ලොව ඉතාමත් ජනාදරයට පත් Rich Dad Poor Dad කෘතියේ කතෘ මිලියනපති ව්යාපාරික, දේශක රොබට් කියොසාකි විසින් වරෙක මෙලෙස සදහන් කරනවා.
" මම උගන්වනකොට පන්තියෙන්, මැක්ඩොනල්ඩ් එකට වැඩිය හොඳ බර්ගර් හදන්න පුළුවන් කී දෙනෙක් ඉන්නවා ද කියලා ඇහුවම, පන්තියේ සිටින සිසුන් සියලු දෙනාම වගේ අත උස්සනවා,
මම ඊට පස්සේ ඔවුන්ගෙන් අහනවා, එහෙම නම් ඇයි මැක්ඩොනල්ඩ් එක ඔබට වැඩිය සල්ලි උපයන්නේ කියලා "
මේ වචන පෙල මීට වසර 8ට පමණ පෙර කියවන්න ලැබුණ මොහොත මගේ ජීවිතය වෙනස් කල එක් ප්රබල සංධිස්ථානයක් කීවොත් වරදක් නෑ. ඒ නිසාම මේ කතාව පටන් ගන්න මේ උපුටා ගැනීම ඉතා වටිනවා කියලා මම විශ්වාස කරනවා.
හොඳින් සිතන්න, අපි බොහෝ දෙනෙක් ඇත්තටම සාර්ථක වීම වෙනුවෙන් මහන්සි වෙනවා. ඒ වගේම අපි අපේ ජීවිතයේ බොහෝමයක් දේවල් සාර්ථකත්වය වෙනුවෙන් කැප කරනවා. අපි බොහෝ දෙනෙක් බොහෝ දේවල් ඉගෙනගෙන තිබෙනවා. අපි දන්නවා අපිට බොහෝ හැකියාවන් තිබෙන බව නමුත් මෙතරම් දේවල් කරලත් අපි බලාපොරොත්තුවෙන සාර්ථකත්වය බොහෝ වෙලාවට ලගා කරගන්න එක ඉතා අපහසුයි. මේ අත්දැකීම ජීවිතේ සාර්ථකත්වය සොයාගෙන යන, මොනවා හරි දෙයක් කරන්න උත්සාහ කරන මිනිසුන්ගෙන් 99%කටම තියෙනවා.
ඒ වගේම මෙහෙම මහන්සි වෙනකොට අපිට සුලභව තව දෙයක් දකින්න ලැබෙනවා, ඒ තමයි අපි තරම් දක්ෂ නැති, අපි තරම් ඉගෙන ගෙන නැති, අපිට වඩා පහල මට්ටමේ ජීවන මට්ටම් වල සිටි අය බොහෝ දෙනෙක් ඉතා සුවිශේෂී ආකාරයෙන් ජීවිතය සාර්ථක කර ගන්න එක. සාමාන්යයෙන් ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් මේ අත්දැකීම හොදටම ඇති, ඒ වගේම පාසලේ ඔබට වඩා අදක්ෂ ළමයි අද වනවිට ඉතා ඉහල ජීවිත ගත කරනවා ඔබ දැක ඇති.
කලින් කිවුවා වගේම ඇත්තටම මැක්ඩොනල්ඩ් එකට වඩා හොදට බර්ගර් හදන්න අපිට පුළුවන් වුනාට ඒ වගේ සාර්ථක වෙන්න අපිට හැකියාවක් නැති බවක් ඇත්තටම අපි බොහෝ දෙනෙක්ගේ ජීවිත වල තියෙනවා නේද?
ඔබට හිතෙන්නේ නැද්ද මෙතන මොකක් හරි අවුලක් තියෙනවා කියලා?
ඇයි අපිට හැකියාවන් තිබුනට, උත්සාහය තිබුනට, උවමනාව තිබුනට, ඒ වෙනුවෙන් කැපවුනාට අපිට අපි හිතන සාර්ථකත්වය කරා යන්න මෙච්චර අමාරු?
