top of page

යටි සිතේ පවතින ස්වයංක්‍රීය මෙහෙයුම් පද්දතිය!

Writer: Chathuska AmarasekaraChathuska Amarasekara

Updated: Dec 23, 2021



ඔබ මේ වෙනකොටත් ආකර්ෂණ නීතිය ගැන අහලා තිබුනත් , එය ඇත්තක්ද , නැත්තක්ද යන්න හරි ආකාරව තේරුම ගන්න බැරි වන කෙනෙක්නම් , මෙහි ක්‍රියාකාරීත්වය ගැන හරියටම තේරුම් ගන්න බැරි වුන කෙනෙක් නම් මේ ලිපිය මම ලියන්නේ ඔබ වෙනුවෙන්.


ආකර්ෂණ නීතිය කියන්නේ මොකක්ද?


බොහෝ දෙනෙක් ආකර්ෂණ නීතිය හදුනා ගන්නේ විශ්මිත වූ විශ්වයේ පවතින ශක්තියක් විදිහට. එසේත් නැත්නම් ඔබ අපේක්ෂා කරන දෙය ඔබ වෙතට ආකර්ෂණය වීමේ විශ්මිත තත්වයක් විදිහට. මේ ආකාරයෙන් මේ සංකල්පය සමාජගත වීමේදී විශිමිත බව, ගුප්ත බව, සැගවුනු බව, වැනි තත්වයන් හරහා සමාජගත වීම නිසා , බොහෝ දෙනෙක් මේ දේ ගැන සොයන්නට උනන්දු වීම වගේම , බොහෝ දෙනෙක් මෙය දෙස සැකයෙන් යුතුව බලන්නටත් පෙලබවීමක් ඇති කරනවා.


මේ නිසා ඔබ ආකර්ෂණ නීතිය ගැන උනන්දුවක් දක්වනවානම්, වටේ තවරා ඇති අයිසින් මත, කේක් එකේ රස තීරණය කරන්නට යනවා වැනි දෙයක් කරනවා වෙනුවෙට, අයිසින් ඉවත් කර, එය සැකසී ඇති දේවල් ගැන සොයා බලා රස තීරණය කරන්නට යාම ඉතාම වැදගත්. ඒ කියන්නේ... එහි අදහස කෙලින්ම කියනවානම්, ගුප්ත බව, විශ්මිත බව වැනි දේවල් ඉවත් කර සැබෑ ලෙසින්ම ආකර්ෂණ නීතිය යනු කුමක්ද යන්න සොයා බලා , ඒ අනුව එය තේරුම් ගැනීමට උත්සාහ දැරීම ඉතාම වැදගත්.


සැබෑ ලෙසින්ම ආකර්ෂණ නීතිය කියන්නේ, විශිමිත වූ, ගුප්ත වූ දෙයක් නොවේ. සරලවම කියනවානම් Magic එකක් නොවේ. නමුත් බොහෝ දෙනෙක් මෙය හරියට තේරුම් නොගැනීම නිසා ගුප්ත බවක් මෙයට ආරෝපණය කිරීමත්, ඇතැම් අවස්තාවලදී වැඩි පිරිසකගේ අවදානය ලබා ගැනීමේ ක්‍රමයක් ලෙසට මෙයට යම් ගුප්ත බවක් ආරෝපණය කර සමාජගත කරන්නට උත්සාහ කිරීමත් දැකගන්න පුලුවන්.


නමුත් මෙය එවැන්නක් නොවෙයි. මෙය විද්‍යාවක්. ඔබට අවශ්‍ය ජීවිතය ගොඩනගා ගැනීම වෙනුවෙන්, ඔබට භාවිතා කල හැකි එක්තරා ක්‍රම ශිල්පයක්.


හරියටම කීවොත් ආකර්ෂණ නීතිය කියන්නේ, ඇත්තටම මෙන්න මේ වගේ දෙයක්....


