙන් බොහෝ දෙනෙක් මේ ශක්තිය භාවිතා නොකරන්න බලපාන්නේ. යටි සිත මනස කියන මාතෘකා බොහෝ වෙලාවට මනෝවිද්‍යාව වගේ විශයක් හදාරන කෙනෙක්ට හැර ඉගෙන ගන්න ලැබෙන්නේ ඉතාම අඩුවෙන්. එහෙම ඉගෙන ගන්න ලැබුනත් බොහෝ විට ඒ බොහෝ දෙනෙක් ඉගෙන ගන්නේ බටහිර මනෝවිද්‍යාව තුල සොයා ගත්ත න්‍යායාත්මක කරුණු හැර මේ දේ ප්‍රායෝගිකව තම සාර්ථකත්වයට යොදා ගන්නේ කොහොමද කියන දේ ගැන නෙමෙයි.


මගේ පෞද්ගලික මතය නම් , කෙනෙක්ට තම යටි සිතේ සැබෑ ශක්තිය ගැන හදාරන්න අවශ්‍යනම් ඔවුන් කල යුතු එකම දෙය වන්නේ අතීතයේ සිට පැවත එන ආගමික සංකල්ප , සටන් ක්‍රම හා වෙනත් ආද්‍යාත්මික සංකල්ප ගැන පුලුල් අද්‍යයනයක් ආරම්භ කරන එක.


මොකද ඒ දේවල් තුල සැගවුන දැනුම එක්ක සාපේක්ෂව බලනකොට ඇත්තටම නූතන විද්‍යාව තියෙන්නේ බොහෝ පසුපසින් කියන එක වැරදි නෑ. (නමුත් ඒ දේවල් වඩාත් තහවුරු කරගැනීම වෙනුවෙන් අපිට නූතන විද්‍යාත්මක පරීක්ෂණ භාවිතා කිරීම අවශ්‍ය වෙනවා. එමෙන්ම මෙහි අදහස නූතන විද්‍යාව අත් හැරිය යුතුයි යන්න නොවේ.) නමුත් වර්ථමාණ ආර්තීක හා සමාජීය රටාව තුල ජීවත් වෙන සාමාන්‍ය පුද්ගලයෙක්ට මෙවැනි හැදෑරීමක් කරගෙන යාම යම්තාක් දුරකට අසීරු කටයුත්තක්. මේ නිසා බොහෝ දෙනෙක් තමන් සතු සැබෑ ශක්තිය කොපමණද යන්නවත් දැනගෙන ජීවත් වන්නේ නෑ.


ඔබ මැනික් ගලක වටිනාකම දන්නේ නැත්නම් ඔබ කිසි දිනෙක එයින් ලැබිය හැකි උපරිම ප්‍රයෝජණය ගන්නේ නෑ. ඒ වගේම තමයි ඔබ ඔබේ යටි සිතේ වටිනාකම , එයට කල හැකි දේ පිලිබද නොදන්නා තෙක් ඔබ එයින් නිසි ප්‍රයෝජනයක් ලබන්නෙත් නෑ. මේක තමයි තමන්ගේ යටි සිතේ ශක්තිය බොහෝ දෙනෙක් ප්‍රායෝගිකව පාවිච්චි නොකරන්න තියෙන පළමුවෙනි හේතුව.


මීලගට තියෙනෙ දෙවෙනි කාරනය තමයි, යටි සිතේ ශක්තිය ගැන දැනගෙන හිටියත් ඒ ශක්තිය භාවිතයට ගන්න නොදැනීම. උදාහරණයක් ලෙස ඔබට ශක්තිමත් වෙන්න ඕනේ කියා ඔබට ඔබට සිතෙන පරිදි ව්‍යායාම කරන්න ගියාට ඔබේ ශක්තිය වර්ධනය වෙන්නෙ නෑ. බොහෝ විට එයින් වෙන්නේ නිකරුනේ ඔබ වෙහෙසීමක් හා ඇතැම් විට ශාරීරික ආබාද කීපයකුත් ඇතිකර ගැනීම පමණයි. ඔබට ඇත්තටම ශක්තිමත් වෙන්න ඕනේනම් ඔබ කල යුතු දේ වන්නේ නිවරැදි ක්‍රම ශිල්ප හරියට ඉගෙනගෙන , අවශ්‍ය ආකාරයෙන් අවශ්‍ය ප්‍රමාණයට , අවශ්‍ය ව්‍යායාම වල යෙදීම පමනයි.


යටි සිත සම්බන්දයෙනුත් මෙය එසේමයි. මෙහි වටිනාකම හදුන ගන්න බොහෝ දෙනෙක් මීලගට කරන්නේ එය පිලිබද නිවරැදි හැදෑරිමකින් තොරව එය සමග කටයුතු කරන්න යන එක. මෙන්න මේ නිසා බොහෝ දෙනෙක් සැබවින්ම තමන්ට අවශ්‍ය ප්‍රතිඵලය ලබා ගැනීමට අවශ්‍ය ආකාරයෙන් යටි සිතේ ශක්තිය ගොඩනගා ගන්නේ නෑ. අවසානයේ ඔවුන් මෙය කල නොහැක්කක් ලෙස අතහැර දමනවා.


ඔබට මෙන්න මේ කරුණු දෙනෙක් මිදී කටයුතු කරන්න පුලුවන්නම් සැබෑ ලෙසින්ම ඔබටත් ප්‍රායෝගිකව එහි ශක්තිය අත්විදින්න පුලුවන්.


ප්‍රායෝගික ජීවිතය තුල ඔබේ ඉලක්ක ලගා කරගැනිනීම වෙනුවෙන් යටි සිතේ ශක්තිය භාවිතා කරන්නේ කෙසේද යන්න නිවරැදිව ඉගෙන ගන්න, " අසිරිමත් යටිසිත " ප්‍රායෝගික උපදෙස් පොත පහතින් PDF eBook එකක් ආකාරයෙන් Download කරගන්න.






1,364 views

コメント

5つ星のうち0と評価されています。
まだ評価がありません

評価を追加
bottom of page