හොදට මතක තියා ගන්න, මේකට හේතුව තමයි අපි දක්ෂ වුනාට අපේ සාර්ථකත්වය වෙත යන්න අවශ්ය කරන System එකක් අපි ගාව නෑ. සාර්ථක වෙනවා කියන එක වෙනමම විශයක්. හොදටම ගීත ගායනා කරන්න පුරුදු වෙන එකයි, ගීත ගායනයෙන් සාර්තක වෙන්න පුරුදු වෙන එකයි කියන්නේ දෙකක්. අපි බොහෝ දෙනෙක් මේ දෙක පටලව ගන්නවා, ඔන්න ඕක තමයි අපේ ජීවිත වල තියෙන අවුල. අපි හිතාගෙන ඉන්නවා, දක්ෂතාවය, හැකියාව තමයි අපිව සාර්ථකත්වය කරා ගෙනියන්නේ කියලා, නමුත් ඇත්තටම එහෙම නෑ. ඔබට සාර්ථක වෙන්න ඕනේනම් ඔබ ඇත්තටම සාර්ථක වෙන්න ඔනේ " සාර්ථකත්වය ලගා කරගැනීම " කියන විශයට මිසක් වෙන දෙයකට නෙමේ.
ඔබ ලෝකයේ ඕනෑම රටක ඉතාමත් ජනප්රියම ගීත පිලිබද සොයා බලන්න. එම ගීත ගයන ප්රසිද්ද ගායක ගායිකාවන් පිලිබදව සොයා බලන්න. ඔවුන් ඒ රටේ ඉන්න දක්ෂතම අය නෙමේ. ඔබ හොදට හොයලා බැලුවොත් ඔවුන්ට වඩා සංගීතය පිලිබද දන්නා, ඔවුන්ට වඩා දක්ෂ මිනිසුන් ඕනෑ තරම් සිටින බව ඔබට පහසුවෙන් හොයා ගන්න පුලුවන්, නමුත් බොහෝ වෙලාවට ඔවුන්ව කවුරුවත් දන්නේවත් නෑ. කවුරුවත් ඔවුන්ගේ ගීත අහන්නේ නෑ. කොතරම් අලංකාර වුනත් ඔවුන්ගේ ගීත අනෙත් ගීත තරම් ප්රසිද්ද වන්නේ නෑ. මොකද ඔවුන්ට දක්ෂතාවය තිබුනට , ගායකයකු හෝ ගායිකාවක ලෙස සාර්ථක වෙන්න අවශ්ය කරන System එක ඔවුන් සතුව නෑ. ඔවුන් සංගීතය, ගායනය ප්රගුණ කලාට සාර්ථක වීම කියන විශය ප්රගුණ කරලා නෑ.
2013 වසරේදී ඇමරිකානු චිත්රශිල්පී Barnett Newman විසින් අදින ලද චිතරයක් ඩොලර් මිලියන 44කට අලෙවි වෙනවා. මෙම චිත්රයේ තිබෙන්නේ නිල් පසුබිමක හරි මැදින් ඇදුනු සුදු ඉරක් පමණයි. නමුත් ඔහු එයින් ඩොලර් මිලියන 44ක් උපයනවා. ඔබ සිතන්න ලොව පුරා මීට වඩා ලක්ෂ වාරයක් අලංකාර චිත්ර කොතරම් සුළු මුදලකට අලෙවි වෙනවාද? ඇයි ඔවුන් මිලියන ගනන් උපයන්නේ නැත්තේ?
පිලිතුර සරලයි දක්ෂතාවය තිබුනට සාර්ථක වෙන්න අවශ්ය System එක ඔවුන් ලග නෑ. ඔවුන් චිත්‍ර අදින්න දක්ෂයි, ඒත් ඔවුන් දන්නේ නෑ ඔවුන් ඇදපු චිත්‍රය පාවිච්චි කරලා සාර්ථකත්වය ගොඩනගන්න.
මෙන්න මේ System එක දන්නේ නැති කමයි හැම වෙලාවෙම අපිව අසාර්තක කලේ. හොදට හිතන්න දැනුම ලබා දෙන්න ඕනෑ තරම් ආයතන මේ ලෝකය පුරාම තිබෙනවා. නමුත් ඒ දැනුම බාවිතා කරලා සාර්ථක වෙන හැටි උගන්වන්න මේ ලෝකයේ ආයතන තිබෙන්නේ කීයෙන් කීයද?