ආකර්ෂණ නීතිය කියන්නේ ගුවන් යානයක් එක් තැනක සිට තවත් තැනකට ගමන් කරනකොට, එය රැගෙන යාම වෙනුවෙන් නියමුවා වෙහෙසනවා වෙනුවට, එය ස්වයංක්‍රීය නියමු පද්දතිය සක්‍රීය කරමින් (autopilot mode) ස්වයංක්‍රීයව මෙහෙයවීමට සලස්වන ආකාරයෙන්, ඔබේ ජීවිතයේ ඔබට අවශ්‍ය ඉලක්ක වෙත ලගා වීම වෙනුවෙන් ස්වයංක්‍රීය නියමු පද්දතියක් (autopilot mode) සක්‍රීය කිරීමේ ක්‍රමයක්.


බොහෝ දෙනෙක් නිවරැදිව හදුනා නොගත්තාට, ඔබේ ජීවිතයේ ඔබට අත්විදීමට අවශ්‍ය දේවල් මොනවාද යන්න හරියට, නිවරැදිව සංනිවේදනය කලොත් එය වෙතට ඔබව මෙහෙයවීමේ ස්වයංක්‍රීය මෙහෙයුම් පද්දතියක් ඔබගේ මනස තුල තිබෙනවා. ඔබ ආයාසයකින් ඔබට අවශ්‍ය ඉලක්ක කරා ලග වෙන්නට උත්සාහ කරනවා වෙනුවට, ඔබ එය නිවරැදිව සක්‍රීය කලොත්, ඉතාම පහසුවෙන් වගේම ඉතාම වේගයෙන් ඔබට, ඔබට අවශ්‍ය ජීවිතය ගොඩනගා ගැනීමේ හැකියාවක් තිබෙනවා.


එය පිලිබද හරි අවබෝධයකින් තොරව ඔබ එය සක්‍රීය කලොත්, එහිදී ඔබට අත්විදින්නට හැකිවන දෙය වන්නේ, ඔබ සිතන දේවල් ඔබේ ජීවිතය තුලට ඉබේම ආකර්ෂණය වෙන්නට පටන් ගන්නවා වැනි දෙයක්. ඒ නිසාවෙන් අපි එය ආකර්ෂණ නීතිය ලෙස හදුන්වනවා.


ස්වයංක්‍රීය මෙහෙයුම් පද්දතියේ ක්‍රියාකාරීත්වය මොන වගේද?


ඔබේ මනස තුල වන ස්වයංක්‍රීය මෙහෙයුම් පද්දතියට මූලිඛ වශයෙන් ආකාර 3කින් ක්‍රියාත්මක වෙන්න පුලුවන්. එයින් පළමු ආකාරය තමයි, එය යම් අරමුණකට සාපේක්ෂව සක්‍රීය වුන පසු එය මුලින්ම ඔබව වෙනස් කිරීමක් සිදුකරනවා.


එයට ඔබේ ශරීරය තුල වන රසායනිකයන් වෙනස් කිරීම, ඔබේ මනස ක්‍රියාත්මක වන ආකාරය වෙනස් කිරීම, ඔබේ රුචි අරුචිකම් වෙනස් කිරීම වැනි දේවල් ඇතුලත් වෙනවා. මේ නිසා මෙය සක්‍රීය වීමත් සමග, ඔබ මුලින්ම ඒ අරමුණට සාපේක්ෂව , එය ලගා කරගැනීමට සුදුසු වන පුද්ගලයෙක් බවට පත් වෙනවා.


මෙය ඉතාම විද්‍යාත්මක තත්වයක්. එය තුල කිසිම Magic එකක් නෑ.ජීවිතේ ඕනෑම ආකාරයක සාර්ථකත්වයක් ලබන්න නම් ඒ වෙනුවෙන් අවශ්‍ය වන මූලික සුදුසු කම තමයි, ඒ ආදාල සාර්ථකත්වය ලබා ගන්නට තරම් සුදුසු පුද්ගලයෙක් වීම. ඒ නිසා මෙය සක්‍රීය වුන විට මුලින්ම සිදුවෙන්නේ, ඒ අදාල සාර්ථකත්වය ලබා ගන්න තරම් සුදුසු පුද්ගලයෙක් බවට ඔබව පත් කිරීම.


