අපි හැම කෙනෙක්ම සාර්ථක වෙන්න ආසයි, ඒ වගේම සාර්ථකත්වය හබාගෙන යන්න විවිද දේවල් ඉගෙන ගන්නවා. විවිද ආකාරයෙන් දැනුම හබාගෙන යනවා, නමුත් සාර්ථකත්වය කියන දේ අපිට ක්ෂණිව ලගා කරගන්න පුළුවන් දෙයක් නෙමේ. ඒ වෙනුවෙන් අපි හැම කෙනෙක්ටම මේ සාර්ථකත්වය කරා යන ගමනේ විවිධ මට්ටම් පසු කරන්න වෙනවා.
අද ලිපියෙන් අපි කතා කරන්නේ අන්න ඒ මට්ටම් ගැන.
1. Dreamer ( සිහින දකින්නා )
මේක තමයි සාර්ථකත්වය සොයාගෙන යන මිනිසෙක්ගේ පලමුවෙන මට්ටම, මේ මට්ටමේ ඉන්න මිනිස්සු කරන්නේ සාර්ථකත්වය ගැන හීන දකින එක. කවදා හරි සාර්ථක වෙන්න ඕනේ කියලා හිතන එක. මේ මට්ටමේ ඉන්න මිනිස්සු, සාර්ථක මිනිසුන්ගේ ජීවිත ගැන ඉගෙන ගන්න, ඔවුන්ගේ lifestyle එක ගැන ඉගෙන ගන්න බොහෝ විට ප්‍රිය කරනවා. නමුත් මේ අය සාර්ථක වීම වෙනුවෙන් කිසිම දෙයක් ප්‍රායෝගිකව කරන්නේ නෑ. හීන දකිමින් කාලය ගත කිරීම විතරයි කරන්නේ.
මෙහෙම කෙනෙක්ට සාර්ථකත්වය කියන දේ තියෙන්නේ ගොඩක් ඈතින්. ඔහුට සැබෑවටම සාර්ථක වෙන්න තව බොහෝ පියවරයන් පසුකරන්න වෙනවා.
2. Motivation Seeker ( අභිප්‍රේරණය සොයන්නා )
Dreamer කෙනෙක්ගේ මීලග අවධිය තමා මේක. මේ මට්ටමේ ඉන්න කෙනෙක්ට මොනවා හරි කරන්න, පටන් ගන්න ලොකු උවමනාවක් තියෙනවා, ඒත් කරන්න අමාරු ගතියක් තියෙනවා. ඒ නිසා ඒ අය තව කෙනෙකු හරහා යම් කිසි අභිප්‍රේරණයක් බලාපොරොත්තු වෙනවා. තමන්ගේ වැඩේ පටන් ගන්න දිරි ගැන්වීමක් බලා පොරොත්තු වෙනවා.
නමුත් මේ අයත් ඉන්නේ සාර්ථකත්වයට ගොඩක් ඈතින්. මේ අයටත් සැබෑවටම සාර්ථක වෙන්න තව ඉදිරියට ලොකු ගමනක් යන්න සිද්ද වෙනවා.
3. Habit Developer ( පුරුදු ගොඩනගන්නා )
Habit Developer කෙනෙක් කියන්නේ ප්‍රායෝගික ගමනක් ගිහින් සාර්ථක වෙයි කියලා හිතන්න පුලුවන් මට්ටමේ ඉන්න කෙනෙක්ගේ පලමු පියවර. මේ මට්ටමේ ඉන්න කෙනෙක්, බොහෝ වෙලාවට ධනාත්මක පුරුදු තමන් තුල වර්ධනය කර ගැනීමේ නිරත වෙනවා. බොහෝ වෙලාවට සාර්ථක මිනිසුන්ගේ චරිත ලක්ෂන තමන් තුලට ආරෝපණය කරගන්න උත්සාහ දරනවා. සාර්ථකත්වය ගැන කියවන එක, කලට වෙලාවට වැඩ කරන එක, සැලසුම් සහගතව වැඩ කරන්න උත්සාහ කරන එක වගේ දේවල් මේ මට්ටමේ ඉන්න අය පුරුදු වෙන්න උත්සාහ කරනවා.
ඒ නිසා බොහෝ විට මේ මට්ටමේ ඉන්න කෙනෙක්ගේ ජීවිතේ යම් පිලිවෙලක්, ඉදිරියට යන්න අවශ්‍ය වටපිටාවක් සහිත බවක් දැක ගන්න පුළුවන්.
4. Strategy Seeker ( ක්‍රම ශිල්ප සොයන්නා )
Strategy Seeker කෙනෙක් කියන්නේ යම්තාක් දුරකට ප්‍රායෝගිකව ගමනක් යන්න උත්සාහ කරන කෙනෙක්. ඔහු බොහෝ වෙලාවට තමන්ගේ පුරුදු , චර්යාත්මක වෙනස්කම් වගේ දේවල් ගොඩනගාගෙන ඉන්නේ. ඒ නිසා ඔහුට අවශ්‍ය වෙන්නේ, නිශ්චිත වශයෙන්ම තමන්ගේ අරමුණු වලට යන්නේ කොහොමද කියන දේ ඉගෙන ගන්න, ඒ වෙනුවෙන් වන ක්‍රම ශිල්ප ගැන ඉගෙන ගන්න.
මේ මට්ටමේ ඉන්න අය හැම වෙලාවෙම යමක් ඉගෙන ගන්නේ, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බලාගෙන. ඒ හරහා යම් ප්‍රතිඵලයක් ලබන්න බලාගෙන. මේ අය බොහෝ වෙලාවට සාර්ථකත්වයට ඉතා ලගින් ඉන්නේ.
5. Mentorship Seeker ( උපදෙස් සොයන්නා )
Mentorship Seeker කෙනෙක් කියන්නේ බොහෝ වෙලාවට සාර්ථකත්වයට ඉතා ආසන්නයේ සිටින, ඒ වගේම ඇතැම් විට දැනටත් සාර්ථක නමුත් වඩා ඉහල සාර්ථකත්වයක් බලාපොරොත්තු වෙන කෙනෙක්ට.
මේ මට්ටමේ ඉන්න අය බොහෝ විට Strategy Seeker මට්ටමෙන් ඉහලට ඇවිත් ඉන්නේ, ඔවුන් ඒ ක්‍රම ශිල්ප භාවිතා කරලා යම් සාර්ථකත්වයක් ලබලා ඉන්නේ. මේ මට්ටමේ ඉන්න අය බලාපොරොත්තු වෙන්නේ බොහෝ වෙලාවට තමන්ගේ කටයුතු නිවරැදිව කලමණකාරණය කරගන්න විශේෂ සහයක්.
සාර්ථකත්වය ගැන ඉගෙන ගන්න හැම කෙනෙක්ම මේ මට්ටම් විවිද අවස්ථා වලදී පසු කරනවා.
හිතලා බලන්න... ඔබ ඉන්නේ මොන මට්ටමේද?
ජීවිතයේ සාර්ථකත්වය ගොඩනැගීමේ කලාව ගැන වැඩි දුරටත් කියවීමට "ජීවිතය දිනන ප්‍රායෝගික මග" කෘතිය පහතින් Download කර ගන්න.
Online ගෙවීම් කරන්න බැරි අයට, බැංකු ගිණුමට මුදල් බැර කිරීමෙන් හෝ Ez Cash හරහා ගෙවීම් සිදු කිරීමෙන්, මෙය email එකට ලබා ගන්න පුලුවන්. ඒ සදහා 0764393624 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න
Comments