අද උපාධිය අරගෙන එලියට බහින දරුවට රැකියාවක් නොලැබුනොත් කරකියා ගන්න දෙයක් නැතුව ගෙදරට වෙලාඉන්න හෝ මහ පාරේ උද්ඝෝෂණ කරන්න වෙලා තියෙන්නේ මේ නිසා නෙමේද? ඔවුන්ට දැනුම තිබුනට එය පාවිච්චි කරලා සාර්ථක වෙන්න ඔවුන් දන්නේ නෑ. මොකද ඔවුන්ට ඒ දේ පාසලෙන්වත්, විශ්ව විද්යාලයෙන්වත් කියා දෙන්නේ නෑ.
අපි මේ හැමදේම කරන්නේ සාර්ථක මනුස්සයෙක් විදිහට සතුටින් ජීවිතය විදින්නට අවස්ථාවක් ලබා ගන්න. නමුත් ඔබ ඔය ගත කරන ජීවිතය තුල ඔබට එය ලැබිලා තිබෙනවාද? අඩුම තරමේ මේ දිනය වන විට මම සාර්ථක වෙනවා කියලා බය නැතුව කියන්නවත් පුලුවන්කමක් තියෙනවාද? එහෙමනම් එකම තැන කැරකි කැරකී මේ ගෙනවන ජීවිතයේ තේරුම කුමක්ද?
අපි දන්නේ නෑ අපිට තව කොච්චර කාලයක් මෙහෙම ජීවත් වෙන්න කාලය තියෙනවද කියලා, එහෙම දන්නේ නැති නිසා අපි හිතනවා අපිට ගොඩක් කල් තියෙනවා කියලා, නමුත් ඇත්තටම අපිට අසීම්ත කාලයක් නෑ ජීවත් වෙන්න, හොදට හිතන්න අද මිනිසෙක්ගේ සාමාන්‍ය ආයු කාලය වසර 70යි. ඒ කියන්නේ වයස අවුරුදු 35 වෙනකොට ඔබ ඔබේ ජීවිතයෙන් භාගයක් ගෙවලා ඉවරයි. ඔබ හිතන්න ඔබට ඔබේ ජීවිත කාලයෙන් භාගයක් කැප කරලත්, ඔබට අවශ්‍ය සාර්ථක ජීවිතය ගත කරන්න බෑ කියන්නේ, කොතරම් ලොකු ගැටලුවක්ද?
අපි අපිට අවශ්ය ජීවිතය ගොඩනගාගෙන සාර්ථක නොවී ගත කරන සෑම දිනයක්ම අපිට සාර්ථක මිනිසෙක් විදිහට ජීවිතය විදින්න තියෙන කාලය අපෙන් අහිමි කරනවා. මේ නිසා ඔබ කවුරු වුනත් ඔබේ ජීවිතය වෙනස් කර ගැනීම හා ජීවිතයේ සාර්ථකත්වය තහවුරු කර ගැනීම හැකි ඉක්මනින් කල යුතු වෙනවා.
හොදට මතක තියා ගන්න ඔබ හෙට මැරෙන්නත් පුළුවන්, එහෙම වුනොත් ඔබ මැරෙන්නේ ජීවිතය විදලද? ඔබේ යැපෙන්නන්ට යහපත් ජීවිතයක් ගත කරන්න පුලුවන් පරිසරයක් ඔබ හදලා තියෙනවද? නැත්නම් ඔබ මැරෙන්නේ ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ටත් ගෙවන්න තව බිල් ටිකක් , ණය ටිකක් ඉතුරු කරලද?
ඔබ මේ ලෝකයට ඇවිත් , ජීවිතය විදලා සතුටින් ජීවත් වෙලත් නැත්නම්, ඔබ ඔබට, ඔබේ ආදරනීයයන්ට, මේ ලෝකයට කරපු දෙයකුත් නැත්නම්, ඔබ ඔබේ ජීවිත කාලයම කරලා තියෙන්නේ මහන්සි වෙච්ච එක විතරනම් ඔබේ ජීවිතේ තියෙන වටිනාකම මොකක්ද?