මෙම ස්වයංක්‍රීය පද්දතියට කරන්න පුලුවන් දෙවැනි දේ තමයි , ඔබ ඇසුරු කරන පුද්ගලයින් තුල යම් යම් වෙනස් කම් සිදු කිරීම. ඒ කියන්නේ ඔබට අවශ්‍ය තැනට යාමට උපකාරී වන ආකාරයෙන් ඔබ අවට සිටින මිනිසුන් වෙනස් කිරීම. මෙය ආකාර දෙකකට සිදුවෙනවා.


එකක් තමයි ඔබ තුල වන වෙනසට සාපේක්ෂව මිනිසුන් වෙනස් වීම. එය ඇත්තටම් ඉබේ සිදු වන්නක්. හිතන්න ඔබ හැමදාම හිනා වෙන පුද්ගලයෙක්ට, ඔබ බැන වැදුනොත් වෙන දේ ගැන. හිනා වෙන මොහොතෙදි ඔබට සලකන ආකාරයට නෙමේ ඔබ ඔහුට බනින වෙලාවට සලකන්නේ. එය ඔබ තුල වන වෙනසට සාපේක්ෂව වෙන වෙනසක්.


මීට අමතරව, මේ ස්වයංක්‍රීය පද්දතිය සක්‍රීය වුනාට පස්සේ වෙන එක දෙයක් තමයි අප තුලින් නිකුත් වන චිත්ත තරංග වල වෙනස් කම් සිදුවීම. මේ ච්ත්ත තරංග අප අවට සිටින පුද්ගලයින්ට නිරන්තර බලපෑම් ඇතිකරනවා. ඒ අනුව ඔබ ඇසුරු කරන මිනිසුන් තුල යම් යම් වෙනස් කම් සිදු වීමත් සිදුවෙනවා.


උදාහරණයක් ලෙස, ඔබ අත්විදලා ඇති ඇතැම් මිනිසුන් ඇසුරු කරනකොට , ඔවුන් අදින, පලදින ආකාරය කුමන ආකාරයේ එකක් වුවත්, ඔවුන්ගේ බාහිර ස්වරූපය කුමක් වුවත්, අපිට යම් සමීප බවක්, ගැලපෙන බවක් වැනි සිතුවිලි හෝ දුරස් බවක්, නුරුස්සනා බවක් දැනෙනවා. එය බාහිර ස්වරූපය මත දැනෙන්නක් නොවේ, එය ඉබේම සිතට දැනෙන්නක්. ඒ අනුව අපි ඔවුන් සමග කටයුතු කරන ආකාර වල යම් යම් වෙනස් කම් ඇති වෙනවා.


අපේ මනස තුල වන ස්වයංක්‍රීය මෙහෙයුම් පද්දතිය සක්‍රීය වූ පසු මෙන්න මේ තත්වයත් අපට අවශ්‍ය ආකාරයෙන්, අපට වාසි සහගත ආකාරයෙන් , අපගේ අරමුණ වෙතට යාමට උදව් වන ආකාරයෙන් වෙනස් වෙනවා. ඒ නිසාවෙන් අපට එක වරම අප අවට සිටි මිනිසුන් වෙනස් වෙමින් අපට උදවු කරන්නට සූදානම් වන තත්වයන්, අපට වාසි සහගත ආකාරයෙන් ක්‍රියාත්මක වන්නට පටන් ගන්නා ආකාරයන් අත්විදීනට හැකි වෙනවා. එය අපගේ චිත්ත තරංග වල වෙනසට සාපේක්ෂව වන දෙයක්.


ඒ වගේම තවත් අපගේ මනස තුල පවතින තවත් එක් සුවිශේෂී සවභාවයක් තමයි, සමාන මානසික ස්වභාවයන් එකිනෙකට ආකර්ෂණය වීමට පටන් ගැනීම. මේ නිසා මේ චිත්ත තරංග වල වෙනසත් සමග ඔබට අත්විදින්නට ලැබෙන තවත් දෙයක් තමයි, ඔබේ අරමුණ වෙත යාම වෙනුවෙන් භාදා කරන මිනිසුන් ඔබෙන් දුරස් වීමට පටන් ගැනීම හා ඔබට ගැලපෙන ඔබට සහය විය හැකි මිනිසුන් ඔබට සමීප වීමට පටන් ගැනීම කියන දේ.