හොදින් හිතට ගන්න... ඔබ සාර්ථකත්වය ගැන ඉගෙන ගන්න ආකාරය වෙනස් කල යුතුමයි. සාර්ථකත්වයේ සැබෑ පාඩම් සොයා යාම ඔබ ආරම්භ කල යුතුමයි. කවදා හරි, කොහොම හරි, මොනවා හරි කරලා සාර්ථක වෙන්න හිතනවා වෙනුවට, අඩුම තරමේ ඔබේ ජීවිතයෙන් භාගයක්වත් සාර්ථක මිනිසෙක් ලෙස සතුටින් ජීවත් වීමේ අරමුණ ඇතිව ඔබ ක්‍රියාත්මක විය යුතුමයි.
අපි බොහෝ දෙනෙක් සාර්ථකත්වය ගැන හීන දකිමින් ගත කල කාලය වැඩි බව ඔබ දැන්වත් තේරුම් ගත යුතුයි. නිවරැදි System එක ඇතුව ජීවිතේ වෙනස් කරගන්න ගමන දැන්වත් ඔබ පටන් ගත යුතුමයි!
___
මේ System එක ඉගෙන ගැනීම වෙනුවෙන්ම අප නිකුත් කර ඇති ප්‍රායෝගික උපදෙස් පොත් පෙල පහත සබැදීන් හරහා ඔබත් Download කරගෙන, මේ පිලිබද ඔබේ දැනුම තවත් වැඩි කර ගන්න, එකිනෙක පොත සමග ඔබට ලැබෙන ප්‍රායෝගික වැඩපත්‍රිකා සමගින්, ප්‍රායෝගිකව ඔබේ ගමන අරබන්න.
පොත් Download කර ගැනීමට පහත සබැදින් වෙත පිවිසෙන්න.
ඔබේ සැලසුම් සහගත බව ප්‍රබල මට්ටමකින් වැඩි කර ගනිමින්, ඔබේ වැඩ කටයුතු වල කාර්යක්ෂමතාවය හා සාර්ථකත්වය ගොඩනගන ආකාරය පිලිබද සකස් කල විශේෂ කෘතියකි.
ඔබේ මුදල්, ආදායම්, වියදම්, වඩාත් නිවැරැදිව කළමණාකරණය කරගෙන, මූල්‍යමය ස්ථාවර බව හා නිදහස් බව ගොඩනගා ගැනීමේ ප්‍රායෝගික උපක්‍රම හා සැලසුම් පිලිබද පියවර සහිත උපදෙස් හා අභ්‍යාස ඇතුලත් උපදෙස් පොතකි.
මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යාමේ හැකියාව, ඉතාම ඉහල මට්ටමක් දක්වා රැගෙන ඒම වෙනුවෙන් ඔබ ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන, පියවර සහිත උපදෙස් හා අභ්‍යාස ඇතුලත් උපදෙස් පොතකි.
මූල්‍යමය අපහසුතා ජයගැනීම වෙනුවෙන් ඔබ භාවිතා කල යුතු, මූල්‍ය උපක්‍රම හා ණය පාලන උපක්‍රම පිලිබද සකස් කල ප්‍රායෝගික උපදෙස් පොතකි.
යටි සිත තුල වන ශක්තීන්, ප්‍රායෝගිකව සාර්ථකත්වය වෙනුවෙන් භාවිතා කිරීමට අදාල පියවර සහිත ප්‍රායෝගික උපදෙස් ඇතුලත් ප්‍රායෝගික උපදෙස් පොතකි.
වෙබ් අඩවිය හරහා බාගත කර ගන්න අපහසු අයට, අපගේ බැංකු ගිණුමට මුදල් බැර කර පොත eMail එකක් ආකාරයෙන් ලබා ගන්නත් පුලුවන්. ඒ වෙනුවෙන් +94764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න
コメント