ඒ වගේම මේ ස්වයංක්‍රීය මෙහෙයුම් පද්දතිය කරන තුන්වන දේ තමයි, ඔබ අවට තියෙන මිනිසුන් නොවන භෞතික දේවල් වල යම් යම් වෙනස් කම් සිදු කිරීම. මෙය ඇතැම් විට කියූ පමණින් විශ්වාස කරන්නට බැරි දෙයක් වන්නට පුලුවන්, නමුත් ලෝකයේ ඒ වෙනුවෙන් විවිද පරීක්ෂණ සිදුකරලා තිබෙනවා. එයට හොදම උදාහරණ ලෙස ජල සාම්පල, බත්, ශාක වැනි දේවල් ඇසුරු කරගෙන කල පරීක්ෂණ බොහෝ ප්‍රමාණයක් දක්වන්න පුලුවන්.





මෙන්න මේ ආකාරයෙන් වන වෙනස් වීම් තමයි අපිට ආකර්ෂණ නීතියේ ස්වභාවයන් ලෙස හදුනා ගන්න ලැබෙන්නේ.


මේ නිසා ආකර්ෂණ නීතිය කියන්නේ Magic එකක් නෙමේ. එය ඉතාම හොදින් තේරුම් ගත හැකි, පැහැදිලි ස්වභාවයක් සහිත දෙයක්. ඒ වගේම ඔබට ඔබේ ජීවිතයේ අවශ්‍ය ඕනෑම දෙයක් , ඕනෑම සාර්ථකත්වයක් වෙත ඉතා පහසුවෙන් ලගා වීම වෙනුවෙන් භාවිතා කරන්න පුලුවන් ක්‍රම වේදයක්.


ඒ නිසා, ඔබට ආකර්ෂණ නීතියෙන් වැඩ ගන්න ඕනේනම්, ඔබ කල යුතු එකම දෙය වෙන්නේ, ආකර්ෂණ නීතිය ඉතා විශ්මිත, ගුප්ත, Magic එකක් වැනි දෙයක් ලෙස සිතමින් කටයුතු කරනවා වෙනුවට, ක්‍රමාණුකූලව , නිවරැදිව ඔබේ මනසේ තියෙන ස්වයංක්‍රීය මෙහෙයුම් පද්දතිය, ඔබට අවශ්‍ය අරමුණු වෙනුවෙන් සක්‍රීය කර ගැනීමට උත්සාහ කිරීම පමණයි. ඔබ එය කලොත් ඉතාම කෙටි කාලයක් තුල මේ සියලු තත්වයන් ඔබටත් ප්‍රායෝගිකව අත්විදින්නට හැකියාව ලැබේවි.


මේ ආකර්ෂණයේ නීතිය ගැන සම්පූර්ණ කතාව, අපි අවුරුදු කීපයකට කලින් "ආකර්ෂණයේ නීතිය" - ප්‍රායෝගික උපදෙස් පොත හරහා ඔබට කිව්වා. විශේෂයෙන්ම අපි මේ පොත ලිව්වේ, ආකර්ෂණයේ නීතිය ගැන විවිධ පුද්ගලයින් කරන ඉගැන්වීම් එක්ක, ඒ වගේම රැවැටීම් එක්ක ඔබ අතරමන් වෙන එක නතර කරන්න..


හරියටම ප්‍රතිඵල ලබා ගන්න නම් ඔබ නිශ්චිතව මොනවද කරන්න ඕනේ සහ, ඒ දේවල් ඔබ කරන්න ඕනේ ඇයි කියන දේ පැහැදිලිව ඔබට කියලා දෙන්න...

තවමත් ඔබ එය කියෙව්වේ නැත්නම්, පහත සබැදියට ගිහින් මේ පොත ඔබට E- BOOK එකක් ලෙස Download කරගන්න පුලුවන්.


වෙබ් අඩවිය හරහා බාගත කර ගන්න අපහසු අයට, අපගේ බැංකු ගිණුමට මුදල් බැර කර පොත eMail එකක් ආකාරයෙන් ලබා ගන්නත් පුලුවන්. ඒ වෙනුවෙන් 👉 +94764393624 අංකයට පහතින් Whatsapp පණිවිඩයක් යොමු කරන්න






 
 

Commentaires

Noté 0 étoile sur 5.
Pas encore de note

Ajouter une note
bottom of page